Skip to content

පටුනට යන්න

ජීවයට නැතුවම බැරි ජලය

ජීවයට නැතුවම බැරි ජලය

ජීවයට නැතුවම බැරි ජලය

බැලූ බැල්මට ජලයෙහි කිසිදු සංකීර්ණත්වයක් නොපෙනුණද එය සංකීර්ණ ද්‍රාවණයකි. ජලය ගැන අප දන්නා දේ අල්පය. නමුත් නොදන්නා දේ බොහෝය. එක් ජල අණුවක් සෑදී තිබෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකකින් සහ ඔක්සිජන් පරමාණුවකිනුයි. ඒත් ජල අණුවක් ක්‍රියා කරන්නේ කෙසේද කියා විද්‍යාඥයන් සම්පූර්ණයෙන්ම වටහාගෙන නැහැ. නමුත් අපි එක දෙයක් දන්නවා ඒ ජීවිතයට ජලය අත්‍යවශ්‍යයි කියන කාරණයයි. ඒ වගේම ජීවීන්ගේ ශරීරයේ සියයට 80ක්ම තිබෙන්නේ ජලයයි. ජලය සතු අද්විතීය ලක්ෂණ පහක් ගැන සලකා බලමු.

1. ජලය කොපමණ තාප ප්‍රමාණයක් උරා ගත්තද එහි උෂ්ණත්වය ඉහළ නොයයි. මෙය දේශගුණික සමතුලිතතාවට දායක වෙනවා.

2. ජලය මිදෙන විට එයට අවශ්‍ය ඉඩ ප්‍රමාණයද වැඩි වෙයි. නමුත් එහි ගනත්වය ජලයට වඩා අඩුයි. ඒ නිසා අයිස් ජලයේ පාවෙයි. වෙනත් ද්‍රාවණ මෙන් ජලය මිදෙන විට ගනත්වයෙන් වැඩි වූවා නම් ගංඟා, විල් සහ සාගරවල පතුලේ ඇති සියලු දේ අයිස්වලට වැළලී යයි.

3. ජලය තුළින් ආලෝකයට ගමන් කළ හැකි නිසා ආලෝකය සාගරවල පතුලේ බොහෝ දුරකට ගමන් කරනවා. මෙය ආලෝකය මත රඳා සිටින ජීවීන්ගේ පැවැත්මට දායක වෙයි.

4. ජල අණු එකිනෙකට ආකර්ෂණය වන නිසා එහි ඇදෙන සුළු ස්වාභාවයක් තිබෙනවා. විල් හා පොකුණු මත කෘමින්ට එහේ මෙහේ සැරිසරන්න හැකි වී තිබෙන්නේත් ජලය බිංදු වශයෙන් තිබෙන්නෙත් උස ගස්වලට ජලය ඉහළට ඇඳී යන්නේත් එම හේතුව නිසයි.

5. මූල ද්‍රව්‍යයන් බොහොමයක් දිය කළ හැකි ද්‍රාවණයක් ලෙස ජලය හැඳින්විය හැකියි. එහි ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ්, ලුණු, ඛනිජ ලවණ හා වෙනත් දෑ දිය කළ හැකියි.

දේශගුණයේ සමතුලිතතාවට

පෘථිවිය සියයට 70ක්ම වැසී තිබෙන්නේ සාගරවලින්. මෙය දේශගුණික සමතුලිතතාවට බෙහෙවින් දායක වෙනවා. ඇත්තටම මේ කාර්යය කිරීමට සාගර හා වායුගෝලය එකට අත් වැල් බැඳ ක්‍රියා කරනවා. තාපය, ජලය හා වායු නිතර හුවමාරු කරගන්නේ දියවැල් හා සුළං මාර්ගයෙන්. එමෙන්ම වායුගෝලය හා සාගර නිවර්තන කලාපයේ ඇති සූර්ය තාපය ධෘව දෙසට තල්ලු කිරීමට දායක වෙනවා. මෙමගින් පෘථිවියේ දේශගුණය සමතුලිත වෙයි. බොහෝ ජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය ද්‍රව තත්වයේ තිබීමට උචිත උෂ්ණත්වයක් තිබිය යුතුයි. ‘ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ආකාරයට පොළොව සැකසී තිබෙනවා කියා’ පොතක සඳහන් වීම ඇත්තෙන්ම පුදුමයක් නොවෙයි.—Rare Earth—Why Complex Life Is Uncommon in the Universe.

මෙයින් පෙනී යන්නේ පෘථිවිය යමක පලයක් බවයි. ඇත්තෙන්ම හේතුවක් නැතුව පලයක් ඇති විය හැකිද? බයිබලයේ පවසන්නේ මෙම පලය ඇති වීමට හේතුව නිර්මාණකරුවෙකුගේ සැලසුමක් කියායි. (ක්‍රියා 14:15-17) ඊළඟ ලිපියේ බයිබලයේ සඳහන් එම තර්කය සනාථ කිරීමට තවත් සාක්ෂි සපයයි. ඒවා නම් අපේ පෘථිවිය පිරිසිදුවට හා නිසි අයුරින් ක්‍රියා කිරීමට දායක වන චක්‍රයි.

[7වන පිටුවේ කොටුව]

බයිබලයේ තොරතුරු විද්‍යාත්මකවත් නිවැරදියි

පෘථිවිය තිබෙන්නේ හිස් අවකාශයේයි. “ඔහු උතුරු අහස්තලය හිස් අවකාශයේ දිගහැරියේය. පොළොවද හිස් අවකාශයේ එල්ලා තැබුවේය.”යෝබ් 26:7, NW. මෙසේ පැවසුවේ ක්‍රිස්තු පූර්ව 1613දී පමණය.

පෘථිවිය ගෝලාකාරයි. “පෘථිවි ගෝලයට ඉහළින් වාසය කරන තැනැත්තෙක් සිටියි”යෙසායා 40:22NW. මෙසේ සඳහන් කළේ ක්‍රිස්තු පූර්ව 732දී පමණය.

ජලය චක්‍රයක් ලෙස ක්‍රියා කරයි. “සියලු ගංගා ගලා බසින්නේ මුහුදටය. එහෙත් මුහුද පිරී ඉතිරී යන්නේ නැත. මුහුදේ ජලය නැවතත් දිය ඇළි හා ගංගාවලට එකතු වෙයි.”දේශනාකාරයා 1:7, NW. මෙසේ සඳහන් කළේ ක්‍රිස්තු පූර්ව 1,000ට පෙරය.

පෘථිවිය ක්‍රියා කරන්නේ නියමයන්ට අනුවයි. “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘අහසටද පොළොවටද නියමයන් දී’” තිබේ.—යෙරෙමියා 33:25NW. මෙසේ සඳහන් කළේ ක්‍රිස්තු පූර්ව 580ට පෙරය.

[7වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Magnetosphere: NASA/Steele Hill; aurora: Collection of Dr. Herbert Kroehl, NGDC; reef: Stockbyte/Getty Images