Skip to content

පටුනට යන්න

වඳ වී යන ශාක හා සතුන්ට පිළිසරණක්

වඳ වී යන ශාක හා සතුන්ට පිළිසරණක්

වඳ වී යන ශාක හා සතුන්ට පිළිසරණක්

ස්පාඤ්ඤයේ පිබිදෙව්! ලේඛක විසින්

ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ශාක හා සතුන් තර්ජනයට ලක් වෙලා. සෑම වසරකම ශාක හා සතුන් විශේෂ දහස් ගණනක් වඳ වී යනවා කියා විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. නමුත් එවැනි වඳ වී යන විශේෂයන්ට එකම පිළිසරණ වී තිබෙන්නේ කඳුකර ප්‍රදේශ පමණයි. ඒත් එවැනි ප්‍රදේශවල පවා සිදු වන පරිසර දූෂණය හා මිනිසුන්ගේ නොසැලකිලිමත්කම නිසා ඒවා තර්ජනයට ලක් වී තිබෙනවා. මෙම තර්ජනය වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ අධික ජනගහනයකින් යුත් යුරෝපයේයි.

ප්‍රංශය හා ස්පාඤ්ඤය වෙන් කරන සීමාවේ පිරනීස් කඳුවැටිය ආශ්‍රිතව පිහිටි ජාතික උද්‍යාන ඒ ප්‍රදේශයට ආවේණික ශාක සහ සත්වයන්ට පිළිසරණක් වී තිබෙනවා. වඳ වී ගෙන යන ශාක හා සත්වයන් බොහෝමයක් මෙහි දැකගත හැකියි. මෙම උද්‍යානවල දක්නට ලැබෙන සත්ව හා ශාක විශේෂ කිහිපයක් ගැන සලකා බලමු.

ජීවත් වීමට පොරබඳියි

මල්. සමහර රමණීය මල් වර්ග මීටර් 1,500 ක් පමණ උස් බිම්වල දැකගත හැකියි. ජෙන්ෂන්ස්අයිසි කුලයට අයත් ස්නෝ ජෙන්ෂන්ස් සහ ට්‍රම්පට් ජෙන්ෂන්ස් (1), මල් වර්ග මේ සඳහා එක් උදාහරණයක්. එම මල්වල නිල් පැහයෙන් යුත් පෙති ඈතට දිස්වන්නේ නිල් පලසක් ආකාරයටයි. මෙම කඳු බෑවුමේ පහළ වැවී තිබෙන බීච් ගස් අතරේ දුර්ලභ ගණයේ උඩවැඩියා වර්ගයක් වන ලේඩිස් ස්ලිපර් නම් ශාකය (2) සරුසාරව වැඩී තිබෙනවා. සෑම වසරකම සියගණන් පරිසර හිතකාමීන් මෙහි සංචාරය කිරීමට අමතක කරන්නේ නැහැ. මෙම පැළවලට හානියක් සිදු නොවීම සඳහාත් ඒවා සොරුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහාත් එම උද්‍යාන දිනකට පැය 14ක් මුර කරනවා.

සමනලුන්. නිල්වන් තණ බිමේ වැවී තිබෙන විවිධ වර්ගයේ මල්වලට වෛවර්ණ සමනල්ලුන් ඇඳී එයි. තටුවල තද රතු පැහැයෙන් යුත් ලප ඇති විශාල ඇපලෝ සමනලයා (3), කටු පඳුර මත වසා සිටින දර්ශනය සිත් වසඟ කරයි. කුඩා මල් මත නිතර නිල් සහ තඹ පැහැති සමනල්ලු (4) පැණි බීමට පැමිණෙන ආකාරයත් දැකගත හැකියි. පේයින්ටඩ් ලේඩි සහ ටෝර්ටිස් ෂෙල් වර්ගයට අයත් සමනල්ලු කඳු බෑවුම දිගේ ඉහළටත් පහළටත් විදුලි වේගයෙන් පියඹා යයි.

සතුන්. එක් කාලයකදී යුරෝපය පුරාම දක්නට ලැබුණ ක්ෂීරපායි සතුන්ගෙන් බහුතරයක් දඩයම් කිරීම නිසා බොහෝදුරට වඳ වී ගොස් තිබෙනවා. වෘකයන්, වලසුන්, බළල් විශේෂයක් වන ලයිනෙක්ස් (5) කුළු හරක් විශේෂයක් වන බයිසන්, කඳුකරයේ වෙසෙන මුව විශේෂයක් වන ෂැම්වා සහ කඳු එළුවන් (6) දැකගත හැකි වන්නේ කඳුකර පළාත් කිහිපයක හෝ උතුරු ප්‍රදේශයේ පමණයි. පිරනීස් රක්ෂිත කඳුකර ප්‍රදේශයේ දැකගත හැකි මෙම සතුන් දුටු විට කොතරම් සත්ව විශේෂ වඳ වී යෑමේ තර්ජනයට ලක් වෙලාද කියා පැහැදිලියි. මෙම ස්ථානවල සිරි නැරඹීමට පැමිණෙන අය මෙම සත්ව විශේෂයන්ට අනාගතයක් තිබෙනවාද කියා කල්පනා කරනවා.

නිර්මාතෘ වන යෙහෝවා දෙවිට “කඳු මුඳුන්වල අයිතිය” තිබෙන නිසා කඳුකරයේ වෙසෙන සියලු වන සතුන්ව රැකබලා ගනිවී කියා අපට විශ්වාසයි. (ගීතාවලිය 95:4, නව ලොව පරිවර්තනය, NW) යෙහෝවා දෙවි මෙසේද සඳහන් කර තිබෙනවා. ‘වනයේ සිටින සියලු සත්වයන්ද දහස් ගණන් කඳුවල වෙසෙන සත්වයන්ද මට අයිතිය. කඳුවල ලගින සියලු පක්ෂීන් ගැනද මම හොඳින් දනිමි.’ (ගීතාවලිය 50:10, 11NW) පෘථිවිය සහ එහි සියලු ජීවීන් ගැන යෙහෝවා දෙවි සැලකිලිමත් වන නිසා කඳුකරයේ වෙසෙන සතුන්ව සම්පූර්ණයෙන්ම වඳ වී යෑමට ඔහු කිසිදා ඉඩහරින්නේ නැති බව අපට විශ්වාසයි.

[16, 17වන පිටුවල පින්තූර]

1 ට්‍රම්පට් ජෙන්ෂන්ස්

2 ලේඩිස් ස්ලිපර් නම් ශාකය

3 ඇපලෝ සමනලයා

4 තඹ පැහැති සමනලයා

5 ලයිනෙක්ස්

6 කඳු එළුවන්

[හිමිකම් විස්තර]

La Cuniacha