Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

ජල අර්බුදයට විසඳුමක් පෙන්වා දෙන කුරුමිණියා

ජල අර්බුදයට විසඳුමක් පෙන්වා දෙන කුරුමිණියා

● ලෝක ජනගහනයෙන් මිලියන 900ක් පමණ පානීය ජල අර්බුදයට මුහුණ දෙනවා. “දුප්පත් මිනිසුන්ට වතුර ටික හොයාගන්න ගව් ගණනක් දුර ඇවිද යන්න සිදු වීම මොන තරම් කනගාටුදායකද!” එසේ පැවසුවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ ඉන්ජිනේරුවෙක් වන ශ්‍රීරෑං චාට්රේ. මෙයට විසඳුමක් ගෙනෙන්න චාට්රේ සහ ඔහුගේ කණ්ඩායම පිනි බින්දු එකතු කරගැනීමට යම් තාක්ෂණික ක්‍රමයක් සෙවීමට වෙහෙසෙනවා. මේ සඳහා ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ එක්තරා කුරුමිණියෙකුටයි. ඒ අප්‍රිකාවේ නැමීබියානු කාන්තාරයේ වෙසෙන නැමීබ් නම් කුරුමිණියායි.

මේ ගැන සිතන්න: නැමීබියානු කාන්තාරය හිමිදිරි උදෑසන මීදුමෙන් වැසී යන්නේ ගතට සිතට සිසිලස කැන්දවමින්. මේ වේලාවට නැමීබ් කුරුමිණියාත් ලහි ලහියේ එළියට පහළට බැස සුළං හමන දිශාවට පිටු පා නිසොල්මනේ සිටියි. * මේ සතාගේ පිටේ කුඩා ගැටිති පිහිටා තිබෙනවා. මේ ගැටිතිවලට හැකියි කුඩා පිනි බින්දු ආකර්ෂණය කරගන්න. මේ කුඩා පිනි බින්දු එකතු වී විශාල දිය බින්දුවක් වූ විට එය ගැටිති අතර ඇති සිහින් කානු දිගේ පහළට ඇවිත් කටට වැටෙනවා.

චාට්රේ සහ ඔහුගේ කණ්ඩායමට අවශ්‍ය වන්නේ මේ ක්‍රමය යොදාගෙන මිනිසුන්ගේ ජල අවශ්‍යතාව සපුරාලීමටයි. කුරුමිණියන්ට වගේ නොවෙයි මිනිසුන්ගේ ජල අවශ්‍යතාව විශාලයි. එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට විශාල මුදලක් වැය වීමත් අභියෝගයක්. ඒ නිසා මෙය තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ කියා ඔහු තවදුරටත් පවසනවා.

ඔබේ නිගමනය කුමක්ද? නැමීබ් කුරුමිණියාට ජලය ආකර්ෂණය කිරීමේ හැකියාව ඇති තටු දෙකක් ලැබුණේ පරිණාමය වීමෙන්ද? නැත්නම් එය නිර්මාණයක්ද?

[පාදසටහන]

^ 4 ඡේ. මේ හා සමාන ක්‍රමයක් වෙනත් කෘමීන්ද අනුගමනය කරනවා.

[22වන පිටුවේ පින්තූරය]

පිට දිගේ ගලා එන දිය බින්දු

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තරය]

Photo: Chris Mattison Photography/photographersdirect.com