Skip to content

පටුනට යන්න

පවුලේ සැමට

පවුලේ සැමට

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

යොහන් 2:13-17 දක්වා කියවන්න. දැන් මෙම පින්තූරයේ ඇති අඩුපාඩු හතරක් සඳහන් කරන්න. පින්තූරය පාට කරන්න.

1 ․․․․․

2 ․․․․․

3 ․․․․․

4 ․․․․․

සාකච්ඡා කරන්න:

යේසුස් එම මිනිසුන්ව දේවමාලිගාවෙන් එළවා දැම්මේ ඇයි?

හෝඩුවාව: මාක් 11:17 කියවන්න.

දේවමාලිගාවේ විකිණීම හා මිල දී ගැනීම වැරදි ඇයි?

හෝඩුවාව: 2 කොරින්ති 2:17 කියවන්න.

දෙවි සතුටු වන්නේ අප කුමන ආකල්පයකින් ඔහුට සේවය කරනවාටද?

හෝඩුවාව: මතෙව් 22:36-40; 1 පේතෘස් 5:2 කියවන්න.

පවුලම එකතු වන්න:

යෙහෝවා දෙවිට සහ අන් අයට ප්‍රේමය පෙන්වන්න පුළුවන් එක් ආකාරයක් ගැන චිත්‍රයක් අඳින්න, නැත්නම් ලියන්න. ඔබේ කොළය පවුලේ අයට පෙන්වන්න. ඒ සඳහා පවුලේ සියලුදෙනාටම හවුල් වීමට දවසක් යොදාගන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 16 තිමෝති

ප්‍රශ්න

අ. හිස් තැන් පුරවන්න. තිමෝතිගේ මව වූ ________ සහ ආච්චි වූ ________ ඔහුගේ ________ පටන්ම “ශුද්ධ ලියවිල්ල ගැන අවබෝධයක්” ලබා දුන්නා.

ආ. තිමෝතිගේ යෞවන කාලයේදී ඔහු භාරගත් විශේෂ පැවරුම කුමක්ද?

ඇ. තිමෝති ගැන පාවුල් මෙසේ පැවසුවා. “පියෙකු සමඟ සිටින දරුවෙක් මෙන් . . . ”

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ ක්‍රිස්තු වර්ෂ බයිබලයේ අවසන්

පළමු සියවස අතරතුරේදී පොත ලිව්වා

[සිතියම]

ජීවත් වුණේ ලිස්ත්‍රාවේ වුණත් ඉකෝනියේ සිටි සහෝදරයන් අතරද හොඳ නමක් දිනා සිටියා

ලිස්ත්‍රාව

ඉකෝනිය

යෙරුසලම

තිමෝති

තොරතුරු.

ඔහුගේ පියා දෙවිට නමස්කාර නොකළ කෙනෙක් වුණත් ඔහු ‘කතා කරන ආකාරයෙන්ද හැසිරීමෙන්ද ප්‍රේමයෙන්ද විශ්වාසයෙන්ද නිර්මලකමින්ද දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට ආදර්ශයක්’ වුණා. (1 තිමෝති 4:12) ඒ වගේම “භක්තිය වැඩි කරගැනීමේ අරමුණින් පුහුණු වන්න” යන බයිබල් උපදෙසද ඔහු අදාළ කරගත්තා. (1 තිමෝති 4:7) වසර 15ක් පමණ පාවුල්ගේ සහායකයා ලෙස සේවය කළා.

පිළිතුරු

අ. යූනිස්, ලොයිස්, ළදරු කාලයේ.—2 තිමෝති 1:5; 3:14, 15.

ආ. පාවුල් සමඟ සංචාරක සේවයේ හවුල් වීමට.—ක්‍රියා 16:1-5.

ඇ. “. . . ඔහු මා සමඟ ශුභාරංචිය වෙනුවෙන් මහත් කැප වීමකින් යුතුව සේවය කළේය.”—ෆිලිප්පි 2:22.

ජාතීන් හා දේශ

5. අපේ නම් ගාබ්‍රියෙලා සහ රාඋල්. අවුරුදු හයයි. අවුරුදු නවයයි. අපි ජීවත් වෙන්නේ බ්‍රසීලයේ. එහි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිටින්නේ 4,67,000ක්ද, 6,07,000ක්ද නැත්නම් 7,20,000ක්ද?

6. සිතියමේ අපේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. ඒ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද කියා බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

“පවුලේ සැමට” යන කොටසේ තවත් පිටපත් ලබාගැනීම සඳහා www.pr418.com යන වෙබ් අඩවියට පිවිසෙන්න

● පිළිතුරු 25වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. යේසුස් භාවිත කළේ කඩුවක් නොව කසයක්.

2. ඔවුන් වෙළඳාම් කළේ ගවයන් හා බැටළුවන් මිස ඌරන් නොවෙයි.

3. ඔවුන් වෙළඳාම් කළේ බකමූණන් නොව පරවියන්.

4. යේසුස් විසි කළේ මුදල් නෝට්ටු නොව කාසි.

5. 7,20,000.

6. 3.