Skip to content

පටුනට යන්න

උපන් ගමට නැවත එන කැස්බෑවා

උපන් ගමට නැවත එන කැස්බෑවා

නිර්මාණයක්ද?

උපන් ගමට නැවත එන කැස්බෑවා

● සාමාන්‍යයෙන් කැස්බෑවන් බිත්තර දමන්නේ උන් උපත ලැබූ වෙරළ තීරයේමයි. නමුත් උන් නිවැරදිව එම ස්ථානය හඳුනාගන්නා ආකාරය තවමත් පර්යේෂකයන්ට ප්‍රහේලිකාවක්. ඔවුන් පවසන්නේ මෙය සත්ව ලෝකයේ සිදු වන පුදුමාකාර ක්‍රියාවලින් එකක් කියායි.

මේ ගැන සිතන්න. සෑම වසර දෙකකට හෝ හතරකට වතාවක් ගැහැනු කැස්බෑවන් වෙරළට පැමිණ බිත්තර 100ක් පමණ දමා නැවත මුහුදට යනවා. පසුව පැටවුන් බිහි වී උන්ද මුහුදට යනවා. නමුත් එම පැටවුන් බිත්තර දමන කාලයේදී නැවත උන් උපත ලැබූ වෙරළ තීරයට පැමිණෙනවා. ඒ වන විට එම කැස්බෑවා මහ සයුරේ කිලෝමීටර් 13,000ක් පමණ ප්‍රදේශයක සැරිසරා තිබෙනවා. නමුත් කිසිවිටෙක කැස්බෑවාට උගේ උපන් ගම අමතක වෙන්නේ නැහැ.

වරදින්නේ නැතුව උපන් ගමට එන්න කැස්බෑවාට පාර කියන්නේ කවුද? එම ප්‍රශ්නයට එක්සත් ජනපදයේ ජීව විද්‍යාඥයෙක් වන කෙනත් ලෝමන් මෙවැනි පිළිතුරක් දෙනවා. “කැස්බෑවන්ට උපතෙන්ම ඒ හැකියාව ලැබෙනවා. ඒක හරියට උන්ගේ මනසේ මාලිමා යන්ත්‍රයක් තිබෙනවා වගෙයි.” පෘථිවියේ තිබෙන චුබ්බක ක්ෂේත්‍රයේ ප්‍රබලත්වය අනුව තමන් සිටින ස්ථානය නිර්ණය කිරීමට කැස්බෑවන්ට හැකියාව තිබෙන බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. මේ නිසා පුංචි කැස්බෑවෙකුට වසර ගණනාවක් අත්ලාන්තික් සාගරයේ සංචාරය කර, බිත්තර දමන කාලයේදී නැවත තමන්ගේ උපන් ගම වෙත පැමිණිය හැකියි.

ඔබේ නිගමනය කුමක්ද? කැස්බෑවෙකුට නැවත උගේ උපන් ගමට පැමිණීමේ හැකියාව ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එයට බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවාද?

[25වන පිටුවේ කොටුව]

ඔබ දන්නවාද?

● ගැහැනු සතෙකු බිත්තර දමා නැවත මුහුදට යනවා.

● කැස්බෑ පැටවුන්ට බිත්තරය කඩාගැනීම සඳහා කුඩා හොටක් වැනි කොටසක් තිබෙන අතර පසුව එය වැටී යනවා.

● කැස්බෑවන් උන්ගේ ජීවිත කාලයෙන් සියයට 90ක්ම ගත කරන්නේ සාගරයේයි.

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Masa Ushioda/​WaterF/​age fotostock