Skip to content

පටුනට යන්න

දරුවන්ගේ ජීවිතයට හොඳ ආරම්භයක් ලබා දෙන්න

දරුවන්ගේ ජීවිතයට හොඳ ආරම්භයක් ලබා දෙන්න

දරුවන්ගේ ජීවිතයට හොඳ ආරම්භයක් ලබා දෙන්න

කැනඩාවේ පිබිදෙව්! ලේඛක විසින්

▪ “රූපවාහිනිය දරුවන්වට ඉගැන්වීමට කදිම මෙවලමක් වුණත් දරුවන් රූපවාහිනිය ඉදිරියේ පැය ගණනාවක් ගත කිරීමෙන් ඔවුන් ශාරීරිකවත් මානසිකවත් යම් පසුබෑමකට ලක් විය හැකියි.” එසේ සඳහන් වුණේ එක් පුවත්පතකයි. දරුවන් රූපවාහිනිය නරඹන කාලය තුළදී ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාව මෙන්ම ඉගෙනගැනීමට හා අන් අයව ඇසුරු කිරීමට තිබෙන අවස්ථාවද ගිලිහී යනවා.—එම පුවත්පත The New York Times.

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි සියැට්ල් නුවර ළමා රෝහලක පර්යේෂකයන් පිරිසක් දරුවන් 2,500ක් රූපවාහිනිය නරඹන කාලය පිළිබඳව කළ සමීක්ෂණයක ප්‍රතිඵල එම පුවත්පතේ මෙසේ වාර්තා කළා. “වැඩිපුරම රූපවාහිනිය නරඹන්නේ අවුරුදු එකත් තුනත් අතර කුඩා දරුවන් බවත් ඔවුන් අවුරුදු හත වන විට අවධානය දීමේ ගැටලුවලට මුහුණ දෙන බවත් සොයාගැනුණා.” එවැනි දරුවන්ට තමන්ගේ කෝපය පාලනය කරගැනීමට, ඉවසිලිවන්තවීමට හා වැඩි වේලාවක් යමකට අවධානය දීමට නොහැකියි. මනෝවිද්‍යාඥවරියක් වන ජෑන් හිලී පැවසුවේ “අවධානය දීමේ ගැටලුවෙන් පෙළුණු දරුවන්ට රූපවාහිනිය නැරඹීම සීමා කිරීමෙන් එම තත්වයෙන් ගොඩ ඒමට හැකි වූ බව දෙමාපියන් සොයාගෙන” තිබෙනවා කියායි.

දරුවන් බොහෝ වේලාවක් රූපවාහිනිය නැරඹීම අඩු කිරීමට දෙමාපියන්ට කළ හැක්කේ කුමක්ද? එක් වාර්තාවක පහත සඳහන් යෝජනා ඉදිරිපත් කර තිබූණා. ඔබේ දරුවා රූපවාහිනිය නරඹන කාලය සීමා කරන්න. ඔබ වැඩ කරන අතරතුරේදී දරුවාට රූපවාහිනිය නැරඹීමට ඉඩ නොදී දරුවාවත් ගෙදර දොරේ වැඩවලට හවුල් කරගන්න. දරුවාට නැරඹිය හැක්කේ කුමන වැඩසටහන්ද කියා ඔබ තෝරා දී එය අවසන් වූ විගස රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න. ඔබට හැකි අවස්ථාවලදී තෝරාගත් වැඩසටහන් දරුවා සමඟ එකට නරඹන්න. ඒ ගැන දරුවාත් සමඟ කතා කරන්න. ඔබත් රූපවාහිනිය නැරඹීම සීමා කිරීමෙන් දරුවාට හොඳ ආදර්ශයක් වන්න.

දරුවෙකු තුළ නිර්මාණශීලී හැකියාව මෙන්ම හොඳ ගුණාංග හා පුරුදු දියුණු කිරීමට කාලය අධිෂ්ඨානය හා ආත්මදමනය අවශ්‍යයි. ඔබ දරන වෑයමට යහපත් ප්‍රතිඵල ලැබෙන බවට නිසැකයි. මෙවැනි පුහුණුවක් දීම සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ මෙසේයි.“දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.” (හිතෝපදේශ 22:6, නව ලොව පරිවර්තනය) මූලිකවම එම පුහුණුවට අයත් වන්නේ හොඳ නරක කියා දීමයි.

දරුවන්ව යහමඟ යැවීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යොදාගන්නේ ඔවුන්ගේ ප්‍රකාශනයක් වන උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොතයි. ඒ වගේම කුඩා කාලයේ සිට දරුවන් ගැන හොඳ අවධානයක් දීමෙන් හා හොඳ අදහස් හුවමාරුවක් පැවැත්වීමෙන් යහපත් ප්‍රතිඵල අද්දැකිය හැකි බව ඔවුන් දන්නවා. තම දරුවන් වගකීම් උසුලන, අන් අයගේ ගෞරවය දිනාගෙන තිබෙන වැඩිහිටියන් වෙනවා දැකීම දෙමාපියන්ගේ එකම සතුටයි.