Skip to content

පටුනට යන්න

ද්විත්ව ආවරණ

ද්විත්ව ආවරණ

ද්විත්ව ආවරණ

අභ්‍යවකාශය මාරාන්තික කිරණ හා උල්කාපාත කැබලිවලින් ගහණව පවතින ස්ථානයක්. ඒත් නීල මාණික්‍යයක් මෙන් දිදුලන අපේ පෘථිවිය මේ කිසිදු උවදුරකට අසු නොවී ආරක්ෂා වෙන්නේ එය සතු ද්විත්ව ආවරණ නිසයි. ඒවා නම් පෘථිවිය වටා ඇති චුම්බක ක්ෂේත්‍රය හා වායු ගෝලයයි.

චුම්බක ක්ෂේත්‍රය පෘථිවියේ අභ්‍යයන්තරයෙන් ආරම්භ වන මෙය අභ්‍යවකාශය දක්වා විහිදී යනවා. එය පෘථිවිය වටා විශාල චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරයි. (දකුණෙහි ඇති පින්තූරය) ඒ නිසා සූර්යාගෙන් නිකුත් වන අහිතකර කිරණ වන අන්තරීක්ෂ හෙවත් කොස්මික් කිරණවලින් හා වෙනත් දෑවලින් පෘථිවිය ආරක්ෂා වෙයි. මෙම අහිතකර දෑවලට සූර්ය සුළං (solar wind) හා සූර්ය ගිනි සිළු (solar flares) ඇතුළත් වෙනවා. සූර්ය සුළං යනු නොකඩවා ගලා එන ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝනයි. සූර්ය ගිනි සිළුවලින් විනාඩි කිහිපයක් ඇතුළත නිකුත් කරන ශක්ති ප්‍රමාණය කොතරම්ද කියනවා නම් එය හයිඩ්‍රජන් බෝම්බ බිලියන ගණනකින් නිකුත් වන ශක්ති ප්‍රමාණයට සමානයි. සූර්යය රැස් වළල්ලෙන් ඇති වන පිපුරුම් නිසා ටොන් බිලියන ගණනකින් යුත් අධි විද්‍යුත් ආරෝපිත අංශු අභ්‍යවකාශයට මුදා හැරේ. මෙම අංශු හා සූර්ය ගිනි සිළු (පහළ, දකුණේ ඇති පින්තූරය) ඉහළ වායු ගෝලයේ චුම්බක ධෘව දෙක අසළ දී වර්ණවත් ආලෝකයක් ලෙස අපට දිස් වෙයි.

වායුගෝලය මෙමගින් අමතර ආරක්ෂාවක් පෘථිවියට ලබා දෙයි. වායුගෝලයේ පිටත ස්තරය හඳුන්වන්නේ ඕසෝන් ස්තරය ලෙසයි. මෙය ඔක්සිජන් පරමාණුවලින් සෑදී තිබෙන ස්තරයක්. සූර්යා සිට පැමිණෙන අහිතකර පාරජම්බුල (UV) කිරණ සියයට 99ක් පමණ මෙම ඕසෝන් ස්තරය මගින් උරා ගන්නවා. මෙම ක්‍රියාවලිය නිසා මිනිසා ඇතුළු බොහෝ ජීවීන්ද ප්ලවාංගද අහිතකර කිරණවලින් ආරක්ෂා වෙනවා. ඕසෝන් ස්තරය වායුගෝලය වටා පිහිටා තිබෙන්නේ එකම ගනකමකින් නොවේ. පාරජම්බුල කිරණවල තීව්‍රතාවය අනුව එය සැකසෙයි.

ඒ පමණක් නොව දිනපතා පෘථිවිය කරා වැල නොකැඩී ඇද හැලෙන කුඩා අංශු හා විශාල කළු ගල් ප්‍රමාණයෙන් යුත් උල්කාපාත කැබලිවලින් අප ආරක්ෂා වන්නේ වායුගෝලය නිසයි. මෙම උල්කාපාත කැබලි ඉහළ වායුගෝලයේදීම දැවී විනාශ වී යනවා.

නමුත් ද්විත්ව ආවරණ ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ආලෝකය සහ තාපය පෘථිවියට පතිත වීම අවහිර කරන්නේ නැහැ. ඒ වගේම පෘථිවි තලය පුරාම තාපය නිසි ලෙස පැතිරී යන්නේ වායුගෝලය නිසයි. එපමණක්ද නොව රාත්‍රි කාලයේදී පෘථිවියේ උණුසුම රඳවාගැනීමට ගනකමින් යුත් පොරවනයක් ලෙස ක්‍රියා කරයි.

විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයත් වායුගෝලයත් අද්විතීය නිර්මාණයක්. මෙහි ක්‍රියාකාරිත්වය තවමත් නිසියාකාරව අවබෝධ කරගැනීමට හැකි වී නැහැ. අප ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරන්නේ ජීවීන්ට නැතුවම බැරි ජලය පිළිබඳවයි.