Skip to content

පටුනට යන්න

8වන කොටස

බයිබලයේ කලින් කියලා තියෙන දේවල් වෙනවාමයි

බයිබලයේ කලින් කියලා තියෙන දේවල් වෙනවාමයි

බයිබලයේ අතීතයේ වුණ දේවල් ගැන ඇත්ත කියනවා විතරක් නෙවෙයි, අනාගතයේ වෙන්න යන දේවල් ගැනත් කියනවා. මිනිස්සුන්ට නම් අනාගතයේදී වෙන්න යන දේවල් කලින් කියන්න බැහැ. ඒ නිසයි අපි විශ්වාස කරන්නේ බයිබලය දෙවිගෙන්ම ලැබුණ දෙයක් කියලා. හොඳයි, අනාගතය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

දෙවි කරන්න යන ලොකු යුද්ධයක් ගැන ඒකේ කියලා තියෙනවා. මේ යුද්ධයේදී, දෙවි පොළොවේ තියෙන නරක දේවලුයි නරක මිනිස්සුන්වයි විනාශ කරන්න යනවා. හැබැයි ඔහුට සේවය කරන අයව ඔහු ආරක්ෂා කරන්න යනවා. දෙවිගේ රජ යේසුස් ක්‍රිස්තුස්, දෙවිගේ සේවකයන්ට සාමයයි සන්තෝෂයයි ලබා දෙන්නත්, ඒගොල්ලන් ලෙඩ වෙලා මැරිලා යන්න ආයෙ කවදාවත්ම ඉඩ නොදෙන්නත් වගබලාගන්න යනවා.

දෙවි මේ පොළොවේම අලුත් පාරාදීසයක් ඇති කරන්න යන එක ගැන අපි සන්තෝෂ වෙනවා, නේද? හැබැයි මේ පාරාදීසයේ අපි ජීවත් වෙන්න ආස නම් අපිත් යමක් කරන්න ඕනේ. මේ පොතේ අන්තිම කතන්දරයේදී අපි ඉගෙනගන්න යනවා, දෙවිට සේවය කරන අයට ඔහු දෙන්න යන පුදුම දේවල් ලබාගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ කියලා. ඉතින් අටවෙනි කොටස කියවලා අනාගතය ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා බලන්න.

 

මේ කොටසේ

කතන්දර 114

හැම නරක දෙයකම අවසානය

හර්මගෙදොන් යුද්දේදී දෙවිගේ හමුදාවේ මුල් තැන අරන් යුද්ධ කරන්න දෙවි යේසුස්ව යොදාගන්නේ ඇයි?

කතන්දර 115

පොළොව මත අලුත් පාරාදීසයක්

මිනිසුන්ට සතුටින් හැමදාම ජීවත් වෙන්න පාරාදීසයක් ලැබෙන්න යනවා.

කතන්දර 116

අපිට සදාකල් ජීවත් වෙන්න පුළුවන් වන විදිහ

සදාකල් ජීවත් වෙන්න යෙහෝවා දෙවි ගැන සහ යේසුස් ගැන දැනගන්න එක විතරක් ඇතිද? ඒක විතරක් නෙමෙයි නම් තව මොනවද ඉගෙනගන්න ඕනේ?