Skip to content

පටුනට යන්න

යළි නැඟිටින්නෙමි මා

යළි නැඟිටින්නෙමි මා
  1. 1. තනි වෙලා ඉකි බිඳියි හද මගේ

    වැරදුණේ ඇයිද දන්නෙමි මා

    නැඟිටින්න මට යළි සවියක් ඕනේ

    දෙව් ගාවට යළි යන්නම් මෙමා

    (අනුපදය)

    මතකයි ඔබ කියූ දේ සිහි වේ තාමත්

    හමු විය අගනා වූ වදන්

    මාගේ පා පැටලුණත් මා වැටී ගියත්

    නැඟිටිම් යළිත්

  2. 2. යෙහෝවා දෙව්ට ආදරේ

    කළා වූ ඔවුන්ගෙන්

    ලැබුවෙමි එදා ආදරේ

    දෙව් වදන් පහනක් යෑමට එහි යළිත්

    එය වේ හරි මඟ ජීවනේ

    (අතුරුපදය)

    කොහේ ගියද කුමක් කළද මතක් වේ දෙව් වදන්

    ළඟයි අවසානේ

    (අනුපදය)

    පියාණෙනි යෙහෝවා අසා මා යැදුම්

    මාගේ උදව්වට ළඟ ඉන්න

    දෙව් දන්නේ මා වැටුණේ ඇයි දැයි කියා

    යළි නැඟිටිම්

    (අතුරුපදය)

    හොඳින් යෙහෝවා දෙව් දනී මට උදව් ඕනෙ කියා

    අන් අය නොදැක්කත් දෙව් දකී මා දුර්වල බැව්

    ඔහුට තාමත් මා වටී

    (අනුපදය)

    මට අහිමි වූ ආදරේ යළි සොයා යන්නම්

    මා රැකවරණේ එය වේ

    මාගේ පා පැටලුණත් මා වැටී ගියත් නැඟිටිම් යළිත්

    නැඟිටින්නම් මා