Skip to content

පටුනට යන්න

පැරණි හෙබ්‍රෙව් අක්ෂරවලින් ලියවුණ දෙවියන්ගේ නම මුල් අත්පිටපත්වල හැම තැනකම වගේ දකින්න තියෙනවා

බයිබලයෙන් පිළිතුරක්

දෙවියන්ගේ නම

දෙවියන්ගේ නම

අද ගොඩක් අය දෙවියන්ව හඳුන්වන්න ස්වාමීන්, සාදාකාලික පියාණන්, අල්ලා වගේ ගෞරවනීය යෙදුම් පාවිච්චි කරනවා. ඒත් දෙවියන්ට පෞද්ගලික නමක් තියෙනවා. ඒ නමින් දෙවියන්ව හඳුන්වන එක වැදගත්ද?

දෙවියන්ගේ නම මොකක්ද?

සමහර මිනිස්සු කියන දේ:

 

ක්‍රිස්තියානීන් කියලා තමන්ව හඳුන්වාගන්න ගොඩක් අය කියන්නේ දෙවියන්ගේ නම යේසුස් කියලා. තවත් අය කියන්නේ ඉන්නේ එක සර්වබලධාරී දෙවි කෙනෙක් නිසා ඔහුව හඳුන්වන්න නමක් අවශ්‍ය නැහැ කියලා. තවත් සමහරු නමකින් දෙවියන්ව ආමන්ත්‍රණය කරන එක සලකන්නේ ඔහුට කරන අගෞරවයක් විදිහටයි.

බයිබලයේ කියන දේ:

 

සර්වබලධාරී දෙවියන්ගේ නම යේසුස් නෙමෙයි. මොකද “පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!” කියලා දෙවියන්ට යාච්ඤා කරන්න යේසුස් ගෝලයන්ට ඉගැන්නුවා. (ලූක් 11:2) යේසුස් පවා “පියාණෙනි, ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න!” කියලා දෙවියන්ට යාච්ඤා කළා.—යොහන් 12:28.

බයිබලේ දෙවියන්ම මේ විදිහට කියලා තියෙනවා. “මාගේ නාමය යෙහෝවාය. මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි.” (යෙසායා 42:8) “යෙහෝවා” කියන දෙවියන්ගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් ලිව්වේ ගාත්‍රාක්ෂර හතරකින්. (ඒක සිංහලෙන් “ය්හ්ව්හ්” විදිහට ලියන්න පුළුවන්.) බයිබලේ හෙබ්‍රෙව් ලියවිලිවල ඒ කියන්නේ පරණ ගිවිසුමේ ඒ නම 7,000 වතාවක් විතර සඳහන් වෙලා තියෙනවා. * “යෙහෝවා” කියන නම දෙවියන්, ස්වාමීන්, සර්වබලධාරී යන යෙදුම්වලට සහ මෝසෙස්, ආබ්‍රහම් වගේ නම්වලට වඩා වැඩි වාර ගණනක් බයිබලයේ සඳහන් වෙලා තියෙනවා.

තමන්ව නමින් හඳුන්වන්න එපා කියලා දෙවියන් බයිබලයේ කොතනකවත් කියලා නැහැ. දෙවියන්ට නමස්කාර කරපු අය දෙවියන්ගේ නම පාවිච්චි කළා කියලා බයිබලයේ සඳහන් වෙනවා. එයාලා තමන්ගේ දරුවන්ට දීපු නම්වල තේරුමට දෙවියන්ගේ නම සම්බන්ධ කෙරුවා. උදාහරණයකට එලියා කියන නමේ තේරුම “මාගේ දෙවි යෙහෝවාය.” සෙකරියා කියන නමේ තේරුම “යෙහෝවා දෙවි සිහි කර ඇත.” ඒ විතරක් නෙමෙයි එයාලා එදිනෙදා කතාබහේදීත් දෙවියන්ගේ නම සඳහන් කළා කියලා බයිබල් වාර්තාවලින් පැහැදිලියි.—රූත් 2:4.

දෙවියන් කැමතියි අපි ඔහුගේ නම පාවිච්චි කරනවාට. බයිබලේ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිට ස්තුති කරන්න. ඔහුගේ නාමය කියා ඔහුගෙන් අයැදින්න.” (ගීතාවලිය 105:1) ‘යෙහෝවා දෙවිගේ නාමය සිහි කරන’ අය ගැන දෙවියන් විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලත් බයිබලේ සඳහන් වෙනවා.—මලාකි 3:16.

“යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.”—ගීතාවලිය 83:18.

දෙවියන්ගේ නමේ තේරුම මොකක්ද?

සමහර විද්වතුන් කියන්නේ හෙබ්‍රෙව් භාෂාවෙන් යෙහෝවා කියන නමේ තේරුම “තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තා” කියලයි. ඒ තේරුම සලකා බලද්දී පැහැදිලියි දෙවියන්ට ඔහුගේ අරමුණ ඉටු කරගන්න ඕනෙම තත්වයකට පත් වෙන්න පුළුවන් විතරක් නෙමෙයි ඔහුගේ නිර්මාණ වුණත් ඒ සඳහා යොදාගන්න පුළුවන් කියලා. යෙහෝවා කියන නමේ තේරුමට අනුව කටයුතු කරන්න පුළුවන් එකම තැනත්තා සියලු බලැති නිර්මාතෘ දෙවියන් විතරයි.

ඔයාගේ ජීවිතයට වැදගත් ඇයි?

 

දෙවියන්ගේ නම දැනගන්න එක ඔහුත් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න ඔයාට උදව් වෙයි. ටිකක් හිතන්න, නම දන්නේ නැති කෙනෙක් එක්ක යාළුකමක් ඇති කරගන්න පුළුවන්ද කියලා? දෙවියන් බයිබලයේ ඔහුගේ නම සඳහන් කරලා තියෙන එකෙන් පැහැදිලියි අපි ඔහුගේ නම දැනගෙන ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නවා දකින්න ඔහු කැමතියි කියලා.—යාකොබ් 4:8.

බයිබලේ කියන්නේ “ඔබේ නාමය හඳුනන්නෝ ඔබ ගැන විශ්වාසයෙන් සිටිති” කියලා. (ගීතාවලිය 9:10) දෙවියන්ගේ නමේ තේරුම දැනගන්න එක ඔහු දීලා තියෙන පොරොන්දු අකුරක් නෑර ඉටු වෙනවා කියන විශ්වාසය තවත් ශක්තිමත් කරනවා. ඒ වගේම දෙවියන් ඔහුගේ පොරොන්දු ඉටු කරද්දී ප්‍රේමයෙන්, දයාවෙන්, කරුණාවෙන් සහ යුක්තිගරුකව කටයුතු කරනවා කියලා තේරුම්ගද්දී ඔයා දෙවියන්ට තව තවත් ළං වෙනවා. (නික්මයාම 34:5-7) මොකද යෙහෝවා දෙවියන් තම පොරොන්දු ඉටු කරද්දී කවමදාවත් ඒ ගුණාංගවලට පිටින් වැඩ කරන්නේ නැහැ. ඒක මොන තරම් සහනයක්ද!

සර්වබලධාරී දෙවියන්ගේ නම දැනගන්න ලැබෙන එකම ලොකු වරප්‍රසාදයක්! මොකද ඒකෙන් දෙවියන්ට ළං වෙන්න ඔයාට අවස්ථාවක් ලැබෙනවා. දැනුත් අනාගතයේදීත් ආශීර්වාද ලබාගන්න ඔයාට පුළුවන් වෙනවා. දෙවියන්ම මෙහෙම පොරොන්දු වෙලා තියෙනවා. “ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.”—ගීතාවලිය 91:14.

“යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ඇත.”—යෝවෙල් 2:32.

විවිධ භාෂාවලින් දෙවියන්ගේ නම ලියන විදිහ

^ 9 ඡේ. ගොඩක් බයිබල් පරිවර්තනවලින් දෙවියන්ගේ නම අයින් කරලා ඒ වෙනුවට ස්වාමීන් කියන වචනය තද කලු අකුරින් සඳහන් කරලා තියෙනවා. තවත් පරිවර්තනවල දෙවියන්ගේ නම සඳහන් වෙන්නේ තැන් කීපයක එහෙම නැත්නම් පාද සටහනේ විතරයි. ඒත් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ පුරාම දෙවියන්ගේ නම දකින්න පුළුවන්.