Skip to content

පටුනට යන්න

2වන කොටස

ජලගැල්මේ සිට ඊජිප්තුවෙන් ගැළවීම දක්වා

ජලගැල්මේ සිට ඊජිප්තුවෙන් ගැළවීම දක්වා

ජලගැල්මෙන් බේරුණේ අටදෙනෙක් විතරයි. ඒ වුණාට කාලයක් යද්දී ඒ ගණන, දසදහස් ගණනින් වැඩි වුණා. ජලගැල්මෙන් අවුරුදු තුන්සිය පනස්දෙකකට පස්සේ, ආබ්‍රහම් ඉපදුණා. දෙවි ආබ්‍රහම්ට ඊසාක් කියලා පුතෙක් දීලා, ඔහු තමන්ගේ පොරොන්දුව ඉටු කරපු හැටි අපි ඉගෙනගන්න යනවා. ඊට පස්සේ, ඊසාක්ගේ පුත්තු දෙන්නාගෙන් දෙවි යාකොබ්ව තෝරාගත්ත හැටිත් ඉගෙනගන්න යනවා.

යාකොබ්ට හිටියා ලොකු පවුලක්. එයාට පුත්තු 12දෙනෙක් හා දුවලා කිහිපදෙනෙකුත් හිටියා. යාකොබ්ගේ පුත්තු 10දෙනා ඒගොල්ලන්ගේ මල්ලිට, ඒ කියන්නේ යෝසෙප්ට වෛර කරපු නිසා එයාව ඊජිප්තුවේ වහලෙක් හැටියට වික්කා. පස්සේ කාලෙක, යෝසෙප් ඊජිප්තුවේ වැදගත් ආණ්ඩුකාරයෙක් වුණා. ලොකු කෑම හිඟයක් ආවාම, අයියලා දැන් හොඳ අය වෙලාද කියලා බලන්න, යෝසෙප් ඒගොල්ලන්ව පරීක්ෂා කළා. අන්තිමේදී යාකොබ්ගේ මුළු පවුලම, ඒ කියන්නේ මුළු ඉශ්‍රායෙල් ජාතියම, ඊජිප්තුවේ ජීවත් වෙන්න ගියා. මේක වුණේ ආබ්‍රහම් ඉපදිලා අවුරුදු දෙසිය අනූවකට පස්සේ.

ඊළඟ අවුරුදු දෙසිය පහළොවම ඉශ්‍රායෙල් ජාතිය ජීවත් වුණේ ඊජිප්තුවේ. යෝසෙප් මැරුණට පස්සේ, ඒගොල්ලන් එහේ වහල්ලු වුණා. කාලයක් ගියාම, මෝසෙස් ඉපදුණා. ඊජිප්තුවෙන් ඉශ්‍රායෙල් ජාතිය නිදහස් කරන්න දෙවි පාවිච්චි කළේ එයාවයි. මේ ඔක්කොම එකතු කෙරුවොත්, අවුරුදු අටසිය පනස්හතක ඉතිහාසයක් ගැන දෙවෙනි කොටසේ කියවෙනවා.

 

මේ කොටසේ

කතන්දර 11

පළවෙනි දේදුන්න

ඔයා දේදුන්නක් දැක්කාම ඒකෙන් ඔයාට මොකක්ද මතක් වෙන්න ඕනේ?

කතන්දර 12

මිනිස්සු ලොකු කොතක් ගොඩනඟයි

දෙවි අකමැති දේවල් කළාම ඒකේ ප්‍රතිඵල දිගටම මිනිසුන්ට අද්දකින්න වෙනවා.

කතන්දර 13

ආබ්‍රහම්—දෙවිගේ මිත්‍රයෙක්

තමන්ගේ සැප පහසු නිවස අත්හැරලා කූඩාරම්වල ජීවත් වෙන්න ආබ්‍රහම් තෝරගත්තේ ඇයි?

කතන්දර 14

දෙවි ආබ්‍රහම්ගේ ඇදහිල්ල පරීක්ෂා කරයි

තමන්ගේ පුතා ඊසාක්ව මරලා පූජා කරන්න කියලා දෙවි ආබ්‍රහම්ට කිව්වේ ඇයි?

කතන්දර 15

ලොත්ගේ භාර්යාව හැරිලා බලයි

ලොත්ගේ භාර්යාවගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම මොකක්ද?

කතන්දර 16

ඊසාක්ට හොඳ භාර්යාවක් ලැබෙයි

රෙබෙකා හොඳ භාර්යාවක් වුණේ කොහොමද? එයාගේ ලස්සන නිසාද නැත්නම් තවත් දේවල් එයා ළඟ තිබුණද?

කතන්දර 17

එකිනෙකාට වෙනස් වූ නිඹුල්ලු

ඊසාක් වැඩියෙන්ම ආදරේ කළේ ඒසව්ට. ඒත් රෙබෙකා වැඩියෙන් ආදරේ කළේ යාකොබ්ට.

කතන්දර 18

යාකොබ් හාරානයට යයි

යාකොබ් ආදරේ කළේ රාඛෙල්ට වුණත් ලෙයාවයි මුලින්ම විවාහ කරගන්න සිද්ධ වුණේ.

කතන්දර 19

යාකොබ්ගේ ලොකු පවුල

ඊශ්‍රායෙලයේ ගෝත්‍ර 12 ඇති වුණේ යාකොබ්ගේ පුතුන්ගෙන්ද?

කතන්දර 20

දීනා අමාරුවේ වැටෙයි

වැරදි යාළුවන්ව තෝරගත්ත නිසා කරදර ගොඩක් පටන්ගත්තා.

කතන්දර 21

සහෝදරයෝ යෝසෙප්ට වෛර කරයි

යෝසෙප්ගේ අයියලාට තමන්ගේම සහෝදරයාව මරන්න ඕනෙ වුණේ ඇයි?

කතන්දර 22

යෝසෙප්ව හිරේ දාලා

වහලෙක් විදිහට යෝසෙප්ව අරගෙන ගියත් එයා කවදාවත් දෙවිගේ නීති කඩ කළේ නැහැ. එයා නිතරම හරි දේ කළා.

කතන්දර 23

ඵාරාවෝගේ සිහින

එළදෙනුන් හත්දෙනා සහ ගොයම් කරල් හත ගැන දැකපු හීන දෙකේම තියෙන්නේ එකම තේරුමයි.

කතන්දර 24

යෝසෙප් සහෝදරයන්ව පරීක්ෂා කරයි

යෝසෙප්ගේ සහෝදරයෝ දැන් වෙනස් වෙලා කියලා එයා දැනගත්තේ කොහොමද?

කතන්දර 25

පවුල ඊජිප්තුවේ පදිංචි වෙන්න යනවා

යාකොබ්ගේ පවුලේ අයව ඊශ්‍රායෙල්වරු කියලා හැදින්නුවේ ඇයි?

කතන්දර 26

යෝබ් දෙවිට විශ්වාසවන්තයි

යෝබ්ගේ ධනසම්පත් වගේම දරුවෝ හැමෝමත් නැති වුණා. දරුණු ලෙඩකුත් හැදුණා. යෝබ්ට දඬුවම් කළේ දෙවිද?

කතන්දර 27

නපුරු රජෙක් ඊජිප්තුව පාලනය කරයි

ඊශ්‍රායෙල් ජාතියේ අයට ඉපදෙන හැම පිරිමි දරුවෙක්වම මරන්න කියලා ඵාරාවෝ කිව්වේ ඇයි?

කතන්දර 28

ළදරු මෝසෙස් බේරුණ හැටි

ඊශ්‍රායෙල් හැම පිරිමි දරුවෙක්වම මරන්න කියලා අණ කරලා තිබුණත් මෝසෙස්ව බේරගන්න එයාගේ අම්මා ක්‍රමයක් හොයාගත්තා.

කතන්දර 29

මෝසෙස් පලා යන්න හේතුව

අවුරුදු 40ක් වෙද්දි මෝසෙස් හිතුවා ඊශ්‍රායෙල් වහලුන්ව නිදහස් කරගන්න කාලේ හරි කියලා. ඒත් ඇත්තටම එහෙම වුණාද?

කතන්දර 30

ගිනි ගනිමින් තිබුණ පඳුර

ඊජිප්තුවෙන් ඊශ්‍රායෙල්වරුන්ව නිදහස් කරගන්න යනකොට පුදුම ක්‍රියා කරලා පෙන්නන්න කියලා දෙවි මෝසෙස්ට කිව්වා.

කතන්දර 31

මෝසෙස් හා ආරොන් ඵාරාවෝ හමු වෙයි

ඵාරාවෝ මෝසෙස්ට ඇහුම්කන් නොදී ඊශ්‍රායෙල් සෙනඟව නිදහස කළේ නැත්තේ ඇයි?

කතන්දර 32

වසංගත 10

යෙහෝවා දෙවි වසංගත 10ක්ම ඊජිප්තුවට ගෙනාවට පස්සේ උඬගු ඵාරාවෝ ඊශ්‍රයෙල්වරුන්ට යන්න අවසර දුන්නේ.

කතන්දර 33

රතු මුහුද හරහා යෑම

දෙවිගේ බලයෙන් මෝසෙස් රතු මුහුද දෙකට වෙන් කළාම ඊශ්‍රායෙන්වරු වියළි බිම හරහා ගියා.