Skip to content

පටුනට යන්න

වැදගත් දේවල් සඳහා කාලය වෙන් කරන්න

වැදගත් දේවල් සඳහා කාලය වෙන් කරන්න

වැදගත් දේවල් සඳහා කාලය වෙන් කරන්න

“ඉතුරු වී තිබෙන්නේ තව කෙටි කාලයක් පමණි.”—1 කොරින්ති 7:29.

“වතුරේ දඟල දඟල ඉන්නවා කියන්නේ පීනනවා කියන එක නෙවෙයි” කියා එක් කර්තෘවරයෙක් පැවසුවා.

එය තවත් විදිහකින් පැවසුවහොත් කඩිමුඩියේ හා උඩින් පල්ලෙන් දේවල් කරනවා කියන්නේ යම් කාර්යයක් නිසි අයුරින් ඉටු කරනවා කියන එක නෙවෙයි. එමනිසා මෙසේ සිතන්න. පසුගිය සතියේ ඔබ කාර්යබහුල වෙලා හිටියේ කුමක් සම්බන්ධයෙන්ද? ඒ ගැන කල්පනා කරද්දී වැදගත් දේවල් සඳහා තවත් කාලය අවශ්‍යයි කියා ඔබට සිතෙනවාද?

අප ජීවත් වන මෙම කලබලකාරී කාලයේ සිදු වන වැදගත් දෙයක් ගැන යේසුස් පැවසුවා. එනම් දෙවිගේ රාජ්‍ය පැමිණීමට නියමිත මේ කාලයේදී තමාගේ අනුගාමිකයන්ද කාර්යබහුලව කටයුතු කරන බවයි. ඒ කුමක් සම්බන්ධයෙන්ද? ‘දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ දේශනා කිරීම සම්බන්ධයෙනුයි. නමුත් බොහෝදෙනා ඔවුන්ගේ එදිනෙදා කටයුතුවල ඇලීගැලී සිටින නිසා ඊට ඇහුම්කන් දීමට තරම්වත් උනන්දුවක් නොදක්වන බව යේසුස් පැවසුවා. යේසුස් තවදුරටත් පැවසුවේ එම පණිවිඩයට ඇහුම්කන් දීමට උනන්දුවක් නොදක්වන එවැනි අය විනාශයකට මුහුණ දෙන බවයි.—මතෙව් 24:14, 37-39; ලූක් 17:28-30.

වර්තමානයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල් 230කට වැඩි ප්‍රමාණයක එම දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටිනවා. එදා යේසුස් පැවසූ ලෙසම අද දින බොහෝදෙනා තමන්ට “ගොඩක් වැඩ තියෙනවා” කියා පවසමින් එම පණිවිඩය ප්‍රතික්ෂේප කරනවා. අපි ඔබට ආරාධනා කරන්නේ ඔබේ කාර්යබහුල ජීවිතයෙන් යම් කාලයක් ගෙන බයිබලයේ සඳහන් දෙවිගේ රාජ්‍ය ගැන සොයා බලන්න කියායි. දෙවි මිනිසාට ලබා දීමට නියමිත ආශීර්වාද පිළිබඳ එම පණිවිඩයට ඇහුම්කන් දී ඊට කීකරුව එය ඔබේ ජීවිතයේ වැදගත් දෙයක් ලෙස සලකයි කියා අප සිතනවා. ඒ සඳහා කාලය වැය කිරීම ඇත්තෙන්ම වටිනා දෙයක්. *

[පාදසටහන]

^ 6 ඡේ. ඒ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වන්න. නැත්නම් මෙහි පස්වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.