Skip to content

පටුනට යන්න

‘සැබෑ ජීවනේ’

‘සැබෑ ජීවනේ’
  1. 1. කුරුලු නාදේ නීල අරණේ

    රිසි සේ විඳී සුවේ නැතේ බිය හදේ

    සැනසුම දැනේ විඳී සැම එක සේ

    දුව පනිමු සෑම තැනේ ඒ දිනේදී

    වියැකි නොයනා ත්‍යාගේ විඳිමු දෙව්ගේ

    (පෙර අනුපදය)

    දෑස මානේ ළඟමයි ඒ දිනේ

    (අනුපදය)

    තුති වේ යෙහෝවා නෑ වේදනා

    පහ වේ දුක සදා ඒ සැබෑ ජීවනේ

    වේ නෙතු මානේ නෑ විඩා වී හදින්

    හිඳිමු එක් වී

  2. 2. ඇරඹුමකි ඒ නව දිවියේ නැවුම් වේවි සැම දේ

    නැඟිටි එන්නේ ළබැඳියන් අපේ පැතුම ඉටු වන්නේ

    නෙලමු පල දෝතින්ම එකට එක් වී

    නිම්හිම් නැති ප්‍රීතියෙනි ලෝ පුරා සැමා

    (අනුපදය)

    තුති වේ යෙහෝවා නෑ වේදනා

    පහ වේ දුක සදා ඒ සැබෑ ජීවනේ

    වේ නෙතු මානේ නෑ විඩා වී හදින්

    හිඳිමු එක් වී

    (අතුරුපදය)

    පාරාදීසේ කරගනිමු සිත්තම් මනසේ නොපමාවි

    සිතමු කෙසේ වේදෝ ඒ දිනේ

    (අනුපදය)

    සැබෑ වේවි ආශා නැ දුක සංකා

    සිනා හඬම වේ නොවේ පෙර වු දේ

    වේ සුව ගතේ නැ රිදුමන් හදේ

    (අනුපදය)

    තුති වේ යෙහෝවා නෑ වේඳනා

    පහ වේ දුක සදා ඒ සැබෑ ජීවනේ

    වේ නෙතු මානේ හිඳිමු බලා

    එනතුරා

    (අවසානය)

    ජිවනේ—ජිවනේ

    සැබෑම

    ජිවනේ—ජිවනේ

    සැබෑම

    ජිවනේ—ජිවනේ

    සැබෑම

    ජිවනේ—ජිවනේ

    සැබෑ ජීවනේ