Skip to content

පටුනට යන්න

දැනුම මිනුම

දැනුම මිනුම

දැනුම මිනුම

වසංගත දහය නම් කරන්න

වසංගත සිදු වූ පිළිවෙළ නම් කර ඒ එක් එක් වසංගතයට ගැළපෙන පින්තූරය ඉරකින් යා කරන්න. (පින්තූර පිළිවෙළට නම් කර නැති බව මතක තියාගන්න.)

1. .....

2. .....

3. .....

4. .....

5. .....

6. .....

7. .....

8. .....

9. .....

10. .....

මම කවුද?

11. මාව හැඳින්වූයේ කළු කෙල්ල කියලයි. රජ කෙනෙක් මගේ සිත දිනාගන්න උත්සාහ කළා.

12. පාවුල් මටත් සින්ටිකීටත් ස්වාමීන් තුළ ස්ථිරව සිටින්න කියා උනන්දු කළා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

3වන පිටුව ඔබ මුදලට ගිජුකමක් දක්වනවා නම් ඔබට කුමක් සිදු විය හැකිද? (1 තිමෝති 6:...)

8වන පිටුව ඔබේ සිත සෑමවිටම කොතැනක තිබෙන්න පුළුවන්ද? (මතෙව් 6:...)

21වන පිටුව අප ප්‍රේම නොකළ යුත්තේ කුමකටද? (හෙබ්‍රෙව් 13:...)

28වන පිටුව රහසේ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන කෙනෙක් මතක තබාගත යුත්තේ කුමක්ද? (හෙබ්‍රෙව් 4:...)

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 19වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. නයිල් ගඟේ වතුර ලේ බවට හැරවීම—නික්මයාම 7:19-21.

2. මැඩියන්—නික්මයාම 8:5-14.

3. කිනිතුල්ලන්—නික්මයාම 8:16-19.

4. මැසි රංචු—නික්මයාම 8:21-24.

5. ගව වසංගතය—නික්මයාම 9:1-6.

6. ගඩු—නික්මයාම 9:8-11.

7. ගල් වර්ෂාව—නික්මයාම 9:22-26.

8. පළඟැටියන්—නික්මයාම 10:12-15.

9. ඝනාන්ධකාරය—නික්මයාම 10:21-23.

10. කුලුඳුලන්ගේ මරණය—නික්මයාම 12:12, 29.

11. ෂූලම්මීය තරුණිය.—සලමොන්ගේ ගීතිකාව 1:1-6.

12. යුවෝදියා.—ෆිලිප්පි 4:2.