Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් සුබාරු හා කෙක් නමින් හඳුන්වන දුරේක්ෂ දෙක යොදාගෙන හවායි දුපතේ මෞනා කී කන්දේ සිට කළ ගවේෂණයකින් තාරකා මණ්ඩලවලින් යුත් මන්දාකිනියක් සොයාගත්තා. මෙම තාරකා මණ්ඩලයේ එක් කෙළවරක සිට අනිත් කෙළවරට ගමන් කිරීමට ආලෝක වර්ෂ මිලියන 200ක් ගතවන බවත් දැනට සොයාගෙන තිබෙනවා.” මෙය දැනට සොයාගෙන තිබෙන විශාලතම තාරකා මණ්ඩලයයි.—SUBARU TELESCOPE WEB SITE, JAPAN.

▪ “එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යා ලේඛණ කාර්යාලයෙන් වාර්තා වන්නේ “පසු ගිය අවුරුදු 110 සමඟ සසඳන කල 2006දී එංගලන්තයේ වේල්ස්හි විවාහ වූ සංඛ්‍යාව බෙහෙවින් අඩු බවයි. මීට හේතුව එහි බොහෝදෙනෙක් විවාහ නොවී එකට විසීමට කැමැත්තක් දැක්වීමයි.”—THE GUARDIAN WEEKLY, BRITAIN.

▪ මිනිසුන් ආගම දහමට දක්වන ප්‍රතිචාරය ගැන සොයා බලන එක් සංවිධානයක් මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කළා. “වැඩිහිටියන්ගෙන් සියයට 44ක් තමන්ගේ ආගම වෙනස් කර තිබෙන බවත් ආගමක් නැතිව සිටි අය ආගමක් අදහන්න පටන් ගෙන තිබෙන බවත් තවත් අය ආගම් ඇදහීම සම්පූර්ණයෙන්ම අත් හැර දමා තිබෙන බවත් සොයාගෙන තිබෙනවා.”—U.S.A.

පාසැල්වලත් නොහොබිනා හැසිරීම්

“ආගමික පාසැල් කිහිපයක් ඇර අනිකුත් සියලුම කතෝලික, පෞද්ගලික මෙන්ම ආණ්ඩුවේ පාසැල්වල සිසුන් ලිංගික කාරණා සම්බන්ධයෙන් අද්දැකීම් ලැබීම සඳහා විවිධ අය සමඟ ලිංගික හැසිරීම්වල යෙදෙන” බව කතෝලික දේවධර්මාචාර්යවරියක් මෙන්ම විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක් වන ඩෝනා ෆ්‍රේටස් පැවසුවා. ඇය එසේ පැවසුවේ ඇමරිකාවේ පාසැල්වල ළමුන්ගේ සදාචාරය හා ආගම සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් පසුවයි. ඇය තවදුරටත් පැවසුවේ ‘මෙයින් පැහැදිලි වන්නේ පාසැල්වල සදාචාරය බිඳ වැටී තිබෙනවා පමණක් නොව ආගම මගින් සදාචාර ජීවිතයක් ගත කිරීමට නිසි මඟ පෙන්වීමක් ලබා දී නැති බවයි.’

ගැහැනු දරුවන්ටත් තැනක්

ඉන්දියාවේ දුගී දෙමාපියන්ට රු. 4,48,000 මුදලක් ගැහැනු දරුවන් හදා වඩාගැනීම සඳහා එම රජය විසින් ගෙවන බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළා. පවුලක ගැහැනු දරුවෙකු ඉපදුණු විගස මුදල් පරිත්‍යාගයක් ලබා දෙන අතර අවුරුදු 18ක් දක්වා යම් යම් ගෙවීම් කරනු ලබනවා. ඉපදීමට පෙර ගැහැනු දරුවෙක් බව දැනගත් විට ගබ්සා කිරීම 1994දී තහනම් කරනු ලැබුවා. පසු ගිය වසර 20 ඇතුළත ගැහැනු දරුවන් මිලියන 10ක් පමණ ගබ්සා කර තිබෙනවා. මේ නිසා යම් පළාත්වල ගැහැනු ළමුන්ගේ හිඟයක් තිබෙන බව ගණන් බලා තිබෙනවා. වර්ෂ 2001 කරන ලද සංගණනයකදී සොයාගත් පරිදි වයස අවුරුදු හයට අඩු පිරිමි දරුවන් 1,000කට සිටි ගැහැනු දරුවන්ගේ සංඛ්‍යාව 927ක් වන අතර මෙම පරතරය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. එක් ප්‍රාන්තයක මෙම පරතරය පිරිමි ළමුන් 1,000කට ගැහැනු ළමුන් 793යි.

මිනිස් හඬ පරයා යන කුරුලු හඬ

නගරයේ ඝෝෂාව නිසා සමහර කුරුල්ලන් උන්ගේ හඬ ඇසීමට සැලැස්වීම සඳහා මහත් වෑයමක් දරනවා. නගරයේ ඝෝෂාව මිනිසාට කරදරයක් වූවද කුරුල්ලන්ට නම් එය ජීවිතයත් මරණයත් අතර සටනක් කියා එක් සඟරාවක (New Scientist) සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් කුරුල්ලා ගී ගයන්නේ කිරිල්ලිව ආකර්ෂණය කරගැනීමට මෙන්ම තමන්ගේ දේශ සීමාව තහවුරු කරගැනීමටයි. දහවල් කාලයේදී නගරයේ ඇති ඝෝෂාව නිසා සමහර කුරුල්ලන් රාත්‍රියට ගී ගයන්නත් තවත් උන් තියුණු හඬින් ගී ගයන්නත් පුරුදු වී සිටිනවා. නගරයේ කුරුල්ලෝ පමණක් නොවෙයි දිය ඇළි සහ ගංඟා ආශ්‍රිතව වෙසෙන කුරුල්ලන්ද මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා.