Skip to content

පටුනට යන්න

5වන කොටස

බබිලෝනියේ වහල්භාවයේ සිට යෙරුසලමේ තාප්ප නැවත ගොඩනැඟීම දක්වා

බබිලෝනියේ වහල්භාවයේ සිට යෙරුසලමේ තාප්ප නැවත ගොඩනැඟීම දක්වා

බබිලෝනියේ වහලුන් හැටියට ඉන්න කොට ඉශ්‍රායෙල්වරුන් කරදර ගොඩකට මුහුණ දුන්නා. ඒවායෙන් ඒගොල්ලන්ට විශ්වාසය තිබුණාද නැද්ද කියලා ඔප්පු වුණා. මිනිස්සු ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝව ඇවිළෙන ගිනි උදුනකට දැම්මා. ඒ වුණාට දෙවි ඒගොල්ලන්ව ඒකෙන් බේරුවා. ඊට පස්සේ, මේදවරුන් හා පර්සියානුවන් බබිලෝනිය පරාජය කළාම, මිනිස්සු දානියෙල්ව සිංහයන් ඉන්න වළකට දැම්මා. ඒ වුණාට සිංහයන්ගේ කටවල් වහලා දෙවි එයාවත් ආරක්ෂා කළා.

අවසානයේදී පර්සියානුවන්ගේ රජු කෝරෙෂ් ඉශ්‍රායෙල්වරුන්ව නිදහස් කළා. ඒගොල්ලන් බබිලෝනියට වහල්ලු හැටියට ගිහින් හරියටම අවුරුදු 70කට පස්සෙයි ඒගොල්ලන්ගේ මව්බිමට ආයෙත් ආවේ. ඒගොල්ලන් ආයෙත් යෙරුසලමට ආව ගමන්ම මුලින්ම කරපු දේවල්වලින් එකක් වුණේ යෙහෝවාගේ මාළිගාව ගොඩනඟන්න පටන්ගත්ත එකයි. ඒ වුණාට වැඩි කාලයක් යන්න කලින් සතුරන් ඒගොල්ලන්ගේ වැඩේ නැවැත්තුවා. ඉතින් ඒගොල්ලන් යෙරුසලමට ඇවිත් අවුරුදු 22කට විතර පස්සෙයි දේවමාළිගාව හදලා ඉවර කළේ.

ඊළඟට, දේවමාළිගාව ලස්සන කරන්න එස්රා යෙරුසලමට ගිය ගමන ගැන අපි ඉගෙනගන්නවා. මේක වුණේ දේවමාළිගාව හදලා ඉවර කරලා අවුරුදු 47කට විතර පස්සේ. ඊළඟට, එස්රාගේ ගමනට අවුරුදු 13කට පස්සේ නෙහෙමියා ගිහින් යෙරුසලමේ කැඩිලා ගිය තාප්ප ආයෙත් ගොඩනඟන්න උදව් කළා. මේ කාලය දක්වා අවුරුදු එකසිය පනස්දෙකක ඉතිහාසයක් පස්වෙනි කොටසට ඇතුළත් වෙනවා.

 

මේ කොටසේ

කතන්දර 77

ඒගොල්ලෝ වඳින්නෙම නැහැ

දෙවිට විශ්වාසවන්තව හිටපු මේ තරුණයන් තුන්දෙනාව ඇවිළෙන ගිනි උඳුනෙන් දෙවි ආරක්ෂා කළා.

කතන්දර 78

බිත්තිය මත අත්අකුරු

ඒ පුදුම වචන හතරේ තේරුම අනාගතවක්තෘ දානියෙල් පහදලා දුන්නා.

79වන කතන්දරය

දානියෙල් සිංහ වළේ

දානියෙල්ට මරණ දඬුවම නියම වුණා. එයාට ඒකෙන් බේරෙන්න පුළුවන් වුණාද?

කතන්දර 80

දෙවිගේ සෙනඟ බබිලෝනියෙන් පිට වෙයි

පර්සියාවේ සයිරස් රජ බැබිලෝනිය අල්ලගන්නවා කියලා කිව්ව පළවෙනි අනාවැකිය ඉටු වුණා. ඒ වගේම අනිත් අනාවැකිත් ඒ විදිහටම ඉටු වෙනවා.

කතන්දර 81

දෙවි උදව් දෙයි කියලා විශ්වාස කරයි

දෙවිට කීකරු වෙන්න ඕනේ නිසා රජ කෙනෙක් දාපු නීතියක් ඊශ්‍රායෙල්වරු කඩ කරනවා. යෙහෝවා දෙවි එයාලට උදව් කරයිද?

කතන්දර 82

මොර්දෙකයි හා එස්තර්

වස්තී බිසව ගොඩක් ලස්සනයි. එත් අහෂ්වේරොෂ් රජ වස්තී බිසව වෙනුවට එස්තර්ව අලුත් බිසව විදිහට විවාහ කරගත්තා. ඒ ඇයි?

කතන්දර 83

යෙරුසලමේ තාප්ප

ඊශ්‍රායෙල්වරු රෑ දවල් දෙකේම ආයුධ ළඟම තියාගෙන යෙරුසලමේ තාප්ප ගොඩනඟන වැඩේට හවුල් වුණා.