Skip to content

පටුනට යන්න

ප්‍රශ්නවලට තුඩු දුන් කවියක්!

ප්‍රශ්නවලට තුඩු දුන් කවියක්!

ප්‍රශ්නවලට තුඩු දුන් කවියක්!

“මා මිය ගොස් නැත

සොහොන හිස්ව ඇත

මා වෙනුවෙන් නොහඬන්න.”

● ඉහත සඳහන් වන්නේ ඉංග්‍රීසි කවියකින් පරිවර්තනය කළ කොටසක්. මෙම කවිය ලියූ පුද්ගලයා කවුද කියා කිසිවෙක් දන්නේ නැහැ. සමහර අය පවසන්නේ එය රතු ඉන්දියානුවන් අවමංගල්‍ය කටයුතුවලදී කරන යාච්ඤාවක් කියායි. කෙසේවෙතත් පසු ගිය කාලයේදී ලොව පුරා බොහෝදෙනාට එම ඉංග්‍රීසි කවිය මහත් සහනයක් ගෙන දී තිබෙනවා.

මීට අවුරුදු කිහිපයකට පෙර මෙම කවිය ජපානයේ ජනප්‍රිය ගීයක් බවට පත් වුණා. නමුත් මේ ගීතයේ අර්ථය පිළිබඳව බොහෝ ප්‍රශ්න මතු වුණා. ඊට හේතුව ජපාන වැසියන්ගෙන් බහුතරයක්, තම මිය ගිය ඥාතීන් ඔවුන්ගේ සොහොනේ ජීවත් වන බව විශ්වාස කිරීමයි. නමුත් මේ ගීතයත් සමඟම මතු වන ප්‍රශ්නය වන්නේ “කෙනෙක් මරණයෙන් පසුව ඉන්නේ කොතැනකද” යන්නයි.

ජපානයේ සිටින බෞද්ධ අය, මිය ගිය ඥාතීන් වෙනුවෙන් විවිධ චාරිත්‍ර වාරිත්‍ර පවත්වනවා. ඒ වුණත් ‘කෙනෙක් මරණයෙන් පසුව ඉන්නේ කොතැනකද’ යන ප්‍රශ්නයට තවමත් ඔවුන්ට පිළිතුරක් ලැබී නැහැ. ඒත් එක්කම ‘වෙනත් ආගමක කෙනෙක් මිය ගිය විට ඔහු ඉන්නේ කොතැනකද,’ ‘මිය ගිය අයගෙන් කිසි ප්‍රතිචාරයක් නොලැබෙන්නේ ඇයි’ වැනි ප්‍රශ්නද මතු වෙනවා.

බොහෝ අය පවසන්නේ එම ප්‍රශ්නවලට පිළිතුරු නැති නිසා ඒ සඳහා කාලය යෙදවීම නිෂ්ඵල දෙයක් කියායි. නමුත් ඔබ එම ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් සිටිනවා විය හැකියි. එසේනම් ඔබට බයිබලය තුළින් ඒ සඳහා නිවැරදි පිළිතුරක් සොයාගන්න පුළුවන්. එහි සඳහන් දෙය ගැන අපි සලකා බලමු

යෙහෝවා දෙවි, මුල් මිනිස් යුවළ නිර්මාණය කර ඔවුන්ට සතුටින් ජීවත් විය හැකි පාරාදීස පොළොවක් ලබා දුන්නා. ඔවුන් දෙවිට කීකරු වුණා නම් ඔවුන්ට මේ පොළොව මත සදාකල් ජීවත් වීමට හැකි වුණා. නමුත් ඔවුන් දෙවිට අකීකරු වූ නිසා එම අනගි වරප්‍රසාදය අහිමි වී ගියා. ඒත් සමඟම අවසානයේදී සිදු වන දේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වුණා. “ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”—උත්පත්ති 2:7; 3:19.

ජපානයේ මිනී අළු තැන්පත් කර තිබෙන සුසාන භූමියක් බලාකියා ගන්නා කෝෆූ මෙවැනි දෙයක් පැවසුවා. “මිනී අළු තැන්පත් කරලා අවුරුදු පහක් ගියාට පස්සේ තියෙන්නේ තැන්පත් කරන කොට තිබුණු ප්‍රමාණයෙන් භාගයයි. අවුරුදු දහයකින් පස්සේ බලනකොට කිසිම දෙයක් නැහැ.” අපේ ශරීරය සාදා තිබෙන්නේ පස්වල අඩංගු මූලද්‍රව්‍යවලින් නිසා මරණයෙන් පසුව නැවත ඒවා පසට එකතු වෙනවා.

පුද්ගයෙක් මිය ගිය විට ඔහුගේ කිසිවක් නොමැරී ඉතිරි වන්නේ නැහැ. නමුත් අපි මිය ගියත් අපිව නිර්මාණය කළ දෙවිට අපව අමතක වෙන්නේ නැහැ. (මතෙව් 10:29-31) දෙවිගේ මතකයේ සිටින සියලුදෙනාටම ඔහු නැවත ජීවිතය ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා.—යෝබ් 14:13-15; යොහන් 11:21-23, 38-44.

මේ විෂය ගැන වැඩි විස්තර දැනගැනීමට ඔබත් කැමති නම් මේ සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න. නැත්නම් www.watchtower.org නමැති වෙබ් අඩවියෙන් තොරතුරු ලබාගත හැකියි.