Skip to content

පටුනට යන්න

යොවුන් සිතේ ගැටලු

රැස්වීම්වලට යන්නම ඕනෙද?

රැස්වීම්වලට යන්නම ඕනෙද?

රැස්වීම්වලට යන්නේ සතුටින්ද?

ඔව්

ඒ දේ දිගටම කරන්න

නැහැ

කරන්න පුළුවන් මොනවද?

බයිබලයේ ක්‍රිස්තියානීන්ට ආඥා කර තිබෙන්නේ රැස්වීම්වලට යන්න කියායි. (හෙබ්‍රෙව් 10:25) නමුත් රැස්වීම්වලට ගියත් ඔබට සතුටක් ලැබෙන්නේ නැත්නම් හෝ වෙන කොහේ හරි ගියා නම් මීට වඩා හොඳයි කියා සිතෙනවා නම් කුමක් කළ හැකිද? පහත සඳහන් යෝජනා අත්හදා බලන්න.

1. නොකඩවා යන්න

බයිබල් පදය: ‘සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමට අප වගබලා ගත යුතුයි.’—හෙබ්‍රෙව් 10:25.

අකමැති දෙයක් දිගටම කරන්න කියා පවසන්නේ ඇයි කියා ඔබ සිතනවා ඇති. නමුත් අකමැති දෙයකට කැමැත්තක් ඇති කරගැනීමට නම් ඒ දේ නොකඩවා කිරීම අත්‍යවශ්‍යයි. උදාහරණයකට ඔබ යම් ක්‍රීඩාවකට අකමැතියි කියා සිතන්න. ඒ නිසා ඔබ කඩින් කඩ පුහුණුවීම්වලට යනවා නම් කවදාවත් ඒ ක්‍රීඩාව සඳහා කැමැත්තක් ඔබට ඇති වෙන්නේ නැහැ. ඒත් දිගටම පුහුණුවීම්වලට ගියොත් ඒ ක්‍රීඩාවට ආශාවක් ඇති වී ඔබ දක්ෂ ක්‍රීඩකයෙක් වෙයි. ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම ගැන කිව හැක්කෙත් එයමයි. ඔබ රැස්වීම්වලට නොකඩවා යන විට ඔබට ඒ සඳහා ආශාවක් ඇති වෙන අතර ඔබ ඉන් බොහෝ ප්‍රයෝජන ලබයි.—මතෙව් 5:3.

අත්හදා බලන්න: සෑම රැස්වීමක් අවසානයේදීම කතා ඉදිරිපත් කළ එක් කථිකයෙකුට හරි ඔහුගේ කොටසින් ඔබ ඉගෙනගත් දෙයක් ගැන ඔහුට ස්තුති කරන්න. රැස්වීමට යෑමෙන් ඔබ ලැබූ ප්‍රයෝජනයක් ලියන්න. සාමාන්‍යයෙන් රැස්වීම්වලදී වැඩියෙන්ම උනන්දු කරන්නේ දේවසේවය සඳහායි. ඔබේ විශ්වාසයන් ගැන අන් අයට කතා කරන්න ඉලක්කයක් තියාගන්න. එවිට ඔබ ඉගෙනගත් තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වෙන ආකාරය ඔබ තේරුම්ගනියි.

“පුංචි කාලේ ඉඳන්ම මම දැනගෙන හිටියා රැස්වීම්වලට යන එක අනිවාර්යයි කියලා. ඒක කවදාවත් අතපසු කරන්න බැහැ කියලා මම තේරුම්ගත්තා. මම තාමත් හිතන්නේ ඒ විදිහටයි.”—කෙල්සි.

නිගමනය: වැඩි සතුටක් හා ප්‍රයෝජන ලබන්නේ නොකඩවා රැස්වීම් යන අයයි.

2. අවධානය දෙන්න

බයිබල් පදය: “ඔබ හොඳින් සවන් දෙනවාද කියා සිතා බලන්න.”—ලූක් 8:18.

කෙනෙක් සවන් දෙන දේවලින් සියයට 60ක්ම අමතක වී යනවා කියා පර්යේෂකයන් පවසනවා. ඒ නිසා ඔබ සවන් දෙන දේවල් මතක තබාගන්න නම් යම් දේවල් කිරීම අවශ්‍යයි.

අත්හදා බලන්න: දෙමාපියන් සමඟ ඉදිරි අසුන්වල වාඩි වෙන්න. එවිට හොඳින් අවධානය දිය හැකියි. සටහන් ගන්න. එවිට ඔබේ අවධානය කථිකයා දෙසට යොමු කර තබාගැනීම පහසු වෙයි. ඒ වගේම ඔබ ගන්නා සටහන් පසු කාලයේදී ඔබට ප්‍රයෝජනවත් වෙයි.

“මුලදී මට රැස්වීම්වලට අවධානය දෙන්න හුඟක් අමාරු වුණා. ඒත් රැස්වීම්වලට යන්නේ නිකං පුරුද්දක් හැටියට නෙවෙයි කියලා මම තේරුම්ගත්තා. ඇත්තටම රැස්වීම් කියන්නේ දෙවිට කරන නමස්කාරයක්. ඒ වගේම අපේ ජීවිතයට ප්‍රයෝජනවත් දේවල් ඉගෙනගන්නත් ලැබෙනවා.”—කැත්ලීන්.

නිගමනය: රැස්වීමට ගිහින් අවධානය නොදී එනවා කියන්නේ සාදයකට ගිහින් නොකා එනවා වගෙයි.

3. සහභාගි වෙන්න

බයිබල් පදය: “යකඩින් යකඩ මුවහත් වෙයි. එසේම, මිනිසෙකුට දියුණු වීමට තවත් මිනිසෙකුට උපකාර කළ හැක.”—හිතෝපදේශ 27:17.

රැස්වීමට පැමිණීමත්, සහභාගි වීමත් වටිනා දෙයක් ලෙස සලකන්න. ඔබ දෙන පිළිතුරු වගේම අන් අය සමඟ කරන ඇසුරත් බොහෝ සෙයින් වටිනවා.

නිගමනය: රැස්වීමේදී එක පිළිතුරක් හෝ දීමට වෑයම් කරන්න. පිරිසිදු කිරීමේ හෝ වෙනත් වැඩවලට කැමැත්තෙන්ම හවුල් වෙන්න. සාමාන්‍යයෙන් කතා කිරීමට හමු වෙන්නේ නැති කෙනෙකු සමඟ කතා කරන්න ඉලක්කයක් තබාගන්න.

“මම 14දී 15දී විතර මයික් අල්ලන්න, වේදිකාවේ පුංචි පුංචි වැඩවලට උදව් වුණා. ඒ වගේ දේවල් කරනකොට මම රැස්වීම් යන එක අත්‍යවශ්‍යයි කියලා මට තේරුණා. නමස්කාරයට අදාළ දේවල් අගය කරන්න ඒක මට ලොකු උපකාරයක් වුණා.”—මයිල්ස්.

නිගමනය: රැස්වීමට ගිහින් නිකන්ම ඉඳගෙන ඉඳලා එන්න එපා. සහභාගි වෙන්න.

පිබිදෙව්! කලාපයේ පළ වන “යොවුන් සිතේ ගැටලු” යන ලිපි පෙළේ තවත් ලිපි අවශ්‍ය නම් www.pr418.com වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

[21වන පිටුවේ කොටුව/පින්තූර]

ඔබටත් ආරාධනාවක්!

ඔබ කැමතිද . . .

● දෙවි ගැන සත්‍යය ඉගෙනගන්න?

● යහපත් කෙනෙක් වෙන්න?

● හොඳ මිතුරන් ඇති කරගන්න?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලින් ඔබට ඒවා අත් කරගත හැකියි. ඒ විතරක් නොවෙයි තවත් බොහෝ ප්‍රයෝජන ලැබෙයි. සතියකට දෙසැරයක් ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානවල රැස්වීම් පවත්වනවා. මුදල් එකතු කරන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට පැමිණෙන්න පුළුවන්.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථාන අනික් ආගමික සිද්ධස්ථානවලට වඩා වෙනස්. ඔවුන්ගේ රැස්වීම්වලදී බයිබලයේ දැනුම ලබා දෙන අතර ඒ දැනුම ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් වන ආකාරයද පෙන්වා දෙයි.—ද්විතීය කතාව 31:12; යෙසායා 48:17.

සයි—මම මුල්ම වතාවට නමස්කාර මධ්‍යස්ථානයට ගියාම මට පුදුම හිතුණා. එතන පිළිම තිබුණේ නැහැ, කවුරුත් පූජකයන් වගේ ඇඳගෙන හිටියෙත් නැහැ, සල්ලි එකතු කෙරුවෙත් නැහැ, හැමෝම මාව ආදරයෙන් පිළිගත්තා. මම අමුත්තෙක් කියන හැඟීම මට ඇති වුණේ නැහැ. රැස්වීමේදී කියපු දේවලුත් හරිම වටිනවා. ඒවා මට හොඳින් තේරුණා. මම හොයපු දේ මට හම්බවුණා.

ඩයානිරේ—මුලින්ම මම රැස්වීමකට යනකොට මගේ වයස 14යි. හැමෝම මාව ආදරයෙන් පිළිගත්තා. මම ආපු එක ගැන එයාලා සතුටු වෙනවා කියලා මට දැනුණා. ඒ අය පෙන්නුවේ අවංක සැලකිල්ලක්. මේ හේතු නිසාම මට ආපහු යන්න ආස හිතුණා.

[22වන පිටුවේ කොටුව/පින්තූර]

ඊළඟ රැස්වීමේදී සලකා බලන්නේ මොන වගේ තොරතුරුද කියලා සොයා බලන්න. ඔබ ආශා කරන කොටසක් තෝරාගන්න.

කපාගන්න

රැස්වීමට යන්න කලින් රැස්වීමෙන් පසු

මේ ටික සම්පූර්ණ මේ ටික සම්පූර්ණ

කරන්න. කරන්න.

සිත්ගත් කොටස: මම ඉගෙනගත් දේ:

․․․․․ ․․․․․

⇩ ⇩

මම ඉගෙනගන්න මගේ සිතට කාවැදුණු

බලාපොරොත්තු කරුණ ගැන කථිකයාට

වන දේ: පැවසිය හැකි දේ:

․․․․․ ․․․․․