Skip to content

පටුනට යන්න

සතුටින් පිරි ජීවිතයකට මඟ පෙන්වීම්

සතුටින් පිරි ජීවිතයකට මඟ පෙන්වීම්

“යුද්ධ, දුප්පත්කම, අසනීප, ළමයින්ට වෙන හිරිහැර වගේ දේවල් දකිද්දී ලෝකෙට මොනවා වෙන්න යනවාද කියලා මට නම් හිතාගන්න බෑ.”—රාණී. *

අපි මුහුණ දෙන හැම ප්‍රශ්නෙකටම විසඳුම තියෙන්නේ අපේ නිර්මාතෘ ළඟ, ඒ කියන්නේ හැම දෙයක්ම නිර්මාණය කරපු සියලු බලැති දෙවියන් ළඟ කියලා රාණි දැනගත්තා. අපේ නිර්මාතෘ කියලා තියෙන දේවල් ගැන ඉගෙනගන්න එකෙන් එයා ලොකු සතුටක් අද්දැක්කා. ඔයාත් ඒ දේවල් ඉගෙනගත්තොත් ඔයාටත් පුළුවන් . . .

  • පවුල් ජීවිතය සතුටින් ගත කරන්න

  • අනිත් අය එක්ක හොඳ බැඳීම් ඇති කරගන්න

  • තියෙන දේවලින් සෑහීමට පත් වෙන්න

  • අපි දුක් විඳින්නේ, මැරෙන්නේ ඇයි කියලා දැනගන්න

  • අනාගතය ගැන ලස්සන බලාපොරොත්තුවක් තියාගන්න

  • අපේ නිර්මාතෘ ගැන දැනගෙන ඔහුගේ යාළුවෙක් වෙන්න

අපේ නිර්මාතෘ කියලා තියෙන දේවල් ගැන දැනගන්න ඕනෙම කෙනෙක්ට අවස්ථාව තියෙනවා. ඒ දේවල් දැනගන්න ඔයාත් කැමතිද?

^ 2 ඡේ. මේ සඟරාවේ නම් වෙනස් කර ඇත.