Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

වර්ෂ 1970 සිට 2005 දක්වා ගෙවී ගිය වසර 35ක කාලය පුරා පෘෂ්ඨ වංශයට අයත් මත්ස්‍යයන්, උරගයන්, කුරුල්ලන්, ක්ෂීරපායින් හා උභය ජීවින්ගෙන් හතරෙන් එකක් වඳ වී ගොස් තිබෙනවා.—SÜDDEUTSCHE ZEITUNG, GERMANY

▪ සිම්බාබ්වේ රටේ උද්ධමනය සියයට මිලියන 2.2ක් වී තිබෙනවා. මෙම තත්වයට මුහුණ දීම සඳහා එම රජය විසින් 2008 අගොස්තු මාසයේ සිට නෝට්ටුවල අගය අඩු කර තිබෙනවා. මේ අනුව බිලියන දහයක ඩොලර් නෝට්ටුවක අගය එක ඩොලරයක් දක්වා අඩු වී තිබෙනවා.—AGENCE FRANCE PRESSE, ZIMBABWE.

▪ “වර්ෂ 2005දී එක්සත් ජනපදයේ වෙඩි තැබීම්වලින් මිය ගිය සංඛ්‍යාව 12,000කට වඩා වැඩියි. නමුත් වෙඩි වැදීමෙන් තුවාළ ලැබූ හා ජීවිත බේරුණ අයගේ ගණන ඊට වඩා වැඩියි. වර්ෂ 2006දී හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලැබූ අයගේ සංඛ්‍යාව 53,000කට ආසන්නයි.”—THE SEATTLE TIMES, U.S.A

නත්තලේ ප්‍රීතිය දෙදරා යයි

ඕස්ට්‍රේලියාවේ දික්කසාද නඩුවලින් සියයට 20ක් පමණ වාර්තා වෙන්නේ නත්තල් හා අලුත් අවුරුදු සමය නිමා වෙනවාත් සමඟම කියා එහි එක් පුවත්පතක සඳහන් වුණා. (Sunday Telegraph) දික්කසාද නඩුවලට පෙනී සිටින නීතිඥයෙක් පැවසුවේ “අපි නිවාඩුවෙන් පස්සේ දොර ඇරිය විගස බොහෝදෙනෙක් ආරවුල් හෝ වෙනත් ප්‍රශ්න ඇති කරගෙන අපිව සොයාගෙන එනවා. ඔවුන් සිතන්නේ රූපවාහිනි වැඩසටහන්වල හා ප්‍රචාරක වැඩසටහන්වල පෙන්වන ආකාරයට නත්තල් සමය ප්‍රීතියෙන් ගත කිරීමට තමන්ටත් හැකි වෙයි” කියායි. නමුත් ඔවුන්ගේ නත්තල් සමය ඒ ආකාරයට ප්‍රීතියෙන් ගත කිරීමට නොහැකි වන විට “ඔවුන් දික්කසාද වෙනවා” කියායි. ඕස්ට්‍රේලියාවේ පවුල් සංගමය වෙනුවෙන් කතා කළ ඇන්ජලා කොන්වේ පවසන්නේ “දික්කසාද වීමෙන් තමන් සිතන ආකාරයට ප්‍රශ්න විසඳෙන්නේ නැති බව හා තමන් බලාපොරොත්තු වන සාමය හා සතුට අත් නොවන බවයි. හොඳම දේ විවාහය රැකගැනීමට කටයුතු කිරීම” කියායි.

මව්වරුන්ගේ ජීවිත රැක දෙයි

පේරූ රටේ මව්වරුන්ගේ මරණ සංඛ්‍යාව අඩු කිරීමට ප්‍රයත්නයක් දරා තිබෙනවා. ඒ සඳහා ඇන්ඩීස් කඳු අද්දර කුඩා ගම්මානවල ජීවත් වන ගැබිනි මව්වරුන්ට නිවසේදී දරුවන්ව ප්‍රසූත නොකර සායනවලින් වෛද්‍යමය පහසුකම් ලබාගැනීමට පසුගිය දශකය තුළදී ක්‍රියා කර තිබෙනවා. ඒ සඳහා “මාතෘ නිවාස” 390ක් පමණ පේරූ රටේ ඉදි කර තිබෙනවා. ගැබිනි මවට හා පවුලේ අයට මෙම සායන අසල ඉදි කර තිබෙන නව මාතෘ නිවාසවල දරුවා ලැබෙන තුරු නතර වී සිටිය හැකියි. මෙම සායනවල තිබෙන විශේෂ ලක්ෂණයක් පිළිබඳව කුෂ්කෝ රොයිටර් ප්‍රවෘත්ති වාර්තා කරනවා. “බටහිර ඖෂධ මෙන්ම පාරම්පරික ප්‍රතිකාර ක්‍රමද” භාවිත කිරීමයි. ඊට උදාහරණයක් නම් ‘දරුවාව ප්‍රසූත කරන්නේ සිට ගෙනයි. එමඟින් මවට දැනෙන වේදනාව අඩු වන අතර ගත වන කාලයද කෙටියි. එපමණක් නොව මවට දරුවා බිහි වන ආකාරය වඩාත් හොඳින් දැකගැනීමට හැකි වෙනවා.’

හැමදාමත් ප්‍රමාදයි

වර්ෂ 2008 එක්සත් ජනපදයේ ගුවන් ගමන් දෙපාර්තුමේන්තුවේ වාර්තාවකට අනුව එම රටේ ගුවන් යානා සියයට 30ක්ම පැමිණෙන්නේ නිශ්චිත වේලාවට වඩා විනාඩි 15ක් ප්‍රමාදවයි. වැඩිම ප්‍රමාද දෝෂයක් තිබෙන ගුවන් යානා අතරින් ටෙක්සාස් සිට කැලිෆෝනියාවට පැමිණෙන ගුවන් යානයත් ඉන් එකක්. මෙම ගුවන් යානය හැමදාමත් ප්‍රමාදයි.