Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | සාර්ථකත්වය කියන්නේ මොකක්ද?

ඔබ සාර්ථකත්වය මනින්නේ කොහොමද?

ඔබ සාර්ථකත්වය මනින්නේ කොහොමද?

ඔබ හිතන විදිහ තේරුම්ගැනීමට පහත සඳහන් තත්වයන් ගැන හිතලා බලන්න.

මේ අය අතරින් ඔබ සාර්ථකයි කියලා කියන්නේ කාටද?

  • අමල්

    අමල් ව්‍යාපාරිකයෙක්. ඔහු අවංක, මහන්සි වෙලා වැඩ කරන ගුණ යහපත් පුද්ගලයෙක්. දවසින් දවස ඔහුගේ ව්‍යාපාරය දියුණු වුණා. ඔහුත් ඔහුගේ පවුලේ අයත් ජීවත් වෙන්නේ සතුටින්.

  • කමල්

    කමල්ට තියෙන්නෙත් අමල්ට තියෙනවා වගේ ව්‍යාපාරයක්. ඒත් කමල් අමල්ට වඩා හම්බ කරනවා. ව්‍යාපාර ලෝකයේ තරඟකාරීත්වය නිසා කමල් මුළු කාලයම යොදවන්නේ වැඩවලට. ඔහුට අසනීපත් තියෙනවා.

  • ජනිතා

    ජනිතා පාසැල් ශිෂ්‍යයාවක්. ඇය උනන්දුවෙන් පාඩම් කරනවා. ඒ වගේම ඉගෙනගන්නත් ආසයි. විභාගයේදී හොඳින් ලකුණු ගන්නවා.

  • එරන්දි

    එරන්දි ජනිතාට වඩා ලකුණු ගන්නවා. ඒ වගේම පාසැලේ කැපීපෙනෙන ශිෂ්‍යයාවක්. ඒත් ඇය විභාගයේදී හොර කරනවා. ඉගෙනගන්නත් එච්චර කැමැත්තක් නැහැ.

ඔබ තේරුවේ කමල්ව සහ එරන්දිවද එහෙමත් නැත්නම් ඒ හතරදෙනාවමද? එහෙමනම් ඔබ සාර්ථකත්වය මනින්නේ කෙනෙක් ලබාගෙන තියෙන දේවල්වලිනුයි. ඒ දේවල් ලබාගත්ත විදිහ ඔබට වැදගත් නැහැ.

ඔබ තේරුවේ අමල්ව සහ ජනිතාව නම් ඔබ සාර්ථකත්වය මනින්නේ පුද්ගලයෙකුගේ ගතිගුණ සහ ඒ පුද්ගලයා වැඩ කරන විදිහ අනුවයි. එහෙම හිතන එක වැරදි නැහැ. මේ ගැන හිතන්න.

  • ජනිතාගේ ජීවිතයට හැමදාටම ප්‍රයෝජනයක් ලැබෙන්නේ, වැඩි ලකුණු ගන්න එකෙන්ද? නැත්නම් ඉගෙනගන්න තියෙන ආසාවෙන්ද?

  • අමල්ගේ දරුවන්ට වටින්නේ, සල්ලිද? නැත්නම් තමන් සමඟ කාලය ගත කරන තාත්තා කෙනෙක්වද?

නිගමනය: සාර්ථකත්වය කියන්නේ බාහිර දේවල්වලින් මනින්න පුළුවන් දෙයක් නෙමෙයි. කෙනෙක් සාර්ථක වෙන්නේ යහපත් ගතිගුණවලට මුල් තැන දෙමින් තමන්ගේ සිතුම් පැතුම් ඉටු කරගන්නවා නම් විතරයි.