Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“ජෝර්ජියාවේ දේශපාලනයේ විශාල බිඳ වැටීමක් සිදු වී තිබුණත් දෙවි අප සමඟ කියාත් කන්‍යා මරියාගේ රැකවරණය අපට තියෙනවා කියාත් අප දන්නවා. එහෙත් අපට තිබෙන ලොකුම ගැටලුව රුසියාවේ සිටින ඕතඩොක්ස් භක්තිකයන් ජෝර්ජියාවේ සිටින ඕතඩොක්ස් භක්තිකයන්ට ප්‍රහාර එල්ල කිරීමයි.”—GEORGIAN CATHOLICOS PATRIARCH ILLIA II.

▪ “හදිසි ගැබ්ගැනීම් වැළැක්වීම සඳහා භාවිත කරන පෙති ලබාගැනීමට වෛද්‍යවරුන් හමු වෙන්න පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය මාස හය ඇතුළත තුන්ගුණයකින් වැඩි වී තිබෙනවා. වර්ෂ 2004 සිට එම පෙති මිල දී ගැනීම සියයට 200කින් ඉහළ ගොස් තිබෙනවා. වැඩි වශයෙන්ම වෛද්‍යවරුන් හමු වීමට පැමිණෙන්නේ නහඹර වියේ පසු වෙන යෞවනයන් බවත් ඔවුන් බොහෝවිට පැමිණෙන්නේ සඳුදා දිනවල බවත් වාර්තා වෙනවා.” CLARÍN, ARGENTINA.

▪ “ඇමරිකාවේ ජංගම දුරකථන භාවිත කරන අවුරුදු 13ත් 17ත් අතර සිටින යෞවනයන්ගෙන් එක් අයෙකු “පසුගිය වසරේ දෙවන කාර්තුවේදී එක් මාසයක් ඇතුළත කෙටි පණිවිඩ 1,742ක් යවා තිබෙනවා. එසේ නැතහොත් ඔවුන්ට ලැබී තිබෙනවා.”—THE NEW YORK TIMES, U.S.A.

▪ “ලෝක ජනගහනයෙන් සියයට 12ක් මානසික ආබාධවලින් පෙළෙනවා.”—WORLD FEDERATION FOR MENTAL HEALTH, U.S.A.

▪ “යුරෝපයේ වෙසෙන වැඩිහිටියන්ගෙන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු ඔවුන්ගේ ජීවිතයේ යම් කාලයකදී මරිජුවානා වැනි මත්ද්‍රව්‍යයක් භාවිත කර තිබෙනවා.”—EUROPEAN MONITORING CENTRE FOR DRUGS AND DRUG ADDICTION, PORTUGAL.

පුරාවිද්‍යාවෙන් සාක්ෂි

පුරාවිද්‍යාඥයන් යෙරුසලමේ දාවිත් විසූ නගරයේ යම් කැණීම් කරන විට අවුරුදු 2,600ක් ඉපැරණි මැටි මුද්‍රාවක් සොයාගනු ලැබුවා. එහි ‘පෂ්හූර්ගේ පුත්‍රයා වූ ගෙදලියා’ කියා සඳහන් වී තිබුණා. ගෙදලියා යන නම යෙරෙමියා 38:1හි සඳහන් වෙනවා. එම ප්‍රදේශයේදීම “ෂෙලෙමියාගේ පුත්‍රයා වූ යූකල්” යන නම සඳහන් මැටි මුද්‍රාවක් 2005දී කළ කැණීම්වලදී සොයාගනු ලැබුවා. ගෙදලියා සහ යූකල් යන දෙදෙනාම ශෙදකියා රජුගේ කාලයේදී නිලධාරීන් ලෙස සේවය කර තිබෙනවා. එක් පුවත්පතක් මෙසේ වාර්තා කරනවා. “ඊශ්‍රායෙල් සිදු කළ පුරාවිද්‍යත්මක කැණීම්වලදී එකම බයිබල් පදයක සඳහන් නම් දෙකක් සහිත මැටි මුද්‍රා දෙකක් එකම ස්ථානයේ සොයගත් ප්‍රථම අවස්ථාව මෙයයි.”—The Jerusalem Post.

අපරාධ සොයාගැනීමට නව තාක්ෂණය

නිව් යෝර්ක් නගරයේ පොලිසියට හදිසි පණිවිඩ බොහෝවිට ලැබෙන්නේ දුරකථනය මාර්ගයෙනුයි. තාක්ෂණයේ දියුණුවත් සමඟම මෑතක සිට එවැනි හදිසි පණිවිඩ යැවීමට කෙටි පණිවිඩ ක්‍රමය භාවිත කරනවා. ඇමරිකාවේ එක් පුවත්පතක් මෙසේ වාර්තා කරනවා. “මහජනයාට දැන් උනන්දු කරන්නේ තමන්ගේ ජංගම දුරකථනයෙන් අපරාධය සිදු වන අවස්ථාවේදී එම දර්ශන පටිගත කර ඒ මොහොතේදීම එය පොලිසියට එවන ලෙසයි.” එම පුවත්පතේ තවදුරටත් පවසන්නේ “එම දර්ශන අපරාධය සිදු වන ප්‍රදේශයේ පොලිස් ජංගම රථවලට ලබා දීමටත්” දැන් පියවර ගෙන තිබෙන බවයි.—The New York Times.

පොල්කිච්චන් හිතුවට වඩා දියුණුයි

“කලින් සිතාගෙන සිටියේ මිනිසුන්ට මෙන් කැඩපතකින් තමන්ගේ රූපය හඳුනාගත හැක්කේ චින්පන්සියන්ට, ඩොල්ෆින්ට හා අලියන් වැනි සතුන්ට” පමණක් කියා රොයිටර් ප්‍රවෘත්තියක වාර්තා වුණා. නමුත් යුරෝපා ආසියානු පොල්කිච්චන්ටත් මේ හැකියාව ඇති බව දැන් සොයාගෙන තිබෙනවා. පර්යේෂකයන් මෙම පොල්කිච්චන්ගේ ඇඟේ වර්ණවත් තිතක් තැබුවා. උන්ට එම තිත දැකගත හැකි වූයේ කැඩපතකින් පමණයි. තවදුරටත් එම ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ “උන් කැඩපතින් එම තිත දුටු විට එම තිත ඉවත් කිරීමට තැත් කළ බවයි. ඉන් පෙනී යන්නේ උන්ට තමන්ව හඳුනාගැනීමට හැකි බවයි.”