Skip to content

පටුනට යන්න

මානසික පීඩනයෙන් මිදෙමු

ඔයා ඉන්නේ පීඩනයෙන්ද?

ඔයා ඉන්නේ පීඩනයෙන්ද?

“හැමෝටම යම් පීඩනයක් දැනෙන එක සාමාන්‍යයි. ඒත් මට දැනෙන පීඩනය නම් දරාගන්න බෑ. මොකද මට ප්‍රශ්න පිට ප්‍රශ්න. අවුරුදු ගාණක් තිස්සේ මගේ මහත්තයා ඉන්නේ ලෙඩින්. එයාට මානසික ලෙඩකුත් තියෙනවා. එයා වෙනුවෙන් මං හුඟක් මහන්සි වෙනවා.”—ජිල්. a

“මගේ නෝනා මාව දාලා ගියා. දරුවෝ දෙන්නාව තනියෙන් හදා වඩා ගන්න එක ලේසි වුණේ නෑ. ඒ මදිවට රස්සාවත් නැති වුණා. ඒ නිසා මගේ වාහනේ ලියාපදිංචි කරගන්නවත් මට සල්ලි තිබුණේ නෑ. ඔළුව කොච්චර ගිනි ගත්තාද කියනවා නම් පීඩනය තවත් නම් දරාගන්න බෑ කියලා මට හිතුණා. ජීවිතේ නැති කරගන්න හිතුණත් ඒක වැරදියි කියලා දැනන් හිටිය නිසා මාව මරලා දාන්න කියලා මං දෙවියන්ගෙන් ඉල්ලුවා.”—බැරී.

ජිල්ටයි, බැරීටයි වගේ සමහර වෙලාවට ඔයාටත් ලොකු පීඩනයක් දැනෙනවාද? එහෙනම් ඊළඟට තියෙන ලිපි ඔයාට හුඟක් ප්‍රයෝජනවත් වෙයි. හුඟදෙනෙක්ට පීඩනයක් දැනෙන්න හේතු වෙන දේවල්, පීඩනය අපිට බලපාන්න පුළුවන් විදිහ සහ පීඩනයෙන් යම් සහනයක් අද්දකින්න පුළුවන් විදිහ ගැන ඒ ලිපිවල සඳහන් වෙනවා.

a නම් වෙනස් කර ඇත.