Skip to content

පටුනට යන්න

අභියෝගවලින් පිරි ප්‍රීතිමත් කාලයකි නව යොවුන් විය

අභියෝගවලින් පිරි ප්‍රීතිමත් කාලයකි නව යොවුන් විය

අභියෝගවලින් පිරි ප්‍රීතිමත් කාලයකි නව යොවුන් විය

නව යොවුන් විය ජීවිතයේ ඉතා ප්‍රීතිමත් අවධියක් විය හැකියි. ඇත්තෙන්ම කියනවා නම්, බොහෝ යෞවනයන්ගේ අද්දැකීම වන්නේ එයයි. වැඩිහිටියන් පවා තම නහඹර වියේ අද්දැකීම් ඉතා ආශාවෙන් මතකයට නඟනවා.

නමුත් අප ජීවත් වන්නේ ‘කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවලයි’ කියා අප පිළිගත යුතුයි. (2 තිමෝති 3:1NW) මේ නිසා, යෞවනයන්ට අමතර පීඩනවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ඔවුන් මුහුණ දෙන පීඩනයන් කලින් පරම්පරාවල විසූ යෞවනයන් මුහුණ දුන් පීඩනවලට වඩා බොහෝ වෙනස්. නහඹරයන් සඳහා සකස් කළ සඟරාවක විධායක සංස්කාරකවරිය වන සබ්‍රීනා සෝලින් වයිල්, යෞවන කාලය ඉතාමත් අභියෝගාත්මක අද්දැකීමක්යයි පැවසුවේ ඒ නිසා විය හැකියි. එය හරියට යටින් ආරක්ෂක දැලක් නොදමා, උඩින් ගැටගසා තිබෙන කඹයක් හරහා ඇවිදිනවා හා සමාන අද්දැකීමක්. ඇත්තෙන්ම ජීවිතයේ මෙම වියවුල්සහගත අවධිය ලජ්ජාවට පත් කරවන අද්දැකීම්, සිත්තැවුල් හා ව්‍යාකූල කරවන හැඟීම්වලින් පිරි කාලයක් වීමට ඉඩ තිබෙනවා. “නහඹරයන් ළමා විය හා වැඩිහිටිභාවය අතර සිර වී සිටිනවා. ඒ වගේම ජීවිතයේ එම අවධීන් දෙකටම ආවේණික වූ ඉතාමත් දුෂ්කර තත්වයන්ට මුහුණ දීමටද ඔවුන්ට සිදු වෙනවා” කියා වයිල් ලියනවා.

ඔබ නව යොවුන් වියේ පසු වෙනවා නම්, ඔබ අද්දකින අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න ඔබට පුළුවන් වන්නේ කොහොමද? ඔබ නව යොවුන් වියේ සිටින දරුවෙකුගේ මාපියෙක් නම් ඔබේ යෞවන කාලයේ වියවුල්සහගත අද්දැකීම් යළි මතක් කරගැනීම සඳහා ඔබට උපකාරවත් විය හැක්කේ කුමක්ද? එය ඔබේ පුතා හෝ දුව අද්දකිමින් සිටින දේවල් වඩා හොඳින් තේරුම්ගැනීමට ඔබට මහෝපකාරී වේවි. මෙම ලිපි මාලාව මගින් නව යොවුන් විය පිළිබඳව ඔබගේ අවබෝධය පුළුල් කරගන්නා ලෙස අපි යෞවනයන්ට මෙන්ම වැඩිහිටියන්ටද ආරාධනා කරන්නෙමු. එය නව යොවුන් වියේ අභියෝගයන් ජයගැනීමට විතරක් නෙවෙයි, එම කාලය සතුටින් ගෙවන්නටද යෞවනයන්ට රුකුලක් වේවි.