Skip to content

පටුනට යන්න

වෙනස් වන්නේ කුමක්ද?

වෙනස් වන්නේ කුමක්ද?

වෙනස් වන්නේ කුමක්ද?

‘ජාතීන් තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේ නැත.’

“කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”

“මරණය තවත් නොවන්නේය.”

ඉහත සඳහන් වදන් කිසිදාක ඉටු නොවන සිහින කියා කෙනෙකුට සිතිය හැකියි. නමුත් ඒවා හුදු වචනවලට පමණක් සීමා වූ ඒවා නොවේ. එම පොරොන්දු දී තිබෙන්නේ මේ ලෝකය වෙනස් කිරීමට හැකියාවක් නැති දේශපාලඥයන් නොව බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවියි. *

බොහෝදෙනෙක් සිතන්නේ බයිබලය යල් පැන ගිය ග්‍රන්ථයක් ලෙසයි. ඔබේ අදහසත් එයමද? නමුත් ඇත්තටම බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද කියා සොයා නොබලන්නේ මන්ද? මිනිස් ඉතිහාසයේ ආරම්භය ගැන සඳහන් වන එකම ශුද්ධ ග්‍රන්ථය බයිබලයයි. එහි පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත හැකියි.

● මිනිසාගේ ජීවිතය දුක්ඛිත තත්වයකට ඇද වැටුණේ කෙසේද?—රෝම 5:12.

● මිනිසාව එම තත්වයෙන් මුදවාගැනීමට දෙවියන් කිනම් පියවරක් ගෙන තිබේද?—යොහන් 3:16.

● ආණ්ඩුවලට මේ ලෝකය වෙනස් කිරීමට හැකියාවක් නැත්තේ මන්ද?—යෙරෙමියා 10:23.

● දෙවිට මේ ලෝකය වෙනස් කළ හැකි බව විශ්වාස කළ හැක්කේ මන්ද?—යොෂුවා 23:14.

පහත කාරණා ඔබට විශ්වාස කළ හැකි නම් ආහාර හිඟය, යුද්ධ, ලෙඩ දුක් හා මරණය දෙවි නැති කරයි කියා විශ්වාස කිරීම ඔබට අපහසු නොවේ.

1. අපගේ නිර්මාතෘ යෙහෝවා දෙවියි.

2. ඔහු අප ගැන සැලකිලිමත්.

3. මේ ලෝකය වෙනස් කිරීමට ඔහුට බලය තිබේ.

4. එය කිරීමට ඔහු කැමැත්තෙන් සිටියි.

ඉහත කරුණු පිළිගැනීමට ඔබට හේතු තිබේද? බයිබලය අධ්‍යයනය කර එය සහතික කරගන්න කියා මෙම සඟරාවේ ප්‍රකාශිතයන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබට ආරාධනා කරයි.

ඔබ ළඟ බයිබලයක් තිබුණත් එය කියවන්නේ කලාතුරකින් විය හැකියි. නැත්නම් කිසිවිටකත් කියවා නැතුව ඇති. බයිබලය කියවන බොහෝදෙනෙක් පවසන්නේ ඔවුන්ට එය තේරුම්ගැනීමට අපහසු බවයි. ඔබටත් එසේ හැඟෙනවා නම් ඔබේ නිවසටම පැමිණ බයිබලයේ සඳහන් දේ තේරුම් කර දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට හැකියි. මෙම අධ්‍යාපනික වැඩසටහන මිලියන ගණන් ජනයාට ප්‍රයෝජනවත් වී තිබේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අයුරු පහත සඳහන් වේ.

සතියකට වතාවක් ඔබගේ නිවසට හෝ ඔබට පහසු ස්ථානයකට සාක්ෂිකරුවෙක් හෝ දෙදෙනෙක් පැමිණ බයිබලයේ සඳහන් තොරතුරු ඔබට පහදා දෙයි. ඒ සඳහා කිසිදු මුදලක් අය කරන්නේ නැත. අප දුක් විඳින්නේ ඇයි? ආණ්ඩුවලට මේ ලෝකය වෙනස් කළ නොහැක්කේ මන්ද? දේවරාජ්‍ය යනු කුමක්ද? මිනිසුන්ගේ ආණ්ඩුවලට කළ නොහැකි දේ, දේවආණ්ඩුව ඉටු කරන්නේ කෙසේද? එම ප්‍රශ්නවලට ඔබට බයිබලයෙන් පිළිතුරු ලබාගත හැකියි. *

ඔබේ නිවසට පැමිණ බයිබලය පිළිබඳව කෙරෙන සාකච්ඡාවෙන් ප්‍රයෝජන ලබාගත හැකි ආකාරය ගැන තවත් තොරතුරු ලබාගැනීමට ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න. නැත්නම් මෙම සඟරාවේ පස්වන පිටුවේ ඇති සුදුසු ලිපිනයකට ලියන්න. එසේත් නැත්නම් www.pr418.com යන වෙබ් අඩවියට පිවිසෙන්න.

[පාදසටහන්වල]

^ 5 ඡේ. ඉහත සඳහන් වදන් රැගෙන තිබෙන්නේ බයිබලයේ යෙසායා 2:4; 33:24 සහ එළිදරව් 21:4න්ය.

^ 18 ඡේ. මෙම සඟරාවේ 26වන හා 27වන පිටුවල ඇති “මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් කාටද?” යන ලිපිය බලන්න.