Skip to content

පටුනට යන්න

5 දුක් වේදනාවලට නිමාවක් ලැබෙයිද?

5 දුක් වේදනාවලට නිමාවක් ලැබෙයිද?

ඒ ගැන හිතලා බලන්න ඕන ඇයි?

දුක් වේදනාවලට නිමාවක් ලැබෙයි කියලා විශ්වාස කරන්න හොඳ හේතුවක් තියෙනවා නම් ජීවිතය ගැන හිතන විදිහ වෙනස් කරගන්නත් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් ඒක අපිට උදව් වෙනවා.

මේ ගැන හිතන්න

දුක් වේදනාවලට නිමාවක් ගේන්න හුඟක් අය කැමතියි. ඒත් එහෙම කරන්න එයාලට හැකියාවක් නැහැ. පහත සඳහන් දේවල් බලන්න.

වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණු වෙලා තිබුණත් . . .

  • මිනිස් ජීවිත වැඩියෙන්ම බිලිගන්න හෘද රෝගවලට තවමත් විසඳුමක් ලැබිලා නැහැ.

  • හැම අවුරුද්දකම මිලියන ගණන් දෙනෙක් තවමත් පිළිකාව නිසා මිය යනවා.

  • “හුඟක් ලෙඩ රෝග නැති කරන්න වෛද්‍යවරුන්ට තවමත් පුළුවන් වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි තවත් අලුත් රෝග වැලඳෙන්නත් කාලෙකට කලින් තිබුණු රෝග යළි හිස ඔසවන්නත් පටන් අරන් තියෙනවා.” වෛද්‍යවරයෙක් වන ඩේවිඩ් බ්ලූම් සඟරාවක එහෙම සඳහන් කරලා තිබුණා.—Frontiers in Immunology.

සමහර රටවලට හුඟක් ධනය තිබුණත් . . .

  • හැම අවුරුද්දකම දරුවන් මිලියන ගාණක් මිය යනවා. විශේෂයෙන්ම ඒ මරණ සිද්ධ වෙන්නේ හුඟක් දුප්පත් මිනිසුන් ජීවත් වෙන ප්‍රදේශවලයි.

  • මිනිසුන් බිලියන ගණනකට ප්‍රමාණවත් තරම් සනීපාරක්ෂක පහසුකම් නැහැ.

  • මිනිසුන් මිලියන සිය ගණනකට පිරිසිදු ජලය නැහැ.

මානව හිමිකම් ගැන හැමෝම දැනුවත් වෙලා හිටියත් . . .

  • “හුඟක් රටවල මිනිස් ජාවාරම් සිද්ධ වෙනවා. සමහර රටවල ඒවා කරන අයට නිසි දඬුවම් ලැබෙන්නේ නැහැ. එහෙම වෙන්නේ බලධාරීන් ඒ දේවල් ගැන දන්නේ නැතිකම එහෙමත් නැත්නම් ගැටලුව හසුරුවන්න අවශ්‍ය නීති, මානව සම්පත් සහ වෙනත් පහසුකම් නැතිකම නිසයි.” එහෙම සඳහන් වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවකයි.

    තවත් දැනගන්න

    jw.org වෙබ් අඩවියේ ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එක බලන්න.

බයිබලයේ කියන දේ

දෙවියන් අපි ගැන සැලකිලිමත් වෙනවා.

අපි දුක් විඳිද්දී ඔහු කිසි ගානක් නැතුව අහක බලන් ඉන්නේ නැහැ.

“[දෙවියන්] පීඩිතයාව හෙළාදැක්කේවත් ඔහුව පිළිකුලක් ලෙස සැලකුවේවත් නැත. ඔහු ඒ පීඩිතයාගෙන් තම මුහුණ ඉවතට හරවාගත්තේ නැත. උපකාර ඉල්ලා මොරගැසූ විට ඔහු ඔහුට ඇහුම්කන් දුන්නේය.”ගීතාවලිය 22:24.

“ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”1 පේතෘස් 5:7.

දුක් වේදනා හැමදාටම පවතින්නේ නැහැ.

දෙවියන් මිනිසුන් වෙනුවෙන් අරමුණු කරපු දේ අනිවාර්යයෙන්ම ඔහු ඉටු කරනවා කියලා බයිබලයේ පොරොන්දු වෙලා තියෙනවා.

“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”එළිදරව් 21:4.

දුක් වේදනාවලට හේතු වෙන හැම දෙයක්ම දෙවියන් නැත්තටම නැති කරනවා.

ඔහු ඒක කරන්නේ දෙවියන්ගේ රාජ්‍යය විදිහට බයිබලයේ සඳහන් කරලා තියෙන ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙනුයි.

“ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. . . . එය සදහටම පවතියි.”දානියෙල් 2:44.