Skip to content

පටුනට යන්න

ඔවුන් එය ඉගෙනගත්තේ කාගෙන්ද?

ඔවුන් එය ඉගෙනගත්තේ කාගෙන්ද?

ඔවුන් එය ඉගෙනගත්තේ කාගෙන්ද?

“ඇසීමට කනද දැකීමට ඇසද සෑදුවේ යෙහෝවා දෙවිය.”—හිතෝපදේශ 20:12.

අපේ ඇස, කුඩා රූපවාහිනි කැමරාවකට සමානයි. ඒවා මගින් රූප, විද්‍යුත් සංඥා බවට පත් කරන අතර දෘෂ්ටික ස්නායු මගින් එම සංඥා මොළයේ පිටුපස ප්‍රදේශයට යවයි. මුලින්ම පෙනීම සිදු වන්නේ එම ස්ථානයේයි.

අඟලක් පමණ විශ්කම්භයකින් යුත් මෙම කුඩා ඉන්ද්‍රියෙහි බර ග්‍රෑම් 7.5ක් පමණ වෙයි. නමුත් එය ඉතාමත් දක්ෂ නිර්මාණයක්. උදාහරණයකට, ඇසට ලැබෙන ආලෝකය අඩු වැඩි කිරීමට වෙනම පද්ධති දෙකක් පිහිටා තිබෙනවා. අඳුරු කාමරයකට ඇතුල් වූ විට විනාඩි 30ක් ඇතුළත එහි ඇති දේවල් ක්‍රමානුකූලව දැකගැනීමට අපට හැකි වන්නේ ඒ නිසයි. ඉන් පැහැදිලි වන්නේ අපේ ඇස් දසදහස් වාරයකින් පමණ ආලෝකයට සංවේදී බවයි.

සාමාන්‍ය ආලෝක තත්වයකදී පවා අපට වඩාත් හොඳින් පෙනෙන්නේ ඇයි? ඒ අපේ ඇසේ ආලෝකයට සංවේදී සෛල සිය ගුණයකටත් වඩා වැඩියෙන් පිහිටා තිබෙන නිසයි. එය බොහෝ වීඩියෝ කැමරා සතු රූප උපාංගවලටත් (පික්සල්) වඩා වැඩියි. එම අති විශාල සෛල ප්‍රමාණය පිහිටා තිබෙන්නේ දෘෂ්ටි විතානයේ මධ්‍ය කූපය නමැති ස්ථානයේයි. අපට තියුණු දැක්මක් ලබා දෙන්නේ ඒ තුළිනුයි. යම් පින්තූරයක් හෝ වස්තුවක් පැහැදිලිව පෙනෙන්නේ තත්පරයක් තුළ අප එහි විවිධ කොටස් දකින නිසයි. එම මධ්‍ය කූපයේ ප්‍රමාණය මෙම වාක්‍යයේ අවසානයේ ඇති තිත තරම් කුඩයි.

ආලෝකයට සංවේදී සෛල මගින් ලබාගන්නා විද්‍යුත් සංඥා එක් ස්නායු සෛලයක සිට තවත් එකකට යවමින් අවසානයේදී දෘෂ්ටික ස්නායුව වෙත යවයි. නමුත් ස්නායු සෛල මගින් ඊටත් වඩා වැඩි දෙයක් කරනවා. එනම් අනවශ්‍ය තොරතුරු ඉවත් කර අවශ්‍යම තොරතුරු පමණක් ලබා දීමට උපකාර කරනවා.

ඊට අමතරව අපේ මොළයේ පිටුපසට වෙන්න පිහිටා තිබෙන දෘෂ්ටි බාහිකය ඉතා දියුණු වීඩියෝ සංඥා ලබාගන්නා යන්ත්‍රයක් වගේයි. යම් රූපයක් ඉතා පැහැදිලිව දැකගැනීමට අපට හැකියාව ලබා දෙන්නේ එයයි. ඊට අමතරව ප්‍රධාන වර්ණයන්ට සංවේදී සෛල මගින් ලබාගන්නා සංඥා එම දෘෂ්ටි බාහිකය වෙත යවන අතර එහිදී විශේෂ ක්‍රියාවලියක් සිදු වෙනවා. අපට වර්ණ මිලියන ගණනක් වෙන වෙනම හඳුනාගැනීමට හැකි වන්නේ ඒ නිසයි. අප යම් වස්තුවක් දෙස බලන විට එහි විවිධ කෝණ එකවර අපට පෙනෙනවා. ඒ අනුව එහි ඇති ත්‍රිමාණ හැඩයන් හොඳින් දැකගැනීමටද හැකි වෙනවා. එයද අපේ මොළය සතු විශිෂ්ට හැකියාවක්.

දුර සිටින පිරිසක් දෙස බලන විට සිදු වන දේ සිතා බලන්න. ඔබේ ඇස් මගින් එම මුහුණු හොඳින් පරිලෝකනය (ස්කෑන්) කර ඒ පිළිබඳ විද්‍යුත් පණිවිඩ මොළයට යවයි. මොළය මගින් ඒවා පැහැදිලි රූප බවට පත් කරයි. ඉන්පසු එම මුහුණුවල ඇති සියුම් තොරතුරු පවා දැනටමත් ඔබගේ මතකයේ තිබෙන රූප සමඟ සසඳයි. එවිට ඒ ඔබේ මිතුරෙකු බව ක්ෂණිකව වටහාගැනීමට ඔබට හැකි වෙයි. එම ක්‍රියාවලිය මොන තරම් පුදුමසහගතද!

[7වන පිටුවේ පින්තූරය]

අපේ ඇස මගින් සිදු වන ක්‍රියාවලිය දක්ෂ නිර්මාණයක් බවට සාක්ෂි සපයයි