Skip to content

පටුනට යන්න

2වන පිටුව

2වන පිටුව

2වන පිටුව

කිරිකැටියාගේ අනාගතය ඔබේ අතෙයි!

ඔබේ කිරිකැටියා යම් දිනක තනිවම තීරණ ගන්නා වැඩිහිටියෙකු බවට පත් වෙනවා. බයිබලයේද පවසන්නේ දිනක “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී” යන බවයි.—උත්පත්ති 2:24.

දරුවෙකු නිවසින් පිට වී යන දවසේදී දෙමාපියන්ට සතුටක් වගේම යම් දුකක්ද ඇති වෙනවා. එවැනි මොහොතකදී ඔවුන්ගේ මනසට නැඟෙන්නේ ‘දරුවා හොඳින් රස්සාව කරගෙන ඉඳියිද,’ ‘ගෙදර දොර පිළිවෙළකට තියාගනියිද,’ ‘හම්බ කරන සල්ලි නාස්ති කරගනියිද,’ වැනි ප්‍රශ්නයි. ඒ වගේම ‘අපි කියලා දුන්න යහපත් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙයිද’ යන ප්‍රශ්නයද විශේෂයෙන්ම මතු වෙනවා.—හිතෝපදේශ 22:6; 2 තිමෝති 3:15.

දරුවෙකුගේ විවිධ වයස් මට්ටම්වලදී ඔහුව පුහුණු කරන්නේ කොහොමද කියා මෙම විශේෂ පිබිදෙව්! කලාපයේ සාකච්ඡා කරනවා. දෙමාපියනි, මෙය ඔබට මහඟු උපකාරයක් වෙයි.