Skip to content

පටුනට යන්න

ආගම ගැන කතා කරන්න මට බියක් දැනෙන්නේ ඇයි?

ආගම ගැන කතා කරන්න මට බියක් දැනෙන්නේ ඇයි?

යෞවන අය අසති

ආගම ගැන කතා කරන්න මට බියක් දැනෙන්නේ ඇයි?

“පාසැලේදී මගේ ආගමික විශ්වාසයන් ගැන කතා කරන්න හොඳ අවස්ථා උදා වෙනවා. ඒත් මම ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නේ නැහැ.”—ජූඩ්. *

“අපේ පන්තියේ ගුරුවරිය පරිණාම වාදය ගැන අපි දරන අදහස් ගැන විමසුවා. මගේ ආගමික විශ්වාසයන් ගැන කියන්න මේක හොඳ අවස්ථාවක් කියලා හිතුණත් මම කටපියාගෙන හිටියා. පස්සේ මං ඒ ගැන දුක් වුණා.”—ජෙස්මින්.

ඔබත් ක්‍රිස්තියානි යෞවනයෙක් නම් ජූඩ් හා ජෙස්මින් අද්දැක්කා හා සමාන අද්දැකීම්වලට මුහුණ දී ඇති. ඔබ ඉගෙනගත් බයිබල් සත්‍යයන් අන් අය සමඟ බෙදාගැනීමට ඔවුන්ට මෙන් ඔබටත් ආශාවක් තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ තුළ බියක් ඇති විය හැකියි. බිය සැක දුරු කරගෙන සෑම වසරකදීම නිර්භීතව පාසැලේදී කතා කිරීමට පහත සඳහන් යෝජනා ඔබට ප්‍රයෝජනවත් වේවි.

1. දැනෙන බිය පැහැදිලි කරන්න. ඔබේ ආගමික විශ්වාසයන් ගැන අන් අයට කතා කරන්න ඕනේ කියා සිතන විට ඔබට මුහුණ දීමට සිදු වන අසීරු තත්වය ගැන බියක් දැනිය හැකියි. ඔබ බිය වන්නේ කුමන කාරණයක් නිසාද කියා ලියන්න.

පහත සඳහන් වාක්‍ය සම්පූර්ණ කරන්න.

▪ මම මගේ ආගමික විශ්වාසයන් ගැන පාසැලේදී කතා කළොත් . . .

․․․․․

ඔබට දැනෙන බිය හා සමාන බියක් බොහෝ ක්‍රිස්තියානි යෞවනයන්ටද දැනෙන බව පහත සඳහන් උදාහරණ මගින් පෙනී යනවා. අවුරුදු 14ක් වයසැති ක්‍රිස්ටෝෆර් පැවසූ දේ සලකා බලන්න. “ළමයි මට විහිළු කරයි කියලා මට හරි භයයි. හැමෝටම කියයි මම අමුතු කෙනෙක් කියලා.” මුලින් සඳහන් කළ ජූඩ්ද ඒ හා සමාන දෙයක් පවසනවා. “මට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් අහයි කියලා මට හරි භයයි.”

2. අභියෝගය භාරගන්න. ඔබේ බියට සාධාරණ හේතු තිබෙන්න පුළුවන්. ඇන්ජලා පැවසූ දේ සලකා බලන්න. “සමහර ළමයි මගේ ආගමික විශ්වාසයන් දැනගන්න කැමති කියලා ඇඟෙව්වා. පස්සේ ඒ අය මම කියූ දේවල් විහිළුවට ගත්තා.” දාහත් හැවිරිදි නිකොලාටත් ඒ හා සමාන අද්දැකීමක් තිබෙනවා. “පිරිමි ළමයෙක් බයිබල් පදයක් පෙන්වලා ඒක මගේ බයිබලයේ තියෙන විදිහත් එයාගේ බයිබලයේ තියෙන විදිහත් සැසඳුවා. පස්සේ ඒ ළමයා කිව්වා මගේ බයිබලය වෙනස් කරලා කියලා. ඒ වෙලාවේ මට කියා ගන්න දෙයක් තිබුණේ නැහැ. මම හොඳටම භය වුණා.” *

මෙවැනි තත්වයන් සමහරවිට ඔබ තුළ බියක් ඇති කළ හැකියි. නමුත් එවැනි තත්වයන් මඟහරිනවා වෙනුවට එය ක්‍රිස්තියානියෙකු ලෙස ඔබ මුහුණ දිය යුතු තත්වයක් ලෙස සලකන්න. (2 තිමෝති 3:12) අවුරුදු 13ක් වන මැතිව් කියූ දේ දිරිගන්වන සුළුයි. “යේසුස් කිව්වේ ඔහුගේ අනුගාමිකයන්ට පීඩාවලට මුහුණ දීමට සිදු වෙනවා කියලා. ඉතිං හැමකෙනෙක්ම අපේ විශ්වාසයන්ට ගරු කරයි කියලා හිතන්න බැහැ.”—යොහන් 15:20.

3. ප්‍රයෝජන ගැන සිතන්න. යම් දුෂ්කරතාවක් පැන නඟියි කියා ඔබ සිතුවත් ඉන් යහපත් ප්‍රතිඵල අද්දැකිය හැකියි. විසිඑක් හැවිරිදි ඈන් සිතුවේ එලෙසයි. “බයිබලයේ ඉගැන්වීම්වලට ගරු නොකරන කෙනෙකුට අපේ විශ්වාසයන් ගැන පැහැදිලි කරන එක ලෙහෙසි නැහැ. නමුත් අපේ විශ්වාසයන් ගැන කතා කරනවිට අපට කොතරම් ශක්තිමත් ඇදහිල්ලක් තිබෙනවාද කියා තේරුම්ගන්න පුළුවන්.”—රෝම 12:2.

පළමු පියවර යටතේ ඔබ සඳහන් කළ තත්වය නැවත මතක් කරගන්න. එම තත්වයේදී ඇති විය හැකි යහපත් ප්‍රතිඵල ගැන කල්පනා කර ඒවා පහත සඳහන් කරන්න.

1 ․․․․․

2 ․․․․․

ඉඟියක්: ඔබේ විශ්වාසයන් ගැන පැවසීමෙන් මිතුරන්ගෙන් එල්ල විය හැකි පීඩනය අඩු කරගත හැක්කේ කෙසේද? එය ඔබේ ආත්ම විශ්වාසයට බලපාන්නේ කෙසේද? යෙහෝවා දෙවි කෙරෙහි ඔබට තිබෙන මිත්‍රත්වයට එය බලපාන්නේ කෙසේද? ඔබ ගැන යෙහෝවා දෙවිට කෙසේ හැඟෙයිද?—හිතෝපදේශ 23:15.

4. සුදානම් වන්න. බයිබලයේ සඳහන් වන්නේ “ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි.” කියායි. (හිතෝපදේශ 15:28, නව ලොව පරිවර්තනය, NW) ඔබ කිව යුත්තේ කුමක්ද කියා සිත සිතා සිටිනවා වෙනුවට අන් අය ඔබෙන් අසයි කියා සිතිය හැකි ප්‍රශ්න ගැන කල්පනා කර ඒවාට පිළිතුරු සුදානම් වෙන්න. 25වන පිටුවේ ඇති  “පිළිතුරු දිය හැකි අයුරු” නමැති කොටුව බලන්න.

5. ක්‍රියාත්මක කරන්න. ඔබේ විශ්වාසයන් ගැන කතා කිරීමට සුදානම් වූ පසු සංවාදයක් ආරම්භ කරන්නේ කෙසේද? මෙය කළ හැකි ක්‍රම දෙකක් ගැන පහත සඳහන් උදාහරණයෙන් ඔබට තේරුම්ගත හැකියි. සමහර අය පිහිනීම සඳහා වතුරට බහින්නේ ක්‍රම ක්‍රමයෙන්. තවත් සමහර අය කෙළින්ම වතුරට පනිනවා.ඒ වගේ ඔබටත් පුළුවන් මුලින්ම ආගමික විශ්වාසයන් ගැන කතා නොකර සාමාන්‍ය දේවල් ගැන කතා කර ක්‍රමානුකූලව ඔබේ විශ්වාසයන් ගැන පැහැදිලි කරන්න. ඒ කිරීමට අපහසුයි කියා ඔබට සිතෙනවා නම් කෙළින්ම ඔබේ ආගමික විශ්වාසයන් ගැන පවසන්න. (ලූක් 12:11, 12) “මගේ ආගමික විශ්වාසයන් කතා කරන්න ඕන කියා සිතද්දී යම් බියක් දැනුනත් කතා කරන විට එය එතරම් අමාරු දෙයක් නොවෙයි “කියා 17 හැවිරිදි ඇන්ඩෘ පවසනවා. *

6. බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබ සාමාන්‍යයෙන් කිමිදීමට නොගැඹුරු ජලයට පනින්නේ නැහැ. ඒ හා සමානව සංවාදයක් පවත්වන්න බැරි විවාදශීලී කෙනෙකු සමඟ ඔබේ විශ්වාසයන් බෙදාගන්න එපා. මතක තියාගන්න කතා කරන්න කාලයක් හා කතා නොකර සිටින්න කාලයක් තිබෙන බව. (දේශනාකාරයා 3:1, 7) සමහර අවස්ථාවලදී යේසුස් පවා සියලුම ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නැහැ. (මතෙව් 26:62, 63) මෙම ප්‍රතිපත්තියද මතක තියාගන්න. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝපදේශ 22:3NW.

ඔබ සිතනවා නම් සංවාදය විවාදයකට හැරෙනවා කියා දිගින් දිගටම ඒ ගැන කතා නොකර කෙටියෙන් පිළිතුරු දී සංවාදය නතර කරන්න. උදාහරණයකට ඔබේ පන්තියේ ළමයෙක් ඔබව සමච්චලයට ලක් කිරීමේ අරමුණින් දුම්පානය නොකරන්නේ ඇයි කියා ඇසුවොත් ඔබට මෙසේ පැවසිය හැකියි. “මගේ ශරීරයට හානී කරගන්න මම කැමති නැහැ.” ඔහුගේ ප්‍රතිචාරය අනුව ඔබේ විශ්වාසයන් ගැන පවසනවාද නැද්ද කියා ඔබට තීරණය කළ හැකියි.

ඉහත කී යෝජනා ඔබේ විශ්වාසයන් ගැන “අසන සියල්ලන් ඉදිරියේ උත්තර දීමට නිතරම සූදානම්ව සිටින්න” ඔබට උපකාරවත් වෙයි. (1 පේතෘස් 3:15) ඔබ සූදානම් වූ පමණින් ඔබට දැනෙන චකිතය සම්පූර්ණයෙන්ම නැති වෙයි කියා සිතිය නොහැක. නමුත් 18 හැවිරිදි ඇලිස් පවසන දේ සලකා බලන්න. “ඔබට කොතරම් බියක් දැනුනත් ඔබේ විශ්වාසයන් ගැන අන් අයට පවසද්දී ඔබ තුළ හොඳ හැඟීමක් ඇති වෙනවා. මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියා විශ්වාසයක් නොතිබුණත් ඔබ අභියෝගය භාරගෙන නිර්භීතව කතා කිරීම ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. හොඳ ප්‍රතිචාරයක් ලැබුණොත් ඔබට සතුටක් දැනෙයි.”

[පාදසටහන්වල]

^ 3 ඡේ. මෙම ලිපියේ සමහර නම් වෙනස් කර ඇත.

^ 11 ඡේ. බයිබල් පරිවර්තනවල එක හා සමාන වචන රටාවක් භාවිත කර නොමැත. නමුත් සමහර බයිබල් පරිවර්තන බයිබලය ලියූ මුල් භාෂාවේ අදහසට වඩාත් විශ්වාසවන්තව පරිවර්තනය කර ඇත.

^ 19 ඡේ. 26වන පිටුවේ ඇති  “සංවාදයක් ඇරඹීම” නමැති කොටුව බලන්න.

සිතා බලන්න

ඔබේ පන්තියේ ළමයෙක් මේ ආකාරයට සිතුවොත් . . .

‘මම දන්නවා ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා. ඔයා හිතන්නේ මම ඔයාව විහිළුවට ගන්නවා කියලද? ඇත්තටම මම ඔයාට ගරු කරනවා. ඔයා කොහොමද මෙතරම් ප්‍රශ්න ගැටලු මැද සන්සුන්ව ඉන්නේ. මට නම් මේ වගේ දේවල් හිතෙනවා. තවත් යුද්ධයක් ඇති වෙයිද? අපේ පවුලේ ප්‍රශ්නයක් ඇති වෙයිද? අද මට කිසි අනතුරක් නොවී ගෙදර යන්න පුළුවන් වෙයිද?’ ඔයා නම් ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය දන්නවා. ඒ ඔයාගේ ආගම නිසාද? මම ආසයි ඒ ප්‍රශ්න ගැන ඔයාත් එක්ක කතා කරන්න. ඒත් මම දන්නේ නැහැ කොහෙන් පටන්ගන්නද කියලා. ඔයාට පුළුවන්ද මට මේවා එකින් එක පහදා දෙන්න?’

[26වන පිටුවේ කොටුව/පින්තූරය]

යෞවනයන් පවසන දේ

“මගේ විශ්වාසයන් ගැන අනික් අයට කතා කරන කොට සමහර ළමයි මට හිනා වෙනවා. ඒත් මම ඒවා ගණන් ගන්නේ නැහැ කියලා දැනගත්තම එයාලා මට හිනා වෙන එක නතර කළා.”—බෙල්ජියමේ, ෆැන්සිස්කා.

“ඔබ ක්‍රිස්තියානියෙක් කියලා අන් අයට කිව්වේ නැත්නම් ඔයා ක්‍රිස්තියානියෙක් කියන එක ඔයාටම අමතක වෙනවා. එතකොට අනික් අයත් ඔයාත් අතර වෙනසක් නැහැ. ඔයා කටයුතු කරන්න ඕනෑ අනික් අයට වඩා වෙනස් විදිහටයි.”—ඇමරිකාවේ, සැමැන්තා.

“පුංචි කාලයේදී අනික් ළමයි මාව වෙනස් කෙනෙක් විදිහට සලකනවාට මම කැමති වුණේ නැහැ. ඒත් මගේ ආගම නිසා යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා දැනගත්තාම මට ලොකු අගය කිරීමක් ඇති වුණා. ඒ වගේම මා තුළ තිබූ විශ්වාසයත් වැඩි වුණා. මම මගේ ආගමික විශ්වාසයන් ගැන ඇත්තටම ආඩම්බර වෙනවා.”—නවසීලන්තයේ, ජේසන්.

[26වන පිටුවේ කොටුව]

 සංවාදයක් ඇරඹීම

“පාසැල් නිවාඩු කාලයේ ඔයා මොනවාද කරන්නේ?” [ප්‍රතිචාරයෙන් පසු ඔබ නිවාඩු කාලයේ කිරීමට බලාපොරොත්තුවන දේවල් එනම් සමුළුවලට සහභාගීගි වීම, දේශනා සේවයේ සහභාගී වීම වැනි දේවල් පවසන්න.]

විශේෂ ප්‍රවෘත්තියක් ගැන සඳහන් කර පසුව මෙසේ අසන්න: “ඔයාට ඒ ගැන ආරංචිද? ඔයා මොනවාද ඒ ගැන හිතන්නේ?”

▪ “ඔයා හිතනවාද ලෝක ආර්ථිකය [හෝ වෙනත් ප්‍රශ්නයක්] හොඳ අතට හැරෙයි කියා. [ප්‍රතිචාරයට ඉඩහරින්න] ඔයා එහෙම හිතන්නේ ඇයි?”

▪ “ඔයාගේ ආගම මොකක්ද?”

▪ “තව අවුරුදු පහකින් අපේ ජීවිතවල මොනවගේ වෙනසක් සිදු වෙලා තියෙයිද?” [ප්‍රතිචාරයට ඉඩහරින්න, ඔබේ ක්‍රිස්තියානි ඉලක්ක මොනවාද කියා පැහැදිලි කරන්න.]

[25වන පිටුවේ රූප සටහන]

 (මුද්‍රිත පිටපත බලන්න)

පිළිතුරු දිය හැකි අයුරු

මෙය කපා තබා ගන්න

යෝජනා: මෙම කොටුවේ ඇති තොරතුරු දෙමාපියන් සමඟ හා මිතුරන් සමඟ සාකච්ඡා කරන්න. ඔබේ පන්තියේ මිතුරන් අසයි කියා සිතිය හැකි වෙනත් ප්‍රශ්න ගැන සිතා බලන්න.

සදාචාර ප්‍රතිපත්ති රැකීම

ප්‍රශ්නය

සමලිංගික සේවනය ගැන ඔබ සිතන්නේ කුමක්ද?

පිළිතුර

සමලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයාට මම වෛර කරන්නේ නැහැ. නමුත් එම ක්‍රියාව මම හෙළාදකිනවා.

ඊළඟ ප්‍රශ්නය

එවැනි අදහසක් දරන එක ඒ වගේ අයව කොන් කිරීමක් නෙමෙයිද?

පර්යේෂණ කරන්න

1 කොරින්ති 6:9, 10; සදාචාර වර්ෂ 2007 පෙබරවාරි පිබිදෙව්! කලාපයේ යෞවන අය අසති . . . සමලිංගික හැඟීම් පාලනය කරන්නේ කොහොමද යන ලිපිය බලන්න.

පිළිතුර

නැහැ, මම සියලුම ආකාරයේ දුරාචාර හැසිරීම්වලට විරුද්ධයි.

ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම

ප්‍රශ්නය

ඔබ ප්‍රේම සම්බන්ධයක් පටන් නොගන්නේ ඇයි?

පිළිතුර

නිසි වයසට එන තුරු ප්‍රේම සම්බන්ධතාවක් පටන් නොගැනීමට මම තීරණය කර තිබෙනවා.

ඊළඟ ප්‍රශ්නය

ඔයා ඒ වගේ තීරණයක් ගත්තේ ඔයාගේ ආගම නිසාද?

පර්යේෂණ කරන්න

සලමොන්ගේ ගීතිකාව 8:4; යෞවන අය අසති පොතේ, මා හුදකලා ඇසුරට සූදානම්ද? 29වන පරිච්ඡේදය.

පිළිතුර

ඔව්. අපි ප්‍රේම සම්බන්ධතාවක් විවාහ වීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් විතරයි. මම ඒ වගේ දෙයකට තවම සූදානම් නැහැ.

පැති නොගැනීම

ප්‍රශ්නය

ඔයා කොඩියට ආචාර කරන්නේ නැත්තේ ඇයි?

පිළිතුර

මම කොඩියට ගරු කරනවා. ඒත් ඒකට නමස්කාර කරන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය

ඒ කියන්නේ ඔයා රට වෙනුවෙන් යුද්ධ කරන්නේ නැද්ද?

පර්යේෂණ කරන්න

යෙසායා 2:4; යොහන් 13:35. බයිබලයේ ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු 148-151දක්වා පිටු. *

පිළිතුර

නැහැ. වෙනත් රටවල ඉන්න මිලියන ගණන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ රටට විරුද්ධව සටන් කරන්න එන්නේ නැහැ.

රුධිරය ගැනීම

ප්‍රශ්නය

ඔයා රුධිරය ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

පිළිතුර

මම ආරක්ෂකාරී වෙනත් විකල්ප ප්‍රතිකාර ක්‍රම පිළිගන්නවා. මම එවැනි තීරණයක් ගන්නේ රුධිරය ගැනීමෙන් ඒඩ්ස් වැනි රෝග ඇති විය හැකි නිසයි. ඒ වගේම බයිබලයේත් රුධිරයෙන් වැළකී සිටින්න කියා අණ කර තිබෙනවා.

ඊළඟ ප්‍රශ්නය

මරණාසන්න මොහොතක රුධිරය ගත්තොත් දෙවි ඔයාට සමාව දෙන්නේ නැද්ද?

පර්යේෂණ කරන්න

ක්‍රියා 5:28, 29; හෙබ්‍රෙව් 11:6; බයිබලයේ ඉගැන්වීම් පොතේ 129 සිට 131 දක්වා පිටු.

පිළිතුර

තේරීම් කිරීම

ප්‍රශ්නය

ඔයාගේ ආගමේ එක් කෙනෙක් මේ වගේ දෙයක් කළා. ඇයි ඔයාට බැරි ඒ දේ කරන්න.

පිළිතුර

අපිට දෙවිගේ ප්‍රතිපත්ති උගන්වා තියෙනවා. ඒත් අපිට ඒ දේවල් කරන්න බල කරන්නේ නැහැ. අපි තීරණ ගන්නේ තනි තනිවමයි.

ඊළඟ ප්‍රශ්නය

එහෙමනම් එක ප්‍රතිපත්තියක් නැද්ද?

පර්යේෂණ කරන්න

පිළිතුර

නිර්මාණයක් බව පිළිගැනීම

ප්‍රශ්නය

ඔයා පරිණාම වාදය පිළිගන්නේ නැත්තේ ඇයි?

පිළිතුර

ප්‍රවීණයන් යැයි පිළිගන්නා විද්‍යාඥයන් අතර පවා ඒ පිළිබඳව මත භේද තියෙනවා. එහෙමනම් මම කොහොමද ඒක පිළිගන්නේ.

ඊළඟ ප්‍රශ්නය

පර්යේෂණ කරන්න

පිළිතුර

[පාදසටහන්වල]

^ 77 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[26වන පිටුවේ පින්තූරය]

ඔබේ විශ්වාසයන් අන් අය සමඟ බෙදාගැනීම පිහිනීමකට සමාන කළ හැකියි. සාකච්ඡාවක් ක්‍රම ක්‍රමයෙන් හෝ කෙළින්ම ආරම්භ කළ හැකියි