Skip to content

පටුනට යන්න

3වන කොටස

ඊජිප්තුවෙන් ගැළවීමේ සිට ඉශ්‍රායෙල්වරුන්ගේ පළවෙනි රජ දක්වා

ඊජිප්තුවෙන් ගැළවීමේ සිට ඉශ්‍රායෙල්වරුන්ගේ පළවෙනි රජ දක්වා

මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් බේරාගෙන දෙවි ඒගොල්ලන්ට නීති දුන්න සීනයි කන්ද ළඟටම මඟ පෙන්වාගෙන ආවා. ඊට පස්සේ, කානාන් දේශයේ ඔත්තු බලන්න මිනිස්සු 12දෙනෙක්ව යැව්වා. ඒ වුණාට ඒගොල්ලන්ගෙන් 10දෙනෙක් ගෙනාවේ නරක වාර්තාවක්. ඒ අය කිව්ව දේවල් නිසා සෙනඟට ආයෙත් ඊජිප්තුවට යන්න හිතුණා. ඉශ්‍රායෙල්වරුන්ට විශ්වාසයක් තිබුණේ නැති නිසා, දෙවි ඒගොල්ලන්ට දඬුවම් කළා. දඬුවම නම් අවුරුදු 40ක් පුරා පාළුකරයේ තැනින් තැනට යන්න සැලැස්වීමයි.

අන්තිමේදී, කානාන් දේශයට ඉශ්‍රායෙල්වරුන්ව ගෙනියන්න දෙවි තෝරාගත්තේ යෝෂුවාවයි. ඒගොල්ලන්ට ඒ දේශය අල්ලගන්න උදව් වෙන්න යෙහෝවා පුදුම දේවල් කළා. ගලාගෙන යන යොර්දාන් ගඟ නැවැත්තුවා. යෙරිකෝ නගරයේ තාප්ප කඩා වැටෙන්න සැලැස්සුවා. ඔහු මුළු දවසක්ම ඉර බහින්නේ නැතුව තියෙන්නත් සැලැස්සුවා. අවුරුදු හයකට පස්සේ, ඒ දේශය කානානිවරුන්ගෙන් අල්ලාගත්තා.

යෝෂුවාගෙන් පටන්ගෙන, අවුරුදු තුන්සිය පනස්හයක් පුරා ඉශ්‍රායෙල්වරුන්ව පාලනය කළේ විනිශ්චයකරුවන්. බාරාක්, ගිඩියොන්, යෙප්තා, සම්සොන් හා සාමුවෙල් වගේ ගොඩක් අය ගැන අපි ඉගෙනගන්න යනවා. රාහාබ්, දෙබොරා, යායෙල්, රූත්, නායොමි හා දෙලීලා වගේ ස්ත්‍රීන් ගැනත් අපි කියවන්න යනවා. මේ ඔක්කොම ගත්තොත්, තුන්වෙනි කොටසේ අවුරුදු තුන්සිය අනූහයක ඉතිහාසයක් ගැන කතා කරනවා.

 

මේ කොටසේ

කතන්දර 34

අලුත් කෑම ජාතියක්

මේ විශේෂ කෑම දෙවි අහසින් වැටෙන්න සැලැස්සුවේ.

කතන්දර 35

යෙහෝවා ඔහුගේ නීති දෙයි

දසපනතට වඩා දෙවි දුන්න උසස්ම ආඥා දෙක මොකක්ද?

කතන්දර 36

රන් වසුපැටියා

තමන්ගේ ආභරණවලින් හදාගත්ත රූපයකට ඊශ්‍රායෙල්වරු නමස්කාර කළේ ඇයි?

කතන්දර 37

නමස්කාරයට කූඩාරමක්

ඇතුළේ තියෙන පොඩි කාමරයේ ගිවිසුම් පෙට්ටිය තියලා තිබුණා.

කතන්දර 38

ඔත්තුකාරයෝ 12දෙනා

ඔත්තුකාරයෝ 10දෙනෙක් එක දෙයක් කියනවා. අනිත් දෙන්නා තවත් දෙයක් කියනවා. මේ අයගෙන් කවුරු කියනදේ ඊශ්‍රායෙල්වරු විශ්වාස කරයිද?

කතන්දර 39

ආරොන්ගේ සැරයටියේ මල් පිපෙයි

වේලිච්ච ලී කෑල්ලක, එක රැයකින් මල් සහ ඉදුණු පලතුරු එන්න පුළුවන්ද?

කතන්දර 40

මෝසෙස් පර්වතයට ගසයි

මෝසෙස්ට ඕන දේ වුණා. ඒත් එයා යෙහෝවා දෙවිව තරහ ගැස්සුවා.

කතන්දර 41

පිත්තල සර්පයා

ඊශ්‍රායෙල්වරුන්ට දෂ්ට කරන්න විෂ සර්පයින්ව දෙවි එව්වේ ඇයි?

කතන්දර 42

බූරුවෙක් කතා කරයි

බාලාම්ගේ බූරුවා දෙයක් දකිනවා. ඒත් බාලාම්ට ඒ දේ පෙනුනේ නැහැ.

කතන්දර 43

යෝෂුවා නායකයා වෙයි

මෝසෙස් හොඳ සෞඛ්‍යයකින් හිටියා. එහෙනම් ඇයි යොෂුවාව නායකයා විදිහට පත් කළේ?

කතන්දර 44

රාහාබ් ඔත්තුකාරයන්ව සඟවයි

ඔත්තුකරුවන් දෙන්නාට රාහබ් උදව් කළේ කොහොමද? රාහබ් එයාලගෙන් ඉල්ලන්නේ මොකක්ද?

කතන්දර 45

යොර්දාන් ගඟ හරහා යෑම

පූජකයන් වතුරට අඩිය තිබ්බාම පුදුම දෙයක් සිද්ධ වෙනවා.

කතන්දර 46

යෙරිකෝ නගරයේ තාප්ප

රතු ලණුව එල්ලලා තිබුණ ගෙදරට මොකද වුණේ?

කතන්දර 47

ඉශ්‍රායෙලයේ හොරෙක්

එක නරක කෙනෙක් නිසා මුළු ජාතියටම කරදරවලට මුහුණ දෙන්න වෙනවාද?

කතන්දර 48

නුවණක්කාර ගිබියොන්වරු

ගිබියන්වරු යොෂුවාගෙන් සහ ඊශ්‍රායෙල්වරුන්ගෙන් උපක්‍රමශීලීව පොරොන්දුවක් ගත්තා. ඒත් ඊශ්‍රායෙලවරු දුන්න පොරොන්දුව කඩ කළේ නැහැ.

කතන්දර49

ඉර නවතියි

යොෂුවාගේ ඉල්ලීමට දෙවි කවදාවත් නොකරපු විදිහේ පුදුම දෙයක් කරනවා

කතන්දර 50

නිර්භීත ස්ත්‍රීන් දෙන්නෙක්

යුද්දෙදී ඊශ්‍රායෙල් හමුදාවේ නායකයා වුණේ බාරාක්. ඒත් ගෞරවය ලැබුණේ යායෙල්ට. ඒ ඇයි?

බයිබල් කතන්දර 51

රූත් හා නායොමි

රූත් එයාගේ ගෙදර අතහැරලා නායොමිත් එක්ක ඉන්නත් දෙවිට සේවය කරන්නත් කැමති වුණා.

කතන්දර 52

ගිඩියොන් හා මිනිස්සු තුන්සියදෙනා

වතුර බොන විදිහ ගැන පොඩි පරීක්ෂණයක් තියලා දෙවි මේ කුඩා හමුදාව තෝරගත්තා.

කතන්දර 53

යෙප්තාගේ පොරොන්දුව

යෙප්තා දෙවිට වුණ පොරොන්දුව වෙනස් කළේ නැහැ. ඒ වගේම යෙප්තාගේ දුවත් ඒකට එකඟ වුණා.

කතන්දර 54

ශක්තිමත්ම මිනිසා

සැම්සන්ගේ ශක්තියේ රහස ගැන දෙලීලා දැනගත්තේ කොහොමද?

කතන්දර 55

පිරිමි ළමයෙක් දෙවිට සේවය කරයි

යෙහෝවා දෙවිගේ පණිවිඩය උත්තම පූජක ඒලීට කියන්න දෙවි සාමුවෙල්ව යොදාගත්තා.