Skip to content

පටුනට යන්න

ගීතාවලිය පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • වෙනස් මාර්ග දෙකක්

      • දෙවියන්ගේ නීතිය කියවද්දී ලැබෙන සතුට (2)

      • ධර්මිෂ්ඨ අය හොඳට පල දරන ගහක් වගේ (3)

      • දුෂ්ට අය සුළඟට ගහගෙන යන දහයියා වගේ (4)

  • 2

    • යෙහෝවා සහ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තා

      • යෙහෝවා ජාතීන් දිහා බලලා හිනා වෙයි (4)

      • යෙහෝවා ඔහු තෝරගත්ත කෙනාව රජකමට පත් කරයි (6)

      • පුතාට ගෞරව කරන්න (12)

  • 3

    • අනතුරේ හිටියත් දෙවියන් ගැන විශ්වාසයෙන් ඉන්නවා

      • “මේ තරම් සතුරෝ ඉන්නේ ඇයි?” (1)

      • ‘ගැලවීම දෙන්නේ යෙහෝවායි’ (8)

  • 4

    • විශ්වාසය ගැන යාච්ඤාවක්

      • “හිතට කේන්තියක් දැනුණත් පව් කරන්න එපා” (4)

      • “මම හිතේ සැනසීමෙන් නිදාගන්නවා” (8)

  • 5

    • යෙහෝවා ධර්මිෂ්ඨයාට රැකවරණය දෙයි

      • දෙවියන් දුෂ්ටයන්ට වෛර කරයි (4, 5)

      • ‘ඔබ ධර්මිෂ්ඨ නිසා යන්න ඕනෙ මඟ මට කියලා දෙන්න’ (8)

  • 6

    • කරුණාව ඉල්ලලා කරන අයැදීමක්

      • මිය ගිය අය දෙවියන්ට ප්‍රශංසා කරන්නේ නැහැ (5)

      • කරුණාව ඉල්ලද්දී දෙවියන් සවන් දෙයි (9)

  • 7

    • යෙහෝවා ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්

      • “අනේ යෙහෝවා, මාව විනිශ්චය කරන්න” (8)

  • 8

    • දෙවියන්ගේ තේජස සහ මිනිසුන්ට දීලා තියෙන ගෞරවය

      • “ඔබේ නම මොන තරම් ශ්‍රේෂ්ඨද!” (1, 9)

      • ‘දූවිල්ලට හැරිලා යන මිනිසා ඇත්තටම වටිනවාද?’ (4)

      • මිනිසාට ගෞරවය කියන ඔටුන්න පැලඳෙව්වා (5)

  • 9

    • දෙවියන්ගේ පුදුම ක්‍රියා ගැන දැනුම් දෙනවා

      • යෙහෝවා රැකවරණය ලබා දෙන බලකොටුවක් (9)

      • දෙවියන්ගේ නම ගැන දන්නවා කියන්නේ ඔහුව විශ්වාස කරන එකයි (10)

  • 10

    • අසරණයාගේ උදව්වට ඉන්නේ යෙහෝවායි

      • දුෂ්ටයා අහංකාරකමින් කියයි “දෙවි කෙනෙක් නැහැ” කියලා (4)

      • අසරණයා යෙහෝවාගෙන් පිහිට පතයි (14)

      • ‘යෙහෝවා සදාකාලයටම රජකම් කරයි’ (16)

  • 11

    • ආරක්ෂාව හොයාගෙන යෙහෝවා ළඟට යන්න

      • “යෙහෝවා ඔහුගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා” (4)

      • ප්‍රචණ්ඩ දේවලට කැමති අය දෙවියන්ට පිළිකුලක් (5)

  • 12

    • යෙහෝවා පියවර ගන්නවා

      • යෙහෝවාගේ වදන් පවිත්‍රයි (6)

  • 13

    • යෙහෝවා ගැලවීම දෙන කල් බලන් ඉන්නවා

      • “තව කොච්චර දවසක් මේ දුක ඉවසන්නද?” (1, 2)

      • යෙහෝවා හුඟක් යහපත් දේවල් කරනවා (6)

  • 14

    • අඥානයා වැඩ කරන විදිහ

      • “යෙහෝවා නැහැ” (1)

      • “යහපත කරන කිසිම කෙනෙක් නැහැ” (3)

  • 15

    • යෙහෝවාගේ ශුද්ධ කූඩාරමට එන්න පුළුවන් කාටද?

      • සිතින් සත්‍යය පවසන කෙනාට (2)

      • අනුන්ගේ නමට කැළලක් ඇති කරන්නේ නැති කෙනාට (3)

      • පාඩුවක් වුණත් දුන්න පොරොන්දු ඉටු කරන කෙනාට (4)

  • 16

    • හැම යහපත් දෙයක්ම ලැබෙන්නේ යෙහෝවාගෙන්

      • “යෙහෝවා මගේ උරුමය” (5)

      • “රාත්‍රියේදීත් මගේ සිතුවිලි මාව නිවැරදි කරනවා” (7)

      • ‘යෙහෝවා මගේ දකුණු පැත්තේ’ (8)

      • “ඔබ මාව මිනී වළේ අත්හැරලා යන්නේ නැහැ” (10)

  • 17

    • ආරක්ෂාව ඉල්ලලා කරන යාච්ඤාවක්

      • ‘ඔබ මගේ හිත විමසුවා’ (3)

      • “ඔබේ පියාපත් සෙවණේ” (8)

  • 18

    • ගැලවීම ලබා දුන්න නිසා දෙවියන්ට ප්‍රශංසා කරන්න

      • ‘මගේ පර්වතය යෙහෝවායි’ (2)

      • යෙහෝවා ඔහුව අත්හරින්නේ නැති අයව අත්හරින්නේ නැහැ (25)

      • දෙවියන් කරන හැම දෙයක්ම පරිපූර්ණයි (30)

      • “ඔබ නිහතමානී නිසා ඔබ මාව ගෞරවයට පත් කරනවා” (35)

  • 19

    • දෙවියන්ගේ නිර්මාණ සහ නීතිය සාක්ෂි දෙයි

      • ‘අහස, දෙවියන්ගේ තේජස ප්‍රකාශ කරයි’ (1)

      • දෙවියන්ගේ නීතිය පරිපූර්ණයි. සවිමත් කරයි (7)

      • “නොදැනුවත්ව මගේ අතින් වුණ වැරදි” (12)

  • 20

    • යෙහෝවා තමන් අභිෂේක කරපු තැනැත්තාව ගලවගන්නවා

      • සමහරු විශ්වාසය තියන්නේ අශ්වයන් සහ අශ්ව රථ ගැනයි. ‘ඒත් අපි විශ්වාසය තියන්නේ යෙහෝවාගේ නම මතයි’ (7)

  • 21

    • යෙහෝවා ගැන විශ්වාසයෙන් ඉන්න රජට ආශීර්වාද ලැබෙයි

      • රජට දීර්ඝායුෂ දෙයි (4)

      • දෙවියන්ගේ සතුරන්ව පරාජය කරයි (8-12)

  • 22

    • අධෛර්යය වෙලා හිටපු කෙනා දෙවියන්ට ප්‍රශංසා කරයි

      • “මගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි?” (1)

      • “මගේ ඇඳුම් බෙදාගන්න දාදු දානවා” (18)

      • සභාව මැද මම දෙවියන්ට ප්‍රශංසා කරනවා (22, 25)

      • පොළොව පුරාම ඉන්න ජනයා දෙවියන්ට නමස්කාර කරයි (27)

  • 23

    • “යෙහෝවා මගේ එඬේරායි”

      • “මට කිසි දේකින් හිඟයක් ඇති වෙන්නේ නැහැ” (1)

      • “ඔහු මාව ප්‍රාණවත් කරනවා” (3)

      • “මගේ කුසලානය පිරිලා ඉතිරිලා ගිහින්” (5)

  • 24

    • තේජවත් රජ දොරටුවෙන් ඇතුල් වෙයි

      • ‘පොළොව අයිති යෙහෝවාටයි’ (1)

  • 25

    • මඟ පෙන්වීම් සහ සමාව ඉල්ලලා කරන යාච්ඤාවක්

      • “ඔබ කැමති මාර්ගය මට පෙන්වලා දෙන්න” (4)

      • “යෙහෝවාගේ කිට්ටු යාළුවෙක්” (14)

      • “මං කරපු හැම වරදකටම මට සමාව දෙන්න” (18)

  • 26

    • විශ්වාසවන්තව ජීවත් වෙන එක

      • “යෙහෝවා දෙවියනි, මාව සෝදිසි කරලා බලන්න” (2)

      • නපුරු අයව ඇසුරු කරන්න එපා (4, 5)

      • ‘දෙවියන්ගේ පූජාසනය වටේ මං ඇවිදිනවා’ (6)

  • 27

    • මගේ බලකොටුව යෙහෝවායි

      • දෙවියන්ගේ මාලිගාව ගැන ලොකු අගයක් (4)

      • දෙමාපියන් අත්හැරියත් යෙහෝවා අත්හරින්නේ නැහැ (10)

      • “යෙහෝවා ගැන බලාපොරොත්තු තියාගන්න” (14)

  • 28

    • ගීතිකාකරුගේ යාච්ඤාවට සවන් දෙයි

      • ‘මගේ ශක්තියත් පලිහත් යෙහෝවායි’ (7)

  • 29

    • යෙහෝවාගේ ප්‍රබල හඬ

      • ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා නමස්කාර කරන්න (2)

      • “තේජවත් දෙවියන්ගේ හඬ ගිගුරුම් දෙයි” (3)

      • යෙහෝවා ඔහුගේ සෙනඟට ශක්තිය දෙයි (11)

  • 30

    • වැලපුණ කෙනා සතුටින් නටයි

      • දෙවියන්ගේ කරුණාව ජීවිතාන්තය දක්වාම තියෙනවා (5)

  • 31

    • යෙහෝවාගෙන් රැකවරණය පතන්න

      • “මගේ ජීවිතේ ඔබේ අතට භාර දෙනවා” (5)

      • ‘සත්‍යය පවසන දෙවි යෙහෝවා’ (5)

      • දෙවියන්ගේ යහපත්කම මොන තරම්ද (19)

  • 32

    • වරදට සමාව ලබන අය සන්තෝෂවත්

      • “මම මගේ වරද ගැන ඔබට කිව්වා” (5)

      • දෙවියන් වටහාගැනීමේ හැකියාව දෙනවා (8)

  • 33

    • සැදුම්කරුට ප්‍රශංසා කරන්න

      • “අලුත් ගීයක් ඔහුට ගායනා කරන්න” (3)

      • යෙහෝවාගේ නියෝගයෙන් සහ ඔහුගේ හුස්මෙන් හැම දේම නිර්මාණය වුණා (6)

      • යෙහෝවාව පිළිගන්න ජාතිය සන්තෝෂවත් (12)

      • යෙහෝවා විමසිල්ලෙන් බලන් ඉන්නවා (18)

  • 34

    • යෙහෝවා ඔහුගේ සේවකයන්ව බේරගන්නවා

      • “අපි එකතු වෙලා ඔහුගේ නම ගෞරවයට පත් කරමු” (3)

      • යෙහෝවාගේ දූතයා ආරක්ෂා කරයි (7)

      • “යෙහෝවා කොයි තරම් යහපත්ද කියලා රස බලලා දැනගන්න” (8)

      • ‘ඔහුගේ ඇටකටු එකක්වත් බිඳෙන්නේ නැහැ’ (20)

  • 35

    • සතුරන්ගෙන් බේරගන්න කියලා කරන යාච්ඤාවක්

      • සතුරන්ව එළවලා දානවා (5)

      • මහ සෙනඟක් අතරේ දෙවියන්ට ප්‍රශංසා කරන්න (18)

      • කිසිම හේතුවක් නැතුව මට වෛර කරන අය (19)

  • 36

    • දෙවියන්ගේ නොසැලෙන ආදරේ ගොඩක් වටිනවා

      • දුෂ්ටයාට දෙවියන් ගැන ගරුබියක් නැහැ (1)

      • ජීවිතේ උල්පත දෙවියන් (9)

      • ‘ඔබෙන් ලැබෙන ආලෝකය නිසා ආලෝකය හඳුනගන්න පුළුවන්’ (9)

  • 37

    • යෙහෝවාව විශ්වාස කරන අය ආශීර්වාද ලබයි

      • දුෂ්ටයන් නිසා අධෛර්යය වෙන්න එපා (1)

      • “යෙහෝවාව ඔබේ ජීවිතේ ලොකුම සතුට කරගන්න” (4)

      • “ඔබේ ජීවිතය යෙහෝවාට භාර දෙන්න” (5)

      • “නිහතමානී අය පොළොව උරුම කරගන්නවා” (11)

      • ධර්මිෂ්ඨ කෙනා කෑම හිඟා කන්නේ නැහැ (25)

      • ධර්මිෂ්ඨයෝ පොළොවේ සදාකාලයටම ජීවත් වෙනවා (29)

  • 38

    • වැරදි ගැන පසුතැවෙන කෙනෙක්ගේ යාච්ඤාවක්

      • “වේදනාව දරාගන්න බැරුව මම බිම වැතිරිලා ඉන්නවා” (6)

      • යෙහෝවා ගැන බලන් ඉන්න කෙනාට ඔහු උදව් කරයි (15)

      • “මං කරපු පාපය නිසා මගේ හිත මට වධ දුන්නා” (18)

  • 39

    • ජීවිතේ හරිම කෙටියි

      • මිනිසාගේ ජීවිතේ හුස්ම පොදක් වගේ (5, 11)

      • “මං කඳුළු සලද්දී අහක බලන් ඉන්න එපා” (12)

  • 40

    • අසමසම දෙවියන්ට කරන ස්තුති ප්‍රශංසා

      • දෙවියන් කරපු හැම දෙයක්ම කියලා නිම කරන්න බැහැ (5)

      • දෙවියන්ට වැඩියෙන්ම වටින්නේ පූජාවන් නෙමෙයි (6)

      • “මගේ එකම සතුට ඔබේ කැමැත්ත කරන එකයි” (8)

  • 41

    • ලෙඩ ඇඳේ ඉද්දී කරපු යාච්ඤාවක්

      • දෙවියන් අසනීපයෙන් ඉන්න අයට ශක්තියක් වෙනවා (3)

      • කිට්ටුම යාළුවෙක් ද්‍රෝහි වෙයි (9)

  • 42

    • ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු වන දෙවියන්ට ප්‍රශංසා කිරීම

      • මුවෙක් වතුර හොයාගෙන යනවා වගේ දෙවියන් ළඟට යන්න නොඉවසිල්ලෙන් ඉන්නවා (1, 2)

      • “ඇයි මං කනස්සල්ලෙන් ඉන්නේ?” (5, 11)

      • ‘දෙවියන් පියවර ගන්න කල් බලාගෙන ඉන්නවා’ (5, 11)

  • 43

    • විනිශ්චයකරු වන යෙහෝවා බේරගන්නවා

      • ‘ඔබේ ආලෝකය දෙන්න. ඔබේ සත්‍ය වදන් උගන්වන්න’ (3)

      • “ඇයි මං කනස්සල්ලෙන් ඉන්නේ?” (5)

      • ‘දෙවියන් පියවර ගන්න කල් බලාගෙන ඉන්නවා’ (5)

  • 44

    • උදව් ඉල්ලලා කරන යාච්ඤාවක්

      • “අපිව බේරගත්තේ ඔබයි” (7)

      • “මරණයට නියම කරපු බැටළුවන් වගේ” (22)

      • “නැඟිටලා අපිට උදව් කරන්න” (26)

  • 45

    • අභිෂේක ලබපු රජගේ විවාහ උත්සවය

      • මිහිරි වදන් (2)

      • ‘සිංහාසනය සදහටම ඔබට හිමි කර දෙන්නේ දෙවියන්’ (6)

      • මනාලියගේ ලස්සනට රජුගේ හිත ඇදිලා යනවා (11)

      • පුතුන්ව පොළොව පුරාම අධිපතීන් විදිහට පත් කරයි (16)

  • 46

    • ‘අපේ රැකවරණය දෙවියන්’

      • දෙවියන්ගේ පුදුම ක්‍රියා (8)

      • දෙවියන් පොළොව පුරාම යුද්ධ නවත්තලා දානවා (9)

  • 47

    • මුළු පොළොවේම රජු දෙවියන්

      • “යෙහෝවා ගරුබිය ඇති කරවන දෙවි කෙනෙක්” (2)

      • දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න (6, 7)

  • 48

    • සියොන් ශ්‍රේෂ්ඨ රජුගේ නුවරයි

      • පොළොවේ ඉන්න හැමෝගෙම සතුටට හේතුව (2)

      • නුවර සහ ඒකේ බලකොටු දිහා හොඳින් බලන්න (11-13)

  • 49

    • ධන සම්පත් මත විශ්වාසය තියන එක මෝඩකමක්

      • මිනිසෙක්ට තවත් මිනිසෙක්ව මුදවගන්න බැහැ (7, 8)

      • මිනී වළෙන් මුදවගන්නේ දෙවියන් (15)

      • මරණයෙන් බේරගන්න ධන සම්පත්වලට බැහැ (16, 17)

  • 50

    • තමාට විශ්වාසවන්තව ඉන්න අයවත් දුෂ්ටයන්වත් දෙවියන් විනිශ්චය කරනවා

      • පූජාවක් මාර්ගයෙන් දෙවියන් ස්ථිර කරපු ගිවිසුම (5)

      • ‘විනිශ්චයකරු දෙවියන්’ (6)

      • සතුන් අයිති දෙවියන්ට (10, 11)

      • දුෂ්ටයන්ගේ ක්‍රියා දෙවියන් හෙළි කරනවා (16-21)

  • 51

    • වැරදි ගැන පසුතැවිලි වෙන කෙනෙක්ගේ යාච්ඤාවක්

      • පිළිසිඳගත්ත වෙලාවේ ඉඳන්ම පව්කාරයෙක් (5)

      • “මාව පවිත්‍ර කරලා මගේ පාපය අයින් කරන්න” (7)

      • “පිරිසිදු හදවතක් ඇති කරගන්න මට උදව් කරන්න” (10)

      • තැළුණු බිඳුණු හදවතක් දෙවියන් පිළිගන්නවා (17)

  • 52

    • දෙවියන් පෙන්වන නොසැලෙන ආදරේ ගැන තියෙන විශ්වාසය

      • කරපු නපුරු දේවල් ගැන පුරසාරම් දොඩන අයට අනතුරු ඇඟවීමක් (1-5)

      • දෙවියන් ගැන විශ්වාසයක් නැති අය විශ්වාසය තියන්නේ වස්තුව මත (7)

  • 53

    • අඥානයා වැඩ කරන විදිහ

      • “යෙහෝවා දෙවියන් නැහැ” (1)

      • “යහපත කරන කිසිම කෙනෙක් නැහැ” (3)

  • 54

    • සතුරන්ගෙන් වට වෙලා ඉන්න කෙනෙක් කරන යාච්ඤාවක්

      • “දෙවියන් මගේ උදව්වට ඉන්නවා” (4)

  • 55

    • යාළුවෙක් ද්‍රෝහි වුණ නිසා කරපු යාච්ඤාවක්

      • කිට්ටු යාළුවෙක් කවටකම් කරයි (12-14)

      • ‘ඔබේ හැම බරක්ම යෙහෝවාට භාර දෙන්න’ (22)

  • 56

    • පීඩා අද්දකිද්දී කරපු යාච්ඤාවක්

      • “මම විශ්වාසය තියන්නේ දෙවියන් මතයි” (4)

      • “මගේ හැම කඳුළක්ම ඔබේ සම් භාජනයේ” (8)

      • “මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?” (4, 11)

  • 57

    • කරුණාව පෙන්වන්න කියලා කරන ඉල්ලීමක්

      • දෙවියන්ගේ පියාපත් සෙවණේ රැකවරණය ලබමින් (1)

      • සතුරන් ඔවුන් කපන වළේම වැටෙනවා (6)

  • 58

    • මිනිසුන්ව විනිශ්චය කරන දෙවි කෙනෙක් ඉන්නවා

      • දුෂ්ටයන්ට දඬුවම් කරන්න කියලා කරන යාච්ඤාවක් (6-8)

  • 59

    • දෙවියන් පලිහක්. බලකොටුවක්

      • “එක ද්‍රෝහියෙක්ටවත් අනුකම්පාව පෙන්වන්න එපා” (5)

      • “මම ඔබේ ශක්තිය ගැන ගී ගයනවා” (16)

  • 60

    • දෙවියන් සතුරන්ව පරාජය කරනවා

      • මිනිසුන් ගැලවීම දෙයි කියලා විශ්වාස කරන එක නිෂ්ඵලයි (11)

      • ‘අපිට ශක්තිය ලබා දෙන්නේ දෙවියන්’ (12)

  • 61

    • දෙවියන් සතුරන්ගෙන් ආරක්ෂා කරන ශක්තිමත් බලකොටුවක්

      • ‘මම ඔබේ සැලකිල්ල ලබමින් ඔබේ කූඩාරමේ ඉන්නවා’ (4)

  • 62

    • ගැලවීම ලැබෙන්නේ දෙවියන්ගෙන්

      • “දෙවියන් පියවර ගන්න කල් මම නිහඬව බලන් ඉන්නවා” (1, 5)

      • ‘ඔබේ හිතේ තියෙන හැම දෙයක්ම දෙවියන්ට කියන්න’ (8)

      • මිනිසුන් හුස්ම පොදක් වගේ (9)

      • ධනය ගැන විශ්වාසය තියන්න එපා (10)

  • 63

    • දෙවියන්ව හොයාගෙන යනවා

      • “ඔබේ නොසැලෙන ආදරය මට මගේ ජීවිතයටත් වඩා වටිනවා” (3)

      • ‘හොඳම දේවලින් තෘප්තිමත් කරනවා’ (5)

      • රෑ පුරාම දෙවියන් ගැන ගැඹුරින් කල්පනා කරනවා (6)

      • ‘මම දෙවියන්ව තදින් අල්ලගෙන ඉන්නවා’ (8)

  • 64

    • හොර රහසේ එල්ල කරන ප්‍රහාරවලින් ආරක්ෂාව ලැබෙයි

      • “දෙවියන් ඔවුන්ට පහර දෙනවා” (7)

  • 65

    • දෙවියන් පොළොව හොඳින් බලාගන්නවා

      • ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ (2)

      • “ඔබෙන් ආරාධනාවක් ලබපු කෙනා සන්තෝෂවත්” (4)

      • පිරිලා ඉතිරිලා යන යෙහෝවාගේ යහපත්කම (11)

  • 66

    • දෙවියන් කරන දේවල් නිසා ඔහු ගැන ගරුබියක් ඇති වෙයි

      • “ඇවිත් දෙවියන් කරන දේවල් දිහා බලන්න” (5)

      • ‘මම ඔබට දුන්න පොරොන්දු ඉටු කරන්නම්’ (13)

      • දෙවියන් යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා (18-20)

  • 67

    • පොළොවේ හැම තැනකම ඉන්න අය දෙවියන්ට ගරුබිය දක්වයි

      • දෙවියන්ගේ ක්‍රියා ගැන හැමෝම දැනගනියි (2)

      • ‘මිනිසුන් හැමෝම දෙවියන්ට ප්‍රශංසා කරනු ලැබේවා’ (3, 5)

      • “දෙවියන් අපිට ආශීර්වාද කරයි” (6, 7)

  • 68

    • දෙවියන්ගේ සතුරන්ව විසුරුවාහරිනු ලැබේවා’

      • “පියා නැති දරුවන්ට පියෙක්” (5)

      • තනි වුණ අයට දෙවියන් නිවහනක් ලබා දෙනවා (6)

      • ශුභාරංචිය ගැන කතා කරන ස්ත්‍රීන් (11)

      • තෑගි විදිහට පුරුෂයන් (18)

      • ‘යෙහෝවා දිනපතාම අපේ බර උසුලගෙන යනවා’ (19)

  • 69

    • ජීවිතේ බේරන්න කියලා කරන යාච්ඤාවක්

      • “ඔබේ ගෘහය ගැන මට තියෙන ළැදියාව මොන තරම්ද” (9)

      • “මට උත්තර දෙන්න ප්‍රමාද වෙන්න එපා” (17)

      • “ඔවුන් මට ඇඹුල් වයින් බොන්න දුන්නා” (21)

  • 70

    • ඉක්මනින් ඇවිත් බේරගන්න කියලා කියයි

      • “ඉක්මනින්ම ඇවිත් මං වෙනුවෙන් පියවර ගන්න” (5)

  • 71

    • වයසට ගිය අයට දෙවියන් ගැන තියෙන විශ්වාසය

      • යෞවන කාලේ ඉඳන් දෙවියන් ගැන විශ්වාසය තිබ්බා (5)

      • “මගේ ඇඟේපතේ හයිය නැති වුණාම” (9)

      • ‘බාල වයසේ ඉඳන් දෙවියන් මට හුඟක් දේවල් ඉගැන්නුවා’ (17)

  • 72

    • දෙවියන් පත් කරපු රජගේ පාලනය යටතේ සාමය පවතියි

      • “ධර්මිෂ්ඨයා සාර්ථක වෙයි” (7)

      • පාලනය මුහුදෙන් මුහුදට විහිදිලා යයි (8)

      • කුරිරු දේවල් කරන අයගෙන් බේරගන්න (14)

      • පොළොව ධාන්‍යවලින් පිරිලා ඉතිරිලා යයි (16)

      • දෙවියන්ගේ නම සදාකාලයටම ගෞරවයට පත් වෙයි (19)

  • 73

    • විශ්වාසය දුර්වල වුණ කෙනෙක් ආයෙත් විශ්වාසය ශක්තිමත් කරගන්නවා

      • “මං හරි මඟෙන් ඉවතට යන්න ඔන්න මෙන්න කියලයි හිටියේ” (2)

      • “දවස තිස්සේම මගේ හිත වේදනාවෙන් දැවුණා” (14)

      • “දෙවියන්ගේ ශුද්ධස්ථානයට යන කල්ම” (17)

      • දුෂ්ටයන් ඉන්නේ ලිස්සනසුලු තැන්වල (18)

      • දෙවියන්ට ළං වෙලා ඉන්න එකෙන් වෙන්නේ යහපතක් (28)

  • 74

    • තමන්ගේ සෙනඟව සිහි කරන්න කියලා දෙවියන්ට කරන යාච්ඤාවක්

      • දෙවියන් අතීතයේදී ඔහුගේ සෙනඟව බේරගත්ත අවස්ථා (12-17)

      • “සතුරා ඔබට කරන නින්දා අමතක කරන්න එපා” (18)

  • 75

    • දෙවියන් සාධාරණව විනිශ්චය කරයි

      • යෙහෝවාගේ අතේ තියෙන කුසලානයෙන් දුෂ්ටයන් බොයි (8)

  • 76

    • සියොන්ට විරුද්ධව එන සතුරන්ව දෙවියන් පරද්දනවා

      • නිහතමානී අයව දෙවියන් බේරගන්නවා (9)

      • සතුරන්ගේ අහංකාරකම නැති කරලා දානවා (12)

  • 77

    • දුකින් ඉද්දී කරපු යාච්ඤාවක්

      • දෙවියන් කරපු දේවල් ගැන කල්පනා කරනවා (11, 12)

      • “ඔබ තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඉන්නවාද?” (13)

  • 78

    • දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව රැකබලා ගත්තත් ඔවුන් ඔහුව සැක කළා

      • මතු පරම්පරාවල අයටත් දෙවියන් ගැන කියන්න (2-8)

      • ‘ඔවුන් දෙවියන්ව විශ්වාස කළේ නැහැ’ (22)

      • ‘ස්වර්ගයෙන් ධාන්‍ය’ (24)

      • “ඊශ්‍රායෙලයේ ශුද්ධ තැනැත්තාණන්ගේ හිතට වේදනා දුන්නා” (41)

      • ඊජිප්තුවේ ඉඳන් පොරොන්දු දේශයට (43-55)

      • ‘ඔවුන් දෙවියන්ගේ ඉවසීම ආයේ ආයෙත් පරීක්ෂා කළා’ (56)

  • 79

    • ජාතීන් දෙවියන්ගේ සෙනඟව යටත් කරගද්දී කරපු යාච්ඤාවක්

      • “අපි නින්දාවට පත් වෙලා” (4)

      • ‘ඔබේ නම ගැන හිතලා අපිට උදව් කරන්න’ (9)

      • “හත් ගුණයක් නින්දා විඳින්න ඔවුන්ට ඉඩහරින්න” (12)

  • 80

    • ආයෙත් පිළිගන්න කියලා ඊශ්‍රායෙලයේ එඬේරාණන්ට කරන කන්නලව්වක්

      • “අනේ දෙවියනි, අපිව ආයෙත් ඔබේ සෙනඟ විදිහට පිළිගන්න” (3)

      • ඊශ්‍රායෙල්, දෙවියන් පැළ කරපු මිදිවැල (8-15)

  • 81

    • දෙවියන්ට ඇහුම්කන් දෙන්න කියලා කරන ඉල්ලීමක්

      • වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න එපා (9)

      • “මගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නා නම්” (13)

  • 82

    • සාධාරණව විනිශ්චය කරන්න කියලා කියයි

      • “දෙවිවරු මැද” දෙවියන් විනිශ්චය කරයි (1)

      • ‘අසරණයන් වෙනුවෙන් නැඟී ඉන්න’ (3)

      • “ඔබ දෙවිවරු” (6)

  • 83

    • සතුරන් සටනට එද්දී කරපු යාච්ඤාවක්

      • “අනේ දෙවියනි, නිහඬව ඉන්න එපා” (1)

      • සතුරන් හුළඟට ගහගෙන යන වේළිච්ච තණකොළ වගේ (13)

      • දෙවියන්ගේ නම යෙහෝවා (18)

  • 84

    • දෙවියන්ගේ කූඩාරමට යන්න තියෙන ආශාව

      • කුරුල්ලෙක් වගේ වෙන්න ලෙවීවරයෙක්ට තියෙන ආශාව (3)

      • “ඔබේ කූඩාරමේ මළුවේ එක දවසක්” (10)

      • “දෙවියන් හිරු වගේ. ඔහු පලිහක් වගේ” (11)

  • 85

    • ආයෙත් පිළිගන්න කියලා කරන යාච්ඤාවක්

      • තමන්ගේ විශ්වාසවන්ත සෙනඟට ලැබෙන සාමය ගැන දෙවියන් කියනවා (8)

      • නොසැලෙන ආදරයයි, විශ්වාසවන්තකමයි අත්වැල් බැඳගනියි (10)

  • 86

    • යෙහෝවාට සමාන කිසිම දෙවි කෙනෙක් නැහැ

      • යෙහෝවා සමාව දෙන්න කැමතියි (5)

      • සියලුම ජාතීන් යෙහෝවාට නමස්කාර කරයි (9)

      • “ඔබේ මාර්ග ගැන මට උගන්වන්න” (11)

      • “මුළු හදවතින්ම ගෞරව කරන්න මට උදව් කරන්න” (11)

  • 87

    • සියොන්, සැබෑ දෙවියන්ගේ නුවර

      • සියොන්වල ඉපදුණ අය (4-6)

  • 88

    • මරණයෙන් බේරගන්න කියලා කරන යාච්ඤාවක්

      • “මම මිනී වළ අද්දරටම ඇවිත්” (3)

      • ‘මම හැම උදෑසනකම ඔබට යාච්ඤා කරනවා’ (13)

  • 89

    • යෙහෝවාගේ නොසැලෙන ආදරේ ගැන ගයන ගීයක්

      • දාවිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම (3)

      • දාවිත්ගේ පෙළපත හැමදාටම පවතිනවා (4)

      • දෙවියන් අභිෂේක කරපු කෙනා “මගේ තාත්තා” කියලා දෙවියන්ට කියයි (26)

      • දාවිත් එක්ක ඇති කරපු ගිවිසුම කඩ කරන්නේ නැහැ (34-37)

      • මිනී වළෙන් බේරෙන්න කිසි මිනිසෙක්ට බැහැ (48)

  • 90

    • පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති දෙවියන් සහ කෙටි කාලෙකින් මැරිලා යන මිනිසා

      • අවුරුදු දහසක්, ගෙවී ගිය එක දවසක් වගේ (4)

      • මිනිසුන් සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ අවුරුදු 70ක්, 80ක් (10)

      • ‘හැම දවසක්ම අර්ථවත්ව ගත කරන්න උගන්වන්න’ (12)

  • 91

    • දෙවියන්ගේ රහස් ස්ථානයේදී ලැබෙන රැකවරණය

      • කුරුලු දඩයක්කරුගෙන් බේරගනියි (3)

      • දෙවියන්ගේ පියාපත් සෙවණේ රැකවරණය ලබාගනියි (4)

      • දහසක් ඇද වැටුණත් ඔබට අනතුරක් නැහැ (7)

      • ආරක්ෂා කරන්න කියලා දෙවියන් ඔහුගේ දූතයන්ට අණ දෙයි (11)

  • 92

    • හැමදාමත් ශ්‍රේෂ්ඨතම කෙනා යෙහෝවායි

      • ඔහුගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා සහ ගැඹුරු සිතුවිලි (5)

      • ‘ධර්මිෂ්ඨයන් ගහක් වගේ සරුවට වැඩෙයි’ (12)

      • මහලු අය දිගටම සරුවට වැඩෙයි (14)

  • 93

    • බලයෙන් උසස් යෙහෝවාගේ පාලනය

      • “යෙහෝවා දෙවියන් රජ වෙලා!” (1)

      • “ඔබේ සිහිගැන්වීම් හුඟක් විශ්වාසවන්තයි” (5)

  • 94

    • දුෂ්ටයන්ට දඬුවම් කරන්න කියලා දෙවියන්ට කරන යාච්ඤාවක්

      • “තව කොච්චර කාලයක් දුෂ්ටයන් සතුටු වෙයිද?” (3)

      • යාහ්ගෙන් ලැබෙන හික්මවීම්වලින් සතුටක් ලැබෙයි (12)

      • දෙවියන් ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැහැ (14)

      • “දුෂ්ට අරමුණකින් නීති පනවයි” (20)

  • 95

    • සැබෑ නමස්කාරය සහ කීකරුකම

      • ‘ඔහු කිව්ව දේට ඔබ අද සවන් දෙනවා නම්’ (7)

      • “ඔබේ හිත් දැඩි කරගන්න එපා” (8)

      • “මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ” (11)

  • 96

    • ‘යෙහෝවාට අලුත් ගීයක් ගයන්න’

      • හැම ප්‍රශංසාවක්ම ලබන්න වටින්නේ යෙහෝවායි (4)

      • මිනිසුන් නමස්කාර කරන්නේ කිසි වැඩකට නැති දෙවිවරුන්ට (5)

      • ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා නමස්කාර කරන්න (9)

  • 97

    • අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා යෙහෝවා ඉහළින් ඉන්නවා

      • “යෙහෝවා දෙවියන් රජ වෙලා!” (1)

      • යෙහෝවාට ආදරේ කරන්න, නපුරු දේට පිළිකුල් කරන්න (10)

      • ධර්මිෂ්ඨයා වෙනුවෙන් ආලෝකය බැබළෙනවා (11)

  • 98

    • ගැලවුම්කරුත් ධර්මිෂ්ඨ විනිශ්චයකරුත් යෙහෝවායි

      • යෙහෝවා ගැලවීම ලබා දෙන විදිහ ගැන දැනුම් දෙයි (2, 3)

  • 99

    • ශුද්ධ රජ වන යෙහෝවා

      • කෙරුබ්වරුන්ට ඉහළින් සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා (1)

      • සමාව දෙන සහ දඬුවම් කරන දෙවි කෙනෙක් (8)

  • 100

    • සැදුම්කරුට ස්තුති කරයි

      • “යෙහෝවා දෙවියන්ට සතුටින් සේවය කරන්න” (2)

      • ‘අපිව නිර්මාණය කළේ දෙවියන්’ (3)

  • 101

    • විශ්වාසවන්තව වැඩ කරන පාලකයෙක්

      • ‘උඩඟු අය කරන දේවල් මම කොහොමටවත් ඉවසන්නේ නැහැ’ (5)

      • “ඔබට විශ්වාසවන්ත අය ගැන මම සතුටු වෙනවා” (6)

  • 102

    • පීඩා නිසා සිත්තැවුලෙන් ඉන්න කෙනෙක් කරපු යාච්ඤාවක්

      • ‘මං තනි වෙලා ඉන්න කුරුල්ලෙක් වගේ’ (7)

      • “මගේ ජීවිතය නොපෙනී යන සෙවණැල්ලක් වගේ” (11)

      • “යෙහෝවා අනිවාර්යයෙන්ම සියොන් නුවර ආයෙත් ගොඩනඟනවා” (16)

      • යෙහෝවා සදහටම ඉන්නවා (26, 27)

  • 103

    • “මම යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරනවා”

      • දෙවියන් අපේ වැරදි අපෙන් ඈත් කරනවා (12)

      • දෙවියන් තාත්තා කෙනෙක් වගේ දයාව පෙන්වයි (13)

      • අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා දෙවියන් සිහි කරනවා (14)

      • යෙහෝවාගේ සිංහාසනය සහ පාලනය (19)

      • දේවදූතයන් දෙවියන් කියන දේ ඉටු කරනවා (20)

  • 104

    • දෙවියන්ගේ පුදුමාකාර නිර්මාණයන් ගැන ඔහුට ප්‍රශංසා කරයි

      • පොළොව හැමදාටම පවතිනවා (5)

      • මිනිස්සුන්ට වයින් සහ කෑම ලබා දෙනවා (15)

      • “ඔබ මොන තරම් දේවල් නිර්මාණය කරලා තියෙනවාද!” (24)

      • ‘ඔවුන්ගේ හුස්ම ඉවත් කළොත් ඔවුන් මිය යනවා’ (29)

  • 105

    • යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් විශ්වාසවන්තව කරපු දේවල්

      • දෙවියන් තමන් ඇති කරගත්ත ගිවිසුම අමතක කරන්නේ නැහැ (8-10)

      • “මං අභිෂේක කරපු අයට අත තියන්න එපා” (15)

      • වහලෙක් විදිහට හිටපු යෝසෙප්ව දෙවියන් ඔහුගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරයි (17-22)

      • ඊජිප්තුවේදී දෙවියන් කරපු ආශ්චර්යයන් (23-36)

      • ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටතට යයි (37-39)

      • තමන් ආබ්‍රහම්ට වුණ පොරොන්දුව දෙවියන් සිහි කරයි (42)

  • 106

    • ඊශ්‍රායෙල්වරු කිසි අගයක් නැති සෙනඟක්

      • දෙවියන් කරපු දේවල් ඔවුන් ඉක්මනින්ම අමතක කළා (13)

      • තේජවත් දෙවියන්ට දෙන්න ඕනෙ ගෞරවය ඔවුන් වස්සෙක්ගේ රූපයකට දුන්නා (19, 20)

      • දෙවියන් දීපු පොරොන්දුව ගැන ඔවුන්ට කිසි විශ්වාසයක් තිබුණේ නැහැ (24)

      • ඔවුන් බාල්ට නමස්කාර කළා (28)

      • ඔවුන් දරුවන්ව භූතයන්ට ඔප්පු කළා (37)

  • 107

    • දෙවියන් කරපු පුදුම දේවලට ඔහුට ස්තුති කරන්න

      • යන්න ඕනෙ පාර ඔහු ඔවුන්ට පෙන්නලා දුන්නා (7)

      • පිපාසයෙන් සහ බඩගින්නෙන් හිටපු අයව ඔහු තෘප්තිමත් කළා (9)

      • ඔහු ඔවුන්ව අඳුරෙන් එළියට ගෙනාවා (14)

      • ඔහු අණ කළාම ඔවුන් සුව වුණා (20)

      • ඔහු දුප්පත් අයව පීඩා කරන අයගෙන් ආරක්ෂා කරයි (41)

  • 108

    • සතුරන්ව පරද්දන්න උදව් ඉල්ලයි

      • මිනිසුන් ගැලවීම දෙයි කියලා විශ්වාස කරන එක නිෂ්ඵලයි (12)

      • “අපිට ශක්තිය ලබා දෙන්නේ අපේ දෙවියන්” (13)

  • 109

    • දුකින් ඉන්න කෙනෙක්ගේ යාච්ඤාවක්

      • “ඔහුට භාර දීලා තියෙන වගකීම වෙන කෙනෙක්ට භාර දෙන්න” (8)

      • දෙවියන් දුප්පත් කෙනාගේ පැත්තේ ඉන්නවා (31)

  • 110

    • මෙල්කිසදෙක් වගේ රජෙක් සහ පූජකයෙක්

      • ‘ඔබේ සතුරන් අතරට ගිහින් ඔවුන්ව පාලනය කරන්න’ (2)

      • කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන තරුණයෝ පිනි බිඳු වගේ (3)

  • 111

    • යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා ගැන ඔහුට ප්‍රශංසා කරන්න

      • දෙවියන්ගේ නම ශුද්ධයි. ගරුබිය ඇති කරවයි (9)

      • ප්‍රඥාව ලබාගන්න මුලින්ම යෙහෝවාට ගරුබිය දක්වන්න ඕනේ (10)

  • 112

    • ධර්මිෂ්ඨ අයට යෙහෝවා ගැන ගරුබියක් තියෙනවා

      • ත්‍යාගශීලීව දෙන කෙනා ඉන්නේ සතුටින් (5)

      • “ධර්මිෂ්ඨ කෙනා ගැන මතකය හැමදාටම තියෙනවා” (6)

      • ත්‍යාගශීලී කෙනා දුප්පත් අයට අදිමදි නොකර දෙනවා (9)

  • 113

    • ඉහළම තැන ඉන්න දෙවියන් අසරණ අයව නැඟිටුවනවා

      • යෙහෝවාගේ නමට සදහටම ප්‍රශංසාව ලැබෙනවා (2)

      • දෙවියන් පහතට නැමෙනවා (6)

  • 114

    • ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් ගලවගනියි

      • මුහුද පලා ගියා (5)

      • කඳු, බැටළුවන් වගේ දුව පැන ගියා (6)

      • කලු ගල් පර්වතය දිය උල්පතකට හරවයි (8)

  • 115

    • ගෞරවය ලබන්න වටින්නේ දෙවියන් විතරයි

      • පණ නැති රූප (4-8)

      • පොළොව දුන්නේ මිනිසුන්ටයි (16)

      • “මිය ගිය අය යාහ්ට ප්‍රශංසා කරන්නේ නැහැ” (17)

  • 116

    • ස්තුති දීමේ ගීයක්

      • ‘යෙහෝවාට මම කොහොම ස්තුති කරන්නද?’ (12)

      • “ගැලවීම කියන කුසලානයෙන් මම පානය කරනවා” (13)

      • “මම යෙහෝවාට වුණ පොරොන්දු ඉටු කරනවා” (14, 18)

      • විශ්වාසවන්ත අයගේ මරණය දරාගන්න බැරි පාඩුවක් (15)

  • 117

    • යෙහෝවාට ප්‍රශංසා කරන්න කියලා සියලු ජාතීන්ට කියයි

      • දෙවියන් පෙන්වන නොසැලෙන ආදරේට නිමක් නැහැ (2)

  • 118

    • ජය අත් කරගත්ත යෙහෝවාට ස්තුති කරයි

      • ‘මම යාහ්ට කතා කළා. ඔහු මට සවන් දුන්නා’ (5)

      • “යෙහෝවා මගේ පැත්තේ” (6, 7)

      • ඉවතට දාපු ගල ප්‍රධාන ගල වෙයි (22)

      • “යෙහෝවාගේ නමින් එන තැනැත්තා” (26)

  • 119

    • යෙහෝවාගේ වදන් ගැන තියෙන අගය

      • “තරුණයෙක්ට පිරිසිදු ජීවිතයක් ගත කරන්න පුළුවන් කොහොමද?” (9)

      • “ඔබේ සිහිගැන්වීම්වලට මම හුඟක් ඇලුම් කරනවා” (24)

      • ‘මම බලාපොරොත්තු තියන්නේ ඔබේ වදන් ගැනයි’ (74, 81, 114)

      • “ඔබේ නීතියට මම මොන තරම් ආදරේ කරනවාද!” (97)

      • ‘මගේ ගුරුවරුන් හැමෝටම වඩා වටහාගැනීමේ හැකියාවක් මට තියෙනවා‘ (99)

      • “ඔබේ වදන් මගේ පාදවලට පහනක්” (105)

      • “ඔබ පවසන හැම දේම සත්‍යයයි” (160)

      • දෙවියන්ගේ නීතියට ප්‍රිය කරන අය සමාදානය අද්දකිනවා (165)

  • 120

    • විදේශිකයෙක්ට සමාදානයෙන් ඉන්න තියෙන ආසාව

      • ‘රැවටිලිකාරයන්ගෙන් මාව බේරගන්න’ (2)

      • “මට ඕනෙ ඔවුන් එක්ක සමාදාන වෙන්න” (7)

  • 121

    • යෙහෝවා ඔහුගේ සෙනඟව ආරක්ෂා කරනවා

      • ‘මට උදව් කරන්නේ යෙහෝවා’ (2)

      • යෙහෝවා කවදාවත් නිදාගන්නේ නැහැ (3, 4)

  • 122

    • යෙරුසලමට සාමය පතලා කරන යාච්ඤාවක්

      • යෙහෝවාගේ ගෘහයට යද්දී දැනෙන සතුට (1)

      • ළඟ ළඟ ගෙවල් තියෙන, එකට බැඳුණ නුවරක් (3)

  • 123

    • යෙහෝවාගේ කරුණාව ලැබෙන කල් ඔහු දිහා බලන් ඉන්න

      • ‘සේවකයන් වගේ අපි යෙහෝවා දිහා බලාගෙන ඉන්නවා’ (2)

      • “ඉහටත් උඩින් නින්දා අපහාස විඳින්න වෙලා” (3)

  • 124

    • “යෙහෝවා අපිට උදව් කළේ නැත්නම්”

      • කඩලා දාපු දැලෙන් බේරිලා ගියා (7)

      • ‘අපිට උදව් ලැබෙන්නේ යෙහෝවා කියන නමින් හඳුන්වන දෙවියන්ගෙන්’ (8)

  • 125

    • යෙහෝවා ඔහුගේ සෙනඟව ආරක්ෂා කරනවා

      • “යෙරුසලම කඳුවලින් වට වෙලා තියෙනවා වගේ” (2)

      • “ඊශ්‍රායෙල්ට සමාදානය ලැබේවා” (5)

  • 126

    • සෙනඟ ආයෙත් සතුටින් සියොන්වලට යයි

      • ‘යෙහෝවා ඇත්තටම පුදුමාකාර දේවල් කළා’ (3)

      • කඳුළු සලමින් හිටපු අය ප්‍රීති ඝෝෂා නඟයි (5, 6)

  • 127

    • දෙවියන්ගේ ආශීර්වාදය නැත්නම් කිසිම දේකින් වැඩක් නැහැ

      • “යෙහෝවා නිවස ගොඩනඟන්නේ නැත්නම්” (1)

      • දූපුතුන් දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක් (3)

  • 128

    • යෙහෝවා ගැන ගරුබියක් තියෙන අය ඉන්නේ සතුටින්

      • බිරිඳ හොඳින් පල දරන මිදිවැලක් වගේ (3)

      • ‘යෙරුසලමට ආශීර්වාද ලැබෙන විදිහ ඔබට දකින්න ලැබේවා’ (5)

  • 129

    • විරුද්ධවාදිකම් කළත් පරද්දන්න බැරි වුණා

      • සියොන්ට වෛර කරන හැමෝම ලැජ්ජාවට පත් වෙලා (5)

  • 130

    • “දුක් සාගරයක ගිලිලා ඉද්දී මම ඔබට කන්නලව් කළා”

      • “ඔබ අපේ වැරදි දිහාම බලාගෙන ඉන්නවා නම්” (3)

      • ඇත්තටම සමාව දෙන්නේ යෙහෝවා (4)

      • ‘යෙහෝවා මට උදව් කරන කල් ආශාවකින් බලාගෙන ඉන්නවා’ (6)

  • 131

    • කිරි වැරූ දරුවෙක් වගේ මම සෑහීමට පත් වෙනවා

      • ලබාගන්න බැරි දේවල් පස්සේ යන්න එපා (1)

  • 132

    • දාවිත්වත් සියොන්වත් තෝරගනියි

      • “ඔබේ අභිෂේක ලත් තැනැත්තාව ප්‍රතික්ෂේප කරන්න එපා” (10)

      • සියොන්වල ඉන්න පූජකයන්ව ගැලවීම කියන ඇඳුමෙන් සරසයි (16)

  • 133

    • එකමුතුව ඉන්න එක

      • ආරොන්ගේ හිසට වක් කරපු තෛලය වගේ (2)

      • හෙර්මොන් කන්දේ පිනි බිඳු වගේ (3)

  • 134

    • රාත්‍රියේදී යෙහෝවාට ප්‍රශංසා කරයි

      • “ශුද්ධකමින් සැරසිලා දෑත් දිගු කරන්න” (2)

  • 135

    • යාහ් ශ්‍රේෂ්ඨ නිසා ඔහුට ප්‍රශංසා කරන්න

      • ඊජිප්තුවේදී කරපු පුදුම දේවල් සහ පෙන්නපු ලකුණු (8, 9)

      • “ඔබේ නම සදාකල් පවතිනවා” (13)

      • පණ නැති රූප (15-18)

  • 136

    • යෙහෝවාගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ

      • දක්ෂ විදිහට අහසත් පොළොවත් නිර්මාණය කළා (5, 6)

      • පාරාවෝ රතු මුහුදේදී මැරෙයි (15)

      • අධෛර්යය වෙලා ඉන්න අයව යෙහෝවාට මතකයි (23)

      • හැම ජීවියෙක්ටම ආහාර ලබා දෙනවා (25)

  • 137

    • බැබිලෝනියේ ගංඉවුරුවල

      • සියොන්වල ගීත ගායනා කළේ නැහැ (3, 4)

      • බැබිලෝනිය විනාශ වෙන්න නියමිතයි (8)

  • 138

    • මොන තරම් උසස් වුණත් දෙවියන් මිනිසුන් ගැන සැලකිලිමත්

      • “ඔබ මට උත්තර දුන්නා” (3)

      • “අනතුරු මැදින් මට යන්න වුණත් ඔබ මගේ ජීවිතය රැක දෙනවා” (7)

  • 139

    • දෙවියන් ඔහුගේ සේවකයන් ගැන හොඳින්ම දන්නවා

      • දෙවියන්ගේ බලයෙන් බේරිලා යන්න පුළුවන් තැනක් නැහැ (7)

      • “මාව හදලා තියෙන්නේ මොන තරම් පුදුමාකාර විදිහටද!” (14)

      • “මං කලලයක් වෙලා ඉද්දීත් ඔබට මාව පෙනුණා” (16)

      • “සදාකාලෙටම තියෙන මාර්ගයේ මාව අරන් යන්න” (24)

  • 140

    • යෙහෝවා බලවත් ගැලවුම්කරුවෙක්

      • දුෂ්ටයෝ හරියට සර්පයන් වගේ (3)

      • දාමරිකයන්ව විනාශ කරයි (11)

  • 141

    • ආරක්ෂාව ඉල්ලලා කරන යාච්ඤාවක්

      • ‘මගේ යාච්ඤා සුවඳ ද්‍රව්‍ය වගේ වේවා!’ (2)

      • ධර්මිෂ්ඨයා දෙන අවවාදය තෛලයක් වගේ (5)

      • දුෂ්ටයන් ඔවුන් එළපු දැල්වලටම අහු වෙයි (10)

  • 142

    • පීඩා කරන අයගෙන් බේරගන්න කියලා ඉල්ලයි

      • “මට පලා යන්න පුළුවන් තැනකුත් නැහැ” (4)

      • “මට උදව් කරන්න ඉන්නේ ඔබ විතරයි” (5)

  • 143

    • වැහි පොදක් වැටෙන කල් බලන් ඉන්න වියළි දේශයක් වගේ මම දෙවියන් ගැන බලන් ඉන්නවා

      • ‘ඔබේ අතින් කරපු දේවල් ගැන මම හිතනවා’ (5)

      • “ඔබ කැමති දේ කරන්න මට උගන්වන්න” (10)

      • ‘ඔබේ බලයෙන් මාව අරන් යන්න’ (10)

  • 144

    • ජය අත් කරලා දෙන්න කියලා ඉල්ලයි

      • ‘දූවිල්ලට හැරිලා යන මිනිසා වටිනවාද?’ (3)

      • “සතුරන්ව සීසීකඩ යවන්න” (6)

      • යෙහෝවාගේ සෙනඟ සන්තෝෂවත් (15)

  • 145

    • ශ්‍රේෂ්ඨ රජ වන දෙවියන්ට ප්‍රශංසා කරන්න

      • ‘දෙවියන් මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා මම ප්‍රකාශ කරනවා’ (6)

      • ‘යෙහෝවා හැමෝටම යහපත කරනවා’ (9)

      • “ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ඔබට ප්‍රශංසා කරයි” (10)

      • දෙවියන්ගේ රජකම සදහටම පවතිනවා (13)

      • දෙවියන් අත දිගහැරලා හැමෝවම තෘප්තිමත් කරනවා (16)

  • 146

    • විශ්වාසය තියන්න ඕනෙ දෙවියන් මතයි. මිනිසුන් මත නෙමෙයි.

      • මැරුණාම මිනිසුන්ගේ කල්පනාව නැති වෙනවා (4)

      • දෙවියන් කලකිරිලා ඉන්න අයට නැඟිටින්න අත දෙනවා (8)

  • 147

    • දෙවියන්ගේ ආදරයත් බලයත් කියාපාන ඔහුගේ ක්‍රියා ගැන ඔහුට ප්‍රශංසා කරන්න

      • ඔහු බිඳුණු හිත් තියෙන අයට සුවය ලබා දෙයි (3)

      • ඔහු හැම තාරකාවකටම නම කියලා අඬගහනවා (4)

      • හිම ලොම් වගේ පොළොව වහගන්නවා (16)

  • 148

    • යෙහෝවාගේ හැම නිර්මාණයක්ම ඔහුට ප්‍රශංසා කරයි

      • ‘ඔහුගේ සියලු දූතයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න’ (2)

      • ‘හිරුත් සඳුත් තාරකාත් ඔහුට ප්‍රශංසා කරන්න’ (3)

      • බාල මහලු හැමෝම දෙවියන්ට ප්‍රශංසා කරයි (12, 13)

  • 149

    • දෙවියන් ලබපු ජයග්‍රහණය ගැන ප්‍රශංසා ගීයක්

      • දෙවියන් ඔහුගේ සෙනඟ ගැන සතුටු වෙනවා (4)

      • ගෞරවය හිමි වෙන්නේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයට (9)

  • 150

    • පණ ඇති සියල්ලෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න

      • යාහ්ට ප්‍රශංසා කරන්න! (1, 6)