Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

යෞවන අය අසති . . . ආහාර පාලනයෙන් මම රෝගියෙක් වෙලාද? (2006 ඔක්තෝබර්) යෞවන කාලයේදී ආහාර පාලනය කරන්න ගිහින් මම ලෙඩෙක් වුණත් ඒ තත්වයෙන් ගොඩ එන්න තවමත් මම උත්සාහ කරනවා. ඒත් මේ ලිපිය කියවද්දී මට තේරුණේ ඒ සඳහා දැන් ප්‍රමාද වැඩියි කියලයි. ඒ වගේම ඒක කරන්න ශක්තිමත් ඇදහිල්ලක් ඕනෙ කියලත් තිබුණ නිසා මට ඇති වුණේ කලකිරීමක්.

එක්සත් ජනපදයේ ජේ. ජේ.

“පිබිදෙව්!” පිළිතුරු දෙයි. “යෞවන අය අසති . . . ” ලිපි පෙළ යෞවන අය වෙනුවෙන් වුණත් ඒවායෙහි සඳහන් බයිබලය තුළින් සපයන උපදෙස් සියලුම වයස්වල අයට අදාළයි. ආහාර ගැනීමේ අක්‍රමිකතාව සමඟ පොරබදින අයට අඩු ඇදහිල්ලක් තිබෙන බව එම ලිපියේ සඳහන් වුණේ නැහැ. නමුත් එහි පැහැදිලිව සඳහන් කර තිබුණේ, මෙවැනි රෝගීන්ට යාච්ඤාවෙන් යෙහෝවා දෙවිගේ උපකාරය පැතිය හැකි බවයි. ඒ වගේම “දෙමාපියන්ගෙන් හෝ වෙනත් වැඩිහිටියෙකුගෙන්” උපකාර ඉල්ලන්න කියාත් දිරිගන්වා තිබුණා. තවදුරටත් එහි පැවසුවේ, “නැවත සාමාන්‍ය තත්වයට ඒම පහසු නැති බවයි.” ඒ වගේම කලින් තත්වයට වැටීමටත් ඉඩ කඩ තිබිය හැකි බවයි. අවුරුදු ගණනාවක් ගත වෙලත් තවමත් ඔබ මින් ගොඩ ඒමට උත්සාහ කරනවා කියන්නේ, රෝගයෙන් මිදීමට තිබෙන ආශාව ඔබ අත්හැර නැති බවයි.

යෞවන අය අසති . . . මගේ ජීවිතයේ ඉලක්ක මොනවද? (2006 ජූලි) පාසැල් ගිහින් ඉවර වුණාට පස්සේ මම මොනවාද කරන්නේ කියලා හිත හිතයි හිටියේ. මේ ලිපියෙන් පූර්ණ-කාලීන සේවයට තිබුණ මගේ ආශාව තවත් වැඩි වුණා. මට සන්තෝෂය ලබන්න පුළුවන් හොඳම ක්‍රමය මේක තමයි.

හොංකොංහි එච්. ඩබ්ලිව්.

මුදල් පස්සේ දුවන සමාජයක වුණත් දෙවිගේ සේවයට මුල් තැන දෙන්න මේ ලිපිය මට උපකාරයක් වුණා. ඒ නිසා මම මේ ලිපිය හුඟක් අගය කරනවා.

බ්‍රසීලයේ ඒ. එස්.

මම කොච්චර කාර්ය බහුලව හිටියද කිව්වොත් මගේ ජීවිතේ ඉලක්ක මොනවාද කියලාත් මට අමතක වුණා. යෙහෝවා දෙවි වෙනුවෙන් තවත් මොනවාද කරන්න පුළුවන් කියලා හිතලා බලන්න මේ ලිපිය මාව පෙලඹුවා. අපි වගේ යෞවනයන් ගැන දක්වන සැලකිල්ලට බොහොම ස්තුතියි.

ජපානයේ ඊ. එම්.

ප්‍රීතිමත් යුග දිවියක් ගොඩනැඟීමට නම් . . . (2006 ජූලි) මේ ලිපිය හරිම වටිනවා. විවාහකයන්ට හොඳම ආදර්ශය යේසුස් ඔහුගේ ගෝලයන් එක්ක කටයුතු කරපු විදිහ බව ඒකෙ පෙන්වලා තිබුණා. හැම මාසයකම එන සඟරා කියවන්න අපි ආශාවෙන් බලාගෙන ඉන්නවා.

එක්සත් ජනපදයේ එස්. සී.

අඳුරෙන් එළියට (2006 ජූලි) සහෝදර ගොන්සාලෙස්ට වගේ මටත් මගෙන් කිසිම පලක් නැහැ කියන හැඟීම තිබුණා. ‘මම කරලා තිබුණු වැරදි නිසා යෙහෝවා දෙවි මට ආදරේ නැතුව ඇති කියලයි’ හිතුවේ. ඔහු කරුණාවන්ත, සමාව දෙන ප්‍රේමණීය කෙනෙක් කියලා දැනගත්තාම මම කොච්චර සතුටු වුණාද! සභාවේ අයගෙන් ලැබුණු දිරිගැන්වීම්, උපදෙස්, දෙවිගෙන් ලැබුණු උපකාර නිසා බයිබලයේ ඉගැන්වීම් අදාළ කරගන්න මට පුළුවන් වුණා. නිසි වෙලාවට ලැබුණ මඟ පෙන්වීම්වලට ගොඩක් ස්තුතියි.

එක්සත් ජනපදයේ ටී. ඒ.