Skip to content

පටුනට යන්න

ඔබට තිබෙන කාලය මදිද?

ඔබට තිබෙන කාලය මදිද?

ඔබට තිබෙන කාලය මදිද?

මෙහි දකුණුපස තීරුවේ සඳහන් සෑම ප්‍රශ්නයකදීම ඔබ ලකුණු කළේ එහි දෙවන හෝ තුන්වන පිළිතුර නම් ඉන් පැහැදිලි වන්නේ ඔබට තිබෙන කාලය මදි බවයි. එය ඔබ පමණක් නොව ලෝකයේ සිටින සෑම පුද්ගලයෙකුම පාහේ අද්දකින දෙයක්. බොහෝදෙනාට හැඟෙන්නේ ජීවිතයේ වැදගත් දේවල් සඳහා තමන්ට කාලය නැති බවයි. වාහනය අලුත්වැඩියා කිරීම, රැකියා ස්ථානයේ අධික වැඩ හා නොසිතූ සිද්ධීන්ට මුහුණ දීම වැනි එක පිට එක පැමිණෙන අර්බුද ඊට හේතු ලෙස ඔවුන් දක්වයි. එමනිසා බොහෝදෙනෙකුට හැඟෙන්නේ තමන් ජීවිතය භුක්ති විඳිනවාට වඩා විඳවන බවයි.

ඒ වුණත් ඉදිරියේදී තත්වය වෙනස් වී වඩා වැදගත් දේවල් සඳහා කාලය ලැබෙයි කියා ඔබ සිතනවා විය හැකියි. නමුත් ඔබ දැන් ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා ඉදිරියේදී එවන් තත්වයක් ඇත්තටම උදා වෙයි කියා සිතන්න පුළුවන්ද?

වැදගත් දේවල් සඳහා කාලය සොයාගැනීමට ඔබ දැන් සිටම ස්ථිර පියවරක් නොගතහොත් ඉදිරියේදී ඒ සඳහා කාලය ලැබෙයි කියා සිතීම අපහසුයි. එසේනම් ඒ ගැන ඔබට කළ හැක්කේ කුමක්ද?

[3වන පිටුවේ කොටුව]

ජීවිතයේ වඩා වැදගත් දේවල් සඳහා කාලය ගත කරන්න ඔබට ලැබෙන්නේ කොතරම් දුරකටද?

සෑම දිනකම

සති අන්තවල

ඉතා කලාතුරකින්

සතියේ සාමාන්‍ය දිනයකදී

සැලසුම් කළ දෙයක් කරනවා

සැලසුම් කළ දේවල් කිරීමට නොහැකි වෙනවා

නිතරම සැලසුම් වෙනස් කිරීමට සිදු වෙනවා

සාමාන්‍ය දිනයක් තුළ

දේවල් හොඳින් සිදු වන බව හැඟෙනවා

කරගැනීමට නොහැකි දේවල් ගැන විශාල පීඩනයක් දැනෙනවා

එකක් ඉවර වෙද්දී තව එකක් කිරීමට තිබෙනවා

දවස අවසානයේදී ඔබ කළ වැඩ ගැන කුමක් කිව හැකිද?

වැදගත් දේවල් ඉටු කිරීමට හැකි වුණා

යම් අඩුපාඩුකම් තිබුණත් අත්‍යවශ්‍ය දේවල් කළා

වැදගත් දේවල් සඳහා කාලය මදි වුණා

දවස අවසානයේදී ඔබට හැඟෙන්නේ කෙසේද?

තෘප්තියක් දැනෙනවා

මහන්සි වුණා විතරයි කියා සිතෙනවා

කලකිරීමක් ඇති වෙනවා