Skip to content

පටුනට යන්න

4වන කොටස

ඉශ්‍රායෙලයේ පළවෙනි රජ සිට බබිලෝනියේ වහල්කම දක්වා

ඉශ්‍රායෙලයේ පළවෙනි රජ සිට බබිලෝනියේ වහල්කම දක්වා

සාවුල් ඉශ්‍රායෙලයේ පළවෙනි රජ බවට පත් වුණා. ඒ වුණාට යෙහෝවා එයාව එපා කෙරුව නිසා, එයා වෙනුවට රජ වෙන්න තෝරාගත්තේ දාවිත්වයි. අපිට දාවිත් ගැන ගොඩක් තොරතුරු ඉගෙනගන්න ලැබෙනවා. තරුණ කාලේදී, එයා ගොලියත් කියන යෝධයාට විරුද්ධව සටන් කෙරුවා. පස්සෙ කාලෙකදී, එයාට ඊර්ෂ්‍යා කෙරුව සාවුල් රජුගෙන් බේරිලා පැනලා යන්න දාවිත්ට සිද්ධ වුණා. ඊට පස්සේ, දාවිත් මෝඩ දෙයක් කරන්න කලින් ලස්සන අබීගායිල් එයාව නැවැත්තුවා.

ඊළඟට, දාවිත්ට පස්සේ ඉශ්‍රායෙලයේ රජ වුණ දාවිත්ගේ පුතා සාලමොන් ගැන ගොඩක් දේවල් අපිට දැනගන්න ලැබෙනවා. ඉශ්‍රායෙලයේ මුල් රජවරු තුන්දෙනාම අවුරුදු 40 ගානේ පාලනය කළා. සාලමොන්ගේ මරණයෙන් පස්සේ, ඉශ්‍රායෙල් දේශය උතුරු රාජ්‍යය හා දකුණු රාජ්‍යය කියලා රාජ්‍යවල් දෙකකට බෙදුණා.

ගෝත්‍ර 10කින් හැදුණ උතුරු රාජ්‍යය අවුරුදු දෙසිය පනස්හතක් පැවතුණා. ඊට පස්සේ ඒක අෂූර්වරුන් අතින් විනාශ වුණා. ඊට අවුරුදු එකසිය තිස්තුනකට පස්සේ ගෝත්‍ර දෙකකින් හැදුණ රාජ්‍යයත් විනාශ වුණා. මේ කාලයේදීයි ඉශ්‍රායෙල්වරුන්ව බබිලෝනියේ වහලුන් හැටියට අරන් ගියේ. ඉතින් හතරවෙනි කොටසේ අවුරුදු පන්සිය දහයක ඉතිහාසයක් ගැන කතා කරනවා. කියවන්න ආස හිතෙන දේවල් හුඟක් මේ කාලයේදී සිද්ධ වුණා. අපිට මේවා ගැන දැන් ඉගෙනගන්න පුළුවන්.

 

මේ කොටසේ

කතන්දර 56

සාවුල්—ඉශ්‍රායෙල්වරුන්ගේ පළවෙනි රජ

සාවුල්ව දෙවි තෝරගත්තා වුණත් පස්සේ කාලෙකදී දෙවි එයාට අකමැති වුණා. සාවුල්ගෙන් අපිට වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

කතන්දර 57

දෙවි දාවිත්ව තෝරාගනී

දාවිත් තුළ විශේෂ දෙයක් තියෙනවා යෙහෝවා දෙවි දැක්කා. ඒත් සාමුවෙල් ඒ දේ අඳුරගත්තේ නැහැ. ඒ මොකක්ද?

කතන්දර 58

දාවිත් සහ ගොලියත්

දාවිත් ගොලියත් එක්ක සටන් කළේ ගල්පටියකින්. ඒත් දාවිත් ළඟ ආයුධයකට වඩා බලවත් දෙයක් තිබුණා.

කතන්දර 59

දාවිත්ට පලා යන්න අවශ්‍ය වුණ හේතුව

සාවුල් දාවිත් ගැන මුලින් සතුටු වුණාට පස්සේ එයාව මරන්න තරම් කේන්තියකින් හිටියේ ඇයි?

කතන්දර 60

අබීගායිල් හා දාවිත්

නාබල්ගේ අඥානකම නිසා දාවිත් අතින් නැති වෙන්න ගිය එයාගේ ජීවිතේ අබිගායිල් බේරගන්නවා.

කතන්දර 61

දාවිත්ව රජකමට පත් කරයි

හරි දේ කරලා වැරදි දේ නොකර ඉඳලා ඊශ්‍රායෙලයේ රජු වෙන්න තමා සුදුසුයි කියලා දාවිත් ඔප්පු කරලා පෙන්නුවා.

කතන්දර 62

දාවිත්ගේ පවුලේ කරදර

දාවිත් කරපු එක වැරැද්දක් නිසා එයාටත් එයාගේ පවුලේ අයටත් ලොකු කරදරවලට මූණ දෙන්න සිද්ධ වුණා.

කතන්දර 63

නුවණ ඇති සාලමොන් රජ

දරුවාව ඇත්තටම දෙකට කපන්නද මේ හදන්නේ?

කතන්දර 64

සාලමොන් දේවමාළිගාව ගොඩනඟයි

හුඟක් ප්‍රඥාවන්ත කෙනෙක් වුණ සලමොන් රජුත් වැරදි දේවල්, මෝඩ දේවල් කරන්න පෙලඹුණා.

කතන්දර 65

රාජ්‍යය බෙදා වෙන් කිරීම

යෙරොබවම්ගේ පාලනයේදී කාලයක් යද්දී දෙවිගේ නීති කඩ කරන්න එයා මිනිසුන්ව පෙළඹුවා.

කතන්දර 66

යෙසෙබෙල්—නපුරු බිසවක්

යෙසෙබෙල් බිසවට මොනවා හරි ඕනෙ නම් ඒක කොහොම හරි ලබාගන්නවා.

කතන්දර 67

යෙහෝෂාපාට් යෙහෝවාව විශ්වාස කරයි

යුද්ධ කරන්න යන හමුදාව ඉදිරියෙන්ම යන්නේ ගායකයන්. ඒ ගායකයන් ළඟ ආයුධත් නැහැ. ඒ ඇයි?

කතන්දර 68

නැවත නැඟිට්ට පිරිමි ළමයි දෙන්නෙක්

කවුරු හරි මැරුණෙත් ආයෙත් ජීවත් කරවන්න පුළුවන්ද? ඉස්සර ඒ වගේ දේවල් වෙලා තියෙනවාද?

කතන්දර 69

දැරියක් බලවත් මිනිසෙකුට උදව් කරයි

ඊශ්‍රායෙල් දැරිය නිර්භීතව කතා කරපු එකෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබුණා.

කතන්දර 70

යෝනා සහ ලොකු මාළුවා

යෙහෝවා දෙවිට කීකරු වෙන එකේ තියෙන වැදගත්කම ගැන යෝනා වටිනා පාඩමක් ඉගෙනගත්තා.

කතන්දර 71

දෙවි පාරාදීසයක් ගේන්න පොරොන්දු වෙයි

ආදම්ට සහ ඒවට දුන්න පාරාදීසය පොඩියි. ඒ වගේ මුළු පොළොවම පුරවන්න ඕනෙ වුණා.

කතන්දර 72

දෙවි හෙසකියා රජුට උදව් කරයි

දේවදූතයෙක් ඇසරියානු හමුදාවේ භටයින් 1,85,000දෙනෙක්ව එක රැයකින් විනාශ කරලා දැම්මා.

කතන්දර 73

ඉශ්‍රායෙල්වරුන්ගේ අන්තිම හොඳ රජ

තරුණ වයසේදී යොෂියා හරිම නිර්භීත දෙයක් කළා.

කතන්දර 74

භය නැති මිනිසෙක්

යෙරෙමියාව අනාගතවක්තෘ කෙනෙක් විදිහට තෝරගත්තේ එයා තරුණ කාලෙදියි. ඒත් දෙවි දන්නවා එයාට ඒක හොඳට කරන්න පුළුවන් කියලා.

කතන්දර 75

බබිලෝනියේ පිරිමි ළමයි හතරදෙනෙක්

පවුලේ අයගෙන් වෙන් වෙලා හිටියත් මේ තරුණයින් හතරදෙනා හොඳ, දෙවිට කීකරු ළමයි විදිහට හැදී වැඩුණා.

කතන්දර 76

යෙරුසලම විනාශ වෙයි

ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරෝ වුණ බැබිලෝනවරුන්ට යෙරුසලම විනාශ කරන්න දෙවි ඉඩ දුන්නේ ඇයි?