Skip to content

පටුනට යන්න

1වන කොටස

මැවීමේ සිට ජලගැල්ම දක්වා

මැවීමේ සිට ජලගැල්ම දක්වා

අහසයි පොළොවයි කොහෙන්ද ආවේ? ඉර, හඳ, තාරකා වගේම පොළොවේ තියෙන අනිත් දේවලුත් ඇති වුණේ කොහොමද? දෙවි ඒවා මැව්වා කියලයි බයිබලයේ කියන්නේ. ඒක ඇත්තක්. ඒ හින්දා අපේ පොත පටන්ගන්නේ මැවීම ගැන කතා කරන බයිබල් කතන්දරවලින්.

දෙවි මුලින්ම මැව්වේ, තරමක් ඔහුට සමාන ආත්ම පුද්ගලයන්ව කියලා අපිට ඉගෙනගන්න ලැබෙනවා. දේවදූතයන් කියලයි ඒගොල්ලන්ට කියන්නේ. නමුත් පොළොව මැව්වේ අපි වගේ මිනිස්සුන්ටයි. ඉතින් දෙවි, ආදම් කියන මිනිසවත් ඒව කියන ස්ත්‍රියවත් මවලා ලස්සන උයනක පදිංචි කෙරෙව්වා. නමුත් ඔවුන් දෙවිට අකීකරු වුණ නිසා ජීවත් වීමේ අයිතිය ඔවුන්ට නැතුව ගියා.

ආදම්ව මැවීමේ සිට ජලගැල්ම දක්වා, අවුරුදු එක්දහස් හයසිය පනස්හයක් ගත වුණා. මේ කාලයේදී නරක අය හුඟදෙනෙක් ජීවත් වුණා. ස්වර්ගයේ සිටියේ නොපෙනෙන ආත්ම පුද්ගලයන්. ඒ තමා සාතන් හා ඔහුගේ නරක දූතයන්. පොළොවේ, කායින් හා තවත් නරක අය හුඟදෙනෙක් හිටියා. මේ අයගෙන් සමහරෙකුට තිබුණේ පුදුම ශක්තියක්. නමුත් ආබෙල්, ඒනොක් හා නෝවා වගේ හොඳ අයත් පොළොවේ සිටියා. පළවෙනි කොටසේ මේ සෑම කෙනෙක්ම ගැනත් සමහර සිද්ධීන් ගැනත් අපිට කියවන්න තිබෙනවා.

 

මේ කොටසේ

කතන්දර 1

දෙවි මවන්න පටන්ගනී

පොළොව නිර්මාණය ගැන තියෙන කතන්දරය හරිම රසවත් වගේම දරුවන්ට තේරුම්ගන්නත් පහසුයි.

කතන්දර 2

ලස්සන උයනක්

දෙවි පොළොවේ එක තැනක් විශේෂ විදිහට හැදුවා. ඔහු මේ තැනට ඒදන් උයන කියලා නම් කළා. දෙවිට ඕන වුණේ මුළු පොළොවම මේ ලස්සන උයන වගේ වෙනවා දකින්නයි.

කතන්දර 3

පළමු මිනිසා හා ස්ත්‍රිය

දෙවි, ආදම් සහ ඒවව නිර්මාණය කරලා ඒදන් කියන උයනේ පදිංචි කෙරුවා. ඔවුන් තමයි මුල්ම විවාහක යුවළ.

කතන්දර 4

ඒගොල්ලන්ට ඉන්න තැන නැති වුණේ ඇයි?

මිනිසුන්ට පාරාදීසය අහිමි වුණ විදිහ බයිබලයේ උත්පත්ති පොතේ වාර්තා වෙනවා.

කතන්දර 5

අමාරු ජීවිතයක් පටන්ගනී

ඒදන් උයනෙන් එළියට ආවට පස්සේ ආදම් හා ඒවට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. ඒ දෙන්නා යෙහෝවාට කීකරු වුණා නම් එයාලගේ දරුවන් එක්ක සන්තෝෂයෙන් ජීවත් වෙන්න තිබුණා.

කතන්දර 6

හොඳ පුතෙක් හා නරක පුතෙක්

අපි මොන වගේ අය වෙන්න ඕනෙද කියන දේත් වැරදි සිතුවිලි ආවොත් ඉක්මනින්ම ඒවා හදාගන්න ඕනෙ කියන දේත් කායින් හා ආබෙල්ගේ කතන්දරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන්.

කතන්දර 7

නිර්භීත මිනිසෙක්

අපි අවට ඉන්න මිනිස්සු කොච්චර වැරදි දේවල් කළත් දෙවි සතුටු වෙන විදිහට ජීවත් වෙන්න අපිට පුළුවන් කියන දේ ඒනොක්ගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන්.

කතන්දර 8

පොළොව මත යෝධයෝ

යෝධයෝ නැත්නම් නෙෆිලිම්වරු කියන්නේ ස්වර්ගය අත්හැරලා පොළොවට ආපු දේවදූතයන්ගෙන් බිහි වුණ ළමයින්ට. ඒ යෝධයෝ මිනිසුන්ට හිංසා කරපු විදිහ ගැන උත්පත්ති 6යේ තියෙනවා.

කතන්දර 9

නෝවා විශාල නැවක් හදයි

යෙහොවා දෙවිට කීකරු වුණ නිසා නෝවා සහ එයාගේ පවුලේ අය ජලගැල්මෙන් බේරුණා. වෙන කිසි කෙනෙක් දෙවි කිව්ව දේ අහලා කීකරු වුණේ නැහැ.

කතන්දර 10

මහා ජලගැල්ම

නෝවා අනතුරු අඟවද්දී මිනිස්සු හිනා වුණාට වහින්න පටන්ගත්තට පස්සේ ඒ මිනිස්සු දුක් වෙන්න ඇති. නෝවා හා එයාගේ පවුගේ අයවත් හුඟාක් සතුන්වත් ජලගැල්මෙන් බේරුණු විදිහ දැනගන්න.