Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

භේද “භේද නැති ලොවක් කවදා හෝ ඇති වේවිද?” යන ලිපි මාලාවට ඔබට ස්තුතියි. (2004 සැප්තැම්බර් 8) භේද ඇති කරන අය ගැන සාමාන්‍යයෙන් මට තරහක් ඇති වෙනවා. නමුත් ඒ ලිපි කියවද්දී මට වැටහුණා යම් දුරකට මටත් එවැනි ආකල්ප තිබෙන බව. මේ සඟරාවෙන් මට උපකාරයක් ලැබෙන බව ස්ථිරයි.

එක්සත් ජනපදයේ එම්. යූ.

මම ජීවත් වෙන්නේ මව් බිමෙන් ඈතක වුවත් භේදකාරී තත්වයක් අද්දකින්නේ නැහැ. ඒත් එවැනි තත්වයකට ගොදුරුව සිටින්නන් දෙස දයානුකම්පිතව බලන්න මට මෙම ලිපි මාලාව උපකාර කළා. මෙම ගැටලුවට විසඳුමක් ලබා දීමට යෙහෝවා ඉක්මනින්ම ක්‍රියාත්මක වනු ඇති නිසා ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා.

නෝර්වේහි ටී. ජී.

භේදකාරී තත්වය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ජනයාව දැනුවත් කිරීමට ඔබ දරන වෑයම ගැන පැසසිය යුතුයි. ඒත් 8 සහ 9වන පිටුවල ඔබත් යම් අසාධාරණයක් කර තිබෙනවා කියායි මගේ හැඟීම. එහි ඔබ පැහැදිලි කර තිබෙන්නේ තුවාල ලැබූ පුද්ගලයාට උපකාර නොකර මඟහැර ගියේ යුදෙව් ජාතිකයන් දෙදෙනෙකු බවයි. යුදෙව් ජාතිකයන් කියා විශේෂයෙන් සඳහන් කළේ ඇයි?

එක්සත් ජනපදයේ එච්. එච්.

“පිබිදෙව්!” මගින් දෙන පිළිතුර: යහපත් සමරිතානුවා පිළිබඳ කතාව පැවසූ යේසුස් පවා යුදෙව් මනුෂ්‍යයෙක්. ඔහුගේ කාලයේ සිටි යුදෙව්වන් බොහෝදෙනෙක් සමරිතානුවන්ව පහත් කොට සැලකුවා. එබැවින් වෙනත් ජාතිකයෙකුට යුදෙව්වෙකුගේ හොඳ අසල්වැසියෙකු විය හැකි බව පෙන්වීමෙන් යේසුස් තමාට සවන් දෙමින් සිටි යුදෙව්වන්ට ඉතා වටිනා පාඩමක් ඉගැන්නුවා.

මානසික රෝග “ඔබේ පවුලේ කෙනෙකුට හෝ මිතුරෙකුට මානසික රෝගයක් ඇත්නම්” යන ලිපියට ඔබට ස්තුති කරන්න කැමතියි. (2004 සැප්තැම්බර් 8) වසර ගණනාවක් පුරා මගේ මව මානසික රෝගයකින් පෙළෙනවා. උපකාර ලබාගන්න ඇයට දිරිගැන්විය යුතු බව මට දැන් තේරෙනවා. උපකාර ලබාගැනීම ලැජ්ජාවක් නෙවෙයි.

යුක්රේන්හි එම්. පී.

මගේ වයස අවුරුදු 16ක් වුණත් වසර ගණනාවක් තිස්සේ මානසික අවපීඩනයෙන් පෙළුණා. අමාරු අවස්ථාවලදී මට උපකාරවත් වූ මෙම ලිපිය ලිවීම ගැන ඔබට බොහෝ සෙයින් ස්තුති කරන්න කැමතියි. එයින් ප්‍රයෝජන ලබන්නේ මම විතරක් නොවන බවට නිසැකයි.

ජර්මනියේ කේ. ජේ.

දිගටම මෙවැනි ලිපි ලියන්න! ඉවසිලිවන්ත වීමේ, ප්‍රේමය දැක්වීමේ, උපකාර ලබාගැනීමේ වැදගත්කම තේරුම්ගන්න අපි සියල්ලන්ටම ඒවා උපකාරවත් වෙයි. දෙවිගේ නව ලොවේදී මෙවැනි වේදනාකාරී රෝගයකින් මිදී ජීවත් වීමට ලැබෙන තුරු අපි බලා සිටින්නේ මොනතරම් ආශාවකින්ද!

එක්සත් ජනපදයේ කේ. එෆ්.

යෞවනයෝ මගේ වයස අවුරුදු 15යි. මගේ ආගමික විශ්වාසය ගැන ගුරුවරුන් හා පංතියේ ළමුන් සමඟ නිතර කතා කර තිබෙනවා. “තම විශ්වාසයන් ගැන නිර්භීතව කතා කරන යෞවනයෝ” (2004 සැප්තැම්බර් 8) නමැති ලිපියේ පවසන දේ සත්‍යයක්. පාසැලේදී සාක්ෂි දැරීම ඇත්තෙන්ම ආරක්ෂාවක්. මෙවැනි වටිනා ලිපි දිගටම ලියන්න.

ජර්මනියේ ආර්. බී.

පාරාදීසය “පාරාදීසයෙන් බිඳක්” යන ලිපිය මම කියෙව්වේ ඉමහත් ප්‍රීතියකින්. (2004 සැප්තැම්බර් 8, සිංහලෙන් නැහැ) එහි සඳහන් සතුන්ගෙන් අඩක් ගැනවත් මම කලින් අහලා තිබුණේ නැහැ. මින් ඉදිරියට හැම පිබිදෙව්! කලාපයක්ම කියවන්න මං උත්සාහ කරනවා.

ප්‍රංශයේ ඩබ්. සී.

මේ ලිපියට ගොඩක් ස්තුතියි. මගේ ගමෙන් පිට මම වැඩිය යන්නේ නැති වුණත් පිබිදෙව්! මගින් බොහෝ ප්‍රදේශවලට “සංචාරය” කරන්න හැකි වෙලා තියෙනවා. යෙහෝවාගේ මැවිල්ලේ අසිරිය අපව පුදුමයට පත් කරන අතර ඔහුගේ ප්‍රේමය කෙතරම්ද කියා දැනගැනීමටත් අපට එය හැකි කරවනවා.

එක්සත් ජනපදයේ ඩී. එච්.

වටිනා දෙයක් “ජනප්‍රියත්වයට වඩා වැදගත් දෙයක්” යන ලිපියේ චාල්ස් සිනූකෝගේ ජීවිත කතාව මගේ හිතට කාවැදුණා. (2004 අගෝස්තු 22, සිංහලෙන් නැහැ) යෙහෝවාට සේවය කිරීම සඳහා තම වෘත්තියෙන් ඉවත් වූ සහෝදර සිනූකෝ තමන් ලබාගෙන සිටි ජනප්‍රියත්වය හා ධනයද ඒ වෙනුවෙන් කැප කළා. සරල ජීවන රටාවකට හුරුවීමෙන් ඔහු සහ ඔහුගේ බිරිඳ සෑහීමට පත් වුණා. ඔවුන්ගේ ශක්තිමත් ඇදහිල්ල ගැන කියවීමෙන් මගේ ඇස්වලට කඳුළු ආවා. යෙහෝවා කෙරෙහි මගේ විශ්වාසය වැඩි වුණා. උද්‍යෝගයෙන් දේවසේවයේ නියැලෙන්න දිරිගැන්වුණා. දිරිගන්වනසුලු මේ ජීවිත කතාව ලිවීම ගැන ඔබට ස්තුතියි.

පෝලන්තයේ අයි. බී.