Skip to content

පටුනට යන්න

තනි නොවේ මා කිසි දිනේ

තනි නොවේ මා කිසි දිනේ
  1. 1. සියලුමදෙනා

    මට ද්‍රෝහි වුණා

    අසරණ කළා මා

    සිතට දැනෙයි වේදනා

    කවුරුත්ම නෑ මට

    මගේ පිහිටට

    කියන්නේ කාටද මා

    සිතට දැනෙනා දුක

    (අනුපදය)

    තනි වී නෑ

    තනි වී නෑ

    තනි නොවේ

    කිසි දිනේ

    යෙහෝවා දෙව්

    යාච්ඤා අසයි

    ඔහු මගේ

    ළඟ සිටියි

    සවිය වේ මාගේ

    තනි නෑ මම

  2. 2. සියලු දේ මට

    අහිමි වූවද

    ඔබ මට ළැදි වී

    සනසාලයි මගේ සිත

    දෙව්නි කිසි දින

    අත් නොහරියි ඔබ

    යෙහෝවා දෙව් ඔබ වේ

    මාගේ එකම විශ්වාසේ

    (අනුපදය)

    තනි වී නෑ

    තනි වී නෑ

    තනි නොවේ

    කිසි දිනේ

    යෙහෝවා දෙව්

    යාච්ඤා අසයි

    ඔහු මගේ

    ළඟ සිටියි

    සවිය වේ මාගේ

    තනි නෑ මම

    තනි වී නෑ

    තනි නොවේ

    කිසි දිනේ

    යෙහෝවා දෙව්

    යාච්ඤා අසයි

    ඔහු මගේ

    ළඟ සිටියි

    සවිය වේ මාගේ

    තනි නෑ මම