15වෙනි ප්රශ්නය
සතුටින් ඉන්න පුළුවන් කොහොමද?
“හිතේ වෛරය තියාගෙන හරක් මස් කනවාට වඩා ආදරෙන් එළවළු ටිකක් කන එක හොඳයි.”
“යෙහෝවා වන මමයි ඔබේ දෙවියන්. ඔබේම යහපත වෙනුවෙන් ඔබට උගන්වන්නේ මමයි. ඔබ යන්න ඕනෙ පාර ඔබට පෙන්නලා දෙන්නෙත් මමයි.”
“දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය සන්තෝෂවත්. මොකද ස්වර්ග රාජ්‍යය අයිති ඒ අයටයි.”
“ඔයාලා ඔයාලටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න.”
“අනිත් අය ඔයා වෙනුවෙන් යම් දෙයක් කරනවාට ඔයා කැමති නම් ඔයාත් ඒ දේම ඒ අය වෙනුවෙන් කරන්න.”
“ඇත්තටම සතුටින් ඉන්නේ දෙවියන් කියන දේ අහලා ඒක පිළිපදින අයයි.”
“කෙනෙක්ට කොච්චර දේවල් තිබුණත් එයා ජීවත් වෙන්නේ ඒ දේවල් නිසා නෙමෙයි.”
“ඒ නිසා අපිට කෑම බීම, ඇඳුම් පැලඳුම් තියෙනවා නම් අපි ඒ දේවල්වලින් සෑහීමට පත් වෙමු.”
“ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා.”