Skip to content

පටුනට යන්න

කතන්දර 71

දෙවි පාරාදීසයක් ගේන්න පොරොන්දු වෙයි

දෙවි පාරාදීසයක් ගේන්න පොරොන්දු වෙයි

මේ පාරාදීසයක පින්තූරයක්. දෙවි ඔහුගේ අනාගතවක්තෘ යෙසායාටත් පෙන්නන්න ඇත්තේ මේ වගේ දෙයක්. යෝනා මැරිලා ටික කාලෙකට පස්සෙයි යෙසායා ජීවත් වුණේ.

පාරාදීසය කියන්නේ “වත්තකට” නැත්නම් “උයනකටයි.” ඔයා මේක දැක්කාම, මේ පොතේ අපි දැනටමත් දැකලා තියෙන පින්තූරයක් ඔයාට මතක් වෙනවාද? මේක හරියට යෙහෝවා දෙවි ආදම් සහ ඒවට හැදුව ඒ ලස්සන උයන වගෙයි, නේද? ඒ වුණාට මුළු ලෝකයම කවදා හරි පාරාදීසයක් වෙයිද?

දෙවි ඔහුගේ සෙනඟට දෙන්න යන අලුත් පාරාදීසය ගැන ලියන්න කියලා යෙහෝවා යෙසායා කියන ඔහුගේ අනාගතවක්තෘවරයාට කිව්වා. ඔහු මෙහෙම කිව්වා: ‘වලසුන් හා බැටළුවන් සාමයෙන් එකට ජීවත් වෙන්න යනවා. වහුපැටියන් හා සිංහ පැටව් එක තැන කෑම කන්න යනවා. ඒගොල්ලන්ව බලාගන්න යන්නේ පොඩි ළමයින්. විස සර්පයෙක් ළඟ බබෙක් සෙල්ලම් කළත් එයාට හානියක් වෙන්නේ නැහැ.’

‘මේක නම් කවදාවත් වෙන්න බැරි දෙයක්. ලෝකයේ හැමදාම කරදර තිබිලා තියෙනවා. කරදර දිගටම සිද්ධ වේවි’ කියලා හුඟදෙනෙක් කියන්න පුළුවන්. ඒ වුණාට මේ ගැන පොඩ්ඩක් හිතන්න: දෙවි ආදම් සහ ඒවට ජීවත් වෙන්න දුන්නේ මොන වාගේ තැනක්ද?

දෙවි ආදම් සහ ඒවට ජීවත් වෙන්න දුන්නේ පාරාදීසයක් නේද? ඒගොල්ලන් දෙවිට අකීකරු වුණ නිසයි ඒගොල්ලන්ට ඒ ලස්සන තැන නැති වෙලා, වයසට ගිහින් මැරෙන්න සිද්ධ වුණේ. දෙවිට ආදරේ අයට ඔහු, ආදම් සහ ඒව නැති කරගත්ත දේවල්ම දෙන්න යනවා කියලා පොරොන්දු වෙනවා.

ලැබෙන්න යන අලුත් පාරාදීසයේදී කවුරුත් කාටවත් කරදර කරන්නවත් මුකුත් විනාශ කරන්නවත් යන්නේ නැහැ. එහේ සාමය සම්පූර්ණයෙන් තියෙන්න යනවා. හැමදෙනාම ලෙඩක් නැතුව හා සන්තෝෂයෙන් ඉන්න යනවා. පටන්ගැනීමේදී දෙවිට ඕන කළ විදිහටමයි පාරාදීසය තියෙන්න යන්නේ. දෙවි මේක ගේන්නේ කොහොමද කියලා අපි පස්සේ ඉගෙනගන්න යනවා.