Skip to content

පටුනට යන්න

7වන කොටස

යේසුස්ගේ නැවත නැඟිටීමේ සිට පාවුල්ව හිරගෙයි දැමීම දක්වා

යේසුස්ගේ නැවත නැඟිටීමේ සිට පාවුල්ව හිරගෙයි දැමීම දක්වා

යේසුස් මැරිලා දවස් තුනක් පහු වුණාම දෙවි ඔහුව නැවත නැඟිට්ටෙව්වා. එදා ඔහු ඔහුගේ ගෝලයන්ට පස් වතාවක්ම පෙනුණා. ඊට පස්සේ තව දවස් 40ක් යනකම් ඒගොල්ලන්ට ඔහුව දැකගන්න පුළුවන් වුණා. හතළිස්වන දවසේදී ගෝලයන්ගෙන් කීපදෙනෙක් බලාගෙන ඉන්දැද්දිම යේසුස් ස්වර්ගයට නැග්ගා. ඊට දවස් දහයකට පස්සේ යෙරුසලමේ හිටිය යේසුස්ගේ ගෝලයන් මතට ශුද්ධාත්මය ආවා.

ඊට පස්සේ දෙවිගේ හතුරන් ප්‍රේරිතයන්ව හිරේ දැම්මා. හැබැයි, දේවදූතයෙක් ඇවිත් ඒගොල්ලන්ව හිරගෙයින් නිදහස් කළා. ස්තේපන් කියලා හිටිය ගෝලයෙක්ට හතුරන් ගල් ගහලා මරලා දැම්මා. ඒ වුණාට මේ හතුරන්ගෙන් එක්කෙනෙක්ව යේසුස්ගේ විශේෂ සේවකයෙක් වෙන්න ඔහු තෝරාගත්ත හැටිත්, එයා පාවුල් කියන ප්‍රේරිතයා වුණ හැටිත් අපි ඉගෙනගන්නවා. යේසුස්ගේ මරණයෙන් අවුරුදු තුනහමාරකට පස්සේ දෙවි ප්‍රේරිත පේතෘස්ව යැව්වා යුදෙව් ජාතියට අයිති නැති කොර්නේලියස්ටයි එයාගේ ගෙදර අයටයි දේශනා කරන්න.

ඊට අවුරුදු 13කට විතර පස්සේ පාවුල් එයාගේ පළවෙනි දේශනා ගමන පටන්ගත්තා. පාවුල්ගේ දෙවෙනි ගමනේදී තිමෝතිත් පාවුල් එක්ක ගියා. අපි ඉගෙනගන්න යනවා පාවුල් හා එයාත් එක්ක ගමන් කළ අය දෙවිට සේවය කරනකොට අද්දැක්ක පුදුම දේවල් ගැන. අන්තිමේදී මිනිස්සු පාවුල්ව රෝමයේ හිරේ දානවා. අවුරුදු දෙකකට පස්සේ එයාව හිරෙන් නිදහස් කළත් එයාව ආයෙත් හිරේ දාලා මේ සැරේ එයාව මරනවා. හත්වෙනි කොටසේ අවුරුදු 32ක විතර කාලයක් පුරා සිද්ධ වුණ දේවල් ගැන කතා කරනවා.

 

මේ කොටසේ

කතන්දර 102

මෙන්න යේසුස් ජීවත් වෙනවා!

දේවදූතයන් ඇවිත් සොහොන් ගෙය වහලා තිබුණු ගල අහකට පෙරළනවා දැකලා මුර භටයින් හොඳටම බය වෙනවා.

කතන්දර 103

වහලා තිබුණු කාමරයක් ඇතුලට

යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ ගෝලයන් එයාව අඳුනගත්තේ නැත්තේ ඇයි?

කතන්දර 104

යේසුස් ආයෙත් ස්වර්ගයට යයි

යේසුස් ස්වර්ගයට යන්න කලින් ගෝලයන්ට විශේෂ වගකීමක් පැවරුවා.

කතන්දර 105

යෙරුසලමේ නැවතී සිටීම

යේසුස්ගේ ගෝලයන්ට පෙන්තකොස්ත දවසේදී දෙවිගේ බලය ලැබුණේ ඇයි?

කතන්දර 106

හිරගෙයින් නිදහස් කිරීම

යේසුස්ගේ ගෝලයන්ගේ දේශනා සේවය නවත්වන්න නිසා ආගමික නායකයන් එයාලව හිරේට දැම්මා. ඒත් දෙවි එයාලව බේරගත්තා.

කතන්දර 107

ස්තේපන්ට ගල් ගැසීම

ස්තේපන්ව ගල් ගහලා මරන්න හදන වෙලාවේදී එයා හරිම පුදුම යාච්ඤාවක් කළා.

කතන්දර 108

දමස්කයට යන ගමන්

ස්වර්ගයේ ඉඳන් කතා කරපු කෙනා සහ විහිදුණු ආලෝකය නිසා සාවුල්ගේ ජීවිතේ වෙනස් වුණා.

කතන්දර 109

පේතෘස් කොර්නේලියස්ව බලන්න යයි

එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස් කියලා දෙවි හිතනවද?

කතන්දර 110

තිමෝති—පාවුල්ගේ අලුත් උදව්කාරයා

තිමෝති ගෙදර අයගෙන් වෙන් වෙලා පාවුල් එක්ක දේශනා කරන්න ගොඩක් ප්‍රදේශවලට යනවා.

කතන්දර 111

නිදා වැටුණ තරුණයෙක්

පාවුල් මුලින්ම කතාවක් දෙනකොට යුතිකස්ට නින්ද ගියා. හැබැයි දෙවනි පාරට නම් එහෙම වුණේ නැහැ. ඒ ඇයි?

කතන්දර 112

නැව බිඳී ගිහින් දූපතකට ගොඩවීම

සැර කුණාටුවෙන් හැම දේම විනාශ වෙන්න යද්දී පාවුල්ට දෙවිගෙන් පණිවිඩයක් ලැබුණා. ඒ නිසා එයාලට බලාපොරොත්තුවක් ඇති වුණා.

කතන්දර 113

පාවුල් දැන් රෝමයේ

හිරේ ඉන්නකොටත් පාවුල් එයාගේ වගකීම හොඳින් ඉටු කළේ කොහොමද?