Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

අවුරුදු එකහමාරක් ඇතුළත, “පැහැරගෙන ගොස් තිබූ කාන්තාවන් 10,621දෙනෙක් හා දරුවන් 5,896දෙනෙකුව මුදවාගැනීමට චීනයේ පොලිසියට හැකි වුණා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් 15,673දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.—CHINA DAILY, CHINA.

“පාසැල් ශිෂ්‍යාවන්ට අතවර කිරීම හේතුවෙන් පසුගිය අවුරුදු දෙක ඇතුළතදී කෙන්යාවේ ගුරුවරු 1,000කට වඩා වැඩි පිරිසකට තම රැකියා අහිමි වී තිබෙනවා. කලින් සිතුවාටත් වඩා මෙම ප්‍රශ්නය උග්‍ර වී ඇති බව වාර්තා වෙනවා.”—DAILY NATION, KENYA.

සමේ වර්ණය දුඹුරු පැහැ කරගැනීමට කෘතිම ලෙස කිරණ භාවිත කරන අයට සමේ පිළිකා සෑදීමේ ප්‍රවණතාව සියයට 75කින් පමණ වැඩි බව සමීක්ෂණයකින් හෙළි වුණා. එවැනි අයට සමේ පිළිකා සෑදීමට තිබෙන ප්‍රවණතාව සාමාන්‍ය කෙනෙකුට වඩා තුන් ගුණයකින් වැඩියි.—CANCER EPIDEMIOLOGY, BIOMARKERS & PREVENTION, U.S.A.

“විවාහ වීමට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැරදි බව පිළිගන්නේ කැනඩාවේ අවිවාහක ස්ත්‍රීන්ගෙන් සියයට 8ක් පමණයි. තවත් සියයට 74ක් විවාහ නොවී එකට ජීවත් වෙනවා.”—WEDDINGBELLS, CANADA.

අපවිත්‍ර ජලය මාරාන්තිකයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ එක් වාර්තාවක පෙන්නුම් කළේ “යුද්ධ ඇතුළු සියලුම සැහැසික ක්‍රියාවලින් මිය යන සංඛ්‍යාවට වඩා, අපවිත්‍ර ජලය හේතුවෙන් මිය යන සංඛ්‍යාව වැඩියි” කියායි. එහි තවදුරටත් සඳහන් වුණේ ගංගා හා මුහුදට, සෑම දිනකම කැළි කසළ හා අපද්‍රව්‍ය ටොන් මිලියන දෙකක් එකතු වන බවයි. මේ නිසා විවිධ ලෙඩ රෝග බෝ වන අතර පරිසර පද්ධතියටත් එය බෙහෙවින් බලපානවා. සෑම තත්පර 20කටම වරක් වයස අවුරුදු පහෙන් පහළ දරුවෙක් අපවිත්‍ර ජලය හේතුවෙන් මිය යනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක් අධ්‍යක්ෂකවරයෙක් පැවසුවේ “ලෝකය බේරාගැනීමට නම් අපද්‍රව්‍ය ඉවතලීම ගැන අපි මීට වඩා සැලකිලිමත් විය යුතු” බවයි.

කතාවට උර දෙන ගායනය

අංශභාගය වැලඳීම නිසා කතා කිරීම අහිමි වූ අයට ගායනය මගින් නැවත කතා කිරීමේ හැකියාව ලබා දීමට ස්නායු විශේෂඥයන්ට හැකි වී තිබෙනවා. ඒ නිසා ඔවුන් රෝගීන්ට පවසන්නේ තමාගේ සිතේ ඇති දේ ගීයකින් පවසන්න කියායි. මේ ක්‍රමය මගින් විශාල වෙනසක් සිදු කිරීමට හැකි වී තිබෙනවා. මෙම ප්‍රතිකාරයෙන් සති 15කට පසුව “ගායනය කරනවා වෙනුවට වචන නිසි ලෙස උච්චාරණය කරමින් කතා කිරීමට ඔවුන්ට හැකි වෙනවා” කියා එක් පුවත්පතක සඳහන් වුණා.—The Wall Street Journal.

පන්ති කාමරයෙත් වංචා

කැනඩාවේ විශ්ව විද්‍යාලවල සිසුන්ගෙන් 20,000ක් සමීක්ෂණයකට ලක් කළා. ඔවුන්ගෙන් සියයට 73ක් පැවසුවේ “උසස් පෙළ කරන කාලයේදී ඔවුන් විභාගවලින් සමත් වුණේ වංචනික දේවල් කළ නිසා” කියායි. එක් විශ්වවිද්‍යාලයකින් පළ වූ වාර්තාවකින් හෙළි වුණේ 2003 සිට 2006 කාලය ඇතුළත මෙම තත්වය සියයට 81කින් වැඩි වී තිබෙන බවයි. “පසුගිය වසර දහය ඇතුළත අන්තර්ජාලය හා අලුත්ම පන්නයේ උපකරණ නිසා පන්ති කාමරයේ හොර වැඩ කෙරෙන ප්‍රමාණය වැඩි වී තිබෙනවා” කියා මහාචාර්යය පෝල් කැපන් පැවසුවා.