Skip to content

පටුනට යන්න

සෑහීමට පත් වෙන්න උදව් වෙන මඟ පෙන්වීම්

සෑහීමට පත් වෙන්න උදව් වෙන මඟ පෙන්වීම්

අපි විවාහ වෙලා ඉන්න අය වුණත් තනිකඩ අය වුණත් යෞවන අය වුණත් මහලු අය වුණත් අපි හැමෝම කැමතියි සතුටින් ඉන්න. ඒකට අපේ නිර්මාතෘත් කැමතියි. ඒ නිසයි ඔහු අපිට හොඳ මඟ පෙන්වීම් දීලා තියෙන්නේ.

මහන්සි වෙලා වැඩ කරන්න

“සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි. ඒ වෙනුවට ඔහු අගහිඟකම්වලින් පෙළෙන කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කළ යුතුයි.”—එෆීස 4:28.

මහන්සි වෙලා වැඩ කරන එක අපි හොඳ දෙයක් විදිහට සලකනවාට අපේ නිර්මාතෘ කැමතියි. මහන්සි වෙලා වැඩ කරන එකෙන් ලොකු සතුටක් ලැබෙනවා. මොකද ඒකෙන් තමන්ට අවශ්‍ය දේවල් ගන්නත් පවුලේ අයට අවශ්‍ය දේවල් දෙන්නත් පුළුවන්. නැති බැරි කෙනෙක්ට උදව් කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි වැඩපොළේ ස්වාමියාගේ හිත දිනාගන්නත් පුළුවන්. ඒ නිසා ලේසියෙන් එයාට රස්සාව නැති වෙන්නෙත් නැහැ. කෙනෙක් වෙහෙස මහන්සි වෙලා හම්බ කරන දේවලින් සතුටක් ලබන එක “දෙවිගෙන් ලද ආශීර්වාදයක්” කියලයි ශුද්ධ ලියවිල්ලේ කියන්නේ.—දේශනාකාරයා 3:13.

අවංක වෙන්න

“අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති නිසා දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට විශ්වාසයි.”—හෙබ්‍රෙව් 13:18.

අපි හැම දේකදීම අවංකව වැඩ කරනවා නම් අපිට අපි ගැනම හොඳ හැඟීමක් තියෙනවා. හිතට බරක් නැතුව සැනසීමෙන් නිදාගන්න පුළුවන්. ඒ වගේම අපි අවංක නම් අනිත් අය අපිට ගරු කරනවා, අපිව විශ්වාස කරනවා. හැබැයි හැම තිස්සෙම බොරුවෙන්, වංචාවෙන් ජීවත් වෙන කෙනෙක්ට ඒ කිසි දෙයක් නැහැ. එයා කරන දේවල් ගැන එයාගේ හිත වධ දෙන්න පුළුවන්. එයා කරන දේවල් කවදා හරි අහු වෙයි කියලා එයා ඉන්නේ බයෙන්.

සල්ලි ජීවිතේ කරගන්න එපා

“ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න.”—හෙබ්‍රෙව් 13:5.

කෑම බීම වගේ අත්‍යවශ්‍ය දේවල් ගන්න අපිට සල්ලි ඕනේ. හැබැයි “මුදල්වලට තිබෙන දැඩි ආශාව” හරිම භයානකයි. ඒ වගේ ආශාවක් තියෙන කෙනෙක් එයාගේ කාලය, ශක්තිය පාවිච්චි කරන්නේ පුළුවන් තරම් සල්ලි හම්බ කරන්න. ඒ නිසා එයාට පවුලේ අය වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් දෙන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. අන්තිමේදී එයා අසනීප වෙන්නත් පුළුවන්. (1 තිමෝති 6:9, 10) භයානකම දේ තමයි ඒ වගේ කෙනෙක් සල්ලිවලට එයාගේ අවංකකමත් විකුණන්න ඉඩ තියෙනවා. ඒකයි ශුද්ධ ලියවිල්ලේ මෙහෙම කියලා තියෙන්නේ. “විශ්වාසවන්තව ක්‍රියා කරන කෙනාට බොහෝ ආශීර්වාද ලැබේ. නමුත් පොහොසත් වීමට ඉක්මන් වන්නා වැඩි කල් නිර්දෝෂව සිටින්නේ නැත.”—හිතෝපදේශ 28:20.

උසස්ම අධ්‍යාපනය තෝරගන්න

“ප්‍රඥාවද ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න.”—හිතෝපදේශ 3:21.

වගකීමෙන් වැඩ කරන වැඩිහිටියන් වෙන්න, හොඳ දෙමාපියන් වෙන්න අධ්‍යාපනය අපිට උදව් වෙනවා. හැබැයි කෙනෙක් හොඳට ඉගෙනගත්තා කියලාම එයා හිතපු හැම දේම ලැබෙයි කියලවත් එයා සතුටින් ඉඳියි කියලවත් කියන්න බැහැ. අපි කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න නම් දෙවියන් දෙන උසස්ම අධ්‍යාපනය අපි ලබාගන්න ඕනේ. කෙනෙක් දෙවියන්ගේ මඟ පෙන්වීම් අදාළ කරගද්දී එයා “කරන සෑම දෙයක්ම සාර්ථක වෙනවා” කියලයි ශුද්ධ ලියවිල්ලේ කියන්නේ.—ගීතාවලිය 1:1-3.