Skip to content

පටුනට යන්න

“බයිබල් අධ්‍යයනය බිහිරි අයට ප්‍රයෝජන ගෙන දෙයි”

“බයිබල් අධ්‍යයනය බිහිරි අයට ප්‍රයෝජන ගෙන දෙයි”

“බයිබල් අධ්‍යයනය බිහිරි අයට ප්‍රයෝජන ගෙන දෙයි”

එම මාතෘකාවෙන් යුත් ලිපියක්, බිහිරි අය වෙනුවෙන් චෙක් ජනරජයේ මුද්‍රණය කරන සඟරාවක පළ වුණා. එහි කර්තෘ වන ස්ඩෙනෙක් ස්ට්‍රාකා එම ලිපිය තුළ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව පැසසුමට ලක් කර තිබුණා. ඊට හේතුව ඔවුන් බිහිරි අයට උපකාර කිරීම සඳහා සංඥා භාෂාව ඉගෙනගෙන ඇති නිසයි.

එවැනි දෙයක් ලිවීමට ඔහු පෙලඹුණේ 2006 වසරේදී ප්‍රාග් නගරයේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පැවැත්වූ සමුළුවකට ඔහු සහභාගි වූ නිසයි. එහි බිහිරි අය 70දෙනෙක් පමණ පැමිණ සිටි අතර ඔවුන් වෙනුවෙන් මුළු වැඩසටහනම සංඥා භාෂාවට පරිවර්තනය කළ බව ඔහු දුටුවා. සාක්ෂිකරුවන් සෑම වසරකම පවත්වන එවැනි සමුළු තුළින් බයිබලය පිළිබඳ අවබෝධයකුත් හොඳ ආශ්‍රයකුත් ලබන්න සහභාගි වන අයට හැකි වෙනවා. එමෙන්ම ඔවුන් බිහිරි අයවද අමතක කරන්නේ නැහැ. මෑතකදී ඔවුන් පැවැත්වූ සමුළුවලින් 96ක් සංඥා භාෂාවෙන්ද පැවැත්වූවා. තවත් ස්ථාන 95ක වැඩසටහන සංඥා භාෂාවට පරිවර්තනය කළා.

වර්ෂ 2006දී ප්‍රාග් නගරයේ බිහිරි අය 30දෙනෙකු සමඟ සාක්ෂිකරුවන් බයිබල් පාඩම් පවත්වමින් සිටියා. ඉන් ඔවුන් බොහෝ ප්‍රයෝජන ලැබුවා. ඒ බව පහත සඳහන් අද්දැකීමෙන් පැහැදිලියි.

මාකෙටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. ඇය මොංගෝලියානු ජාතික කාන්තාවකට බයිබලය ගැන ඉගැන්වීමට සති පතා කිලෝමීටර් 100ක් පමණ ගමන් කරනවා. මාකෙටා භාවිත කරන්නේ එම කාන්තාවට වඩා වෙනස් සංඥා භාෂාවක්. ඒ නිසා තමා උගන්වන දේ ඇයට තේරුම් කර දීමට විවිධ ක්‍රම සොයන්න ඇයට සිදු වුණා. නමුත් එම උත්සාහය අපතේ නොගිය බව එම කාන්තාව ගත් තීරණයකින් පැහැදිලි වෙනවා. ඇයට දෙවෙනි දරුවා ලැබෙන්න සිටි විට එම දරුවාව ගබ්සා කිරීමට ඇය සිතුවා. නමුත් පසුව ඇය එම අදහස වෙනස් කරගත්තා. “එහෙම කළේ ඇයි කියලා මම ඇයගෙන් ඇහුවාම, ‘ගබ්සා කරනවාට යෙහෝවා දෙවි කැමති නැහැ’ කියලා ඇය පිළිතුරු දුන්නා. යෙහෝවා දෙවි ජීවිතය සලකන ආකාරය ගැන ඇය තේරුම්ගත්ත එක ගැන මට හරිම සතුටුයි.” *

ලොව පුරා සිටින බිහිරි පුද්ගලයන් බොහෝදෙනෙකුට දෙවි පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඔවුන් යෙහෝවා දෙවිට ළං වීම නිසා ඔවුන්ගේ ජීවිත වඩා හොඳ අතට හැරී තිබෙන අතර ඔවුන්ගේ ප්‍රීතියද වැඩි වී තිබෙනවා.—යෙසායා 48:17, 18.

[පාදසටහන]

^ 5 ඡේ. ගබ්සාව ගැන බයිබලයේ තිබෙන අදහස දැනගැනීම සඳහා 2009 ජූනි පිබිදෙව්! සඟරාවේ 3-9 දක්වා පිටු බලන්න.

[26, 27වන පිටුවේ කොටුව]

ඔබ දන්නවාද?

● යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් තොරතුරු ඇතුළත් DVD තැටි සංඥා භාෂා 43කින් නිපදවා තිබෙනවා. එමෙන්ම www.pr418.com යන වෙබ් අඩවියෙන්ද අපගේ ප්‍රකාශන ලබාගත හැකියි.

● මුද්‍රිත ප්‍රකාශන සංඥා භාෂා මාධ්‍යයෙන් පළ කිරීම සඳහා ලොව පුරා පරිවර්තන කණ්ඩායම් 59ක් පමණ සංවිධානය කර තිබෙනවා.

● ලොව පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 1,200කටත් වඩා වැඩියෙන් සංඥා භාෂාවෙන් රැස්වීම් පවත්වනවා.

[26වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

www.pr418.com