Skip to content

පටුනට යන්න

දැනුම මිනුම

දැනුම මිනුම

දැනුම මිනුම

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

ක්‍රියා 10:9-48 දක්වා කියවන්න. පින්තූරය බලා අඩුපාඩු මොනවාද කියා නම් කරන්න. ඉන්පසු ඒවා අඳින්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

සාකච්ඡා කිරීමට:

යෙහෝවා දෙවි පේතෘස්ට ඉගැන්වූ පාඩම කුමක්ද?

හෝඩුවාව: ක්‍රියා 10:28, 34, 35 කියවන්න.

පේතෘස් ඉගෙනගත් ඒ පාඩම, වෙනත් ජාතීන් සමඟ හෝ වෙනත් සංස්කෘතියට අයත් අය සමඟ කටයුතු කරද්දී ඔබට විදහාපෙන්විය හැක්කේ කෙසේද?

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

9වන පිටුව මිනිසාට කවදාවත් තේරුම්ගැනීමට නොහැකි දේ කුමක්ද? දේශනාකාරයා 3:․․․

10වන පිටුව වාසය කිරීම සඳහා පොළොව දී තිබෙන්නේ කාටද? ගීතාවලිය 115:․․․

13වන පිටුව සන්තෝෂයෙන් සිටීමට නම් අප කුමක් ගැන සැලකිලිමත් විය යුතුද? මතෙව් 5:․․․

19වන පිටුව සැලසුම් අසාර්ථක වන්නේ කුමක් නිසාද? හිතෝපදේශ 15:․․․

විනිශ්චයකාරයෙක් වූ සම්සොන් ගැන ඔබ දන්නේ කුමක්ද?

විනිශ්චයකාරයෝ 13:1–16:31 දක්වා කියවා පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

4. ․․․․․

ඔහු කුමන ගෝත්‍රයට අයත්ද?

5. ․․․․․

ඔහු ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගත්තේ කුමන ජාතියෙන්ද?

6. ․․․․․

ඔහු ජීවත් වුණේ අනාගතවක්තෘ සාමුවෙල්ගේ කාලයට පසුවද?

සාකච්ඡා කිරීමට:

සම්සොන්ට එතරම් ශක්තියක් තිබීමට හේතුව කුමක්ද?

හෝඩුවාව: හෙබ්‍රෙව් 11:32-34 කියවන්න.

සම්සොන්ගේ කතාවේ ඔබ වඩාත් ප්‍රිය කරන සිද්ධිය කුමක්ද? ඒ ඇයි?

▪ පිළිතුරු 22වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. එහි සිව්පාවෝ නැහැ.

2. බඩ ගා යන සත්වයන් නැහැ.

3. කුරුල්ලන් නැහැ.

4. දාන්—විනිශ්චයකාරයෝ 13:2-5.

5. පිලිස්තියවරුන්ගෙන්.—විනිශ්චයකාරයෝ 13:1.

6. නැහැ.