Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

එක්සත් ජනපදය

වාහනවලින් පලා යන අපරාධකරුවන්ව ලුහුබඳිද්දී පොලිස් කාර්වල සවි කර ඇති උපකරණයකින්, වාහනය තිබෙන තැන සොයා දෙන GPS උපකරණයක් අපරාධකරුවන්ගේ වාහනයට විදිනවා. එය වාහනයේ ඇලෙන නිසා අපරාධකරුවන්ව සොයාගන්න පහසුයි. අත්හදා බලන මේ අලුත් ක්‍රමය නිසා වේගයෙන් වාහන ලුහුබඳින්න ඕන වෙන්නේ නැහැ.

ඉන්දියාව

දෑවැදි ප්‍රශ්නය නිසා සෑම පැයකට වරක්ම කාන්තාවක් මිය යනවා කියා වාර්තා වෙනවා. දෑවැදි දීමත් ගැනීමත් නීතියෙන් තහනම් කර තිබුණත් 2012දී කාන්තාවන් 8,200කට වඩා වැඩි දෙනෙක්ව මරා දමා තිබෙනවා. ඒ ඇගේ ස්වාමිපුරුෂයා හෝ ඔහුගේ පවුලේ අය දෑවැද්ද ගැන සෑහීමට පත් නොවුණ නිසයි.

ස්විට්සර්ලන්තය

තුරිතයන් (Tachymarptis melba) තුන්දෙනෙක්ගේ ඇඟේ සවි කළ ඉතා කුඩා සංවේදකවලින් හොයාගත්තේ උන් අප්‍රිකාවට සංක්‍රමණය කරද්දී එක දිගට නොනැවතී දවස් 200කට වඩා පියාඹන බවයි. මුලින් එවැනි හැකියාවක් තිබෙනවා කියලා වාර්තා වුණේ මුහුදු සත්වයන්ටයි.

අප්‍රිකානු තුඩුව

අප්‍රිකානු තුඩුවට ආසන්න මුහුදේ 2005 අප්‍රියෙල් මාසයේ සිට 2012 දෙසැම්බර් මාසය දක්වා කාලයේදී මුහුදු කොල්ලකරුවන් නැව් 179ක් පැහැරගෙන තිබෙනවා. එම අපරාධවලින් ඔවුන් කප්පම් මුදල් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 413ක් ලබාගෙන තිබෙනවා කියා ලෝක බැංකුව වාර්තා කරනවා.