Skip to content

පටුනට යන්න

මෙතරම් දිදුලන සුදක් ලැබුණේ කොහොමද?

මෙතරම් දිදුලන සුදක් ලැබුණේ කොහොමද?

නිර්මාණයක්ද?

මෙතරම් දිදුලන සුදක් ලැබුණේ කොහොමද?

අපි මේ ලිපියේ කතා කරන්නේ සයිෆෝචිලස් නම් කුරුමිණියා ගැනයි. උගේ පිටත ආවරණය සෑදී තිබෙන්නේ ඉතා තුනී කබොල්වලිනුයි. එය එක පිට එක පිහිටා තිබෙනවා. ඒවා කෙස් ගසකින් දහයෙන් එකක් තරම් තුනියි. එය ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයකින් දුටු බ්‍රිතාන්‍ය එක්සිටර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීට් වුකුසෙච් කොතරම් පුදුමයට පත් වුණාද කියනවා නම් ඔහුට සිතුණේ ඔහු “තවත් ලෝකයකට පා තැබුවා” කියායි.

මේ ගැන සිතා බලන්න: එම වෛද්‍යවරයා සොයාගත් පරිදි එම කුරුමිණියාගේ දීප්තිමත් සුදු වර්ණයට රහස එහි කබොල්ල සෑදී ඇති ආකාරය හා ඒවා අතර ඇති පරතරයයි. එය සෑදී තිබෙන්නේ ඉතා තුනී කෙඳිවලිනුයි. මෙම කෙඳි පිහිටා ඇති ආකාරය නිසා ඒ මතට ආලෝකය වැටුණු විට ආලෝකය දසත පැතිරී දිදුලන සුදක් දිස් වෙයි. “සාමාන්‍යයෙන් එවැනි සුදක් කඩදාසිවලට හෝ වෙනයම් දෙයකට ලබාගැනීමට නම් ඒවාට ආලේපන කිහිප වතාවක්ම ආලේප කළ යුතුයි” කියා එක් සඟරාවක සඳහන් වෙනවා.—Science Daily.

මෙම කුරුමිණි විශේෂය ජීවත් වන්නේ සුදු දිලීර අතරේයි. විද්‍යාඥයන් බෙහෙවින් සැලකිලිමත් වන්නේ මෙම කුරුමිණියා සතු අද්විතීය සුදු පැහැය මිනිසා විසින් නිපදවන දේවල්වලට ලබාගත හැක්කේ කෙසේද කියායි. එම වෛද්‍යවරයා පවසන්නේ කඩදාසි, දත් සුදු පැහැගැන්වීමට යොදන ආලේපන, විදුලි බල්බයේ දීප්තිය වැඩි කිරීමට භාවිත කරන දේවල් වැනි මිනිසාගේ නිපැයුම් සඳහා “මෙම කුරුමිණියාව අධ්‍යනය කිරීමෙන් යමක් ඉගෙනගැනීමට හැකි නම් ඒවායෙහි තත්වය තවත් වැඩි දියුණු කිරීමට හැකි වෙයි “කියායි.

කල්පනා කර බලන්න. මෙම කුරුමිණියාට දිදුලන සුදක් ලැබුණේ අහම්බෙන්ද නැත්නම් නිර්මාණයක ප්‍රතිඵලයක් නිසාද?

[24වන පිටුවේ පින්තූරය]

මෙම කුරුමිණියා ඔබේ ඇඟිලි තුඩකට වඩා විශාල නොවෙයි (විශාල කළ පින්තූරයක්)

[හිමිකම් විස්තර]

Department of Entomology, Kasetsart University, Bangkok