Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

එක්සත් ජනපදය

දුම් බොන කෙනෙක්ව ආයතනයක සේවයට ගැනීමෙන් දුම් නොබොන කෙනෙක්ව ගන්නවාට වඩා ඩොලර් 5,816ක අමතර වියදමක් දැරීමට සිදු වෙන බව එක් සඟරාවක සඳහන් වෙනවා. (New York Times) දුම් වැටි බීමට ගත වන කාලය, වෛද්‍ය පහසුකම්වලට වැඩි මුදලක් වැය වීම, නිතරම වැඩ අතපසු කිරීම සහ දුම් බීමට ඇබ්බැහි වීමෙන් ඇති වෙන අතුරු ආබාධ නිසා කාර්යක්ෂමතාව අඩු වීම වැනි දේවල් එයට හේතු වන බව පර්යේෂකයන් සොයාගත්තා.

ඉතාලිය

“පූජකයන් සහ ආගම අදහන්නන්, උගන්වන දේවල්වලට අනුව ක්‍රියා කරන්නේ නැති නිසා පල්ලිය ගැන මිනිසුන් තුළ තියෙන විශ්වාසය අඩුවෙලා.”—ෆ්රැන්සිස් පාප්වරයා.

මලයාසියාව

නිලධාරීන් විසින් ටොන් 24ක් බරැති ඇත්දළ දහසකට වඩා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ටෝගො සිට චීනය දක්වා ගෙන යමින් තිබූ මෙම ඇත්දළ සඟවා තිබුණේ ලී තොගයක් තුළයි. එය මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම ඇත්දළ තොගය බව පරිසර සංරක්ෂකයන් පවසනවා.

අප්‍රිකාව

ලෝක සෞඛ්‍යය සංවිධානයේ 2012 වසරේ වාර්තාවකට අනුව මරණවලින් සියයට 63ක් ඒඩ්ස්, පාචනය, මැලේරියාව, ක්ෂය රෝගය සහ ළමා රෝග වැනි බෝ වන රෝග නිසා සිදු වන බව වාර්තා වෙනවා.

ඕස්ට්‍රේලියාව

ස්මාට්ෆෝන් වැනි උපකරණවලට ඇතුළත් කළ හැකි සූදු ක්‍රීඩා දරුවන් අතර ඉතා ජනප්‍රියයි. ඉන් සමහර ඒවා කැසිනෝවල කරන ක්‍රීඩාවලට සමාන වන අතර ඒවා සකස් කර තිබෙන්නේ ඉක්මනින් දිනන්න පුළුවන් විදිහටයි. මෙවැනි දේවලින් ළමයින් සූදුවේ නියැලීමේ වරදක් නැහැයි කියා ඇඟවෙන නිසා අනාගතයේදී ඔවුන් සූදුවට ඇබ්බැහි වෙයි කියා රජයෙන් අනතුරු අඟවනවා.