Skip to content

පටුනට යන්න

6වන කොටස

යේසුස්ගේ උපතේ සිට මරණය දක්වා

යේසුස්ගේ උපතේ සිට මරණය දක්වා

දෙවි, මරියා කියන යහපත් තරුණ ස්ත්‍රියක් ළඟට ගාබ්‍රියෙල් කියන දේවදූතයාව යැව්වා. එයා ඇයට කිව්වා සදහටම රජෙක් හැටියට පාලනය කරන්න යන දරුවෙක් ඇයට ලැබෙන්න යනවා කියලා. ඒ දරුවා, ඒ කියන්නේ යේසුස්, ගව මඩුවක ඉපදුණාම ඔහුව බලන්න එඬේරුන් ආවා. ඊට පස්සේ, නැඟෙනහිර දිශාවේ හිටිය මිනිස්සුන්ට මේ පොඩි දරුවා ළඟට එන්න තාරකාවක් මඟ පෙන්නුවා. ඒගොල්ලන්ට මේ තාරකාව පේන්න සැලැස්සුවේ කවුද කියලාත්, යේසුස්ව මරන්න ගත්ත උත්සාහවලින් ඔහු බේරුණේ කොහොමද කියලාත් අපි ඉගෙනගන්න යනවා.

ඊළඟට, යේසුස් අවුරුදු 12දී, දේවමාළිගාවේ ගුරුවරුන් එක්ක කතා කර කර ඉන්නවා දැකගන්න ලැබෙනවා. ඊට අවුරුදු 18කට පස්සේ යේසුස් බව්තීස්ම වුණා. එතකොට ඔහු දෙවි භාර දීලා තිබුණු රාජ්‍යය ගැන දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ වැඩය පටන්ගත්තා. මේ වැඩේට ඔහුට උදව් කරන්න යේසුස් මිනිස්සුන් 12දෙනෙක්ව තෝරාගෙන ඒගොල්ලන්ව ඔහුගේ ප්‍රේරිතයන් කියලා නම් කළා.

යේසුස් පුදුම දේවල් ගොඩක් කළා. මිනිස්සු දහස් ගණනකට ඔහු කන්න දුන්නේ පොඩි මාළු කූරීන් ටිකදෙනෙකුයි පාන් ගෙඩි ටිකකුයි යොදාගෙනයි. ඔහු ලෙඩුන්ව සුව කළා. මැරුණ අයව පවා නැඟිට්ටෙව්වා. මේ කොටසේ අවසානයේදී, යේසුස්ගේ ජීවිතයේ අන්තිම දවසේදී ඔහුට සිදු වුණ දේවල් ගැනත් ඔහුව මැරුවේ කොහොමද කියලාත් අපි ඉගෙනගන්න යනවා. යේසුස් අවුරුදු තුනහමාරක් විතර දේශනා කළා. ඉතින් හයවෙනි කොටසේ අවුරුදු 34කට වඩා ටිකක් වැඩි කාලයක් ගැන කතා කරනවා.

 

මේ කොටසේ

කතන්දර 84

දේවදූතයෙක් මරියාව හමු වෙන්න එයි

දේවදූතයෙක් දෙවිගෙන් පණිවිඩයක් ගේනවා. ඒ පණිවිඩය තමයි මරියාට දරුවෙක් ලැබෙන්න යනවා කියලත් ඒ දරුවා අනාගතයේ සදහටම රජෙක් විදිහට පාලනය කරන්න යනවාත් කියන එක.

කතන්දර 85

යේසුස් මඩුවක ඉපදෙයි

අනාගතයේ රජ වෙන්න ඉන්න කෙනෙක් ඇයි සත්තු ඉන්න මඩුවක ඉපදුණේ?

කතන්දර 86

තාරකාවක් මිනිස්සුන්ට මඟ පෙන්වයි

ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට යේසුස් ළඟට යන පාර පෙන්නුවේ කවුද? ඒකට උත්තරේ දැනගත්තාම සමහරවිට ඔයා පුදුම වෙයි.

කතන්දර 87

තරුණ යේසුස් දේවමාළිගාවේ

යේසුස් කතා කරපු දේවල් අහලා දේවමාළිගාවේ හිටපු ගුරුවරුන්ට පුදුම හිතුණා.

කතන්දර 88

යොහන් යේසුස්ව බව්තීස්ම කරයි

යොහන් බව්තීස්ම කළේ පාපය උරුම කරගෙන හිටපු මිනිසුන්ව. යේසුස් පාපය උරුම වුණ කෙනෙක් නෙමෙයි. එහෙනම් යේසුස්ව බව්තීස්ම කළේ ඇයි?

කතන්දර 89

යේසුස් දේවමාළිගාව පිරිසිදු කරයි

යේසුස්ට දේවමාළිගාව ගැන කොච්චර ප්‍රේමයක් තිබුණද කියලා මේ සිද්ධියෙන් අපිට දැනගන්න පුළුවන්.

කතන්දර 90

ළිඳ ළඟ සිටි ස්ත්‍රිය එක්ක

යේසුස් දෙන වතුර බිව්වොත් ඒ ස්ත්‍රියට සදහටම ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද?

කතන්දර 91

යේසුස් කන්දක් උඩ උගන්වයි

කන්ද උඩ දේශනාවෙන් හැමදාටම වැදගත් වෙන පාඩම් ඉගෙනගන්න පුළුවන්.

කතන්දර 92

යේසුස් මළවුන්ව නැඟිටුවයි

දෙවිගේ බලය තුළින් යේසුස් යායිරස්ගේ දුවව නැවත නැඟිටුවනවා.

කතන්දර 93

යේසුස් බොහෝදෙනෙකුට කන්ට දෙයි

යේසුස් ආශ්චර්යයක් කරලා දහස් ගාණකට කන්න දුන්න එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වැදගත් දේ මොකක්ද?

කතන්දර 94

ඔහු පොඩි ළමයින්ට ආදරෙයි

යේසුස් ගෝලයන්ට කිව්වා පොඩි ළමයින්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා කියලා.

කතන්දර 95

යේසුස් උගන්වන විදිය

යේසුස්, කරුණාවන්ත සමරිතානුවරයාගේ උපමාව වගේ උපමා නිතරම පාවිච්චි කරලා මිනිසුන්ට ඉගැන්නුවා.

කතන්දර 96

යේසුස් ලෙඩුන්ව සුව කරයි

යේසුස් සිදු කරපු හැම ආශ්චර්යයකින්ම අපිට පැහැදිලි වෙන්නේ මොකක්ද?

කතන්දර 97

යේසුස් රජෙකු මෙන් එයි

යේසුස්ව පිළිගන්න විශාල සෙනඟක් ආවා. ඒත් හැමෝම ඒකට සතුටු වුණේ නැහැ.

කතන්දර 98

ඔලීව කන්ද උඩ

මේ කාලේ සිද්ධ වෙන දේවල් ගැන එදා යේසුස් එයාගේ ගෝලයන් හතරදෙනාට කියලා දුන්නා.

කතන්දර 99

උඩු මහලේ කාමරයක

මේ විශේෂ භෝජනය හැම අවුරද්දකම පවත්වන්න කියලා යේසුස් ගෝලයන්ට කිව්වේ ඇයි?

කතන්දර 100

යේසුස් උයනේ

යූදස් යේසුස්ව ඉඹලා එයාව පාවා දුන්නේ ඇයි?

කතන්දර 101

යේසුස්ව මරණයට පත් කිරීම

යේසුස් මැරෙන්න ටිකකට කලින් පාරාදීසය ගැන පොරොන්දුවක් දෙනවා.