Skip to content

පටුනට යන්න

ජීවයට අත්‍යවශ්‍ය චක්‍ර

ජීවයට අත්‍යවශ්‍ය චක්‍ර

ජීවයට අත්‍යවශ්‍ය චක්‍ර

ඔබ ජීවත් වන නගරයට පිරිසිදු වාතාශ්‍රය, ජල සැපයුම නොලැබුණා නම් හා නගරයේ කැලි කසළ ඉවත් නොකළා නම් මොන වගේ තත්වයක් උදා වෙයිද? රෝග බෝවන අතර ජීවිත හානි සිදු වන බවට කිසිම සැකයක් නැහැ. නමුත් අපගේ සොඳුරු නිවහනක් බඳු පෘථිවියට පිරිසිදු වාතය හා ජලය පිටතින් සපයන්නේවත් එහි අපද්‍රව්‍ය පිටතට ප්‍රවාහනය කරන්නේවත් නැහැ. එසේ නම් පොළොව මෙතරම් පිරිසිදුවත් ජීවීන්ගේ වාසයට සුදුසු තත්වයක තිබෙන්නේත් කොහොමද? ඒ ස්වාභාවිකව සිදු වන ජල චක්‍රය, කාබන් චක්‍රය, ඔක්සිජන් චක්‍රය හා නයිට්‍රජන් චක්‍රය වැනි චක්‍ර නිසයි.

ජල චක්‍රය: ඊට අදියර තුනක් ඇතුළත්. 1. සූර්ය තාපය මගින් ජලය වාෂ්ප වී වායුගෝලයට එක් වෙයි. 2. ඝනීභවනය වන එම ජලයෙන් වලාකුළු සෑදෙයි. 3. පසුව එම වලාකුළු වර්ෂාව, අයිස් කැට හෝ හිම ලෙස පොළොවට පතිත වෙයි. එම ක්‍රියාවලිය චක්‍රයක් ලෙස දිගටම සිදු වෙයි. වසරකට ජලය කොතරම් ප්‍රමාණයක් එලෙස ප්‍රතිචක්‍රීකරණය වෙනවාද? මුළු පෘථිවියම අඩි තුනකට වඩා වැඩි ප්‍රමාණයක් ජලයෙන් වැසීමට තරම් ජල කන්දරාවක් ප්‍රතිචක්‍රීකරණය වන බව සොයා ගෙන තිබෙනවා.

2

← ◯

3

1

↓ ↑

→ →

කාබන් හා ඔක්සිජන් චක්‍ර *: ප්‍රභාසංශ්ලේෂණයේදී කාබොහයිඩ්රේට් හා ඔක්සිජන් නිපදවෙයි. එම ක්‍රියාවලිය සඳහා හිරු එළිය, කාබන්ඩයොක්සයිඩ් සහ ජලය අවශ්‍යයි. මිනිසුන් හා සත්වයන් ශ්වසනයේදී ඔක්සිජන් ලබා ගෙන එය කාබෝහයිඩ්රේට් සමඟ එකතු වීමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිය, කාබන්ඩයොක්සයිඩ් හා ජලය නිපදවයි. මිනිසුන් හා සත්වයන්ගෙන් පිට කරන කාබන්ඩයොක්සයිඩ් ශාක උරා ගනියි. අනික් අතට ශාක පිට කරන ඔක්සිජන් මිනිසුන් හා සත්වයන් ලබාගනියි. මේ සෑම ක්‍රියාවලියක්ම පිරිසිදුවත් කාර්යක්ෂමවත් හා නිහඬවත් සිදු වෙයි.

ඔක්සිජන්

← ←

↓ ↑

↓ ↑

↓ ↑

→ →

කාබන්ඩයොක්සයිඩ්

නයිට්‍රජන් චක්‍රය ඇමයිනෝ අම්ලයත්, ප්‍රෝටීනත් වෙනත් කාබනික අණුත් නිපදවීමට අත්‍යවශ්‍ය වෙයි. නයිට්‍රජන් චක්‍රය ක්‍රියාත්මක වන්නේ මෙසේයි. A. වායුගෝලයේ ඇති නයිට්‍රජන් අකුණු මගින් හා බැක්ටීරියා විශේෂයක් මගින් ශාකවලට උරාගැනීමට හැකි ලෙස සකස් කරයි. B. එම නයිට්‍රජන් උරාගන්නා ශාක කාබනික අණු සාදයි. මෙම ශාක ආහාරයට ගන්නා සතුන්ට නයිට්‍රජන් ලැබෙයි. C. ශාක හා සතුන් මැරෙන විට තවත් බැක්ටීරියා විශේෂයක් ඒවා දිරා යාමට සලස්වයි. එවිට ඉන් නිපදවෙන නයිට්‍රජන් සංයෝග නැවතත් පසට හා වායුගෝලයට මුදාහැරෙයි.

← ← ← ← ← ← ← ← ← ←

↓ ↑

↓ වායුගෝලයේ සියයට 78ක් ↑

↓ නයිට්‍රජන් තිබෙනවා ↑

↓ ↑

↓ ↓ කාබනික ↑

A ↓ අණු ↑

↓ බැක්ටීරියා ↓ B ↑ ↓ C

→ නයිට්‍රජන් සංයුතිය බැක්ටීරියා →

→ → →

නිසි ලෙස සිදු වන ප්‍රතිචක්‍රීකරණය

අද මිනිසාගේ තාක්ෂණික දියුණුව නිසා වාර්ෂිකව ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය ටොන් ගණන් ගොඩ ගැසෙනවා. නමුත් පෘථිවිය එහි තිබෙන සියලුම අපද්‍රව්‍ය නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කරනවා. මේ විශ්වය ඉබේම ඇති වුණා නම් ඉහත කී චක්‍ර නිසි පිළිවෙලට දිගටම සිදු විය නොහැකි බව ආගම හා විද්‍යාව පිළිබඳව ලේඛකයෙක් වන එම්. ඒ. කුරෙයි පවසනවා.

බයිබලයේ මේ සියලු දේ සඳහා ගෞරවය හිමි විය යුතු තැනැත්තාට එය ලබා දී තිබෙනවා. “යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය.” (ගීතාවලිය 104:24NW) දෙවි සතු එම ප්‍රඥාව මනුෂ්‍යයන්ගේ යහපත සඳහා යොදාගෙන තිබෙනවා.

[පාදසටහන]

^ 11 ඡේ. එක් චක්‍රයක තිබෙන රසායනික සංයෝගය තවත් චක්‍රයක තිබිය හැකියි. උදාහරණයකට ඔක්සිජන් කාබන්ඩයොක්සයිඩ්වලත් කාබෝහයිඩ්රේට් සහ ජලයේත් අඩංගු වෙයි. මේ නිසා ඔක්සිජන් කාබන් චක්‍රයේ මෙන්ම ජල චක්‍රයේද දැකිය හැකියි.