Skip to content

පටුනට යන්න

මගේ බයිබල් කතන්දර පොත සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

මගේ බයිබල් කතන්දර පොත සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

1වන කතන්දරය

දෙවි මවන්න පටන්ගනී

  1. අපිට හොඳ දේවල් ලැබෙන්නේ කාගෙන්ද? ඔයාට ලැබිලා තියෙන හොඳ දෙයක් ගැන කියන්න පුළුවන්ද?

  2. දෙවි මුලින්ම මැව්වේ කාවද?

  3. දෙවි මවපු මුල්ම දේවදූතයා විශේෂ කෙනෙක් වෙන්නේ ඇයි?

  4. පොළොව මුලින්ම තිබුණේ මොන වගේද? (පින්තූරය බලන්න.)

  5. මිනිසුන්ටයි සතුන්ටයි ජීවත් වෙන්න දෙවි පොළොව සූදානම් කළේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. යෙරෙමියා 10:12 කියවන්න.

    දෙවි මවා තිබෙන දේවල් දෙස බලද්දී අපි දකින්නේ දෙවිගේ මොන ගුණාංගද? (යෙසා. 40:26; රෝම 11:33)

  2. කොලොස්සි 1:15-17 කියවන්න.

    මැවීමේ කාර්යයේදී යේසුස් දෙවිට උදව් කළේ කොහොමද? ඒ නිසා අපි ඔහුව සැලකිය යුත්තේ කොහොමද? (කොලො. 1:15-17)

  3. උත්පත්ති 1:1-10 කියවන්න.

    1. පොළොවේ ආරම්භය ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? (උත්. 1:1)

    2. දෙවි මුලින්ම පොළොවේ මැව්වේ මොකක්ද? (උත්. 1:3-5)

    3. ආලෝකය මැව්වට පස්සේ දෙවි මොනවාද කළේ? (උත්. 1:7, 8)

2වන කතන්දරය

ලස්සන උයනක්

  1. දෙවි මේ පොළොව අපිට ජීවත් වෙන්න පුළුවන් ආකාරයට සූදානම් කළේ කොහොමද?

  2. දෙවි මැව්ව එක එක ජාතියේ සතුන් ගැන ඔබට කියන්න පුළුවන්ද? (පින්තූරය බලන්න.)

  3. ඒදන් උයන විශේෂ තැනක් වුණේ ඇයි?

  4. දෙවිට ඕන වුණේ මුළු පොළොවම මොන වගේ තැනක් වෙනවා දකින්නද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 1:11-25 කියවන්න.

    1. දෙවි තුන්වෙනි දවසේදී මැව්වේ මොනවාද? (උත්. 1:12)

    2. දෙවි හතරවෙනි දවසේදී කළේ කුමක්ද? (උත්. 1:16)

    3. දෙවි පස්වෙනි හා හයවෙනි දවස්වලදී මැව්වේ මොන වගේ සතුන්ද? (උත්. 1:20, 21, 25)

  2. උත්පත්ති 2:8, 9 කියවන්න.

    දෙවි ඒදන් උයනේ මැවූ විශේෂ ගස් දෙක මොකක්ද? ඒ ගස් දෙකෙන් නියෝජනය කළේ මොකක්ද?

3වන කතන්දරය

පළමු මිනිසා සහ ස්ත්‍රිය

  1. තුන්වන පාඩමේ තියෙන පින්තූරය දෙවන පාඩමේ තියෙන පින්තූරයට වඩා වෙනස් වන්නේ කොහොමද?

  2. පළමු මිනිසාව මැව්වේ කවුද? ඔහුගේ නම මොකක්ද?

  3. යෙහෝවා දෙවි ආදම්ට බාර දුන් වැඩය මොකක්ද?

  4. දෙවි ආදම්ව බර නින්දකට වැටෙන්න සැලැස්සුවේ ඇයි?

  5. ආදම් සහ ඒවට කොච්චර කල් ජීවත් වෙන්න පුළුවන්කම තිබුණාද? ඔවුන් දෙදෙනා කුමක් කරනවා දකින්නද දෙවි කැමති වුණේ?

අමතර ප්‍රශ්න:

  1. ගීතාවලිය 83:17 කියවන්න.

    දෙවිගේ නම මොකක්ද? වෙන කිසිම කෙනෙකුට වඩා ඔහු උතුම් වන්නේ ඇයි? (යෙරෙ. 16:21; දානි. 4:17)

  2. උත්පත්ති 1:26-31 කියවන්න.

    1. මැවීමේ හයවන දවස විශේෂ දවසක් වුණේ ඇයි? දෙවිගේ මේ මැවිල්ල සතුන්ට වඩා වෙනස් වන්නේ කොහොමද? (උත්. 1:26)

    2. යෙහෝවා දෙවි මිනිසුන්ටත් සතුන්ටත් දුන්නේ මොනවාද? (උත්. 1:30)

  3. උත්පත්ති 2:7-25 කියවන්න.

    1. සතුන්ට නම් දමන්න කලින් ආදම් කළේ කුමක්ද? (උත්. 2:19)

    2. යෙහෝවා දෙවි විවාහය, වෙන්වීම හා දික්කසාදය සලකන්නේ කොහොමද කියා තේරුම්ගන්න අපට උත්පත්ති 2:24 උපකාරවත් වන්නේ කොහොමද? (මතෙ. 19:4-6, 9)

4වන කතන්දරය

ඒගොල්ලන්ට ඉන්න තැන නැති වුණේ ඇයි?

  1. පින්තූරේ තියෙන විදිහට ආදම් සහ ඒවට මොකක්ද වෙන්නේ?

  2. යෙහෝවා ඔවුන්ට දඬුවම් කළේ ඇයි?

  3. සර්පයෙක් ඒවට කිව්වේ මොනවාද?

  4. ඒ සර්පයා මාර්ගයෙන් ඒවට කතා කළේ කවුද?

  5. ආදම් සහ ඒවට ලස්සන ගෙදරින් යන්න වුණේ ඇයි?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 2:16, 17 සහ 3:1-13, 24 කියවන්න.

    1. සර්පයා ඒවගෙන් ඇසූ ප්‍රශ්නය මගින් යෙහෝවා ගැන ඇය තුළ වැරදි වැටහීමක් ඇති කළේ කොහොමද? (උත්. 3:1-5; 1 යොහ. 5:3)

    2. ඒවගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (ෆිලි. 4:8; යාකො. 1:14, 15; 1 යොහ. 2:16)

    3. ආදම් සහ ඒව ඔවුන් කළ වරද පිළි නොගත් බව පෙනී යන්නේ කුමකින්ද? (උත්. 3:12, 13)

    4. යෙහෝවා ඒදන් උයනට නැඟෙනහිරෙන් කෙරුබ්වරුන්ව තැබුවේ ඇයි? (උත්. 3:24)

  2. එළිදරව් 12:9 කියවන්න.

    මිනිසුන්ව දෙවිගෙන් ඈත් කිරීමේදී සාතන් කොතෙක් දුරට සාර්ථක වී තිබෙනවාද? (1 යොහ. 5:19)

5වන කතන්දරය

අමාරු ජීවිතයක් පටන්ගනී

  1. ආදම් සහ ඒව ඒදන් උයනෙන් එළියට ආවාම ඔවුන්ට ගත කරන්න සිදු වුණේ මොන වගේ ජීවිතයක්ද?

  2. ඊට පස්සේ ආදම් සහ ඒවට මොකක්ද වුණේ? ඇයි එහෙම වුණේ?

  3. ආදම් සහ ඒවගේ දරුවන්ටත් වයසට ගිහිල්ලා මැරෙන්න සිද්ධ වුණේ ඇයි?

  4. ආදම් සහ ඒව යෙහෝවාට කීකරු වෙලා හිටියා නම් ඔවුන්ටත් ඔවුන්ගේ ළමයින්ටත් මොන වගේ ජීවිතයක් ගත කරන්න තිබුණාද?

  5. ඒව දෙවිට අකීකරු වූ නිසා ඇය දුක් වින්දේ කොහොමද?

  6. ආදම් සහ ඒවට මුලින්ම ලැබුණු පුතුන් දෙදෙනාගේ නම් මොනවාද?

  7. මේ පින්තූරේ ඉන්න අනිත් ළමයි කවුද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 3:16-23 සහ 4:4, 2 කියවන්න.

    1. භූමියට කළ ශාපය ආදම්ට බලපෑවේ කොහොමද? (උත්. 3:17-19; රෝම 8:20, 22)

    2. ඒවගේ නමේ අර්ථය “ජීවනය” යන්නයි. මෙම නම ඇයට ගැළපෙන්නේ ඇයි? (උත්. 3:20)

    3. ආදම් සහ ඒව පව් කළ පසුවත් යෙහෝවා දෙවි ඔවුන්ට සැලකිල්ල දැක්වූයේ කොහොමද? (උත්. 3:7, 21)

  2. එළිදරව් 21:3, 4 කියවන්න.

    දෙවි විසින් “පළමු දේවල්” නැති කර දමනු ලබනවා. ඔබ කැමති මොන වගේ දේවල් නැති කරනවා දකින්නද?

6වන කතන්දරය

හොඳ පුතෙක් හා නරක පුතෙක්

  1. කායින් සහ ආබෙල් කළ වැඩ මොනවාද?

  2. කායින් සහ ආබෙල් යෙහෝවාට ගෙනෙන තෑගි මොනවාද?

  3. යෙහෝවා ආබෙල්ගේ තෑග්ග ගැන සන්තෝෂ වෙන්නේ ඇයි? ඒ වුණත් කායින්ගේ තෑග්ග ගැන සන්තෝෂ වෙන්නේ නැත්තේ ඇයි?

  4. කායින් මොන වගේ කෙනෙක්ද? යෙහෝවා ඔහුගේ හැසිරීම වෙනස් කරන්න උත්සාහ කරන්නේ කොහොමද?

  5. කායින් එයාගේ මල්ලිත් එක්ක කෙතේ ඉන්නකොට කරන්නේ මොනවාද?

  6. කායින් එයාගේ මල්ලිව මැරුවාට පස්සේ එයාට මොකද වෙන්නේ?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 4:2-26 කියවන්න.

    1. කායින් සිටිය අනතුරුදායක තත්වය ගැන යෙහෝවා විස්තර කළේ කොහොමද? (උත්. 4:7)

    2. කායින්ගේ සිතේ තිබුණු දෙය ඔහු පැවසූ දේවලින් පැහැදිලි වෙන්නේ කොහොමද? (උත්. 4:9)

    3. අහිංසක අයගේ ලේ වැගිරීම යෙහෝවා සලකන්නේ කොහොමද? (උත්. 4:10; යෙසා. 26:21)

  2. 1 යොහන් 3:11, 12 කියවන්න.

    1. කායින් තුළ මහත් කෝපයක් ඇති වුණේ ඇයි? අපිට මෙයින් ඉගෙනගන්න පුළුවන් පාඩම කුමක්ද? (උත්. 4:4, 5; හිතෝ. 14:30; 28:22)

    2. අපේ පවුලේ හැම කෙනෙක්ම යෙහෝවාට විරුද්ධ වුණත් අපිට දිගටම ඔහුට විශ්වාසවන්තව සේවය කරන්න පුළුවන් බව බයිබලයේ පෙන්වා දෙන්නේ කොහොමද? (ගීතා. 27:10; මතෙ. 10:21, 22)

  3. යොහන් 11:25 කියවන්න.

    යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීම නිසා මිය යන සියලුදෙනාවම ඔහු සලකන ආකාරය ගැන බයිබලයේ දී තිබෙන සහතිකය කුමක්ද? (යොහ. 5:24)

7වන කතන්දරය

නිර්භීත මිනිසෙක්

  1. ඒනොක් අනික් අයට වඩා වෙනස් කෙනෙක් වුණේ කොහොමද?

  2. ඒනොක් හිටපු කාලයේ මිනිස්සු හුඟාක් නරක වැඩ කෙරුවේ ඇයි?

  3. ඒ මිනිස්සු කළ නරක දේවල් මොනවාද? (පින්තූරය බලන්න.)

  4. ඒනොක්ට නිර්භීතකම අවශ්‍ය වුණේ ඇයි?

  5. ඒ කාලයේ හිටිය මිනිස්සු කොච්චර කාලයක් ජීවත් වුණාද? ඒත් ඒනොක් ජීවත් වුණේ කොච්චර කාලයක්ද?

  6. ඒනොක් මැරුණාට පස්සේ මොනවාද වුණේ?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 5:21-24, 27 කියවන්න.

    1. ඒනොක්ට දෙවි සමඟ තිබුණේ මොන වගේ මිත්‍රත්වයක්ද? (උත්. 5:24)

    2. බයිබලයේ සඳහන් වෙන ආකාරයට වැඩිම කාලයක් ජීවත් වුණ මිනිසා කවුද? ඔහු කොච්චර කාලයක් ජීවත් වුණාද? (උත්. 5:27)

  2. උත්පත්ති 6:5 කියවන්න.

    ඒනොක් මැරුණාට පස්සේ පොළොවේ තිබූ තත්වය කොච්චර නරක අතට හැරුණාද? එදා තිබුණු තත්වය අද තියෙන තත්වයට සමාන වෙන්නේ කොහොමද? (2 තිමෝ. 3:13)

  3. හෙබ්‍රෙව් 11:5 කියවන්න.

    ‘දෙවි සතුටු වුණේ’ ඒනොක්ගේ කුමන ගුණාංගයටද? මේ නිසා දෙවි ඔහුට කළේ කුමක්ද? (උත්. 5:22)

  4. යූද් 14, 15 කියවන්න.

    දෙවි ඉදිරියේදී සිදු කිරීමට නියමිත හර්–මගෙදොන් යුද්ධය ගැන මිනිසුන්ට අනතුරු අඟවන විට අද දින සිටින ක්‍රිස්තියානීන්ට ඒනොක්ගේ නිර්භීතකම අනුගමනය කරන්න පුළුවන් කොහොමද? (2 තිමෝ. 4:2; හෙබ්‍රෙ. 13:6)

8වන කතන්දරය

පොළොව මත යෝධයෝ

  1. දේවදූතයන්ගෙන් සමහරදෙනෙක් සාතන්ට ඇහුම්කන් දුන් නිසා සිදු වුණේ කුමක්ද?

  2. සමහර දේවදූතයන් දෙවි ස්වර්ගයේ කරන්න දීපු වැඩ නවත්තලා පොළොවට ආවේ ඇයි?

  3. ඒ දේවදූතයන් මිනිස් ශරීර හදාගෙන පොළොවට ආපු එක වැරදි දෙයක් වුණේ ඇයි?

  4. දේවදූතයන්ගේ දරුවන් අනික් අයට වඩා වෙනස් වුණේ කොහොමද?

  5. මේ පින්තූරෙන් පෙනෙන විදිහට දේවදූතයන්ගේ දරුවෝ යෝධයෝ වගේ ලොකු වුණාට පස්සේ මොනවාද කළේ?

  6. ඒනොක් මැරුණාට පස්සේ තව එක හොඳ මිනිසෙක් පොළොවේ සිටියා. ඒ කවුද? දෙවි ඔහුට කැමති වුණේ ඇයි?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 6:1-8 කියවන්න.

    අපි හැසිරෙන ආකාරය යෙහෝවාගේ ප්‍රීතියට හෝ දුකට හේතු වන බව උත්පත්ති 6:6හි සඳහන් වචනවලින් පැහැදිලි වන්නේ කොහොමද? (ගීතා. 78:40, 41; හිතෝ. 27:11)

  2. යූද් 6 කියවන්න.

    නෝවාගේ කාලයේදී ‘තමන් සිටි මුල් ස්ථානයේ පැවතියේ නැති’ දේවදූතයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද? (1 කොරි. 3:5-9; 2 පේතෘ. 2:4, 9, 10)

9වන කතන්දරය

නෝවා විශාල නැවක් හදයි

  1. නෝවාගේ පවුලේ කීදෙනෙක් සිටියාද? නෝවාගේ පුතුන් තුන්දෙනාගේ නම් මොනවාද?

  2. දෙවි නෝවාට කිව්වේ මොකක් හදන්න කියාද? දෙවි නෝවාට එහෙම කිව්වේ ඇයි?

  3. නෝවා නැව ගැන මිනිසුන්ට කියද්දී ඒ අය මොනවාද කළේ?

  4. දෙවි නෝවාට සතුන් ගැන කිව්වේ මොනවාද?

  5. දෙවි නැවේ දොර වැහුවාට පස්සේ නෝවාටත් ඔහුගේ පවුලේ අයටත් කරන්න තිබුණේ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 6:9-22 කියවන්න.

    1. සැබෑ දෙවිට නමස්කාර කරන අය අතර නෝවා විශේෂ කෙනෙක් වුණේ කුමක් නිසාද? (උත්. 6:9, 22)

    2. නරක ක්‍රියා හෙවත් දූෂිත ක්‍රියා ගැන යෙහෝවා සලකන්නේ කොහොමද? අපි විනෝදය සඳහා යම් දේවල් තෝරාගන්න විට ඒ ගැන හොඳින් සිතා බැලිය යුත්තේ ඇයි? (උත්. 6:11, 12; ගීතා. 11:5)

    3. යෙහෝවාගේ සංවිධානය මාර්ගයෙන් අපිට උපදෙස් ලැබෙන විට අපිට නෝවාව අනුකරණය කරන්න පුළුවන් කොහොමද? (උත්. 6:22; 1 යොහ. 5:3)

  2. උත්පත්ති 7:1-9 කියවන්න.

    අප හා සමාන මිනිසෙකු වූ නෝවාව යෙහෝවා සැලකුවේ ධර්මිෂ්ඨ කෙනෙක් ලෙසයි. මෙය අපට දිරිගැන්වීමක් වන්නේ කොහොමද? (උත්. 7:1; හිතෝ. 10:16; යෙසා. 26:7)

10වන කතන්දරය

මහා ජලගැල්ම

  1. වැස්ස පටන්ගත්තාට පස්සේ කිසිම කෙනෙකුට නැවට ඇතුල් වෙන්න බැරි වුණේ ඇයි?

  2. යෙහෝවා දවස් කීයක් වහින්න සැලැස්සුවාද? පොළොව කොච්චර යට වුණාද?

  3. වතුර වැඩි වෙන්න පටන්ගත්තාම නැවට මොකද වුණේ?

  4. යෝධයන්ට ජලගැල්මෙන් බේරෙන්න පුළුවන් වුණාද? යෝධයන්ගේ තාත්තලා මොකද කළේ?

  5. මාස පහකට පස්සේ නැවට මොකද වුණේ?

  6. නෝවා කපුටෙක්ව නැවෙන් එළියට යැව්වේ ඇයි?

  7. වතුර හොඳටම හිඳිලා කියලා නෝවා දැනගත්තේ කොහොමද?

  8. නෝවා සහ ඔහුගේ පවුලේ අය අවුරුද්දකට වඩා වැඩි කාලයක් නැවේ සිටියාට පස්සේ දෙවි නෝවාට මොනවාද කිව්වේ?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 7:10-24 කියවන්න.

    1. ජලගැල්මෙන් කොච්චර විනාශයක් සිදු වුණාද? (උත්. 7:23)

    2. ජලය බැස යන්න කොච්චර කාලයක් ගියාද? (උත්. 7:24)

  2. උත්පත්ති 8:1-17 කියවන්න.

    යෙහෝවා දෙවි පොළොව සඳහා මුලින්ම අරමුණු කළ දෙය වෙනස් වී නැති බව උත්පත්ති 8:17හි සඳහන් වචනවලින් පැහැදිලි වෙන්නේ කොහොමද? (උත්. 1:22)

  3. 1 පේතෘස් 3:19, 20 කියවන්න.

    1. දෙවිට අකීකරු වුණ දේවදූතයන් ආපසු ස්වර්ගයට ගිය විට ඔවුන්ට දුන් තීන්දුව කුමක්ද? (යූද් 6)

    2. යෙහෝවාට ඔහුගේ සෙනඟව ගලවාගත හැකි බවට වූ අපේ විශ්වාසය තවත් ශක්තිමත් කිරීමට නෝවා සහ ඔහුගේ පවුලේ අය පිළිබඳව බයිබල් වාර්තාව උපකාරවත් වන්නේ කොහොමද? (2 පේතෘ. 2:9)

11වන කතන්දරය

පළවෙනි දේදුන්න

  1. මේ පින්තූරයේ පෙනෙන විදිහට නෝවා නැවෙන් එළියට ආපු ගමන් මොනවාද කළේ?

  2. දෙවි ජලගැල්මෙන් පස්සේ නෝවාටයි ඔහුගේ පවුලේ අයටයි ආශීර්වාද කරලා කිව්වේ මොනවාද?

  3. දෙවි දුන් පොරොන්දුව මොකක්ද?

  4. දේදුන්නක් දකිද්දී අපිට මතක් වෙන්න ඕනෙ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 8:18-22 කියවන්න.

    1. අද යෙහෝවාට “සුවඳ” පූජා ඔප්පු කරන්න අපිට පුළුවන් කොහොමද? (උත්. 8:21; හෙබ්‍රෙ. 13:15, 16)

    2. මිනිසාගේ සිතේ තත්වය ගැන යෙහෝවා දැක්කේ කුමක්ද? මේ නිසා අපි සිතට ගත යුතු පාඩම කුමක්ද? (උත්. 8:21; මතෙ. 15:18, 19)

  2. උත්පත්ති 9:9-17 කියවන්න.

    1. පොළොවේ ජීවත් වෙන සියලුම ජීවීන් සමඟ යෙහෝවා කළ ගිවිසුම කුමක්ද? (උත්. 9:10, 11)

    2. දේදුන්න මගින් ස්ථිර කළ ගිවිසුම කොතරම් කාලයක් පවතියිද? (උත්. 9:16)

12වන කතන්දරය

මිනිස්සු ලොකු කොතක් ගොඩනඟයි

  1. නිම්රොද් කියන්නේ කවුද? දෙවිට නිම්රොද් ගැන හැඟුණේ කොහොමද?

  2. මේ පින්තූරයේ පෙනෙන විදිහට මිනිස්සු ගඩොල් හදන්නේ ඇයි?

  3. යෙහෝවා දෙවි කොත ගොඩනඟන එකට කැමති වුණේ නැත්තේ ඇයි?

  4. කොත ගොඩනැඟීම දෙවි නැවැත්තුවේ කොහොමද?

  5. මේ නගරයට කිව්ව නම මොකක්ද? ඒ නමේ තේරුම මොකක්ද?

  6. දෙවි මිනිසුන්ගේ භාෂා අවුල් කළාට පස්සේ ඔවුන් මොකද්ද කළේ?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 10:1, 8-10 කියවන්න.

    නිම්රොද් මොන වගේ කෙනෙක්ද? ඔහුගෙන් අපට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (හිතෝ. 3:31)

  2. උත්පත්ති 11:1-9 කියවන්න.

    බාබෙල් කොත ගොඩනැඟුවේ ඇයි? මේ වැඩය අතරමඟ නතර වුණේ ඇයි? (උත්. 11:4; හිතෝ. 16:18; යොහ. 5:44)

13වන කතන්දරය

ආබ්‍රහම්—දෙවිගේ මිත්‍රයෙක්

  1. ඌර් නගරයේ ජීවත් වුණේ මොන වගේ මිනිස්සුද?

  2. මේ පින්තූරයේ ඉන්නේ කවුද? ඔහු ඉපදුණේ කවදාද? ඔහු ජීවත් වුණේ කොහේද?

  3. යෙහෝවා දෙවි ආබ්‍රහම්ට කිව්වේ මොනවා කරන්න කියලාද?

  4. ආබ්‍රහම්ව දෙවිගේ මිත්‍රයා හැටියට හැඳින්වූයේ ඇයි?

  5. ආබ්‍රහම් ඌර් අත්හැරලා යනකොට එයාත් එක්ක ගියේ තව කවුද?

  6. ආබ්‍රහම් කානාන් දේශයට ආවාට පස්සේ දෙවි ඔහුට කිව්වේ මොනවාද?

  7. ආබ්‍රහම්ට වයස අවුරුදු 99ක් වෙනකොට දෙවි ඔහුට දුන් පොරොන්දුව මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 11:27-32 කියවන්න.

    1. ආබ්‍රහම් සහ ලොත් අතර තිබූ නෑදෑකම මොකක්ද? (උත්. 11:27)

    2. කානාන් දේශයට තම පවුලේ අය සමඟ යෑමේදී මූලිකත්වය ගත්තේ තේරා කියා සඳහන් වුණත් මේ තීරණයට මුල් වුණේ ආබ්‍රහම් කියා අපි දන්නේ කොහොමද? ආබ්‍රහම් ඒ වගේ තීරණයක් ගත්තේ ඇයි? (උත්. 11:31; ක්‍රියා 7:2-4)

  2. උත්පත්ති 12:1-7 කියවන්න.

    ආබ්‍රහම් කානාන් දේශයට ආවාට පස්සේ යෙහෝවා ඔහු සමඟ කළ ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් පැවසුවේ කුමක්ද? (උත්. 12:7)

  3. උත්පත්ති 17:1-8, 15-17 කියවන්න.

    1. වයස අවුරුදු 99දී ආබ්‍රම්ව හැඳින්වූයේ කුමන නමකින්ද? ඔහුව එසේ හැඳින්වූයේ ඇයි? (උත්. 17:5)

    2. යෙහෝවා සාරාට පොරොන්දු වූ ආශීර්වාද මොනවාද? (උත්. 17:15, 16)

  4. උත්පත්ති 18:9-19 කියවන්න.

    1. උත්පත්ති 18:19ට අනුව පියවරුන්ට තිබෙන වගකීම් මොනවාද? (ද්වි. 6:6, 7; එෆී. 6:4)

    2. අපිට කිසිම දෙයක් යෙහෝවාගෙන් හංගන්න බැරි බව සාරාගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (උත්. 18:12, 15; ගීතා. 44:21)

14වන කතන්දරය

දෙවි ආබ්‍රහම්ගේ ඇදහිල්ල පරීක්ෂා කරයි

  1. දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුව මොකක්ද? දෙවි ඒ පොරොන්දුව ඉෂ්ට කළේ කොහොමද?

  2. මේ පින්තූරයේ පෙනෙන විදිහට දෙවි ආබ්‍රහම්ගේ ඇදහිල්ල පරීක්ෂා කළේ කොහොමද?

  3. දෙවි තමන්ට කරන්න කියා පැවසූ දෙය හරියටම තේරුම්ගත්තේ නැති වුණත් ආබ්‍රහම් කළේ කුමක්ද?

  4. ආබ්‍රහම් ඔහුගේ පුතාව මරන්න පිහිය අතට ගන්නකොටම සිද්ධ වුණේ මොකක්ද?

  5. ආබ්‍රහම්ට දෙවි කෙරෙහි තිබුණේ කොච්චර ශක්තිමත් ඇදහිල්ලක්ද?

  6. දෙවි ආබ්‍රහම්ට පූජාවක් ඔප්පු කරන්න අවස්ථාවක් ලබා දුන්නේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 21:1-7 කියවන්න.

    ආබ්‍රහම් ඔහුගේ පුත්‍රයාව අටවෙනි දවසේදී චර්මඡේදනය කළේ ඇයි? (උත්. 17:10-12; 21:4)

  2. උත්පත්ති 22:1-18 කියවන්න.

    ඊසාක් ඔහුගේ පියා වූ ආබ්‍රහම්ට කීකරු වුණේ කොහොමද? පසු කාලයකදී සිදුවීමට නියමිතව තිබූ වඩා වැදගත් දෙයක් ආබ්‍රහම් ඔහුගේ පුතාව පූජා කිරීමට සූදානම් වීමෙන් පෙන්නුම් කළා. ඒ කුමක්ද? (උත්. 22:7-9; 1 කොරි. 5:7; ෆිලි. 2:8, 9)

15වන කතන්දරය

ලොත්ගේ භාර්යාව හැරිලා බලයි

  1. ආබ්‍රහම් සහ ලොත් එකිනෙකාගෙන් වෙන් වුණේ ඇයි?

  2. ලොත් සොදොම් නගරයේ පදිංචි වුණේ ඇයි?

  3. සොදොම් නගරයේ හිටියේ මොන වගේ මිනිස්සුද?

  4. දේවදූතයන් දෙදෙනා ලොත්ට දැනුම් දුන්නේ කුමක්ද?

  5. ලොත්ගේ භාර්යාව ලුණු කණුවක් වුණේ ඇයි?

  6. ලොත්ගේ භාර්යාවගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 13:5-13 කියවන්න.

    යම් අය සමඟ ඇති වන ගැටලු විසඳාගැනීමේදී අබ්‍රහම්ගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (උත්. 13:8, 9; රෝම 12:10; ෆිලි. 2:3, 4)

  2. උත්පත්ති 18:20-33 කියවන්න.

    යෙහෝවා සහ යේසුස් මිනිසුන්ව විනිශ්චය කරන්නේ ධර්මිෂ්ඨ ලෙසයි. යෙහෝවා ආබ්‍රහම් සමඟ ක්‍රියා කළ ආකාරයෙන් අපිට ඒ ගැන සහතික වෙන්න පුළුවන් කොහොමද? (උත්. 18:25, 26; මතෙ. 25:31-33)

  3. උත්පත්ති 19:1-29 කියවන්න.

    1. සමලිංගික සේවනය දෙවි සලකන ආකාරය මෙම බයිබල් වාර්තාවෙන් පෙනී යන්නේ කොහොමද? (උත්. 19:5, 13; ලෙවී. 20:13)

    2. දෙවි පැවසූ දෙයට ලොත් සහ ආබ්‍රහම් ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? මෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (උත්. 19:15, 16, 19, 20; 22:3)

  4. ලූක් 17:28-32 කියවන්න.

    ලොත්ගේ භාර්යාව දේපොළ සැලකුවේ කොහොමද? මෙයින් අපට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (ලූක් 12:15; 17:31, 32; මතෙ. 6:19-21, 25)

  5. 2 පේතෘස් 2:6-8 කියවන්න.

    ලොත් වගේ අපිත් දෙවිගෙන් ඈත් වී සිටින මිනිසුන්ව සැලකිය යුත්තේ කොහොමද? (එස. 9:4; 1 යොහ. 2:15-17)

16වන කතන්දරය

ඊසාක්ට හොඳ භාර්යාවක් ලැබෙයි

  1. මේ පින්තූරේ ඉන්න මිනිසා සහ ස්ත්‍රිය කවුද?

  2. ආබ්‍රහම් ඔහුගේ පුතාට භාර්යාවක් හොයලා දෙන්න කළේ මොකක්ද? ඔහු ඒ වගේ දෙයක් කළේ ඇයි?

  3. ආබ්‍රහම්ගේ සේවකයා කළ යාච්ඤාවට පිළිතුරු ලැබුණේ කොහොමද?

  4. ඊසාක්ව විවාහ කරගන්න කැමතිද කියා ඇසූ විට රෙබෙකා මොනවාද කිව්වේ?

  5. ඊසාක්ට නැවතත් සන්තෝෂයෙන් සිටින්න පුළුවන් වුණේ ඇයි?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 24:1-67 කියවන්න.

    1. රෙබෙකාට ආබ්‍රහම්ගේ සේවකයාව ළිඳ ළඟ හමු වූ අවස්ථාවේදී ඇය විදහාපෙන්වූ යහපත් ගුණාංග මොනවාද? (උත්. 24:17-20; හිතෝ. 31:17, 31)

    2. ආබ්‍රහම් ඊසාක්ට භාර්යාවක් සෙවීමේදී කළ දෙයින් අද දින ක්‍රිස්තියානීන්ට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (උත්. 24:37, 38; 1 කොරි. 7:39, 2 කොරි. 6:14)

    3. ඊසාක් කළා වගේ මෙනෙහි කිරීමට අපි කාලය සොයාගත යුත්තේ ඇයි? (උත්. 24:63; ගීතා. 77:12; ෆිලි. 4:8)

17වන කතන්දරය

එකිනෙකාට වෙනස් වූ නිඹුල්ලු

  1. ඒසව් සහ යාකොබ් කියන්නේ කවුද? ඒ දෙන්නා අතර තිබුණු වෙනස මොකක්ද?

  2. ඒසව් සහ යාකොබ්ගේ සීයා වූ ආබ්‍රහම් මැරෙද්දී ඒ දෙන්නාගේ වයස කීයද?

  3. තම පියාවත් මවවත් දුකට පත් කරමින් ඒසව් කළේ කුමක්ද?

  4. ඒසව්ට තම සහෝදරයා වූ යාකොබ් එක්ක හොඳටම තරහ ගියේ ඇයි?

  5. ඊසාක් ඔහුගේ පුත් යාකොබ්ට කිව්වේ කුමක්ද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 25:5-11, 20-34 කියවන්න.

    1. රෙබෙකාගේ දරුවන් දෙදෙනා ගැන යෙහෝවා කලින්ම කිව්වේ කුමක්ද? (උත්. 25:23)

    2. යාකොබ් කුලුඳුල්කම සැලකුවේ කොහොමද? ඊට වෙනස්ව ඒසව් කුලුඳුල්කම සැලකුවේ කොහොමද? (උත්. 25:31-34)

  2. උත්පත්ති 26:34, 35; 27:1-46 සහ 28:1-5.

    1. ඒසව් දෙවි දුන් දීමනා අගය නොකළ බව පෙනී යන්නේ කුමකින්ද? (උත්. 26:34, 35; 27:46)

    2. දෙවිගේ ආශීර්වාද ලබාගැනීම සඳහා ඊසාක් යාකොබ්ට කරන්න කිව්වේ කුමක්ද? (උත්. 28:1-4)

  3. හෙබ්‍රෙව් 12:16, 17 කියවන්න.

    පරිශුද්ධ දේවල් සුළු කොට තකන අයට සිදු වන දේ ගැන ඒසව්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

18වන කතන්දරය

යාකොබ් හාරානයට යයි

  1. මේ පින්තූරයේ ඉන්න ස්ත්‍රිය කවුද? ඇය වෙනුවෙන් යාකොබ් කළේ කුමක්ද?

  2. යාකොබ් රාඛෙල්ව විවාහ කරගැනීම සඳහා කරන්න කැමති වුණේ මොනවාද?

  3. රාඛෙල්ව යාකොබ්ට විවාහ කර දීමට කාලය පැමිණි විට ලාබන් කළේ කුමක්ද?

  4. රාඛෙල්ව විවාහ කරගැනීම සඳහා යාකොබ් නැවතත් එකඟ වුණේ කුමක් කරන්නද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 29:1-30 කියවන්න.

    1. ලාබන් යාකොබ්ව රැවට්ටුවත් ඔහු ක්‍රියා කළේ කොහොමද? එයින් අපට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (උත්. 25:27; 29:26-28; මතෙ. 5:37)

    2. ප්‍රේමය සහ රාගය අතර තිබෙන වෙනස යාකොබ් ක්‍රියා කළ ආකාරයෙන් පෙනෙන්නේ කෙසේද? (උත්. 29:18, 20, 30; සල. 8:6)

    3. යාකොබ්ගේ පෙළපතට සම්බන්ධ වී ඔහුට දාව දරුවන් බිහි කළ ස්ත්‍රීන් හතරදෙනා කවුද? (උත්. 29:23, 24, 28, 29)

19වන කතන්දරය

යාකොබ්ගේ ලොකු පවුල

  1. යාකොබ්ගේ පළමු භාර්යාව වූ ලෙයා බිහි කළ පුතුන් හයදෙනා කවුද?

  2. ලෙයාගේ සේවිකාව වන ශිල්පා යාකොබ්ට දාව බිහි කළ පුතුන් දෙදෙනා කවුද?

  3. රාඛෙල්ගේ සේවිකාව වන බිල්හා යාකොබ්ට දාව බිහි කළ පුතුන් දෙදෙනා කවුද?

  4. රාඛෙල් බිහි කළ පුතුන් දෙදෙනා කවුද? දෙවන පුතාව බිහි කරද්දී ඇයට සිදු වුණේ කුමක්ද?

  5. මේ පින්තූරයේ පෙනෙන විදිහට යාකොබ්ට පුතුන් කීදෙනෙක් සිටියාද? මොවුන්ගෙන් පැවතෙන්නෝ කවුද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 29:32-35; 30:1-26 සහ 35:16-19 කියවන්න.

    පුරාණ කාලයේදී හෙබ්‍රෙව් ජාතික පිරිමි දරුවන්ට නම් තැබුවේ යාකොබ්ගේ පුතුන් 12දෙනාගේ නම් තැබූ ආකාරයටයි. ඒ කොහොමද?

  2. උත්පත්ති 37:35 කියවන්න.

    බයිබලයේ සඳහන් වන්නේ යාකොබ්ගේ දියණිය වූ දීනාගේ නම පමණක් වුණත් ඔහුට තවත් දියණියන් සිටි බව අපි දන්නේ කොහොමද? (උත්. 37:34, 35)

20වන කතන්දරය

දීනා අමරුවේ වැටෙයි

  1. තමන්ගේ දරුවන් කානාන් දේශයේ අයව විවාහ කරගන්නවාට ආබ්‍රහම් සහ ඊසාක් අකමැති වුණේ ඇයි?

  2. තමන්ගේ දියණිය කානාන් දේශයේ ගැහැනු ළමයින් සමඟ යාළු වෙන එක ගැන යාකොබ් සතුටු වුණාද?

  3. මේ පින්තුරේ දීනා දිහැ බලාගෙන ඉන්න මිනිසා කවුද? ඔහු කළ නරක දෙය කුමක්ද?

  4. දීනාට සිද්ධ වෙච්ච දෙය දැනගත් විට ඇගේ සහෝදරයන් වූ සිමියොන් සහ ලෙවී කළේ මොනවාද?

  5. සිමියොන් සහ ලෙවී කළ දෙයට යාකොබ් කැමති වුණාද?

  6. යාකොබ්ගේ මුළු පවුලටම කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණේ ඇයි?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 34:1-31 කියවන්න.

    1. දීනා කානාන් දේශයේ ගැහැනු ළමයින් බලන්න ගියේ එක වතාවක් පමණද? පැහැදිලි කරන්න. (උත්. 34:1NW)

    2. තම කන්‍යාභාවය අහිමි වීම ගැන දීනාද වග කිව යුතු බව පැවසිය හැක්කේ ඇයි? (ගලා. 6:7)

    3. දීනාට සිදු වූ දෙයින් අද සිටින තරුණ අයට ඉගෙනගන්න පුළුවන් කුමක්ද? (හිතෝ. 13:20; 1 කොරි. 15:33; 1 යොහ. 5:19)

21වන කතන්දරය

සහෝදරයෝ යෝසෙප්ට වෛර කරයි

  1. යෝසෙප්ගේ සහෝදරයන් ඔහුට ඊර්ෂ්‍යා කළේ ඇයි? ඔවුන් ඔහුට කළේ මොනවාද?

  2. යෝසෙප්ගේ සහෝදරයන්ට වුවමනා වුණේ ඔහුට කුමක් කරන්නද? ඒත් රූබෙන් කිව්වේ මොනවාද?

  3. ඉෂ්මායෙල් වෙළෙඳුන් ඈත එනවා දකිද්දී යෝසෙප්ගේ සහෝදරයන් කළේ මොනවාද?

  4. යෝසෙප්ගේ සහෝදරයන්ට වුවමනා කළේ ඔහු මැරිලා කියා ඔහුගේ පියා විශ්වාස කරනවා දකින්නයි. මේ සඳහා ඔවුන් කළේ කුමක්ද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 37:1-35 කියවන්න.

    1. අන් අයගේ වැරදි සභාවට දැනුම් දීම සම්බන්ධයෙන් යෝසෙප්ගේ ආදර්ශය අනුකරණය කරන්න ක්‍රිස්තියානීන්ට හැක්කේ කොහොමද? (උත්. 37:2; ලෙවී. 5:1; 1 කොරි. 1:11)

    2. යෝසෙප්ගේ සහෝදරයන් ඔහුට වැරදි විදිහට සැලකුවේ ඇයි? (උත්. 37:11, 18; හිතෝ. 27:4; යාකො. 3:14-16)

    3. සිය පුත්‍රයා මිය ගියා කියා සිතූ යාකොබ් කොතරම් ශෝක වූවාද? (උත්. 37:35)

22වන කතන්දරය

යෝසෙස්ව හිරේ දාලා

  1. යෝසෙප්ව ඊජිප්තුවට ගෙනියද්දී ඔහුගේ වයස කීයද? ඔහු ඊජිප්තුවට ගියාට පස්සේ මොකද වෙන්නේ?

  2. යෝසෙප්ව හිරේට දැම්මේ ඇයි?

  3. හිරගෙදරදී යෝසෙප්ට දෙන වගකීම කුමක්ද?

  4. යෝසෙප් හිරගෙදර සිටිද්දී පාරාවෝගේ වයින් අල්ලන සේවකයාට සහ පාන් හදන ප්‍රධානියාට කියා දෙන්නේ කුමක්ද?

  5. වයින් අල්ලන සේවකයාව නිදහස් කළාට පස්සේ සිදු වන්නේ කුමක්ද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 39:1-23 කියවන්න.

    යෝසෙප් ජීවත් වූ කාලයේදී පරදාර සේවනය තහනම් කළ ලිඛිත නීතියක් දෙවි සපයා නොතිබුණත් ඔහු පොතිඵර්ගේ භාර්යාව වෙතින් පලා දිව ගියේ ඇයි? (උත්. 2:24; 20:3; 39:9)

  2. උත්පත්ති 40:1-23 කියවන්න.

    1. වයින් අල්ලන සේවකයා දැක්ක සිහිනයත් යෙහෝවා යෝසෙප් මාර්ගයෙන් කියා දුන් එහි තේරුමත් කෙටියෙන් විස්තර කරන්න. (උත්. 40:9-13)

    2. පාන් සාදන්නා දැක්ක සිහිනයත් එහි තේරුමත් කුමක්ද? (උත්. 40:16-19)

    3. විශ්වාසවන්ත නුවණ ඇති දාස පන්තිය යෝසෙප්ව අනුගමනය කරන්නේ කොහොමද? (උත්. 40:8; ගීතා. 36:9; යොහ. 17:17; ක්‍රියා 17:2, 3)

    4. ක්‍රිස්තියානීන් උපන් දින උත්සව සලකන්නේ කොහොමද කියා තේරුම්ගන්න උත්පත්ති 40:20හි සඳහන් දෙය උපකාරවත් වන්නේ කොහොමද? (දේශ. 7:1; මාක් 6:21-28)

23වන කතන්දරය

පාරාවෝගේ සිහින

  1. එක දවසක් පාරාවෝ නිදාගෙන ඉන්නකොට මොකක්ද දැක්කේ?

  2. වයින් අල්ලන සේවකයාට යෝසෙප්ව මතක් වෙන්නේ ඇයි?

  3. මේ පින්තූරුවල පෙනෙන විදිහට පාරාවෝ දැක්ක හීන දෙක මොකක්ද?

  4. යෝසෙප් මේ හීන දෙකේ තේරුම කියලා දෙන්නේ කොහොමද?

  5. යෝසෙප් පාරාවෝට පමණක් දෙවෙනි කෙනා බවට පත් වෙන්නේ කොහොමද?

  6. යෝසෙප්ගේ අයියලා ඊජිප්තුවට එන්නේ ඇයි? ඒගොල්ලන්ට යෝසෙප්ව අඳුනගන්න බැරි වෙන්නේ ඇයි?

  7. ඉස්සර දැක්ක හීනයක් යෝසෙප්ට මතක් වෙනවා. ඒ හීනේ මොකක්ද? එය යෝසෙප්ට කුමක් තේරුම්ගැනීමට උපකාරවත් වුණාද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 41:1-57 කියවන්න.

    1. යෝසෙප් යෙහෝවාට ගෞරවය දුන්නේ කොහොමද? ඔහුගේ මේ ආදර්ශය මේ කාලයේ සිටින ක්‍රිස්තියානීන්ට අනුකරණය කරන්න පුළුවන් කොහොමද? (උත්. 41:16, 25, 28; මතෙ. 5:16; 1 පේතෘ. 2:12)

    2. ඊජිප්තුවේ ආහාර බහුලව තිබුණු සරුසාර කාලයට පස්සේ ආවේ සාගතයක් තිබුණු කාලයක්. මේ කාලවල් දෙකෙන් අද දින යෙහෝවාගේ සෙනඟ සහ වෙනත් ආගම්වල සිටින සෙනඟ අතර තිබෙන වෙනස පැහැදිලි වෙන්නේ කොහොමද? (උත්. 41:29, 30; ආමො. 8:11, 12)

  2. උත්පත්ති 42:1-8 සහ 50:20 කියවන්න.

    යම් කෙනෙකුට හිමි ගෞරවනීය තත්වය නිසා ඔහු ඉදිරියෙහි හිස නමා ආචාර කිරීම යම් රටක සිරිතක් නම් යෙහෝවාගේ නමස්කාරකයන්ද එසේ කිරීම වැරදිද? (උත්පත්ති 42:6)

24වන කතන්දරය

යෝසෙප් සහෝදරයන්ව පරීක්ෂා කරයි

  1. ඔත්තු බලන්නයි ආවේ කියලා යෝසෙප් එයාගේ සහෝදරයන්ට කිව්වේ ඇයි?

  2. යාකොබ් එයාගේ බාල පුතා වන බෙන්යමින්ව ඊජිප්තුවට ගෙනියන්න අවසර දෙන්නේ ඇයි?

  3. යෝසෙප්ගේ රිදී කෝප්පය බෙන්යමින්ගේ ගෝනියේ තියෙන්නේ කොහොමද?

  4. බෙන්යමින්ව නිදහස් කරගන්න යූදා කුමක් කරන්න කැමති වෙනවාද?

  5. යෝසෙප්ගේ සහෝදරයන් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 42:9-38 කියවන්න.

    උත්පත්ති 42:18හි සඳහන් යෝසෙප් පැවසූ වචන අද දින යෙහෝවාගේ සංවිධානයේ සිටින වගකීම් දරන අය හොඳින් මතක තබාගැනීම වැදගත් වෙන්නේ ඇයි? (නෙහෙ. 5:15; 2 කොරි. 7:1, 2)

  2. උත්පත්ති 43:1-34 කියවන්න.

    1. කුලුඳුලා රූබෙන් වුණත් තමන්ගේ සහෝදරයන් වෙනුවෙන් කතා කළේ යූදා බව පෙනෙන්න තිබෙන්නේ කොහොමද? (උත්. 43:3, 8, 9; 44:14, 18; 1 ලේක. 5:2)

    2. යෝසෙප් ඔහුගේ සහෝදරයන්ව පරීක්ෂා කළේ කොහොමද? ඔහු එහෙම කළේ ඇයි? (උත්. 43:33, 34)

  3. උත්පත්ති 44:1-34 කියවන්න.

    1. තමන්ගේ සහෝදරයන්ට තමන්ව අඳුනාගන්න බැරි වෙන විදිහට යෝසෙප් පෙනී සිටියේ කොහොමද? (උත්. 44:5, 15; ලෙවී. 19:26)

    2. කලින් තමන්ගේ සහෝදරයා කෙරෙහි තිබුණු ඊර්ෂ්‍යාව තමන් නැති කරගෙන තිබෙන බව යෝසෙප්ගේ සහෝදරයන් පෙන්නුවේ කොහොමද? (උත්. 44:13, 33, 34)

25වන කතන්දරය

පවුල ඊජිප්තුවේ පදිංචි වෙන්න යනවා

  1. යෝසෙප් එයාගේ සහෝදරයන්ට ඇත්ත කිව්වාම මොකක්ද වෙන්නේ?

  2. යෝසෙප් කරුණාවන්තව එයාගේ සහෝදරයන්ට පහදලා දෙන්නේ මොකක්ද?

  3. යෝසෙප්ගේ සහෝදරයන් ඇවිල්ලා කියලා දැනගත්තාම පාරාවෝ කියන්නේ මොනවාද?

  4. ඊජිප්තුවට යද්දී යාකොබ්ට සිටියේ කොච්චර ලොකු පවුලක්ද?

  5. යාකොබ්ගේ පවුලේ අයව හැඳින්වූයේ මොන නමින්ද? ඔවුන්ව එහෙම හැඳින්වූයේ ඇයි?

අමතර ප්‍රශ්න:

  1. උත්පත්ති 45:1-28 කියවන්න.

    යෙහෝවාගේ සේවකයන්ට නපුරක් කරන්න යම් අය සැලසුම් කළත් යහපත් ප්‍රතිඵලයක් ඇති වෙන විදිහට ඒ සැලසුම් වෙනස් කරන්න යෙහෝවාට පුළුවන් බව යෝසෙප් ගැන සඳහන් බයිබල් වාර්තාවෙන් පෙනී යන්නේ කොහොමද? (උත්. 45:5-8; යෙසා. 8:10; ෆිලි. 1:12-14)

  2. උත්පත්ති 46:1-27 කියවන්න.

    යාකොබ් ඊජිප්තුවට යන අතරේදී යෙහෝවා ඔහුට දුන් සහතිකය කුමක්ද? (උත්. 46:1-4)

26වන කතන්දරය

යෝබ් දෙවිට විශ්වාසවන්තයි

  1. යෝබ් කියන්නේ කවුද?

  2. සාතන් උත්සාහ කළේ මොකක් කරන්නද? ඒත් සාතන්ට පුළුවන් වුණාද ඒ දෙය කරන්න?

  3. යෙහෝවා සාතන්ට අවසර දුන්නේ මොකක් කරන්නද? සාතන්ට එහෙම අවසර දුන්නේ ඇයි?

  4. ‘දෙවිට ශාප කරලා මැරෙන්න’ කියලා යෝබ්ගේ භාර්යාව එයාට කිව්වේ ඇයි? (පින්තූරය බලන්න.)

  5. දෙවෙනි පින්තූරයේ පෙනෙන විදිහට යෙහෝවා යෝබ්ට ආශීර්වාද කළේ කොහොමද? එහෙම ආශීර්වාද කළේ ඇයි?

  6. අපිත් යෝබ් වගේ යෙහෝවාට විශ්වාසවන්තව සිටිනවා නම් අපිට ලැබෙන ආශීර්වාද මොනවාද?

අමතර ප්‍රශ්න:

  1. යෝබ් 1:1-22 කියවන්න.

    මේ කාලයේ සිටින ක්‍රිස්තියානීන්ට යෝබ්ව අනුකරණය කරන්න පුළුවන් කොහොමද? (යෝබ් 1:1; ෆිලි. 2:15; 2 පේතෘ. 3:14)

  2. යෝබ් 2:1-13 කියවන්න.

    යෝබ් සහ ඔහුගේ භාර්යාව සාතන් ගෙනා පීඩා සැලකුවේ දෙවිදිහකටයි. ඔවුන් දෙන්නා ඒ පීඩා සැලකූ ආකාර දෙක මොකක්ද? (යෝබ් 2:9, 10; හිතෝ. 19:3; මීකා 7:7; මලා. 3:14)

  3. යෝබ් 42:10-17 කියවන්න.

    1. දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් යෝබ් සහ යේසුස් ලැබූ ආශීර්වාද අතර තිබෙන සමානකම් මොනවාද? (යෝබ් 42:12; ෆිලි. 2:9-11)

    2. දෙවිට දිගටම විශ්වාසවන්තව සිටීම නිසා යෝබ් ලැබූ ආශීර්වාදවලින් අපට දිරිගැන්වීමක් ලබන්න පුළුවන් කොහොමද? (යෝබ් 42:10, 12; හෙබ්‍රෙ. 6:10; යාකො. 1:2-4, 12; 5:11)

27වන කතන්දරය

නපුරු රජෙක් ඊජිප්තුව පාලනය කරයි

  1. මේ පින්තූරයේ කසයක් අතේ තියෙන කෙනා කවුද? ඔහු කසයෙන් ගහන්නේ කාටද?

  2. යෝසෙප් මැරණාට පස්සේ ඊශ්‍රායෙල්වරුන්ට මොකද වුණේ?

  3. ඊජිප්තුවරුන් ඊශ්‍රායෙල්වරුන් ගැන භය වුණේ ඇයි?

  4. ඊශ්‍රායෙල් ජාතික අම්මලා දරුවන් බිහි කරද්දී උදව් කළ ස්ත්‍රීන්ට පාරාවෝ කිව්වේ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. නික්මයාම 1:6-22 කියවන්න.

    1. යෙහෝවා ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කරන්න පටන්ගත්තේ කොහොමද? (නික්. 1:7; උත්. 12:2; ක්‍රියා 7:17)

    2. හෙබ්‍රෙව් ජාතික වින්නඹුවන් ජීවිතයේ පරිශුද්ධභාවයට ගරු කළේ කොහොමද? (නික්. 1:17; උත්. 9:6)

    3. යෙහෝවාට විශ්වාසවන්තව සිටි නිසා වින්නඹුවන් ආශීර්වාද ලැබුවේ කොහොමද? (නික්. 1:20, 21, හිතෝ. 19:17)

    4. ආබ්‍රහම්ට පොරොන්දු වූ වංශය ගැන යෙහෝවාගේ අරමුණ කඩාකප්පල් කරන්න සාතන් උත්සාහ කළේ කොහොමද? (නික්. 1:22; මතෙ. 2:16)

28වන කතන්දරය

ළදරු මෝසෙස් බේරුණ හැටි

  1. මේ පින්තූරයේ ඉන්න පුංචි දරුවා කවුද? එයා කාගේ ඇඟිල්ලද අල්ලාගෙන ඉන්නේ?

  2. මෝසෙස්ගේ අම්මා එයාව මරන්න නොදී බේරගන්න මොනවාද කරන්නේ?

  3. මේ පින්තූරයේ ඉන්න ගැහැනු ළමයා කවුද? එයා මොනවාද කළේ?

  4. පාරාවෝගේ දුවට ළදරු මෝසෙස්ව හමු වුණාම මිරියාම් එයා ළඟට ඇවිල්ලා මොනවාද කිව්වේ?

  5. කුමරිය මෝසෙස්ගේ අම්මාට මොනවාද කිව්වේ?

අමතර ප්‍රශ්නය:

  1. නික්මයාම 2:1-10 කියවන්න.

    මෝසෙස්ගේ ළමා කාලයේදී එයාව පුහුණු කරන්න හා එයාට උගන්වන්න මෝසෙස්ගේ අම්මාට මොන වගේ අවස්ථා උදා වුණාද? අද ඉන්න දෙමාපියන්ට ඇගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (නික්. 2:9, 10; ද්වි. 6:6-9; හිතෝ. 22:6; එෆී. 6:4; 2 තිමෝ. 3:15)

29වන කතන්දරය

මෝසෙස් පලා යන්න හේතුව

  1. මෝසෙස් හැදී වැඩුණේ කොහේද? ඔහුගේ දෙමාපියන් ගැන මෝසෙස් දැනගෙන හිටියේ මොකක්ද?

  2. වයස අවුරුදු 40දී මෝසෙස් මොකක්ද කළේ?

  3. රණ්ඩු කරමින් හිටිය ඊශ්‍රායෙල් ජාතික මිනිසෙකුට මෝසෙස් මොකක්ද කිව්වේ? ඒ මිනිසා මෝසෙස්ට කිව්වේ මොකක්ද?

  4. මෝසෙස් ඊජිප්තුවෙන් පලා ගියේ ඇයි?

  5. මෝසෙස් පලා ගියේ කොහේටද? එහිදී ඔහුට මුණගැසුණේ කාවද?

  6. මෝසෙස් ඊජිප්තුවෙන් පලා ගිහිල්ලා ගත වුණ අවුරුදු 40ක කාලයේදී මොනවාද කළේ?

අමතර ප්‍රශ්න:

  1. නික්මයාම 2:11-25 කියවන්න.

    ඊජිප්තුවරුන්ගෙන් හොඳ අධ්‍යාපනයක් ලබා තිබුණත් මෝසෙස් යෙහෝවාට සහ ඔහුගේ සෙනඟට ලැදිව සිටි බව පෙන්නුවේ කොහොමද? (නික්. 2:11, 12; හෙබ්‍රෙ. 11:24)

  2. ක්‍රියා 7:22-29 කියවන්න.

    ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් නිදහස් කරගන්න මෝසෙස් දැරූ උත්සාහයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (ක්‍රියා 7:23-25; 1 පේතෘ. 5:6, 10)

30වන කතන්දරය

ගිනිගනිමින් තිබුණ පඳුර

  1. මේ පින්තූරයේ තියෙන කන්ද මොකක්ද?

  2. මෝසෙස් බැටළුවන්ට තණකොළ කවන්න මේ කන්ද ළඟට යද්දී දැක්ක පුදුම දෙය මොකක්ද?

  3. ගිනිගනිමින් තිබුණු පඳුරෙන් පිට වුණු කටහඬකින් කිව්වේ මොකක්ද? ඒ කාගේ කටහඬද?

  4. ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් නිදහස් කරගන්න මෝසෙස්ව තෝරාගෙන තියෙනවා කියලා දෙවි කිව්වාම මෝසෙස් මොකක්ද කිව්වේ?

  5. ඔයාව එව්වේ කවුද කියලා ඊශ්‍රායෙල්වරුන් ඇහැව්වොත් මොනවා කියන්න කියලාද දෙවි මොසෙස්ට කිව්වේ?

  6. තමන්ව එවලා තියෙන්නේ දෙවි කියලා පෙන්වන්න මෝසෙස්ට හැකි වුණේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. නික්මයාම 3:1-22 කියවන්න.

    දෙවි අපිට පවරන වැඩක් කරන්න තරම් අපිට හැකියාවක් නැහැ කියා හැඟෙන අවස්ථාවලදී මෝසෙස්ගේ අද්දැකීමෙන් අපිට ලබා දෙන නිසැකකම මොකක්ද? (නික්. 3:11, 13; 2 කොරි. 3:5, 6)

  2. නික්මයාම 4:1-20 කියවන්න.

    1. මෝසෙස් මිදියන් දේශයේ ගත කළ අවුරුදු 40ක කාලයේදී ඔහුගේ ආකල්පවල සිදු වූ වෙනස මොකක්ද? සභාවේ සේවා ප්‍රස්තාවන් අත් කරගැනීමට වෑයම් කරන අයට එයින් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (නික්. 2:11, 12; 4:10, 13; මීකා 6:8; 1 තිමෝ. 3:1, 6, 10)

    2. යෙහෝවා ඔහුගේ සංවිධානය මගින් අපිට යම් හික්මවීමක් ලබා දුන්නත් මෝසෙස්ගේ ආදර්ශය සලකා බලද්දී අපිට තබාගන්න පුළුවන් නිසැකකම මොකක්ද? (නික්. 4:12-14; ගීතා. 103:14; හෙබ්‍රෙ. 12:4-11)

31වන කතන්දරය

මෝසෙස් හා ආරොන් පාරාවෝ හමු වෙයි

  1. මෝසෙස් සහ ආරොන් ඊශ්‍රායෙල්වරුන්ට පුදුම දේවල් පෙන්වද්දී ඒ අය විශ්වාස කළේ කුමක්ද?

  2. මෝසෙස් සහ ආරොන් පාරාවෝව හමු වෙලා කිව්වේ මොනවාද? පාරාවෝ දුන්න උත්තරය මොකක්ද?

  3. මේ පින්තූරයේ පේන්න තියෙන විදිහට ආරොන් එයාගේ සැරයටිය බිම දාද්දී මොකද වුණේ?

  4. යෙහෝවා දෙවි පාරාවෝට පාඩමක් ඉගැන්වූයේ කොහොමද? ඊටපස්සේ පාරාවෝ මොකද කළේ?

  5. දහවෙනි වසංගතයෙන් පස්සේ මොකද වුණේ?

අමතර ප්‍රශ්න:

  1. නික්මයාම 4:27-31 සහ 5:1-23 කියවන්න.

    මම “යෙහෝවා නොහඳුනමි” කියා පාරාවෝ පැවසුවා. ඔහු ඒකෙන් අදහස් කළේ කුමක්ද? (නික්. 5:2; 1 සාමු. 2:12; රෝම 1:21)

  2. නික්මයාම 6:1-13, 26-30 කියවන්න.

    1. ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් යෙහෝවා යන නාමයෙන් ප්‍රකාශ නූණෙමි කියා යෙහෝවා පැවසීමෙන් අදහස් කළේ කුමක්ද? (නික්. 3:13, 14; 6:3; උත්. 12:8)

    2. යෙහෝවා තමන්ට පැවරූ කාර්යය ඉටු කරන්න තමන්ට හැකියාවක් නැහැ කියා මෝසෙස්ට හැඟුණත් යෙහෝවා ඔහුව යොදාගත්තා. මෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් දෙය මොකක්ද? (නික්. 6:12, 30; ලූක් 21:13-15)

  3. නික්මයාම 7:1-13 කියවන්න.

    1. යෙහෝවා පාරාවෝට කරන්න යන දෙය ගැන මෝසෙස් සහ ආරොන් නිර්භීතව පාරාවෝට පැවසුවා. මේ කාලයේ සිටින දෙවිගේ සේවකයන් සඳහා ඔවුන් දෙදෙනා හොඳ ආදර්ශයක් වන්නේ කොහොමද? (නික්. 7:2, 3, 6; ක්‍රියා 4:29-31)

    2. තමන් ඊජිප්තුවේ බොරු දෙවිවරුන්ට වඩා උසස් බව යෙහෝවා පෙන්නුවේ කොහොමද? (නික්. 7:12; 1 ලේක. 29:12)

32වන කතන්දරය

වසංගත 10

  1. යෙහෝවා ඊජිප්තු දේශයට ගෙනා මුල් වසංගත තුන මේ කතන්දරයේ පින්තූර බලලා විස්තර කරන්න.

  2. මුල් වසංගත තුන සහ ඉන්පසුව ඇති වූ වසංගත අතර තිබූ වෙනස මොකක්ද?

  3. හතරවන, පස්වන හා හයවන වසංගත මොනවාද?

  4. හත්වන, අටවන හා නවවන වසංගත විස්තර කරන්න.

  5. දහවන වසංගතයට කලින් කුමක් කරන්න කියාද යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ?

  6. දහවන වසංගතය මොකක්ද? එයින් පස්සේ සිද්ධ වුණේ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. නික්මයාම 7:19–8:23 කියවන්න.

    1. යෙහෝවා ගෙන ආ මුල් වසංගත දෙක ඊජිප්තුවේ සිටි මායා ක්‍රියා කරන පූජකයන්ටත් කරන්න හැකි වුණත් තුන්වෙනි වසංගතයෙන් පස්සේ ඒ අයට පිළිගන්න සිද්ධ වුණේ මොකක්ද? (නික්. 8:18, 19; මතෙ. 12:24-28)

    2. යෙහෝවාට ඔහුගේ සෙනඟව ආරක්ෂා කරන්න පුළුවන් බව හතරවෙනි වසංගතයෙන් පැහැදිලිව පෙනී යන්නේ කොහොමද? දෙවිගේ සෙනඟ ඉදිරියේදී සිදුවීමට නියමිත ‘මහත් පීඩාවට’ මුහුණ දෙන විට එය ඔවුන්ට දිරිගැන්වීමක් විය හැක්කේ කොහොමද? (නික්. 8:22, 23; එළි. 7:13, 14; 2 ලේක. 16:9)

  2. නික්මයාම 8:24; 9:3, 6, 10, 11, 14, 16, 23-25 සහ 10:13-15, 21-23 කියවන්න.

    1. පාරාවෝගෙන් සහ මායාකාර පූජකයන්ගෙන් නියෝජනය වන කණ්ඩායම් දෙක මොකක්ද? මේ කාලයෙත් සිටින ඒ කණ්ඩායම් දෙක ගැන අපි දැරිය යුතු ආකල්පය මොකක්ද? (නික්. 8:10, 18, 19; 9:14)

    2. යෙහෝවා මේ දක්වා සාතන්ට ජීවත් වෙන්න ඉඩහැර තිබීමට හේතු තේරුම්ගන්න නික්මයාම 9:16හි සඳහන් දෙය අපට උපකාරවත් වන්නේ කොහොමද?

  3. නික්මයාම 12:21-32 කියවන්න.

    පාස්කුව මගින් බොහෝදෙනෙකුට ගැලවීමට අවස්ථාව උදා කර දුන්නේ කොහොමද? ඒ කාලයේ පැවැත්වූ පාස්කුව මගින් පෙන්වා දුන්නේ කුමක්ද? (නික්. 12:21-23; යොහ. 1:29; රෝම 5:18, 19, 21; 1 කොරි. 5:7)

33වන කතන්දරය

රතු මුහුද හරහා යෑම

  1. ස්ත්‍රීන් සහ ළමයින් සමඟ ඊශ්‍රායෙල් ජාතික පිරිමින් කීදෙනෙක් ඊජිප්තුවෙන් පිට වී ගියාද? ඔවුන් සමඟ පිට වෙලා ගියේ තවත් කවුද?

  2. ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නාට පස්සේ පාරාවෝට හිතුණේ මොකක්ද? ඊට පස්සේ ඔහු මොනවාද කළේ?

  3. ඊජිප්තුවරුන් තමන්ගේ සෙනඟට පහර දීම වැළැක්වීම සඳහා යෙහෝවා කළේ මොකක්ද?

  4. මෝසෙස් එයාගේ සැරයටිය රතු මුහුද දිහාවට දික් කරද්දී මොකද වුණේ? ඊටපස්සේ ඊශ්‍රායෙල්වරුන් මොකද කළේ?

  5. ඊජිප්තුවරුන් මුහුදේ ඇති වූ වියළි බිම දිගේ ඊශ්‍රායෙල්වරුන් පස්සේ එළවාගෙන යද්දී මොකද වුණේ?

  6. යෙහෝවා තමන්ව බේරාගත්ත එක ගැන ඊශ්‍රායෙල්වරුන් සන්තෝෂ වෙමින් ඔහුට ස්තුති කළේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. නික්මයාම 12:33-36 කියවන්න.

    යෙහෝවා තමන්ගේ සෙනඟ ඊජිප්තුවේ වහලුන් හැටියට සේවය කළ අවුරුදු ගණනාවට වන්දියක් හැටියට ලැබෙන්න සැලැස්සුවේ මොනවාද? (නික්. 3:21, 22; 12:35, 36)

  2. නික්මයාම 14:1-31 කියවන්න.

    ඉදිරියේදී යෙහෝවා හර්ම-ගෙදොන් කියා යුද්ධයක් කරන්න යනවා. යෙහෝවාගේ සේවකයන් මේ යුද්ධයට මුහුණ දෙද්දී නික්මයාම 14:13, 14හි සඳහන් මෝසෙස් පැවසූ වචන ඔවුන්ට දිරිගැන්වීමක් වන්නේ කොහොමද? (2 ලේක. 20:17; ගීතා. 91:8)

  3. නික්මයාම 15:1-8, 20, 21 කියවන්න.

    1. යෙහෝවාගේ සේවකයන් ඔහුට ප්‍රශංසා ගීතිකා ගායනා කළ යුත්තේ ඇයි? (නික්. 15:1, 2; ගීතා. 105:2, 3; එළි. 15:3, 4)

    2. මිරියාම් සහ ඊශ්‍රායෙල් ස්ත්‍රීන් රතු මුහුද ළඟදී යෙහෝවාට ප්‍රශංසා කළා. මේ ස්ත්‍රීන් අද කාලයේ සිටින ක්‍රිස්තියානි ස්ත්‍රීන්ට ආදර්ශයක් වන්නේ කොහොමද? (නික්. 15:20, 21; ගීතා. 68:11)

34වන කතන්දරය

අලුත් කෑම ජාතියක්

  1. මේ පින්තූරයේ පෙනෙන විදිහට මිනිස්සු ඇහිඳින්නේ මොනවාද? ඒවාට කියන නම මොකක්ද?

  2. මන්නා එකතු කරන එක ගැන මෝසෙස් මිනිසුන්ට මොනවාද කියන්නේ?

  3. යෙහෝවා මිනිසුන්ට හයවෙනි දවසේදී කරන්න කියන්නේ මොකක්ද? එහෙම කියන්නේ ඇයි?

  4. මිනිස්සු හත්වෙනි දවසේදී මන්නා තියාගත්තාම යෙහෝවා පුදුම දෙයක් කරනවා. ඒ මොකක්ද?

  5. යෙහෝවා කොච්චර කාලයක් මිනිසුන්ට කන්න මන්නා දුන්නාද?

අමතර ප්‍රශ්න:

  1. නික්මයාම 16:1-36 සහ ගණන් කතාව 11:7-9 කියවන්න.

    1. යෙහෝවා සභාවල වගකීම් පවරා තියෙන අයට අපි ගරු කළ යුතු බව නික්මයාම 16:8හි සඳහන් වචනවලින් පැහැදිලි වෙන්නේ කොහොමද? (හෙබ්‍රෙ. 13:17)

    2. ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ සිටි කාලයේ සෑම දවසකම යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබිය යුතු බව ඔවුන්ට මතක් කර දුන්නේ කොහොමද? (නික්. 16:14-16, 35; ද්වි. 8:2, 3)

    3. යේසුස් මන්නා සමාන කළේ මොකටද? ‘ස්වර්ගයෙන් ලැබෙන මේ ආහාරයෙන්’ අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? (යොහ. 6:31-35, 40)

  2. යෝෂුවා 5:10-12 කියවන්න.

    ඊශ්‍රායෙල්වරුන් අවුරුදු කීයක් මන්නා කෑවාද? මේ ආහාරය මගින් ඔවුන්ව පරීක්ෂණයට ලක් වුණේ කොහොමද? මේ වාර්තාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (නික්. 16:35; ගණ. 11:4-6; 1 කොරි. 10:10, 11)

35වන කතන්දරය

යෙහෝවා ඔහුගේ නීති දෙයි

  1. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත් වෙලා මාස දෙකකට විතර පස්සේ කූඩාරම් හදාගෙන ටික කාලයක් ඉන්නේ කොහේද?

  2. යෙහෝවාට ඕන කරන්නේ ඊශ්‍රායෙල්වරුන් මොන වගේ සෙනඟක් වෙනවා දකින්නද? සෙනඟ දෙන උත්තරය මොකක්ද?

  3. යෙහෝවා මෝසෙස්ට ගල්ලෑලි දෙකක් දෙන්නේ ඇයි?

  4. යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට දුන්නේ නීති දහයක් විතරද?

  5. උසස්ම නීති දෙක මොකක් කියාද යේසුස් කිව්වේ?

අමතර ප්‍රශ්න:

  1. නික්මයාම 19:1-25; 20:1-21; 24:12-18 සහ 31:18 කියවන්න.

    ක්‍රිස්තියානියෙක් දෙවිට කැප වෙද්දී එයින් අදහස් කරන දෙය තේරුම්ගන්න නික්මයාම 19:8හි සඳහන් දෙය අපිට උපකාරවත් වන්නේ කොහොමද? (මතෙ. 16:24; 1 පේතෘ. 4:1-3)

  2. ද්විතීය කතාව 6:4-6; ලෙවී කතාව 19:18 සහ මතෙව් 22:36-40 කියවන්න.

    ක්‍රිස්තියානීන් දෙවි සහ අසල්වැසියා සඳහා තමන්ගේ ප්‍රේමය පෙන්වන්නේ කොහොමද? (මාක් 6:34; ක්‍රියා 4:20; රෝම 15:2)

36වන කතන්දරය

රන් වසුපැටියා

  1. මේ පින්තූරයේ පෙනෙන විදිහට මිනිස්සු මොනවාද කරන්නේ? ඇයි ඒගොල්ලන් මේ වගේ දෙයක් කරන්නේ?

  2. යෙහෝවාට තරහ යන්නේ ඇයි? මිනිස්සු කරන දෙය දැක්කහම මෝසෙස් කරන්නේ මොනවාද?

  3. මෝසෙස් මිනිසුන්ගෙන් ටිකදෙනෙක්ට කියන්නේ මොනවා කරන්න කියලාද?

  4. මේ කතන්දරයෙන් අපි ඉගෙනගන්න ඕනෙ පාඩම මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. නික්මයාම 32:1-35 කියවන්න.

    1. සත්‍ය නමස්කාරයේ සිටින අය බොරු නමස්කාරයේ හවුල් වීම යෙහෝවා සලකන ආකාරය ගැන මේ වාර්තාවෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (නික්. 32:4-6, 10; 1 කොරි. 10:7, 11)

    2. සිංදු කීම හා නැටීම වගේ විනෝදයට කරන දේවල් ක්‍රිස්තියානීන් තෝරාගනිද්දී කල්පනාකාරී විය යුත්තේ ඇයි? (නික්. 32:18, 19; එෆී. 5:15, 16; 1 යොහ. 2:15-17)

    3. ධර්මිෂ්ඨකම වෙනුවෙන් ස්ථිරව සිටීම ගැන ලෙවී ගෝත්‍රයේ අය හොඳ ආදර්ශයක් සපයන්නේ කොහොමද? (නික්. 32:25-28; ගීතා. 18:25)

37වන කතන්දරය

නමස්කාරයට කූඩාරමක්

  1. මේ පින්තූරයේ තියෙන්නේ මොකක්ද? මේක හැදුවේ මොකටද?

  2. මේ කූඩාරම ලෙහෙසියෙන්ම කොටස්වලට වෙන් කරන්න පුළුවන් වෙන විදිහට හදන්න කියලා යෙහෝවා මෝසෙස්ට කිව්වේ ඇයි?

  3. කූඩාරමේ කෙළවරේම තියෙන පොඩි කාමරයේ තියෙන පෙට්ටිය මොකක්ද? ඒක ඇතුලේ තියෙන්නේ මොනවාද?

  4. යෙහෝවා උත්තම පූජකයා හැටියට තෝරාගත්තේ කාවද? ඔහුගේ ප්‍රධාන වැඩය මොකක්ද?

  5. කූඩාරමේ ලොකු කාමරයේ තියෙන දේවල් තුනක් කියන්න පුළුවන්ද?

  6. කූඩාරමෙන් පිටත මළුවේ තියෙන දේවල් දෙකක් කියන්න පුළුවන්ද? ඒවා පාවිච්චි කරන්නේ මොකටද?

අමතර ප්‍රශ්න:

  1. නික්මයාම 25:8-40; 26:1-37; 27:1-8 සහ 28:1 කියවන්න.

    “සාක්ෂියේ පෙට්ටිය” හෙවත් ගිවිසුම් පෙට්ටිය මත සිටි කෙරුබ්වරුන් දෙදෙනාගෙන් පෙන්නුම් කළේ මොකක්ද? (නික්. 25:20, 22; ගණ. 7:89; 2 රාජා. 19:15)

  2. නික්මයාම 30:1-10, 17-21; 34:1, 2 සහ හෙබ්‍රෙව් 9:1-5 කියවන්න.

    1. කූඩාරමේ සේවය කළ පූජකයන් පිරිසිදුව සිටීමේ අවශ්‍යතාව යෙහෝවා අවධාරණය කළේ ඇයි? මේ කාරණය අද අපි පිළිපැදිය යුත්තේ කොහොමද? (නික්. 30:18-21; 40:30, 31; හෙබ්‍රෙ. 10:22)

    2. පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ඔහුගේ ලිපිය ලියූ කාලය වන විට කූඩාරම හා නීතික ගිවිසුම තවදුරටත් අවශ්‍ය නැති බව පෙන්වා දුන්නේ කොහොමද? (හෙබ්‍රෙ. 9:1, 9; 10:1)

38වන කතන්දරය

ඔත්තුකාරයෝ 12දෙනා

  1. මේ පින්තූරයේ තියෙන මිදි පොකුරේ තියෙන විශේෂත්වය මොකක්ද? මේවා ගෙනත් තියෙන්නේ කොහෙන්ද?

  2. මෝසෙස් ඔත්තුකාරයන් 12දෙනෙකුව කානාන් දේශයට යවන්නේ ඇයි?

  3. ඔත්තුකාරයන් ආපහු මෝසෙස් ළඟට ආවට පස්සේ ඔවුන්ගෙන් දහදෙනෙක් කියන්නේ මොනවාද?

  4. ඔත්තුකාරයන් දෙදෙනෙක් යෙහෝවා කෙරෙහි විශ්වාසය පෙන්වන්නේ කොහොමද? ඒ කවුරුන්ද?

  5. යෙහෝවාට තරහ යන්නේ ඇයි? යෙහෝවා මෝසෙස්ට කියන්නේ මොනවාද?

අමතර ප්‍රශ්න:

  1. ගණන් කතාව 13:1-33 කියවන්න.

    1. කානාන් දේශය සෝදිසි කර බලන්න යැව්වේ කාවද? ඔවුන්ට තිබුණු මහත් ප්‍රස්තාව මොකක්ද? (ගණ. 13:2, 3, 18-20)

    2. යෝෂුවා සහ කාලෙබ් අනෙක් ඔත්තුකරුවන්ට වඩා වෙනස් අදහසක් දැරුවේ ඇයි? මෙයින් අපට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (ගණ. 13:28-30; මතෙ. 17:20; 2 කොරි. 5:7)

  2. ගණන් කතාව 14:1-38 කියවන්න.

    1. පොළොව මත සිටින යෙහෝවාගේ නියෝජිතයන්ට විරුද්ධව කෙඳිරිගෑම ගැන දී තිබෙන අනතුරු ඇඟවීම කුමක්ද? (ගණ. 14:2, 3, 27; මතෙ. 25:40, 45; 1 කොරි. 10:10)

    2. යෙහෝවා ඔහුගේ එක් එක් සේවකයා ගැන සැලකිලිමත් වෙන බව ගණන් කතාව 14:24හි සඳහන් දෙයින් පැහැදිලි වෙන්නේ කොහොමද? (1 රාජා. 19:18; හිතෝ. 15:3)

39වන කතන්දරය

ආරොන්ගේ සැරයටියේ මල් පිපෙයි

  1. මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධ වුණේ කවුද? ඔවුන් මෝසෙස්ට කියන්නේ මොනවාද?

  2. මෝසෙස් කෝරාටත් එයාගේ ගෝලයන් දෙසිය පනස්දෙනාටත් කියන්නේ මොනවාද?

  3. මෝසෙස් මිනිසුන්ට මොනවාද කියන්නේ? මෝසෙස් කතා කරන එක නැවැත්තුව හැටියේම මොකද වෙන්නේ?

  4. කෝරාටයි එයාගේ ගෝලයන් දෙසිය පනස්දෙනාටයි මොකද වෙන්නේ?

  5. ආරොන්ගේ පුතා වන එලෙයාසර් මැරුණ අයගේ දුම් භාජන අරගෙන මොකක්ද හදන්නේ? එහෙම දෙයක් හදන්න කිව්වේ ඇයි?

  6. යෙහෝවා ආරොන්ගේ සැරයටියේ මල් පිපෙන්න සැලැස්සුවේ ඇයි? (පින්තූරය බලන්න.)

අමතර ප්‍රශ්න:

  1. ගණන් කතාව 16:1-49 කියවන්න.

    1. කෝරායි එයාගේ අනුගාමිකයනුයි මොනවාද කළේ? ඔවුන් කළ දෙය යෙහෝවාට විරුද්ධ වීමක් හැටියට සැලකුවේ ඇයි? (ගණ. 16:9, 10, 18; ලෙවී. 10: 1, 2; හිතෝ. 11:2)

    2. කෝරාට සහ “සභාපතීන්” 250දෙනාට තිබූ වැරදි ආකල්පය මොකක්ද? (ගණ. 16:1-3; හිතෝ. 15:33; යෙසා. 49:7)

  2. ගණන් කතාව 17:1-11 සහ 26:10 කියවන්න.

    1. ආරොන්ගේ සැරයටිය දළුලෑමෙන් ඇඟෙව්වේ කුමක්ද? සැරයටිය ගිවිසුම් පෙට්ටියේ තබන්න කියා යෙහෝවා පැවසුවේ ඇයි? (ගණ. 17:5, 8, 10; හෙබ්‍රෙ. 9:4)

    2. ආරොන්ගේ සැරයටිය දළුලෑමෙන් පෙන්වූ ලකුණෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වැදගත් පාඩම මොකක්ද? (ගණ. 17:10; ක්‍රියා 20:28; ෆිලි. 2:14; හෙබ්‍රෙ. 13:17)

40වන කතන්දරය

මෝසෙස් පර්වතයට ගසයි

  1. ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ සිටින කාලයේදී යෙහෝවා ඒගොල්ලන්ව බලාගන්නේ කොහොමද?

  2. ඊශ්‍රායෙල්වරුන් කාදෙෂ්වල කූඩාරම් ගසාගෙන හිටිය කාලේදී කෙඳිරිගගා මෝසෙස්ට කිව්වේ මොනවාද?

  3. යෙහෝවා මිනිසුන්ට සහ සතුන්ට වතුර ලබා දෙන්නේ කොහොමද?

  4. මේ පින්තූරයේ තමන්ගේ පපුවට ඇඟිල්ල දික් කරගෙන ඉන්න කෙනා කවුද? ඇයි ඔහු එහෙම කරන්නේ?

  5. යෙහෝවාට මෝසෙස් සහ ආරොන් එක්ක තරහ ගියේ ඇයි? ඒ දෙන්නාට දෙන දඬුවම මොකක්ද?

  6. හෝර් කන්ද ළඟදී මොකද වෙන්නේ? ඊශ්‍රායෙල්වරුන්ගේ උත්තම පූජකයා වෙන්නේ කවුද?

අමතර ප්‍රශ්න:

  1. ගණන් කතාව 20:1-13, 22-29 සහ ද්විතීය කතාව 29:5 කියවන්න.

    1. යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව පාළුකරයේදී රැකබලා ගත් ආකාරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (ද්වි. 29:5; මතෙ. 6:31; හෙබ්‍රෙ. 13:5; යාකො. 1:17)

    2. මෝසෙස් සහ ආරොන් ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි තමන්ව ගෞරවයට පත් නොකිරීම ගැන යෙහෝවා සැලකුවේ කොහොමද? (ගණ. 20:12; 1 කොරි. 10:12; එළි. 4:11)

    3. යෙහෝවා දුන්න හික්මවීම මෝසෙස් සැලකූ ආකාරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ගණ. 12:3; 20:12, 27, 28; ද්වි. 32:4; හෙබ්‍රෙ. 12:7-11)

41වන කතන්දරය

පිත්තල සර්පයා

  1. මේ පින්තූරයේ පෙනෙන විදිහට පොල්ල වටේ එතිලා ඉන්නේ මොකෙක්ද? මෙහෙම කරන්න කියලා යෙහෝවා මෝසෙස්ට කිව්වේ ඇයි?

  2. දෙවි මිනිසුන් වෙනුවෙන් කරපු යහපත් දේවලට එයාලා ස්තුතිවන්ත වුණේ නැති බව පේන්නේ කොහොමද?

  3. යෙහෝවා මිනිසුන්ට දඬුවම් කරන්න විෂ සර්පයන්ව එව්වාට පස්සේ මිනිස්සු මෝසෙස්ගෙන් ඉල්ලන්නේ මොනවා කරන්න කියලාද?

  4. පිත්තල සර්පයෙක්ව හදන්න කියලා යෙහෝවා මෝසෙස්ට කියන්නේ ඇයි?

  5. මේ කතන්දරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. ගණන් කතාව 21:4-9 කියවන්න.

    1. යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට ලබා දුන් දේවල් ගැන ඔවුන් මැසිවිලි නැඟුවා. මෙයින් අපට දෙන අනතුරු ඇඟවීම කුමක්ද? (ගණ. 21:5, 6; රෝම 2:4)

    2. අවුරුදු සිය ගණනාවක් පුරා ඊශ්‍රායෙල්වරුන් පිත්තල සර්පයාට කුමක්ද කළේ? හෙසකියා රජ ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? (ගණ. 21:9; 2 රාජා. 18:1-4)

  2. යොහන් 3:14, 15 කියවන්න.

    පිත්තල සර්පයාව පොල්ලක ඔතා තැබීමත් යේසුස් ක්‍රිස්තුස්ව වධ කණුවක එල්ලීමත් අතර තිබෙන සමානකම මොකක්ද? (ගලා. 3:13; 1 පේතෘ. 2:24)

42වන කතන්දරය

බූරුවෙක් කතා කරයි

  1. බාලාක් කියන්නේ කවුද? එයා බාලාම්ට එන්න කියන්නේ ඇයි?

  2. බාලාම්ගේ බූරුවා පාරේ ඉඳගන්නේ ඇයි?

  3. බූරුවා බාලාම්ට කතා කරලා මොනවාද කියන්නේ?

  4. දේවදූතයෙක් බාලාම්ට මොනවාද කියන්නේ?

  5. බාලාම් ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න උත්සාහ කරද්දී මොකද වෙන්නේ?

අමතර ප්‍රශ්න:

  1. ගණන් කතාව 21:21-35 කියවන්න.

    ඊශ්‍රායෙල්වරුන් අමෝරිවරුන්ගේ සීහොන් රජු සහ බාෂාන්හි ඕග් රජුව පරාජය කළේ ඇයි? (ගණ. 21:21, 23, 33, 34)

  2. ගණන් කතාව 22:1-40 කියවන්න.

    ඊශ්‍රායෙල්වරුන්ට ශාප කිරීමෙන් බාලාම් බලාපොරොත්තු වුණේ කුමක්ද? මෙයින් අපට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (ගණ. 22:16, 17; හිතෝ. 6:16, 18; 2 පේතෘ. 2:15; යූද් 11)

  3. ගණන් කතාව 23:1-30 කියවන්න.

    බාලාම් කතා කළේ යෙහෝවාට නමස්කාර කරන කෙනෙක් වගේ වුණත්, ඔහු ඇත්තටම එවැනි කෙනෙක් නොවන බව ඔහුගේ ක්‍රියාවලින් පෙනෙන්න තිබුණේ කොහොමද? (ගණ. 23:3, 11-14; 1 සාමු. 15:22)

  4. ගණන් කතාව 24:1-25 කියවන්න.

    යෙහෝවාගේ අරමුණ ඉටුවීම සම්බන්ධයෙන් අපේ විශ්වාසය ඒ බයිබල් වාර්තාවෙන් තවත් ශක්තිමත් විය යුත්තේ කොහොමද? (ගණ. 24:10; යෙසා. 54:17)

43වන කතන්දරය

යෝෂුවා නායකයා වෙයි

  1. මේ පින්තූරයේ පෙනෙන විදිහට මෝසෙස් ළඟ සිටගෙන ඉන්න දෙන්නා කවුද?

  2. යෙහෝවා යෝෂුවාට කියන්නේ මොනවාද?

  3. මෝසෙස් නෙබෝ කන්ද උඩට නඟින්නේ ඇයි? යෙහෝවා මෝසෙස්ට කියන්නේ මොනවාද?

  4. මෝසෙස් මැරෙනකොට එයාගේ වයස කීයද?

  5. මිනිස්සු දුක් වෙන්නේ ඇයි? ඒ වුණත් සන්තෝෂ වෙන්නත් ඒගොල්ලන්ට හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. ගණන් කතාව 27:12-23 කියවන්න.

    යෙහෝවා යෝෂුවාට පැවරූ ලොකු වැඩය මොකක්ද? මේ කාලයේදීත් යෙහෝවා ඔහුගේ සෙනඟව රැකබලා ගන්නවා. ඒ කොහොමද? (ගණ. 27:15-19; ක්‍රියා 20:28; හෙබ්‍රෙ. 13:7)

  2. ද්විතීය කතාව 3:23-29 කියවන්න.

    යෙහෝවා මෝසෙස්ට සහ ආරොන්ට පොරොන්දු දේශයට යන්න ඉඩ දුන්නේ නැත්තේ ඇයි? අපිට මෙයින් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (ද්වි. 3:25-27; ගණ. 20:12, 13)

  3. ද්විතීය කතාව 31:1-8, 14-23 කියවන්න.

    යෙහෝවා දුන් හික්මවීම මෝසෙස් යටහත් පහත්ව පිළිගත් බව ඔහු මිය යන්න කලින් පැවසූ වචනවලින් පැහැදිලි වෙන්නේ කොහොමද? (ද්වි. 31:6-8, 23)

  4. ද්විතීය කතාව 32:45-52 කියවන්න.

    දේවවචනය අපේ ජීවිතවලට බලපෑ යුත්තේ කොහොමද? (ද්වි. 32:47; ලෙවී. 18:5; හෙබ්‍රෙ. 4:12)

  5. ද්විතීය කතාව 34:1-12 කියවන්න.

    මෝසෙස් කවදාවත් යෙහෝවාව දැක්කේ නැහැ. ඒ වුණත් යෙහෝවා සමඟ ඔහුට තිබූ සම්බන්ධතාව ගැන ද්විතීය කතාව 34:11, 12හි සඳහන් දෙයින් පෙනී යන්නේ කුමක්ද? (නික්. 33:11, 20; ගණ. 12:8)

44වන කතන්දරය

රාහාබ් ඔත්තුකාරයන්ව සඟවයි

  1. රාහාබ් ජීවත් වෙන්නේ කොහේද?

  2. මේ පින්තූරයේ ඉන්න මිනිස්සු දෙන්නා කවුද? මේ දෙන්නා යෙරිකෝවට ඇවිත් ඉන්නේ ඇයි?

  3. යෙරිකෝවේ රජු රාහාබ්ට මොනවා කරන්න කියලාද අණ කරන්නේ? ඇය කියන්නේ මොනවාද?

  4. රාහාබ් මිනිස්සු දෙන්නාට උදව් කරන්නේ කොහොමද? ඇය ඒ දෙන්නාගෙන් ඉල්ලන්නේ මොනවාද?

  5. ඔත්තුකාරයන් දෙන්නා රාහාබ්ට දෙන පොරොන්දුව මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. යෝෂුවා 2:1-24 කියවන්න.

    ඊශ්‍රායෙල්වරුන් යෙරිකෝවට විරුද්ධව නැඟී සිටි කාලයේදී නික්මයාම 23:28හි යෙහෝවා දුන් පොරොන්දුව ඉටු වුණේ කොහොමද? (යෝෂු. 2:9-11)

  2. හෙබ්‍රෙව් 11:31 කියවන්න.

    ඇදහිල්ලේ තිබෙන වැදගත්කම රාහාබ්ගේ ආදර්ශයෙන් දකින්න පුළුවන් කොහොමද? (රෝම 1:17; හෙබ්‍රෙ. 10:39; යාකො. 2:25)

45වන කතන්දරය

යොර්දාන් ගඟ හරහා යෑම

  1. ඊශ්‍රායෙල්වරුන්ට යොර්දාන් ගඟ හරහා යන්න පුළුවන් වෙන විදිහට යෙහෝවා කරන පුදුම දෙය මොකක්ද?

  2. යොර්දාන් ගඟ හරහා යන්න නම් ඊශ්‍රායෙල්වරුන් දෙවි කෙරෙහි තියෙන ඔවුන්ගේ ඇදහිල්ල පෙන්වන්න ඕන වුණා. ඒ කොහොමද?

  3. ගං පතුලෙන් ගල් 12ක් අරගන්න කියලා යෙහෝවා යෝෂුවාට කියන්නේ ඇයි?

  4. පූජකයන් ගඟෙන් පිටතට එනවාත් එක්කම සිදු වුණේ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. යෝෂුවා 3:1-17 කියවන්න.

    1. ඊශ්‍රායෙල්වරුන් යොර්දාන් ගඟ හරහා ගමන් කිරීමේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා වගේ අපිත් යෙහෝවාගේ උපකාරය හා ආශීර්වාද ලබාගන්න නම් කළ යුත්තේ මොනවාද? (යෝෂු. 3:13, 15; හිතෝ. 3:5; යාකො. 2:22, 26)

    2. ඊශ්‍රායෙල්වරුන් යොර්දාන් ගඟ හරහා පොරොන්දු දේශයට ඇතුල් වෙද්දී ගඟේ වතුරට මොකද වුණේ? මේ කළ පුදුම ක්‍රියාව මගින් යෙහෝවාගේ නමට ගෞරවය අත් වුණේ කොහොමද? (යෝෂු. 3:15; 4:18; ගීතා. 66:5-7)

  2. යෝෂුවා 4:1-18 කියවන්න.

    ගං පතුලෙන් ගල් 12ක් අරගෙන ගිල්ගාල්හි තැබුවේ ඇයි? (යෝෂු. 4:4-7, 19-24)

46වන කතන්දරය

යෙරිකෝ නගරයේ තාප්ප

  1. යෙහෝවා යුද්ධ භටයන්ටයි පූජකයන්ටයි දවස් හයක් කරන්න කියන්නේ මොනවාද?

  2. හත්වෙනි දවසේදී ඔවුන් මොනවාද කරන්න ඕනෙ?

  3. මේ පින්තූරයේ පෙනෙන විදිහට යෙරිකෝවේ තාප්පවලට මොකද වෙන්නේ?

  4. ජනේලයකින් රතු ලණුවක් එල්ලෙන්නේ ඇයි?

  5. යෝෂුවා යුද්ධ භටයන්ට කියන්නේ මිනිසුන්ට හා නගරයට මොනවා කරන්න කියලාද? රිදී, රත්තරන්, පිත්තල හා යකඩවලට මොනවා කරන්න කියලාද කියන්නේ?

  6. ඔත්තුකාරයන් දෙන්නාට යෝෂුවා කියන්නේ මොනවා කරන්න කියලාද?

අමතර ප්‍රශ්න:

  1. යෝෂුවා 6:1-25 කියවන්න.

    1. ඊශ්‍රායෙල්වරුන් සත්වෙනි දවසේදී යෙරිකෝව වටේ ගමන් කිරීමත් මේ අන්තිම් දවස්වලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන දේශනා සේවයත් අතර තිබෙන සමානකම මොකක්ද? (යෝෂු. 6:15, 16; යෙසා. 60:22; මතෙ. 24:14; 1 කොරි. 9:16)

    2. යෝෂුවා 6:26හි කියා තිබෙන අනාවැකිය අවුරුදු 600කට පමණ පස්සේ ඉටු වුණේ කොහොමද? යෙහෝවා පවසා තිබෙන දේවල් ගැන අපට එයින් ඉගෙනගන්න පුළුවන් කුමක්ද? (1 රාජා. 16:34; යෙසා. 55:11)

47වන කතන්දරය

ඊශ්‍රායෙලයේ හොරෙක්

  1. යෙරිකෝවෙන් ගත්ත බඩු වළලන මේ මිනිසා කවුද? එයාට උදව් කරන අනිත් අය කවුරුන්ද?

  2. ආකාන් සහ එයාගේ පවුලේ අය කරපු දෙය ලොකු වරදක් වුණේ ඇයි?

  3. හායි නගරයේ ඉන්න මිනිස්සු එක්ක යුද්ධ කරද්දී ඊශ්‍රායෙල්වරුන් පැරදුණේ ඇයි කියලා යෝෂුවා යෙහෝවාගෙන් අහද්දී යෙහෝවා මොනවාද කියන්නේ?

  4. ආකාන් සහ එයාගේ පවුලේ අයව යෝෂුවා ළඟට ගෙනාවට පස්සේ එයාලාට මොකද කරන්නේ?

  5. ආකාන්ට සිද්ධ වුණ දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. යෝෂුවා 7:1-26 කියවන්න.

    1. යෝෂුවා කළ යාච්ඤාවලින් මැවුම්කරු සමඟ තිබූ ඔහුගේ සම්බන්ධතාව ගැන කියාපාන්නේ කුමක්ද? (යෝෂු. 7:7-9; ගීතා. 119:145; 1 යොහ. 5:14)

    2. ආකාන් කළ වරදින් පෙනී යන්නේ කුමක්ද? මෙය අපට අනතුරු ඇඟවීමක් වන්නේ කොහොමද? (යෝෂු. 7:11, 14, 15; හිතෝ. 15:3; 1 තිමෝ. 5:24; හෙබ්‍රෙ. 4:13)

  2. යෝෂුවා 8:1-29 කියවන්න.

    සභාවේ යම් කෙනෙක් පාපයක් කර තිබෙන බව අපි දැනගත් විට අපිට තිබෙන වගකීම කුමක්ද? (යෝෂු. 7:13; ලෙවී. 5:1; හිතෝ. 28:13)

48වන කතන්දරය

නුවණක්කාර ගිබියොන්වරු

  1. ගිබියොන් නගරයේ මිනිස්සු කානාන් දේශයේ අනිත් නගරවල මිනිසුන්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

  2. මේ පින්තූරයේ පෙනෙන විදිහට ගිබියොන්වරු මොනවාද කරන්නේ? ඇයි ඒගොල්ලෝ එහෙම කරන්නේ?

  3. යෝෂුවා සහ ඊශ්‍රායෙලයේ නායකයන් ගිබියොන්වරුන්ට දෙන පොරොන්දුව මොකක්ද? ඒත් දවස් තුනකට පස්සේ ඔවුන්ට දැනගන්න ලැබෙන්නේ මොකක්ද?

  4. ගිබියොන්වරු ඊශ්‍රායෙල්වරුන් එක්ක සමාදාන වුණ එක ගැන අනිත් නගරවල ඉන්න රජවරුන්ට දැනගන්න ලැබුණාම මොකද වෙන්නේ?

අමතර ප්‍රශ්න:

  1. යෝෂුවා 9:1-27 කියවන්න.

    1. “දේශයේ සියලු වැසියන් විනාශ කරන්න” කියා යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට උපදෙස් දී තිබුණා. එහෙත් ගිබියොන්වරුන්ව ඉතුරු කිරීමෙන් යෙහෝවාගේ කුමන ගුණාංගද කැපී පෙනෙන්නේ? (යෝෂු. 9:22, 24; මතෙ. 9:13; ක්‍රියා 10:34, 35; 2 පේතෘ. 3:9)

    2. යෝෂුවා ගිබියොන්වරුන් සමඟ ඇති කරගත් ගිවිසුමට එකඟව කටයුතු කිරීමෙන් මේ කාලයේ සිටින ක්‍රිස්තියානීන්ට තැබූ හොඳ ආදර්ශය මොකක්ද? (යෝෂු. 9:18, 19; මතෙ. 5:37; එෆී. 4:25)

  2. යෝෂුවා 10:1-5 කියවන්න.

    මේ කාලයේදී මහත් සමූහය ගිබියොන්වරුන්ගේ ආදර්ශය අනුකරණය කරන්නේ කොහොමද? ඔවුන් කාගේ විශේෂ ඉලක්කයක් වී තිබෙනවාද? (යෝෂු. 10:4; සෙක. 8:23; මතෙ. 25:35-40; එළි. 12:17)

49වන කතන්දරය

ඉර නවතියි

  1. මේ පින්තූරයේ පෙනෙන විදිහට යෝෂුවා කියන්නේ මොනවාද? ඇයි එයා එහෙම කියන්නේ?

  2. යෙහෝවා යෝෂුවාට සහ එයාගේ යුද්ධ භටයන්ට උදව් කරන්නේ කොහොමද?

  3. රජවරුන් කීදෙනෙකුව යෝෂුවා පරාජය කරනවාද? ඒ සඳහා කොච්චර කාලයක් ගත වෙනවාද?

  4. යෝෂුවා කානාන් දේශය බෙදලා දෙන්නේ කාටද?

  5. යෝෂුවා මැරෙනකොට එයාගේ වයස කීයද? පස්සේ කාලෙක මිනිස්සු මොනවාද කරන්නේ?

අමතර ප්‍රශ්න:

  1. යෝෂුවා 10:6-15 කියවන්න.

    යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට උපකාර කරමින් ඉර හා සඳ නතර කළා. මෙයින් අපට යෙහෝවා කෙරෙහි මොන වගේ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්ද? (යෝෂු. 10:8, 10, 12, 13; ගීතා. 18:3; හිතෝ. 18:10)

  2. යෝෂුවා 12:7-24 කියවන්න.

    කානාන් දේශයේ රජවරුන් 31දෙනෙකුව පරාජය කිරීමේ ගෞරවය යා යුත්තේ කාටද? අද අපට මෙය වැදගත් වන්නේ ඇයි? (යෝෂු. 12:7; 24:11-13; ද්වි. 31:8; ලූක් 21:9, 25-28)

  3. යෝෂුවා 14:1-5 කියවන්න.

    කානාන් දේශය ඊශ්‍රායෙල් ගෝත්‍ර අතර බෙදුවේ කොහොමද? පාරාදීසයේදී ලැබෙන උරුමයන් ගැන එයින් කියාපාන්නේ කුමක්ද? (යෝෂු. 14:2; යෙසා. 65:21; එස. 47:21-23; 1 කොරි. 14:33)

  4. විනිශ්චයකාරයෝ 2:8-13 කියවන්න.

    ඊශ්‍රායෙලයේ සිටි යෝෂුවා වගේ සැබෑ ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන අයට අද දින එරෙහිව සිටින්නේ කවුද? (විනි. 2:8, 10, 11; මතෙ. 24:45-47; 2 තෙස. 2:3-6; තීත. 1:7-9; එළි. 1:1; 2:1, 2)

50වන කතන්දරය

නිර්භීත ස්ත්‍රීන් දෙන්නෙක්

  1. විනිශ්චයකරුවන් කියන්නේ කාටද? ඒ අයගෙන් සමහරදෙනෙකුගේ නම් මොනවාද?

  2. දෙබොරාට තියෙන විශේෂ වරප්‍රසාදය මොකක්ද? එම සේවයට ඇතුළත් වන්නේ මොකක්ද?

  3. යාබින් රජ සහ එයාගේ හමුදාවේ නායකයා වන සිසෙරා ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ආපු වේලාවේදී දෙබොරා විනිශ්චයකාර බාරාක්ට අඬගහලා කියන යෙහෝවාගේ පණිවිඩය මොකක්ද? ඒ වගේම කාට ගෞරවය හිමි වෙනවා කියලාද දෙබොරා කියන්නේ?

  4. යායෙල් නිර්භීත ස්ත්‍රියක් බව ඇය ඔප්පු කරන්නේ කොහොමද?

  5. යාබින් රජවත් මරලා දැම්මාට පස්සේ මොකද වෙන්නේ?

අමතර ප්‍රශ්න:

  1. විනිශ්චයකාරයෝ 2:14-22 කියවන්න.

    යෙහෝවාව උදහස් වෙන ආකාරයට ඊශ්‍රායෙල්වරුන් ක්‍රියා කරන්නේ කොහොමද? අපිට එයින් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (විනි. 2:20; හිතෝ. 3:1, 2; එස. 18:21-23)

  2. විනිශ්චයකාරයෝ 4:1-24 කියවන්න.

    මේ කාලයේ සිටින ක්‍රිස්තියානි ස්ත්‍රීන්ට ඇදහිල්ල සහ නිර්භීතකම ගැන දෙබොරා සහ යායෙල්ගේ ආදර්ශවලින් ඉගෙනගන්න පුළුවන් කුමක්ද? (විනි. 4:4, 8, 9, 14, 21, 22; හිතෝ. 31:30; 1 කොරි. 16:13)

  3. විනිශ්චයකාරයෝ 5:1-31 කියවන්න.

    බාරාක් සහ දෙබොරා ගැයූ ජයග්‍රාහී ගීතිකාව, ඉදිරියේදී පැමිණීමට නියමිත හර්–මගෙදොන් යුද්ධ ගැන කරන යාච්ඤාවකට අදාළ කරන්න පුළුවන් කොහොමද? (විනි. 5:3, 31; 1 ලේක. 16:8-10; එළි. 7:9, 10; 16:16; 19:19-21)

51වන කතන්දරය

රූත් සහ නායොමි

  1. නායොමි මෝවබ් දේශයේ පදිංචියට ආවේ ඇයි?

  2. රූත් සහ ඔර්පා කියන්නේ කවුද?

  3. නායොමි ආපහු ගමට යන්න කියා රූත් සහ ඔර්පාට කිව්වාම ඒ දෙන්නා මොනවාද කරන්නේ?

  4. බෝවස් කියන්නේ කවුද? එයා රූත්ට සහ නායොමිට උදව් කරන්නේ කොහොමද?

  5. බෝවස්ට සහ රූත්ට ලැබුණු දරුවාගේ නම මොකක්ද? අපි ඒ දරුවාගේ නම මතක තියාගන්න ඕනෙ ඇයි?

අමතර ප්‍රශ්න:

  1. රූත් 1:1-17 කියවන්න.

    1. රූත් පක්ෂපාත ප්‍රේමය පෙන්වූ යහපත් ස්ත්‍රියක් බව පෙනී යන්නේ කුමකින්ද? (රූත් 1:16, 17)

    2. ‘මහත් සමූහයට’ අයිති අය එදා රූත් දැරූ ආකල්පයට සමාන ආකල්පයක් අද පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් දරන බව පෙනෙන්න තිබෙන්නේ කොහොමද? (යොහ. 10:16; සෙක. 8:23)

  2. රූත් 2:1-23 කියවන්න.

    අද දින සිටින තරුණියන්ට රූත් කදිම ආදර්ශයක් වන්නේ කොහොමද? (රූත් 2:17, 18; හිතෝ. 23:22; 31:15)

  3. රූත් 3:5-13 කියවන්න.

    1. රූත් තරුණයෙකුව විවාහ කරගන්නේ නැතිව තමන්ව විවාහ කරගැනීමට දැක්වූ කැමැත්ත බෝවස් සැලකුවේ කොහොමද?

    2. පක්ෂපාත ප්‍රේමය ගැන රූත්ගේ ආකල්පයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (රූත් 3:10; 1 කොරි. 13:4, 5)

  4. රූත් 4:7-17 කියවන්න.

    අද සිටින ක්‍රිස්තියානි පුරුෂයන්ට බෝවස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (රූත් 4:9, 10; 1 තිමෝ. 3:1, 12, 13; 5:8)

52වන කතන්දරය

ගිඩියොන් සහ මිනිස්සු තුන්සියදෙනා

  1. ඊශ්‍රායෙල්වරුන් කරදර ගොඩකට වැටිලා ඉන්නේ ඇයි?

  2. ගිඩියොන්ගේ හමුදාවේ ඉන්න මිනිස්සු වැඩියි කියලා යෙහෝවා ගිඩියොන්ට කියන්නේ ඇයි?

  3. හිතේ භයක් තියෙන මිනිසුන්ට ආපහු හැරිලා ගෙදර යන්න කිව්වාට පස්සේ ඉතිරි වෙන්නේ කීදෙනෙක්ද?

  4. යෙහෝවා දෙවි ගිඩියොන්ගේ හමුදාවේ ගණන 300 දක්වා අඩු කරන විදිහ ගැන පින්තූරේ බලලා පැහැදිලි කරන්න.

  5. ගිඩියොන් එයාගේ මිනිස්සුන් 300දෙනාව යුද්දෙට සූදානම් කරන්නේ කොහොමද? ඊශ්‍රායෙල්වරුන් ඒ යුද්ධයෙන් ජය ගන්නේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. විනිශ්චයකාරයෝ 6:36-40 කියවන්න.

    1. යෙහෝවාගේ කැමැත්ත කුමක්ද කියා ගිඩියොන් තහවුරු කරගත්තේ කොහොමද?

    2. යෙහෝවාගේ කැමැත්ත කුමක්ද කියා අද අපි සොයා දැනගන්නේ කොහොමද? (හිතෝ. 2:3-6; මතෙ. 7:7-11; 2 තිමෝ. 3:16, 17)

  2. විනිශ්චයකාරයෝ 7:1-25 කියවන්න.

    1. අවට වෙන දේවල් ගැන කල්පනාවෙන් නොසිටිය අයට වඩා වෙනස්ව සෝදිසියෙන් සිටිය මිනිසුන් 300දෙනාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (විනි. 7:3, 6; රෝම 13:11, 12; එෆී. 5:15-17)

    2. මිනිසුන් 300දෙනා ගිඩියොන් දෙස බලා ඉගෙනගත්තාක් මෙන් අපිටත් උතුම් ගිඩියොන් වන යේසුස් ක්‍රිස්තුස් දෙස බලා ඉගෙනගන්න පුළුවන් කොහොමද? (විනි. 7:17; මතෙ. 11:29, 30; 28:19, 20; 1 පේතෘ. 2:21)

    3. යෙහෝවාගේ සංවිධානය තුළ අපට සේවය කිරීමට ලැබෙන තැන කුමක් වුණත් ප්‍රීතියෙන් සේවය කිරීමට විනිශ්චයකාරයෝ 7:21හි සඳහන් දෙය උපකාරවත් වන්නේ කොහොමද? (1 කොරි. 4:2; 12:14-18; යාකො. 4:10)

  3. විනිශ්චයකාරයෝ 8:1-3 කියවන්න.

    සහෝදරයෙක් හෝ සහෝදරියක් සමඟ යම් ගැටලුවක් ඇති වෙද්දී ගිඩියොන් එප්‍රායිම් ගෝත්‍රයේ මිනිසුන් සමඟ මතභේදයක් විසඳාගත් ආකාරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (හිතෝ. 15:1; මතෙ. 5:23, 24; ලූක් 9:48)

53වන කතන්දරය

යෙප්තාගේ පොරොන්දුව

  1. යෙප්තා කියන්නේ කවුද? ඔහු ජීවත් වුණේ මොන වගේ කාලයකද?

  2. යෙප්තා යෙහෝවාට වෙන පොරොන්දුව මොකක්ද?

  3. යෙප්තා අම්මොන්වරුන්ව පරාජය කරලා ගෙදර එද්දී දුක් වෙන්නේ ඇයි?

  4. තමන්ගේ තාත්තා යෙහෝවාට වුණ පොරොන්දුව ගැන යෙප්තාගේ දුව දැනගත් විට ඇය කියන්නේ මොනවාද?

  5. සෙනඟ යෙප්තාගේ දුවට ආදරේ වෙන්නේ ඇයි?

අමතර ප්‍රශ්න:

  1. විනිශ්චයකාරයෝ 10:6-18 කියවන්න.

    ඊශ්‍රායෙල්වරුන් යෙහෝවාව අත්හැර දැමීම පිළිබඳ වාර්තාවලින් අපට දෙන අනතුරු ඇඟවීම කුමක්ද? (විනි. 10:6, 15, 16; රෝම 15:4; එළි. 2:10)

  2. විනිශ්චයකාරයෝ 11:1-11, 29-40 කියවන්න.

    1. යෙප්තා ඔහුගේ දුවව “දවන පූජාවක්” හැටියට දීමෙන් අදහස් කරන්නේ ඇයව මිනිස් යාගයක් ලෙස ගින්නෙහි ඔප්පු කිරීම නොවන බව අපි දන්නේ කොහොමද? (විනි. 11:31; ලෙවී. 16:24; ද්වි. 18:10, 12)

    2. යෙප්තා ඇගේ දුවව පූජාවක් හැටියට ඔප්පු කළේ කොහොමද?

    3. යෙප්තා යෙහෝවාට වුණ පොරොන්දුව ඔහු සැලකූ ආකාරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් කුමක්ද? (විනි. 11:35, 39; දේශ. 5:4, 5; මතෙ. 16:24)

    4. පූර්ණ කාලීන සේවය කිරීමට ඉලක්ක කරගෙන සිටින යෞවන ක්‍රිස්තියානීන්ට යෙප්තාගේ දුව කදිම ආදර්ශයක් වන්නේ කොහොමද? (විනි. 11:36; මතෙ. 6:33; ෆිලි. 3:8)

54වන කතන්දරය

ශක්තිමත්ම මිනිසා

  1. මෙතෙක් ජීවත් වුණ ශක්තිමත්ම මිනිසාගේ නම මොකක්ද? එයාට ඒ ශක්තිය දුන්නේ කවුද?

  2. මේ පින්තූරයේ පෙනෙන විදිහට එක් අවස්ථාවකදී සම්සොන් එයා ළඟට ගොරවගෙන ආපු සිංහයෙකුට මොකද කළේ?

  3. දෙවෙනි පින්තුරයේ පෙනෙන විදිහට සම්සොන් දෙලීලාට කියන රහස මොකක්ද? මේ හින්දා පිලිස්තිවරුන් සම්සොන්ට මොනවාද කරන්නේ?

  4. සම්සොන් මැරෙන දවසේදීම පිලිස්තිවරුන් 3000දෙනෙක්වත් මරා දමන්නේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. විනිශ්චයකරුවෝ 13:1-14 කියවන්න.

    දරුවන්ව ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් මානෝවා සහ ඔහුගේ භාර්යාව දෙමාපියන්ට හොඳ ආදර්ශයක් වන්නේ කොහොමද? (විනි. 13:8; ගීතා. 127:3; එෆී. 6:4)

  2. විනිශ්චයකාරයෝ 14:5-9 සහ 15:9-16 කියවන්න.

    1. සම්සොන් සිංහයෙකුව මරා දැමීම, ඔහුව බැඳ තැබූ අලුත් ලණු කඩා දැමීම හා කොටළුවෙකුගේ හකු ඇටයකින් මිනිසුන් 1000ක් මරා දැමීම පිළිබඳ වාර්තාවලින් යෙහෝවගේ බලය ගැන හෙළි වන්නේ කුමක්ද?

    2. අද දින දෙවිගේ බලය අපට උපකාර කරන්නේ කොහොමද? (විනි. 14:6, 15:14; සෙක. 4:6; ක්‍රියා 4:31)

  3. විනිශ්චයකාරයෝ 16:18-31 කියවන්න.

    නරක ආශ්‍රය සම්සොන්ට බලපෑවේ කොහොමද? අපිට එයින් ඉගෙනගන්න පුළුවන් පාඩම කුමක්ද? (විනි. 16:18, 19; 1 කොරි. 15:33)

55වන කතන්දරය

පිරිමි ළමයෙක් දෙවිට සේවය කරයි

  1. මේ පින්තූරේ ඉන්න පිරිමි ළමයා කවුද? අනිත් අය කවුද?

  2. දවසක් හන්නා යෙහෝවාගේ මණ්ඩපයට ගිය වේලාවේ යාච්ඤා කරලා ඉල්ලුවේ මොනවාද? යෙහෝවා එයාගේ යාච්ඤාවට උත්තර දුන්නේ කොහොමද?

  3. යෙහෝවාගේ මණ්ඩපයේ සේවය කරන්න පටන්ගන්නකොට සාමුවෙල්ගේ වයස කීයද? අවුරුද්දකට වතාවක් සාමුවෙල්ගේ අම්මා එයාව බලන්න එනකොට ගෙනාවේ මොකක්ද?

  4. ඒලීගේ පුතුන් කවුද? ඒගොල්ලන් මොන වගේ අයද?

  5. යෙහෝවා සාමුවෙල්ට කතා කර කියන්නේ මොනවාද?

  6. සාමුවෙල් ලොකු වුණාට පස්සේ සේවය කරන්නේ කවුරුන් හැටියටද? ඔහු වයසට ගියාට පස්සේ මිනිස්සු ඔහුට කියන්නේ මොනවාද?

අමතර ප්‍රශ්න:

  1. 1 සාමුවෙල් 1:1-28 කියවන්න.

    1. සැබෑ නමස්කාරයේදී මූලිකත්වය ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්කානා පවුලේ මූලිකයන්ට තබන කදිම ආදර්ශය කුමක්ද? (1 සාමු. 1:3, 21; මතෙ. 6:33; ෆිලි. 1:10)

    2. අපි යම් දෙයක් නිසා දුක් වෙන අවස්ථාවලදී, ඒ සම්බන්ධයෙන් කළ යුතු දෙය ගැන හන්නාගේ ආදර්ශයෙන් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද? (1 සාමු. 1:10, 11; ගීතා. 55:22; රෝම 12:12)

  2. 1 සාමුවෙල් 2:11-36 කියවන්න.

    ඒලී යෙහෝවාට වඩා තමන්ගේ පුතුන්ට ගරු කළේ කොහොමද? මෙය අපට අනතුරු ඇඟවීමක් විය හැක්කේ කොහොමද? (1 සාමු. 2:22-24, 27, 29; ද්වි. 21:18-21; මතෙ. 10:36, 37)

  3. 1 සාමුවෙල් 4:16-18 කියවන්න.

    යුද්ධ පිටියෙන් ලැබුණු ආරංචියේ අඩංගු වූ දුක්දායක කාරණා හතර කුමක්ද? ඒ ආරංචිය ඇසීමෙන් ඒලීට සිදු වුණේ කුමක්ද?

  4. 1 සාමුවෙල් 8:4-9 කියවන්න.

    ඊශ්‍රායෙල්වරුන් යෙහෝවාව හුඟාක් වේදනාවට පත් කළේ කොහොමද? මේ කාලයේ අපිට ඔහුගේ රාජ්‍යයට පක්ෂපාතව සහයෝගය දිය හැක්කේ කොහොමද? (1 සාමු. 8:5, 7; යොහ. 17:16; යාකො. 4:4)

56වන කතන්දරය

සාවුල්—ඊශ්‍රායෙල්වරුන්ගේ පළවෙනි රජ

  1. මේ පින්තූරයේ පෙනෙන විදිහට සාමුවෙල් කරන්නේ මොනවාද? එයා එහෙම කරන්නේ ඇයි?

  2. යෙහෝවා සාවුල්ට කැමති ඇයි? සාවුල් මොන වගේ කෙනෙක්ද?

  3. සාවුල්ගේ පුතාගේ නම මොකක්ද? මේ පුතා මොනවාද කරන්නේ?

  4. සාවුල් සාමුවෙල් එනකං බලන් ඉන්නේ නැතුව පූජාවක් ඔප්පු කරන්නේ ඇයි?

  5. සාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

අමතර ප්‍රශ්න:

  1. 1 සාමුවෙල් 9:15-21 සහ 10:17-27 කියවන්න.

    ඇතැම් අය සාවුල්ව හෙළා දුටු අවස්ථාවේදී ඔහුගේ නිහතමානිකම නිසා ඔහු ක්‍රියා කළේ කොහොමද? (1 සාමු. 9:21; 10:21, 22, 27; හිතෝ. 17:27)

  2. 1 සාමුවෙල් 13:5-14 කියවන්න.

    ගිල්ගාල්හිදී සාවුල් කළ වරද කුමක්ද? (1 සාමු. 10:8; 13:8, 9, 13)

  3. 1 සාමුවෙල් 15:1-35 කියවන්න.

    1. අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් සම්බන්ධයෙන් සාවුල් කළ බරපතළ පාපය කුමක්ද? (1 සාමු. 15:2, 3, 8, 9, 22)

    2. තමා කළ දෙයෙහි වරදක් නැති බව පෙන්වන්නත් අන් අය මත වරද පටවන්නත් සාවුල් උත්සාහ කළේ කෙසේද? (1 සාමු. 15:24)

    3. යම් කෙනෙක් අපිට උපදෙස් දෙන විට ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාවුල්ගේ සිද්ධියෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (1 සාමු. 15:19-21; ගීතා. 141:5; හිතෝ. 9:8, 9; 11:2)

57වන කතන්දරය

දෙවි දාවිත්ව තෝරාගනී

  1. මේ පින්තූරයේ ඉන්න පිරිමි ළමයාගේ නම මොකක්ද? එයා නිර්භීත කෙනෙක් කියලා අපි දන්නේ කොහොමද?

  2. දාවිත් ජීවත් වෙන්නේ කොහේද? එයාගේ තාත්තාගේ සහ සීයාගේ නම් මොනවාද?

  3. බෙත්ලෙහෙමේ යෙස්සේගේ ගෙදරට යන්න කියා යෙහෝවා සාමුවෙල්ට කියන්නේ ඇයි?

  4. යෙස්සේ ඔහුගේ පුතුන් හත්දෙනෙකුව සාමුවෙල් ළඟට ගෙනාවට පස්සේ මොකක්ද වෙන්නේ?

  5. දාවිත්ව ගෙනාවට පස්සේ යෙහෝවා සාමුවෙල්ට කියන්නේ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. 1 සාමුවෙල් 17:34, 35 කියවන්න.

    දාවිත් නිර්භීත මෙන්ම යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබූ පුද්ගලයෙකු බව මෙම බයිබල් පදවල සඳහන් සිද්ධීන්වලින් පෙනී යන්නේ කොහොමද? (1 සාමු. 17:37)

  2. 1 සාමුවෙල් 16:1-14 කියවන්න.

    1. කාගෙවත් පැති නොගැනීමටත් බාහිර පෙනුම දෙස බලා අන් අයට වෙනස් ලෙස නොසැලකීමටත් 1 සාමුවෙල් 16:7හි සඳහන් යෙහෝවා පැවසූ වදන් අපට උපකාරවත් වන්නේ කොහොමද? (ක්‍රියා 10:34, 35; 1 තිමෝ. 2:4)

    2. යෙහෝවා තම බලය යම් කෙනෙකුගෙන් ඉවත් කළ පසු ඒ තැනැත්තා වෙනත් බලයකට යටත් වන බව, එනම් වැරදි දේවල් කිරීමේ දැඩි බලපෑමකට ලක් වන බව සාවුල්ට සිදු වූ දෙයින් පෙනී යන්නේ කොහොමද? (1 සාමු. 16:14; මතෙ. 12:43-45; ගලා. 5:16)

58වන කතන්දරය

දාවිත් සහ ගොලියත්

  1. ගොලියත් ඊශ්‍රායෙල් හමුදාවට කරන අභියෝගය කුමක්ද?

  2. ගොලියත් කොයිතරම් උස මහත මිනිසෙක්ද? ගොලියත්ව මරා දමන කෙනාට සාවුල් දෙන්න පොරොන්දු වෙන්නේ මොනවාද?

  3. දාවිත් තාම දරුවෙක් හින්දා ගොලියත් එක්ක සටන් කරන්න ඔහුට බැහැයි කියලා සාවුල් කියනවා. ඒ වේලාවේදී දාවිත් මොනවාද කියන්නේ?

  4. දාවිත් යෙහෝවා දෙවි කෙරෙහි මහත් විශ්වාසයක් තබා තිබෙනවා කියා එයා ගොලියත්ට දෙන උත්තරයෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

  5. මේ පින්තූරයේ පෙනෙන විදිහට දාවිත් ගොලියත්ව මරා දමන්නේ කොහොමද? ගොලියත්ව මැරුවාට පස්සේ පිලිස්තිවරුන්ට මොකද වෙන්නේ?

අමතර ප්‍රශ්න:

  1. 1 සාමුවෙල් 17:1-54 කියවන්න.

    1. දාවිත්ගේ නිර්භීතකමට හේතුව කුමක්ද? දාවිත් වගේ අපටත් නිර්භීතකම පෙන්වන්න පුළුවන් කොහොමද? (1 සාමු. 17:37, 45; එෆී. 6:10, 11)

    2. ක්‍රිස්තියානීන් යම් ක්‍රීඩාවල හවුල් වෙද්දී හෝ විනෝදය සඳහා යම් දේවල් කරද්දී ගොලියත්ට තිබූ තරඟකාරී ආකල්පයෙන් වැළකී සිටිය යුත්තේ ඇයි? (1 සාමු. 17:8; ගලා. 5:26; 1 තිමෝ. 4:8)

    3. දෙවි සපයන උපකාරය ගැන දාවිත්ට දැඩි විශ්වාසයක් තිබූ බව ඔහුගේ වචනවලින් පැහැදිලි වෙන්නේ කොහොමද? (1 සාමු. 17:45-47; 2 ලේක. 20:15)

    4. මේ වාර්තාවේ විස්තර කරන්නේ ප්‍රතිවිරුද්ධ හමුදා දෙකක් ගැන වුණත් ඇත්තෙන්ම සටන සිදු වුණේ බොරු දෙවිවරුන් සහ සැබෑ දෙවි වන යෙහෝවා අතර බව පෙනී යන්නේ කොහොමද? (1 සාමු. 17:43, 46, 47)

    5. යෙහෝවා දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් දාවිත්ගේ ආදර්ශය අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි අය අනුකරණය කරන්නේ කොහොමද? (1 සාමු. 17:37; යෙරෙ. 1:17-19; එළි. 12:17)

59වන කතන්දරය

දාවිත්ට පලා යන්න අවශ්‍ය වුණ හේතුව

  1. සාවුල් දාවිත්ට ඊර්ෂ්‍යා කරන්නේ ඇයි? ඒත් සාවුල්ගේ පුතා වන යොනාතාන් දාවිත්ට සලකන්නේ කොහොමද?

  2. දවසක් දාවිත් සාවුල්ගේ කාමරයේ ඉඳන් වීණාව වාදනය කරනකොට සිද්ධ වෙන්නේ මොකක්ද?

  3. තමන්ගේ දුව වන මීඛල්ව විවාහ කරගන්න කලින් දාවිත් කුමක් කළ යුතුයි කියාද සාවුල් පවසන්නේ? සාවුල් ඒ වගේ දෙයක් කියන්නේ ඇයි?

  4. මේ පින්තූරේ පෙනෙන විදිහට, දාවිත් වීණාව වාදනය කරනකොට තුන්වෙනි වතාවටත් සිද්ධ වෙන්නේ මොකක්ද?

  5. දාවිත්ගේ ජීවිතය ගලවාගන්න මීඛල් උදව් කරන්නේ කොහොමද? ඊට පස්සේ අවුරුදු හතක් විතර දාවිත් කරන්නේ මොනවාද?

අමතර ප්‍රශ්න:

  1. 1 සාමුවෙල් 18:1-30 කියවන්න.

    1. යොනාතාන් තමන්ගේ ජීවිතයට මෙන් දාවිත්ට ප්‍රේම කළා. මින් “වෙනත් බැටළුවන්” සහ “කුඩා රැළ” අතර තිබෙන ප්‍රේමය ගැන කලින්ම ඇඟවූයේ කුමක්ද? (1 සාමු. 18:1; යොහ. 10:16; ලූක් 12:32; සෙක. 8:23)

    2. සාවුල්ගේ උරුමක්කරුවා යොනාතාන් වුණත් රජු ලෙස තෝරාගෙන තිබූ තැනැත්තා වන දාවිත්ට කිසිවෙකු නොදැක්වූ ආකාරයේ යටත්කමක් යොනාතාන් පෙන්වූ බව 1 සාමුවෙල් 18:4හි සඳහන් වචනවලින් පැහැදිලි වන්නේ කොහොමද?

    3. ඊර්ෂ්‍යාව බරපතළ පාපවලට හේතු විය හැකි බව සාවුල් හැසිරුණු ආකාරයෙන් පෙනී යන්නේ කොහොමද? මෙයින් අපට දෙන අනතුරු ඇඟවීම කුමක්ද? (1 සාමු. 18:7-9, 25; යාකො. 3:14-16)

  2. 1 සාමුවෙල් 19:1-17 කියවන්න.

    යොනාතාන් සාවුල්ව හමු වූ අවස්ථාවේදී ජීවිතය පරදුවට තබා දාවිත්ගේ පැත්ත ගෙන කතා කළ බව ඔහු පැවසූ වචනවලින් පෙනී යන්නේ කොහොමද? (1 සාමු. 19:1, 4-6; හිතෝ. 16:14)

60වන කතන්දරය

අබීගායිල් හා දාවිත්

  1. මේ පින්තූරේ පෙනෙන විදිහට දාවිත්ව හමු වෙන්න එන ස්ත්‍රියගේ නම මොකක්ද? ඇය මොන වගේ කෙනෙක්ද?

  2. නාබල් කියන්නේ කවුද?

  3. දාවිත් නාබල්ගෙන් උදව්වක් ඉල්ලීම සඳහා එයාගේ මිනිස්සු කණ්ඩායමක්ව යවන්නේ ඇයි?

  4. නාබල් දාවිත්ගේ මිනිසුන්ට කියන්නේ මොනවාද? දාවිත් මොනවාද කරන්න ලෑස්ති වෙන්නේ?

  5. අබීගායිල් නුවණ ඇති ස්ත්‍රියක් කියලා කියන්න පුළුවන් ඇයි?

අමතර ප්‍රශ්න:

  1. . 1 සාමුවෙල් 22:1-4 කියවන්න.

    අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට අවශ්‍ය අවස්ථාවලදී උපකාර කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දාවිත්ගේ පවුලේ අය කදිම ආදර්ශයක් සපයන්නේ කොහොමද? (හිතෝ. 17:17; 1 තෙස. 5:14)

  2. 1 සාමුවෙල් 25:1-43 කියවන්න.

    1. අන් අයට කිසිම ගරු සරුවක් නොදැක්වූ පුද්ගලයෙකු ලෙස නාබල්ව විස්තර කර තිබෙන්නේ ඇයි? (1 සාමු. 25:2-5, 10, 14, 21, 25)

    2. මේ කාලයේ සිටින ක්‍රිස්තියානි භාර්යාවන්ට අබීගායිල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (1 සාමු. 25:32, 33; හිතෝ. 31:26; එෆී. 5:24)

    3. අපරාධ දෙකක් කිරීමෙන් අබීගායිල් දාවිත්ව වැළැක්වුවා. ඒ අපරාධ දෙක කුමක්ද? (1 සාමු. 25:31, 33; රෝම 12:19; එෆී. 4:26)

    4. අබීගායිල් පැවසූ දෙයට දාවිත් ප්‍රතිචාරය දැක්වූ ආකාරයෙන් යෙහෝවා ස්ත්‍රීන්ට සලකන ආකාරය තේරුම්ගත හැකියි. මේ කාලයේ සිටින පුරුෂයන්ට එයින් ඉගෙනගත හැක්කේ කුමක්ද? (ක්‍රියා 21:8, 9; රෝම 2:11; 1 පේතෘ. 3:7)

61වන කතන්දරය

දාවිත්ව රජකමට පත් කරයි

  1. සාවුල් එයාගේ කඳවුරේ නිදාගෙන ඉන්නකොට දාවිත් සහ අබිෂයි මොනවාද කළේ?

  2. දාවිත් සාවුල්ගෙන් අහන ප්‍රශ්න මොනවාද?

  3. සාවුල් ගියාට පස්සේ දාවිත් යන්නේ කොහේද?

  4. දාවිත් හුඟාක් දුක් වෙන්නේ ඇයි?

  5. දාවිත් හෙබ්‍රොන්වල රජ වෙද්දී එයාගේ වයස කීයද? එයාගේ පුතාලා කිහිපදෙනෙකුගේ නම් මොනවාද?

  6. දාවිත් පස්සේ කාලෙක රජ හැටියට පාලනය කරන්නේ කොහේ සිටද?

අමතර ප්‍රශ්න:

  1. 1 සාමුවෙල් 26:1-25 කියවන්න.

    1. පළමුවන සාමුවෙල් 26:11හි සඳහන් දාවිත් පැවසූ වදන්වලින් දෙවිගේ විධිවිධානය ගැන ඔහුට තිබූ ආකල්පය ගැන හෙළි වන්නේ කුමක්ද? (ගීතා. 37:7; රෝම 13:2)

    2. අපි යම් අයට ප්‍රේමණීය කරුණාව පෙන්වන්න අවංක උත්සාහයක් දැරුවත් ඒ අයගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැති අවස්ථා තිබෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී නිසි ආකල්පයක් ඇතිව සිටීමට 1 සාමුවෙල් 26:23හි සඳහන් දාවිත් පැවසූ වදන් අපට උපකාරවත් විය හැක්කේ කොහොමද? (1 රාජා. 8:32; ගීතා. 18:20)

  2. 2 සාමුවෙල් 1:26 කියවන්න.

    දාවිත් සහ යොනාතාන් අතරේ තිබුණා වගේ, “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක්” ඇති කරගන්න අද දින සිටින ක්‍රිස්තියානීන්ට හැක්කේ කොහොමද? (1 පේතෘ. 4:8; කොලො. 3:14; 1 යොහ. 4:12)

  3. 2 සාමුවෙල් 5:1-10 කියවන්න.

    1. දාවිත් කොතරම් කාලයක් රජකම් කළාද? ඔහුගේ පාලන කාලය බෙදා වෙන් කර තිබෙන්නේ කොහොමද? (2 සාමු. 5:4, 5)

    2. දාවිත් උතුම් රජෙකු බවට පත්වීමට ප්‍රධානම හේතුව කුමක්ද? එය අද අපට කුමක් මතක තබාගැනීමට උපකාරවත් විය යුතුද? (2 සාමු. 5:10; 1 සාමු. 16:13; 1 කොරි. 1:31; ෆිලි. 4:13)

62වන කතන්දරය

දාවිත්ගේ පවුලේ කරදර

  1. යෙහෝවාගේ උපකාරය නිසා ඊශ්‍රායෙල්වරුන්ට අයිති වන්නේ කුමක්ද?

  2. දවසක්දා හවස් වරුවේ දාවිත් රජ මාලිගාවේ උඩ තට්ටුවේ ඉන්න විට සිද්ධ වෙන්නේ මොකක්ද?

  3. යෙහෝවාට දාවිත් එක්ක හුඟාක් තරහ යන්නේ ඇයි?

  4. මේ පින්තූරේ පෙනෙන විදිහට දාවිත්ට එයාගේ පාප ගැන කියා දෙන්න යෙහෝවා යවන්නේ කාවද? දාවිත්ට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල් ගැන ඒ මිනිසා කියන්නේ මොනවාද?

  5. දාවිත්ට මුහුණ දෙන්න සිද්ධ වෙන කරදර මොනවාද?

  6. දාවිත්ට පස්සේ ඊශ්‍රායෙලයේ රජ වෙන්නේ කවුද?

අමතර ප්‍රශ්න:

  1. 2 සාමුවෙල් 11:1-27 කියවන්න.

    1. යෙහෝවාගේ සේවයේ කාර්යබහුලව සිටීම අපිට ආරක්ෂාවක් වන්නේ කොහොමද?

    2. දාවිත් පාපයට වැටුණේ කොහොමද? මේ කාලයේ සිටින යෙහෝවාගේ සේවකයන්ට එයින් සපයන අනතුරු ඇඟවීම කුමක්ද? (2 සාමු. 11:2; මතෙ. 5:27-29; 1 කොරි. 10:12; යාකො. 1:14, 15)

  2. 2 සාමුවෙල් 12:1-18 කියවන්න.

    1. නාතාන් දාවිත්ට උපදෙස් දුන් ආකාරයෙන් වැඩිමහල්ලන්ට හා දෙමාපියන්ට ඉගෙගන්න පුළුවන් මොනවාද? (2 සාමු. 12:1-4; හිතෝ. 12:18; මතෙ. 13:34)

    2. යෙහෝවා දාවිත්ට දයාව පෙන්නුවේ ඇයි? (2 සාමු. 12:13; ගීතා. 32:5; 2 කොරි. 7:9, 10)

63වන කතන්දරය

නුවණ ඇති සාලමොන් රජ

  1. යෙහෝවා සාලමොන්ගෙන් අහන්නේ මොකක්ද? සාලමොන් දෙන උත්තරය කුමක්ද?

  2. සාලමොන් ඉල්ලූ දේ ගැන යෙහෝවා සන්තෝෂ වී ඔහුට තවත් දෙන්න පොරොන්දු වෙන්නේ මොනවාද?

  3. ස්ත්‍රීන් දෙන්නෙක් සාලමොන් ළඟට ගෙනෙන විසඳන්න අමාරු ප්‍රශ්නය මොකක්ද?

  4. මේ පින්තූරේ පෙනෙන විදිහට සාලමොන් මේ අමාරු ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?

  5. සාලමොන්ගේ පාලන කාලේදී මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? ඒකට හේතුව මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. 1 රාජාවලිය 3:3-28 කියවන්න.

    1. දෙවිගේ සංවිධානය තුළ වගකීම් පවරනු ලබන පුරුෂයන්ට 1 රාජාවලිය 3:7හි සාලමොන් පැවසූ වචනවලින් ඉගෙනගන්න පුළුවන් කුමක්ද? (ගීතා. 119:105; හිතෝ. 3:5, 6)

    2. අප යාච්ඤා කළ යුතු කාරණා සම්බන්ධයෙන් සාලමොන්ගේ යාච්ඤාව අපට ආදර්ශයක් වන්නේ කෙසේද? (1 රාජා. 3:9, 11; හිතෝ. 30:8, 9; 1 යොහ. 5:14)

    3. සාලමොන් ස්ත්‍රීන් දෙදෙනෙක් අතර ඇති වූ ආරවුල විසඳූ ආකාරයෙන් අනාගතයේදී උතුම් සාලමොන් වන යේසුස් කරන පාලනය ගැන අපට තැබිය හැකි විශ්වාසය කුමක්ද? (1 රාජා. 3:28; යෙසා. 9:6, 7; 11:2-4)

  2. 1 රාජාවලිය 4:29-34 කියවන්න.

    1. තමන්ට කීකරු සිතක් ලබා දෙන මෙන් සාලමොන් කළ ඉල්ලීමට යෙහෝවා උත්තර දුන්නේ කොහොමද? (1 රාජා. 4:29)

    2. සාලමොන්ගේ ප්‍රඥාව ගැන ඇසීමට මිනිසුන් බොහෝ දුරක් ගෙවා පැමිණියා. මේ ගැන සිතද්දී අපිට දෙවිගේ වචනය අධ්‍යයනය කිරීම ගැන තිබිය යුතු ආකල්පය කුමක්ද? (1 රාජා. 4:29, 34; යොහ. 17:3; 2 තිමෝ. 3:16)

64වන කතන්දරය

සාලමොන් දේවමාලිගාව ගොඩනඟයි

  1. යෙහෝවාගේ මාලිගාව ගොඩනඟන්න සාලමොන්ට කොච්චර කාලයක් ගත වෙනවාද? ඒකට මුදල් ගොඩක් වියදම් වෙන්නේ ඇයි?

  2. දේවමාලිගාවේ ප්‍රධාන කාමර කීයක් තියෙනවාද? ඇතුල් කාමරයේ තබන්නේ මොකක්ද?

  3. දේවමාලිගාව ගොඩනඟලා ඉවර වුණාට පස්සේ සාලමොන් යෙහෝවාට කරන යාච්ඤාවේදී කියන්නේ මොනවාද?

  4. සාලමොන්ගේ යාච්ඤාව ගැන යෙහෝවා සන්තෝෂ වෙනවා කියා පෙන්වන්නේ කොහොමද?

  5. සාලමොන්ගේ භාර්යාවන් එයාව පොලඹවාගන්නේ කුමකටද? මෙහෙම කරන්න පටන්ගත්තාට පස්සේ සාලමොන්ට සිද්ධ වෙන්නේ මොකක්ද?

  6. යෙහෝවාට සාලමොන් එක්ක කේන්ති යන්නේ ඇයි? යෙහෝවා එයාට කියන්නේ මොනවාද?

අමතර ප්‍රශ්න:

  1. 1 ලේකම් 28:9, 10 කියවන්න.

    පළමුවන ලේකම් 28:9, 10හි සඳහන් දාවිත් පැවසූ වචන සලකා බලද්දී අපි සෑම දවසකම උත්සාහ කළ යුත්තේ කුමක් කරන්නද? (ගීතා. 19:14; ෆිලි. 4:8, 9)

  2. 2 ලේකම් 6:12-21, 32-42 කියවන්න.

    1. මහෝත්තම දෙවි මිනිසුන් විසින් සාදා තිබෙන කිසිම ගොඩනැඟිල්ලක වාසය නොකරන බව සාලමොන් පෙන්වා දුන්නේ කොහොමද? (2 ලේක. 6:18; ක්‍රියා 17:24, 25)

    2. දෙවන ලේකම් 6:32, 33හි සඳහන් සාලමොන් පැවසූ වචනවලින් යෙහෝවා ගැන කියන්නේ කුමක්ද? (ක්‍රියා 10:34, 35; ගලා. 2:6)

  3. 2 ලේකම් 7:1-5 කියවන්න.

    ඊශ්‍රායෙල්වරුන් යෙහෝවාගේ තේජස දුටු විට ඔහුට ප්‍රශංසා කිරීමට පෙලඹුණා වගේ යෙහෝවා ඔහුගේ සෙනඟට කර තිබෙන ආශීර්වාද ගැන සිතන විට අපිත් පෙලඹිය යුත්තේ කුමක් කරන්නද? (2 ලේක. 7:3; ගීතා. 22:22; 34:1; 96:2)

  4. 1 රාජාවලිය 11:9-13 කියවන්න.

    අවසානය දක්වාම විශ්වාසවන්තව සිටීමේ අවශ්‍යතාව සාලමොන්ගේ ජීවිතයෙන් පෙනී යන්නේ කොහොමද? (1 රාජා. 11:4, 9; මතෙ. 10:22; එළි. 2:10)

65වන කතන්දරය

රාජ්‍යය බෙදා වෙන් කිරීම

  1. මේ පින්තුරේ ඉන්න මිනිසුන් දෙන්නාගේ නම් මොනවාද? ඔවුන් කවුද?

  2. අහියා එයා ඇඳගෙන ඉන්න සළුවට මොකද කරන්නේ? ඇයි ඔහු ඒ වගේ දෙයක් කරන්නේ?

  3. සාලමොන් යෙරොබොවම්ට කරන්න හදන්නේ මොනවාද?

  4. මිනිස්සු යෙරොබොවම්ව ගෝත්‍ර දහයක රජ හැටියට පත් කරගන්නේ ඇයි?

  5. යෙරොබොවම් රන් වස්සන් දෙන්නෙක් හදන්නේ ඇයි? වැඩි කාලයක් යන්න කලින් මුළු දේශයටම සිද්ධ වෙන්නේ මොකක්ද?

  6. ගෝත්‍ර දෙකක් අයිති රාජ්‍යයටත් යෙරුසලමේ තියෙන යෙහෝවාගේ මාලිගාවටත් සිද්ධ වෙන්නේ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. 1 රාජාවලිය 11:26-43 කියවන්න.

    යෙරොබොවම් කියන්නේ මොන වගේ කෙනෙක්ද? ඔහු දෙවිගේ නීති පිළිපැද්දා නම් යෙහෝවා ඔහුට දෙන්න පොරොන්දු වුණේ කුමක්ද? (1 රාජා. 11:28, 38)

  2. 1 රාජාවලිය 12:1-33 කියවන්න.

    1. තමන්ට ලැබී තිබෙන බලතල වැරදි විදිහට පාවිච්චි කිරීම සම්බන්ධයෙන් දෙමාපියන්ට හා වැඩිමහල්ලන්ට රෙහොබොවම්ගේ නරක ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (1 රාජා. 12:13; දේශ. 7:7; 1 පේතෘ. 5:2, 3)

    2. බරපතළ තීරණ ගන්න විට අද සිටින තරුණයන් විශ්වාසවන්ත මඟ පෙන්වීම් පතා යා යුත්තේ කා වෙතටද? (1 රාජා. 12:6, 7; හිතෝ. 1:8, 9; 2 තිමෝ. 3:16, 17; හෙබ්‍රෙ. 13:7)

    3. යෙරොබොවම් වසු නමස්කාරය සඳහා මධ්‍යස්ථාන දෙකක් ඉදි කරන්න පෙලඹුණේ ඇයි? යෙහෝවා කෙරෙහි තිබූ ඔහුගේ ඇදහිල්ල සෑහෙන්න පිරිහී ගොස් තිබූ බව එයින් පැහැදිලි වුණේ කොහොමද? (1 රාජා. 11:37; 12:26-28)

    4. සැබෑ නමස්කාරයට විරුද්ධව ක්‍රියා කිරීමට දස ගෝත්‍රයේ මිනිසුන්ව පෙලඹුවේ කවුද? (1 රාජා. 12:32, 33)

66වන පාඩම

යෙසෙබෙල්–නපුරු බිසවක්

  1. යෙසෙබෙල් කියන්නේ කවුද?

  2. දවසක්දා ආහබ් දුකෙන් හිටියේ ඇයි?

  3. යෙසෙබෙල් නාබොත්ගේ මිදි වත්ත තමන්ගේ ස්වාමිපුරුෂයා වන ආහබ්ට ලබා දෙන්න මොනවාද කරන්නේ?

  4. යෙසෙබෙල්ට දඬුවම් කරන්න යෙහෝවා යවන්නේ කාවද?

  5. මේ පින්තූරේ පෙනෙන විදිහට යේහු යෙසෙබෙල්ගේ මාලිගාවට ආවට පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. 1 රාජාවලිය 16:29-33 සහ 18:3, 4 කියවන්න.

    ආහබ් රජගේ පාලන කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ තිබුණේ මොන තරම් නරක තත්වයක්ද? (1 රාජා. 16:33)

  2. 1 රාජාවලිය 21:1-16 කියවන්න.

    1. නාබොත් නිර්භීතකම සහ යෙහෝවාට තිබෙන ඔහුගේ පක්ෂපාතකම පෙන්වූයේ කොහොමද? (1 රාජා. 21:1-3; ලෙවී. 25:23-28)

    2. බලාපොරොත්තු කඩවීම්වලට මුහුණ දෙන විට ආහබ් මෙන් නොවී අපි ක්‍රියා කළ යුත්තේ කෙසේද? (1 රාජා. 21:4; රෝම 5:3-5)

  3. 2 රාජාවලිය 9:30-37 කියවන්න.

    යෙහෝවාගේ කැමැත්ත කිරීමේදී යේහු දැක්වූ උද්‍යෝගයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (2 රාජා. 9:4-10; 2 කොරි. 9:1, 2; 2 තිමෝ. 4:2)

67වන කතන්දරය

යෙහෝෂාපාට් යෙහෝවාව විශ්වාස කරයි

  1. යෙහෝෂාපාට් කියන්නේ කවුද? එයා ජීවත් වුණේ කොයි කාලේද?

  2. ඊශ්‍රායෙල්වරුන් භයෙන් ඉන්නේ ඇයි? ඔවුන් හුඟදෙනෙක් මොනවාද කරන්නේ?

  3. යෙහෝෂාපාට් කරපු යාච්ඤාවට යෙහෝවා උත්තර දෙන්නේ කොහොමද?

  4. යුද්ධය පටන්ගන්න කලින් යෙහෝවා කරන්නේ මොනවාද?

  5. යෙහෝෂාපාට්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. 2 ලේකම් 20:1-30 කියවන්න.

    1. දෙවිගේ සේවකයන්ට යම් තර්ජන එල්ල වන අවස්ථාවලදී ඔවුන් කළ යුතු දෙය සම්බන්ධයෙන් යෙහෝෂාට්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? (2 ලේක. 20:12; ගීතා. 25:15; 62:1)

    2. යෙහෝවා ඔහුගේ සෙනඟ සමඟ කටයුතු කරන සෑම කාලයකදීම ඔවුන්ට මඟ පෙන්වීම සඳහා සමහර අයව යොදාගෙන තිබෙනවා. මේ කාලයේදී ඔහු සිය සෙනඟට මඟ පෙන්වීම සඳහා යොදාගන්නේ කාවද? (2 ලේක. 20:14, 15; මතෙ. 24:45-47; යොහ. 15:15)

    3. “සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධය” ඔහු පටන්ගන්න කාලයේදී අප ක්‍රියා කළ යුතු ආකාරය යෙහෝෂාපාට් ක්‍රියා කළ ආකාරයට සමාන විය යුත්තේ කොහොමද? (2 ලේක. 20:15, 17; 32:8; එළි. 16:14, 16)

    4. පුරෝගාමීන් හා මිෂනාරිවරුන් ලෙවීවරුන්ගේ ආදර්ශය අනුගමනය කරමින් ලෝක ව්‍යාප්තව සිදු කරනු ලබන දේශනා කිරීමේ කාර්යයට හවුල් වන්නේ කොහොමද? (2 ලේක. 20:19, 21; රෝම 10:13-15; 2 තිමෝ. 4:2)

68වන කතන්දරය

නැවත නැඟිට්ට පිරිමි ළමයි දෙන්නෙක්

  1. මේ පින්තූරේ ඉන්න තුන්දෙනා කවුද? පිරිමි ළමයාට මොකද වෙන්නේ?

  2. මැරුණු ළමයා වෙනුවෙන් එලියා යාච්ඤා කරන්නේ කොහොමද? ඊට පස්සේ ළමයාට මොකද වෙන්නේ?

  3. එලියාගේ වැඩවලට උදව් කරන්නේ කවුද?

  4. ෂුනෙම්හි ස්ත්‍රියක් එලිෂාව ඇගේ ගෙදරට එක්කගෙන එන්නේ ඇයි?

  5. එලිෂා කරන්නේ මොනවාද? මැරුණ ළමයාට මොකක්ද වෙන්නේ?

  6. එලියා හා එලිෂා කළ දේවලින් යෙහෝවාට තියෙන බලය ගැන කියන්න පුළුවන් මොනවද?

අමතර ප්‍රශ්න:

  1. 1 රාජාවලිය 17:8-24 කියවන්න.

    1. එලියාගේ කීකරුකම හා ඇදහිල්ල පරීක්ෂණයට ලක් වුණේ කොහොමද? (1 රාජා. 17:9; 19:1-4, 10)

    2. සාරෙෆෙත්හි වැන්දඹුවට ශක්තිමත් ඇදහිල්ලක් තිබුණා කියා කිව හැක්කේ ඇයි? (1 රාජා. 17:12-16; ලූක් 4:25, 26)

    3. සාරෙෆෙත්හි වැන්දඹුව අද්දුටු දෙය මගින් මතෙව් 10:41, 42හි සඳහන් යේසුස්ගේ වදන්වල සත්‍යතාව තහවුරු වන්නේ කොහොමද? (1 රාජා. 17:10-12, 17, 23, 24)

  2. 2 රාජාවලිය 4:8-37 කියවන්න.

    1. ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් අපට ෂුනෙම්හි ස්ත්‍රියගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (2 රාජා. 4:8; ලූක් 6:38; රෝම 12:13; 1 යොහ. 3:17)

    2. මේ කාලයේ සිටින දෙවිගේ සේවකයන්ට කරුණාව පෙන්වන්න අපට හැක්කේ කුමන ආකාරවලින්ද? (ක්‍රියා 20:35; 28:1, 2; ගලා. 6:9, 10; හෙබ්‍රෙ. 6:10)

69වන කතන්දරය

දැරියක් බලවත් මිනිසෙකුට උදව් කරයි

  1. මේ පින්තූරේ පෙනෙන විදිහට මේ ගෑනු ළමයා ස්ත්‍රියට මොනවාද කියන්නේ?

  2. මේ පින්තූරේ ඉන්න ස්ත්‍රිය කවුද? මේ ගෑනු ළමයා ඒ ස්ත්‍රියගේ ගෙදර මොනවාද කරන්නේ?

  3. නාමන්ට කියන්න කියලා එලිෂා එයාගේ සේවකයාට කියන්නේ මොනවාද? නාමන්ට තරහ යන්නේ ඇයි?

  4. නාමන් එයාගේ සේවකයෙක් කියන දෙයට ඇහුම්කන් දුන්නාට පස්සේ මොකක්ද වෙන්නේ?

  5. එලිෂා නාමන් දුන්න තෑග්ග එපා කියලා කියන්නේ ඇයි? ඒ වුණාට ගෙහාසී කරන්නේ මොනවාද?

  6. ගෙහාසීට මොකද වෙන්නේ? අපිට මේකෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. 2 රාජාවලිය 5:1-27 කියවන්න.

    1. ඊශ්‍රායෙල් ජාතික ගෑනු ළමයාගේ ආදර්ශය අද ඉන්න දරුවන්ට දිරිගැන්වීමක් වන්නේ කොහොමද? (2 රාජා. 5:3; ගීතා. 8:2; 148:12, 13)

    2. අපිට ශුද්ධ ලියවිල්ලෙන් යම් උපදෙස් ලැබෙන විට නාමන්ගේ ආදර්ශය අපි මතක තබාගැනීම ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි? (2 රාජා. 5:15; හෙබ්‍රෙ. 12:5, 6; යාකො. 4:6)

    3. එලිෂා සහ ගෙහාසීගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද? (2 රාජා. 5:9, 10, 14-16, 20; මතෙ. 10:8; ක්‍රියා 5:1-5; 2 කොරි. 2:17)

70වන කතන්දරය

යෝනා සහ ලොකු මාළුවා

  1. යෝනා කියන්නේ කවුද? යෙහෝවා එයාට මොනවා කරන්න කියලාද කියන්නේ?

  2. යෙහෝවා යන්න කියන ප්‍රදේශයට යන්න යෝනා කැමති නැති නිසා ඔහු මොනවාද කරන්නේ?

  3. කුණාටුව නතර කිරීම සඳහා මොනවා කරන්න කියලාද යෝනා නැවියන්ට කියන්නේ?

  4. මේ පින්තූරේ පෙනෙන විදිහට යෝනා මුහුදේ ගිලෙනකොට ඔහුට මොකද වෙන්නේ?

  5. යෝනා දවස් කීයක් මාළුවාගේ බඩේ ඉන්නවාද? මාළුවාගේ බඩේ ඉඳන් යෝනා කරන්නේ මොනවාද?

  6. යෝනාව ගිලගත් ලොකු මාළුවා එයාව වෙරළට වමනය කළාට පස්සේ යෝනා යන්නේ කොහේටද? මේකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. යෝනා 1:1-17 කියවන්න.

    නිනිවයට ගොස් දේශනා කරන්න කියා දෙවි දුන් පැවරුම ගැන යෝනාට හැඟෙන්න ඇත්තේ කොහොමද? (යෝනා 1:2, 3; හිතෝ. 3:7; දේශ. 8:12)

  2. යෝනා 2:1, 2, 10 කියවන්න.

    යෙහෝවා අපේ යාච්ඤාවලට උත්තර දෙන බවට ස්ථිර විශ්වාසයක් ඇතුව සිටින්න යෝනාගේ අද්දැකීම අපිට උපකාරවත් වන්නේ කොහොමද? (ගීතා. 22:24; 34:6; 1 යොහ. 5:14)

  3. යෝනා 3:1-10 කියවන්න.

    1. යෝනා ඔහුගේ පැවරුම ඉටු කරන්න මුලදී අසමත් වුණත් යෙහෝවා දිගටම ඔහුව තම සේවය සඳහා යොදාගත්තා. මෙයින් අපට ලබන්න පුළුවන් දිරිගැන්වීම කුමක්ද? (ගීතා. 103:14; 1 පේතෘ. 5:10)

    2. අපේ බලප්‍රදේශයේ සිටින ජනයා ගැන කලින් නිගමනවලට පැමිණීමෙන් වැළකී සිටීම සඳහා යෝනාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් කුමක්ද? (යෝනා 3:6-9; දේශ. 11:6; ක්‍රියා 13:48)

71වන කතන්දරය

දෙවි පාරාදීසයක් ගේන්න පොරොන්දු වෙයි

  1. යෙසායා කියන්නේ කවුද? එයා ජීවත් වුණේ කොයි කාලේද? යෙහෝවා යෙසායාට පෙන්නුවේ මොකක්ද?

  2. “පාරාදීසය” කියන වචනයේ තේරුම මොකක්ද? ඒ වචනය ඇසෙද්දී ඔයාට මතක් වෙන්නේ මොකක්ද?

  3. අලුත් පාරාදීසය ගැන යෙහෝවා යෙසායාට ලියන්න කිව්වේ මොන වගේ විස්තරයක්ද?

  4. ආදම් සහ ඒවට පාරාදීසයේ සැමදාම ජීවත් වෙන්න බැරි වුණේ ඇයි?

  5. යෙහෝවා ඔහුට ආදරේ කරන අයට දෙන්න පොරොන්දු වෙන්නේ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. යෙසායා 11:6-9 කියවන්න.

    1. නව ලොවේදී මිනිසුන් සහ සතුන් ජීවත් වෙන ආකාරය දේවවචනයේ විස්තර කරන්නේ කොහොමද? (ගීතා. 148:10, 13; යෙසා. 65:25; එස. 34:25)

    2. යෙසායා පැවසූ වචන අද දෙවිගේ සෙනඟ අතර යම් ආකාරයකින් ඉටු වෙනවා. ඒ කොහොමද? (රෝම 12:2; එෆී. 4:23, 24)

    3. මේ කාලයේදීත් නව ලොවේදීත් මිනිසුන්ව යහපත් අය බවට පත් කිරීම ගැන ප්‍රශංසාව හිමි විය යුත්තේ කාටද? (යෙසා. 48:17, 18; ගලා. 5:22, 23; ෆිලි. 4:7)

  2. එළිදරව් 21:3, 4 කියවන්න.

    1. දෙවි මිනිසුන් සමඟ වාසය කරනවා කියද්දී එයින් යමක් සංකේතවත් කරන බව ශුද්ධ ලියවිල්ලේ පෙන්වා දී තිබෙන්නේ කොහොමද? (ලෙවී. 26:11, 12; 2 ලේක. 6:18; යෙසා. 66:1; එළි. 21:2, 3, 22-24)

    2. දෙවිගේ නව ලොවේදී නැති කරනු ලබන වේදනාවලට අයත් වන්නේ මොනවාද? (ලූක් 8:49-52; රෝම 8:21, 22; එළි. 21:4)

72වන කතන්දරය

දෙවි හෙසකියා රජුට උදව් කරයි

  1. මේ පින්තූරයේ ඉන්න රජ කවුද? එයා ලොකු කරදරයකට වැටිලා ඉන්නේ ඇයි?

  2. හෙසකියා දෙවි ඉදිරියේ තියලා තියෙන මේ ලියුම් මොනවාද? ඒ වගේම හෙසකියා යෙහෝවාට යාච්ඤා කර කියන්නේ මොනවාද?

  3. හෙසකියා කියන්නේ මොන වගේ රජ කෙනෙක්ද? යෙහෝවා අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් හෙසකියාට එවන පණිවිඩය මොකක්ද?

  4. පින්තූරයේ පෙනෙන විදිහට යෙහෝවා දෙවි එවන දූතයා අෂූර් ජාතිකයන්ට මොනවාද කරන්නේ?

  5. ගෝත්‍ර දෙකේ රාජ්‍යයේ ටික කාලයකට සාමයක් තිබුණත් හෙසකියා මැරුණාට පස්සේ මොකද වෙන්නේ?

අමතර ප්‍රශ්න:

  1. 2 රාජාවලිය 18:1-36 කියවන්න.

    1. අෂූරීයේ රජගේ ප්‍රධාන නියෝජිතයා වූ රබ්ෂාකේ ඊශ්‍රායෙල්වරුන්ගේ ඇදහිල්ල දුර්වල කිරීමට වෑයම් කළේ කොහොමද? (2 රාජා. 18:19, 21; නික්. 5:2; ගීතා. 64:3)

    2. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විරුද්ධවාදීන් සමඟ කටයුතු කරද්දී හෙසකියාගේ ආදර්ශය අනුගමනය කරන්නේ කොහොමද? (2 රාජා. 18:36; ගීතා. 39:1; හිතෝ. 26:4; 2 තිමෝ. 2:24)

  2. 2 රාජාවලිය 19:1-37 කියවන්න.

    1. මේ කාලයේ සිටින දෙවිගේ සෙනඟ කරදරවලට මුහුණ දෙන විට හෙසකියා වගේ කටයුතු කරන්න ඔවුන්ට පුළුවන් කොහොමද? (2 රාජා. 19:1, 2; හිතෝ. 3:5, 6; හෙබ්‍රෙ. 10:24, 25; යාකො. 5:14, 15)

    2. සෙනකෙරිබ් රජ තුන් ආකාරයකින් පරාජය ලැබුවේ කෙසේද? (2 රාජා. 19:32, 35, 37; එළි. 20:2, 3)

  3. 2 රාජාවලිය 21:1-6, 16 කියවන්න.

    මනස්සේ රජ යෙරුසලම පාලනය කළ ඉතාමත් දුෂ්ට රජවරුන්ගෙන් කෙනෙක් කියා පැවසිය හැක්කේ ඇයි? (2 ලේක. 33:4-6, 9)

73වන කතන්දරය

ඊශ්‍රායෙල්වරුන්ගේ අන්තිම හොඳ රජ

  1. යොෂියා රජ වෙනකොට එයාගේ වයස කීයද? එයා රජ වෙලා අවුරුදු හතක් ගියාට පස්සේ කරන්න පටන්ගන්නේ මොනවාද?

  2. පළවෙනි පින්තූරයේ පෙනෙන විදිහට යොෂියා මොනවාද කරන්නේ?

  3. මිනිස්සු දේවමාලිගාව අලුත්වැඩියා කරද්දී උත්තම පූජකයාට හම්බ වෙන්නේ මොකක්ද?

  4. යොෂියා එයාගේ ඇඳුම් ඉරාගන්නේ ඇයි?

  5. හුල්දා කියන අනාගතවක්තෘවරිය යෙහෝවා දුන්න පණිවිඩයක් යොෂියාට යවනවා. ඒ පණිවිඩය මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. 2 ලේකම් 34:1-28 කියවන්න.

    1. ළමා කාලයේදී දුෂ්කරතා විඳදරාගැනීමට සිදු වන අයට යොෂියා සපයන්නේ මොන වගේ ආදර්ශයක්ද? (2 ලේක. 33:21-25; 34:1, 2; ගීතා. 27:10)

    2. යොෂියා රජ ඔහුගේ පාලන කාලයේ 8වන, 12වන හා 18වන අවුරුදුවලදී සැබෑ නමස්කාරයේ වර්ධනය සඳහා ගත් සුවිශේෂි පියවර කිහිපය කුමක්ද? (2 ලේක. 34:3, 8)

    3. අප නමස්කාරය සඳහා පාවිච්චි කරන ස්ථාන නඩත්තු කිරීම සම්බන්ධයෙන් යොෂියා රජ සහ උත්තම පූජකයා වූ හිල්කියා තැබූ ආදර්ශයෙන් ඉගෙනගත හැකි පාඩම් මොනවාද? (2 ලේක. 34:9-13; හිතෝ. 11:14; 1 කොරි. 10:31)

74වන කතන්දරය

භය නැති මිනිසෙක්

  1. පින්තූරේ ඉන්න මේ තරුණයා කවුද?

  2. අනාගතවක්තෘවරයෙක් හැටියට සේවය කරන්න කියලා යෙහෝවා යෙරෙමියාට කියද්දී ඔහු ඒ ගැන හිතන්නේ මොකක්ද? ඒ වුණත් යෙහෝවා යෙරෙමියාට කියන්නේ මොනවාද?

  3. යෙරෙමියා දිගටම ඊශ්‍රායෙල් සෙනඟට කියන්නේ මොනවා කරන්න කියලාද?

  4. පූජකයන් යෙරෙමියා කියන දෙය නතර කරන්න මොනවාද කරන්නේ? යෙරෙමියා භය නැති කෙනෙක් කියලා පෙන්වන්නේ කොහොමද?

  5. ඊශ්‍රායෙල්වරුන් එයාලාගේ නරක හැසිරීම වෙනස් කරගන්නේ නැති හින්දා මොනවාද වෙන්නේ?

අමතර ප්‍රශ්න:

  1. යෙරෙමියා 1:1-8 කියවන්න.

    1. යෙරෙමියාගේ ආදර්ශයෙන් පෙනී යන ආකාරයට දේවසේවය සඳහා අවශ්‍ය කරන්නේ කුමක්ද? (2 කොරි. 3:5, 6)

    2. මේ කාලයේ සිටින යෞවනයන්ට යෙරෙමියාගේ ආදර්ශයෙන් ලැබෙන දිරිගැන්වීම කුමක්ද? (දේශ. 12:2; 1 තිමෝ. 4:12)

  2. යෙරෙමියා 10:1-5 කියවන්න.

    පිළිම කෙරෙහි විශ්වාසය තැබීම නිෂ්ඵල දෙයක් බව පෙන්වීමට යෙරෙමියා යොදාගත් ප්‍රබල උදාහරණය කුමක්ද? (යෙරෙ. 10:5; යෙසා. 46:7; හබ. 2:19)

  3. යෙරෙමියා 26:1-16 කියවන්න.

    1. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටසට අයත් අය දෙවිගේ අනතුරු ඇඟවීමේ පණිවිඩය ගැන ජනයාට දැනුම් දෙන විට, “වචනයක්වත් අඩු නොකරන්න” කියා යෙහෝවා යෙරෙමියාට අණ කළ දෙය සිතට ගෙන තිබෙන්නේ කොහොමද? (යෙරෙ. 26:2; ද්වි. 4:2; ක්‍රියා 20:27)

    2. යෙහෝවා මිනිසුන්ට කරන අනතුරු ඇඟවීම ගැන දැනුම් දීමේ කාර්යයේ නිරත වන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට යෙරෙමියා තැබූ කදිම ආදර්ශය කුමක්ද? (යෙරෙ. 26:8, 12, 14, 15; 2 තිමෝ. 4:1-5)

  4. 2 රාජාවලිය 24:1-17 කියවන්න.

    යූදාහි වැසියන් යෙහෝවා කෙරෙහි තිබූ විශ්වාසය අත්හැරිය නිසා ඔවුන්ට මුහුණ දීමට සිදු වූ කනගාටුදායක ප්‍රතිඵල මොනවාද? (2 රාජා. 24:2-4, 14)

75වන කතන්දරය

බැබිලෝනියේ පිරිමි ළමයි හතරදෙනෙක්

  1. මේ පින්තූරේ ඉන්න පිරිමි ළමයි හතරදෙනා කවුද? මේ අය බැබිලෝනියේ ඉන්නේ ඇයි?

  2. නෙබුකද්නෙශර් රජ හිතාගෙන ඉන්නේ මේ පිරිමි ළමයි හතරදෙනාට කුමක් කරන්නද? රජ ඔහුගේ සේවකයන්ට අණ කරන්නේ කුමක් කරන්න කියලාද?

  3. දානියෙල් එයාටත් එයාගේ යාළුවන් තුන්දෙනාටත් දෙන කෑම බීම ගැන කියන්නේ මොනවාද?

  4. එළවළු විතරක් කෑමට ගෙන දවස් දහයක් ගියාට පස්සේ දානියෙලුයි එයාගේ යාළුවෝ තුන්දෙනයි අනිත් අය අතරයි තියෙන වෙනස මොකක්ද?

  5. දානියෙල්ටයි එයාගේ යාළුවෝ තුන්දෙනාටයි රජ මාලිගාවේ සේවය කරන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද? මේ හතරදෙනා පූජකයන්ටයි නුවණ ඇත්තන්ටයි වඩා දක්ෂ වෙන්නේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. දානියෙල් 1:1-21 කියවන්න.

    1. පරීක්ෂාවලට එරෙහිව සිටීමටත් අපේ දුර්වලකම් ජයගැනීමටත් අපි මොන වගේ වෑයමක් දැරිය යුතුද? (දානි. 1:8; උත්. 39:7, 10; ගලා. 6:9)

    2. “රාජ භෝජන” කියා සමහරුන් සිතිය හැකි කුමන ආකාරයේ පරීක්ෂාවලට හා පීඩනවලට අද සිටින යෞවනයන්ට මුහුණ දීමට සිදු විය හැකිද? (දානි. 1:8; හිතෝ. 20:1; 2 කොරි. 6:17–7:1)

    3. මේ කාලයේ අධ්‍යාපනය ලැබීම සම්බන්ධ කාරණයේදී හෙබ්‍රෙව් ජාතික තරුණයන් හතරදෙනා පිළිබඳ බයිබලයේ සඳහන් වාර්තාවෙන් අපට කුමක් ඉගෙනගත හැකිද? (දානි. 1:20; යෙසා. 54:13; 1 කොරි. 3:18-20)

76වන කතන්දරය

යෙරුසලම විනාශ වෙයි

  1. මේ පින්තූරේ පෙනෙන විදිහට යෙරුසලමට හා ඊශ්‍රායෙල්වරුන්ට වෙන්නේ මොකක්ද?

  2. එසකියෙල් කියන්නේ කවුද? එසකියෙල්ට හිතාගන්නවත් බැරි දේවල් යෙහෝවා පෙන්වනවා. ඒ දේවල් මොනවාද?

  3. ඊශ්‍රායෙල්වරුන් යෙහෝවාට කිසිම ගෞරවයක් පෙන්වන්නේ නැති නිසා යෙහෝවා පොරොන්දු වන්නේ කුමක් කරන්නද?

  4. ඊශ්‍රායෙල්වරුන් නෙබුකද්නෙශර් රජට විරුද්ධව කැරලි ගසද්දී එයා මොනවාද කරන්නේ?

  5. ඊශ්‍රායෙල්වරුන්ට මේ වගේ දරුණු විනාශයක් වෙන්න යෙහෝවා ඉඩහරින්නේ ඇයි?

  6. ඊශ්‍රායෙල් දේශය කිසිම කෙනෙක් ජීවත් වෙන්නේ නැති පාළු තැනක් බවට පත් වෙන්නේ කොහොමද? ඒ දේශය කොච්චර කාලයක් පාළු වෙලා තියෙනවාද?

අමතර ප්‍රශ්න:

  1. 2 රාජාවලිය 25:1-26 කියවන්න.

    1. ශෙදකියා කියන්නේ කවුද? ඔහුට සිදු වූයේ කුමක්ද? ඔහුට සිදු වූ දෙය බයිබලයේ සඳහන් අනාවැකියක ඉටුවීමක් වුණේ කොහොමද? (2 රාජා. 25:5-7; එස. 12:13-15)

    2. තමන්ව අත්හැර ඊශ්‍රායෙල්වරුන් කළ සියලුම නරක දේවලට වග කිව යුත්තේ කවුරුන් කියාද යෙහෝවා තීන්දු කළේ? (2 රාජා. 25:9, 11, 12, 18, 19; 2 ලේක. 36:14, 17)

  2. එසකියෙල් 8:1-18 කියවන්න.

    ක්‍රිස්තියානියයි කියාගන්නාවූ අය, දෙවි කෙරෙහි තිබෙන ඇදහිල්ල අත්හැර හිරුට නමස්කාර කළ ඊශ්‍රායෙල්වරුන්ට සමාන වන්නේ කොහොමද? (එස. 8:16; යෙසා. 5:20, 21; යොහ. 3:19-21; 2 තිමෝ. 4:3)

77වන කතන්දරය

ඒගොල්ලෝ වඳින්නේම නැහැ

  1. බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙශර් මිනිසුන්ට දෙන නියෝගය මොකක්ද?

  2. දානියෙල්ගේ යාළුවන් තුන්දෙනා රත්තරන් රූපය ඉස්සරහ වැඳ වැටෙන්නේ නැත්තේ ඇයි?

  3. නෙබුකද්නෙශර් හෙබ්‍රෙව් ජාතික තරුණයන් තුන්දෙනාට රූපයට වඳින්න තවත් අවස්ථාවක් දුන්න වේලාවේදී එයාලා යෙහෝවා දෙවිව විශ්වාස කරන අය කියලා පෙන්වන්නේ කොහොමද?

  4. නෙබුකද්නෙශර් එයාගේ හමුදාවේ ඉන්න මිනිසුන්ට කියන්නේ ෂද්‍රක්, මේෂක් හා අබේද් නෙගෝට මොනවා කරන්න කියලාද?

  5. නෙබුකද්නෙශර් ගිනි උදුන දිහා බලද්දී එයාට පේන්නේ මොකක්ද?

  6. රජ ෂද්‍රක්, මේෂක් හා අබේද් නෙගෝගේ දෙවිට ප්‍රශංසා කරන්නේ ඇයි? මේ තුන්දෙනාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. දානියෙල් 3:1-30 කියවන්න.

    1. දෙවි කෙරෙහි අපි තබා තිබෙන විශ්වාසය පරීක්ෂණයට ලක් වන අවස්ථාවලදී අපිත් විදහාපෙන්විය යුත්තේ හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා විදහාපෙන්වූ කුමන ආකල්පයද? (දානි. 3:17, 18; මතෙ. 10:28; රෝම 14:7, 8)

    2. යෙහෝවා දෙවි නෙබුකද්නෙශර්ට ඉගැන්වූ වැදගත් පාඩම මොකක්ද? (දානි. 3:28, 29; 4:34, 35)

78වන කතන්දරය

බිත්තිය මත අත්අකුරු

  1. බැබිලෝනියේ රජ යෙරුසලමේ තියෙන යෙහෝවාගේ මාලිගාවෙන් රැගෙන ආ රත්තරන් කෝප්ප හා දීසි පාවිච්චි කරමින් ලොකු උත්සවයක් පවත්වන අතරේදී එකපාරටම මොකක්ද වෙන්නේ?

  2. බේල්ෂශර් එයාගේ නුවණ ඇති මිනිසුන්ට කියන්නේ මොනවාද? ඒත් එයාලාට කරන්න බැරි වෙන්නේ මොකක්ද?

  3. රජුගේ අම්මා රජුට කියන්නේ මොනවා කරන්න කියලාද?

  4. දානියෙල් රජට කියන දේවල්වලට අනුව මිනිසෙකුගේ අතේ ඇඟිලි පෙනිලා බිත්තියේ අකුරු ලියන්න දෙවි සැලැස්සුවේ ඇයි?

  5. දානියෙල් පහදා දෙන විදිහට බිත්තියේ ලියලා තියෙන වචනවල තේරුම මොකක්ද?

  6. දානියෙල් කතා කරන වෙලාව වෙද්දීත් සිද්ධ වෙන්නේ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. දානියෙල් 5:1-31 කියවන්න.

    1. බිත්තියේ ලියැවුණු අකුරු දුටු විට බේල්ෂශර් තුළ ඇති වූ බියත් දේවබියත් අතර ඇති වෙනස පැහැදිලි කරන්න. (දානි. 5:6, 7; ගීතා. 19:9; රෝම 8:35-39)

    2. දානියෙල් බේල්ෂශර්ට කතා කළ අවස්ථාවේදී නිර්භීතකම පෙන්නුවේ කොහොමද? (දානි. 5:17, 18, 22, 26-28; ක්‍රියා 4:29)

    3. මුළු විශ්වයම පාලනය කිරීම සඳහා යෙහෝවාට තිබෙන අයිතිය දානියෙල් 5වන පරිච්ඡේදය මගින් අවධාරණය කරනු ලබන්නේ කොහොමද? (දානි. 4:17, 25; 5:21)

79වන කතන්දරය

දානියෙල් සිංහ වළේ

  1. දාරියුස් කියන්නේ කවුද? එයා දානියෙල්ව සලකන්නේ මොන වගේ කෙනෙක් හැටියටද?

  2. දානියෙල්ට ඊර්ෂ්‍යා කරන මිනිස්සු දාරියුස්ට කියන්නේ මොනවාද?

  3. දානියෙල්ට අලුත් නීතිය ගැන දැනගන්න ලැබුණත් ඔහු වෙනදා වගේ කරන්නේ මොනවාද?

  4. දාරියුස් හුඟාක් දුක් වෙන්නේ ඇයි? ඊළඟ දවසේ උදේ එයා කරන්නේ මොනවාද?

  5. දානියෙල් දාරියුස්ට උත්තර දෙන්නේ කොහොමද?

  6. දානියෙල්ව මරන්න හදපු නරක මිනිසුන්ට මොකද වෙන්නේ? දාරියුස් රජ එයාගේ රාජ්‍යයේ ඉන්න හැමදෙනාටම ලියලා අරින්නේ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. දානියෙල් 6:1-28 කියවන්න.

    1. දානියෙල්ගේ විරුද්ධවාදීන් ඔහුට එරෙහිව කුමන්ත්‍රණය කළා වගේ මේ කාලයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සේවය හා සම්බන්ධ කටයුතු අඩාළ කිරීම සඳහා විරුද්ධවාදීන් කරන්නේ මොනවාද? (දානි. 6:7; ගීතා. 94:20; යෙසා. 10:1, 2; රෝම 8:31)

    2. “උසස් බලධාරීන්ට” යටත් වන්න කියා දී තිබෙන උපදේශය පිළිපැදීමේදී මේ කාලයේ සිටින දෙවිගේ සේවකයන්ට දානියෙල්ගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන් කොහොමද? (දානි. 6:5, 10; රෝම 13:1; ක්‍රියා 5:29)

    3. යෙහෝවාට “නිතර” සේවය කිරීම සම්බන්ධයෙන් දානියෙල් තැබූ ආදර්ශය අපට අනුගමනය කරන්න පුළුවන් කොහොමද? (දානි. 6:16, 20; ෆිලි. 3:16; එළි. 7:15)

80වන කතන්දරය

දෙවිගේ සෙනඟ බැබිලෝනියෙන් පිට වෙයි

  1. මේ පින්තූරේ පෙනෙන විදිහට ඊශ්‍රායෙල්වරුන් මොනවාද කරන්නේ?

  2. යෙහෝවා යෙසායා මාර්ගයෙන් කියපු අනාවැකිය කෝරෙෂ් හෙවත් සයිරස් ඉටු කළේ කොහොමද?

  3. යෙරුසලමට ආපහු යන්න බැරි ඊශ්‍රායෙල්වරුන්ට කෝරෙෂ් කියන්නේ මොනවාද?

  4. ආයෙත් යෙරුසලමට අරං යන්න කෝරෙෂ් සෙනඟට දෙන්නේ මොනවාද?

  5. යෙරුසලමට ආපහු යන්න ඊශ්‍රායෙල්වරුන්ට කොච්චර කාලයක් ගත වෙනවාද?

  6. ඊශ්‍රායෙල්වරුන්ගේ දේශය කිසිම කෙනෙක් ජීවත් නොවී කොච්චර කාලයක් පාළු වෙලා තිබුණාද?

අමතර ප්‍රශ්න:

  1. යෙසායා 44:28 සහ 45:1-4 කියවන්න.

    1. කෝරෙෂ් ගැන පැවසූ අනාවැකිය අනිවාර්යයෙන්ම ඉටු වෙන බව යෙහෝවා අවධාරණය කළේ කොහොමද? (යෙසා. 55:10, 11; රෝම 4:17)

    2. අනාගතයේ සිදු වෙන දේවල් කලින් පැවසීමට යෙහෝවා දෙවිට තිබෙන හැකියාව සම්බන්ධයෙන් කෝරෙෂ් ගැන යෙසායා පැවසූ අනාවැකියෙන් පෙනී යන්නේ කුමක්ද? (යෙසා. 42:9; 45:21; 46:10, 11; 2 පේතෘ. 1:20)

  2. එස්රා 1:1-11 කියවන්න.

    ආපසු යෙරුසලමට යෑමට නොහැකි වූ අයගේ ආදර්ශය අනුගමනය කරමින් අපට පූර්ණ කාලීනව සේවය කරන අයට ‘උපකාර කරන්න’ පුළුවන් කොහොමද? (එස්රා 1:4, 6; රෝම 12:13; කොලො. 4:12)

81වන කතන්දරය

දෙවි උදව් දෙයි කියලා විශ්වාස කරයි

  1. බැබිලෝනියෙන් පිට වෙලා යෙරුසලමට කීදෙනෙක් යනවාද? ඒගොල්ලන් යෙරුසලමට ඇතුල් වෙද්දී එහෙ තත්වය මොන වගේද?

  2. ඊශ්‍රායෙල්වරුන් ආපහු යෙරුසලමට ආවට පස්සේ ගොඩනඟන්න පටන්ගන්නේ මොකක්ද? ඒ වුණත් එයාලාගේ සතුරන් කරන්නේ මොනවාද?

  3. හග්ගයි සහ සෙකරියා කියන්නේ කවුද? ඒ දෙන්නා ඊශ්‍රායෙල්වරුන්ට කියන්නේ මොනවාද?

  4. තත්තෙනයි බැබිලෝනියට ලියුමක් අරින්නේ ඇයි? ඒ ලියුමට ලැබෙන උත්තරය මොකක්ද?

  5. දේවමාලිගාව අලුත්වැඩියා කරන්න ඕනේ බව දැනගන්න ලැබුණාම එස්රා කරන්නේ මොනවාද?

  6. මේ පින්තූරේ පෙනෙන විදිහට එස්රා යාච්ඤා කරන්නේ ඇයි? එයාගේ යාච්ඤාවට යෙහෝවා උත්තර දෙන්නේ කොහොමද? මේකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. එස්රා 3:1-13 කියවන්න.

    සභාවක් නොමැති ප්‍රදේශයක ජීවත් වන්න අපිට යම් දවසක සිදු වුණොත් අපි අත් නෑර කළ යුතු දේවල් මොනවාද? (එස්රා 3:3, 6; ක්‍රියා 17:16, 17; හෙබ්‍රෙ. 13:15)

  2. එස්රා 4:1-7 කියවන්න.

    අප දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ කටයුතුවල හවුල් වෙද්දී වෙනත් ආගම්වල නමස්කාර ක්‍රම ඒවාට සම්බන්ධ කර නොගැනීම සම්බන්ධයෙන් සෙරුබ්බාබෙල් යෙහෝවාගේ සෙනඟට ආදර්ශයක් තැබුවේ කොහොමද? (නික්. 34:12; 1 කොරි. 15:33; 2 කොරි. 6:14-17)

  3. එස්රා 5:1-5, 17 සහ 6:1-22 කියවන්න.

    1. දේවමාලිගාව ගොඩනැඟීමේ වැඩකටයුතු නතර කිරීමට විරුද්ධවාදීන්ට නොහැකි වූයේ ඇයි? (එස්රා 5:5; යෙසා. 54:17)

    2. විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිදු වන අවස්ථාවලදී යෙහෝවාගේ මඟ පෙන්වීම පැතීම සඳහා අද සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට පුරාණයේ සිටි යුදෙව් වැඩිමහල්ලන් ක්‍රියා කළ ආකාරය දිරිගැන්වීමක් වන්නේ කොහොමද? (එස්රා 6:14; ගීතා. 32:8; රෝම 8:31; යාකො. 1:5)

  4. එස්රා 8:21-23, 28-36 කියවන්න.

    යම් දෙයක් කරන්න කලින් අපි කළ යුතු දෙය සම්බන්ධයෙන් අපිට එස්රාගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන් කුමක්ද? (එස්රා 8:23; ගීතා. 127:1; හිතෝ. 10:22; යාකො. 4:13-15)

82වන කතන්දරය

මොර්දෙකයි හා එස්තර්

  1. මොර්දෙකයි හා එස්තර් කියන්නේ කවුද?

  2. අහෂ්වේරොෂ් රජ අලුත් බිසවක්ව තෝරාගන්නේ ඇයි? රජ ඔහුගේ බිසව හැටියට තෝරාගන්නේ කාවද?

  3. හාමාන් කියන්නේ කවුද? හාමාන් හරිම තරහෙන් ඉන්නේ කා එක්කද? ඒ ඇයි?

  4. අලුතින් දාන නීතිය මොකක්ද? මොර්දෙකයිගෙන් පණිවිඩයක් ලැබුණාට පස්සේ එස්තර් බිසව මොනවාද කරන්නේ?

  5. හාමාන්ට වෙන්නේ මොකක්ද? මොර්දෙකයිට වෙන්නේ මොකක්ද?

  6. ඊශ්‍රායෙල්වරුන් ඒගොල්ලන්ගේ හතුරන් අතින් බේරෙන්නේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. එස්තර් 2:12-18 කියවන්න.

    ‘තැන්පත් වූ මෘදු වූ ගතියක්’ ඇතුව සිටීමේ වටිනාකම එස්තර් පෙන්නුවේ කොහොමද? (එස්ත. 2:15; 1 පේතෘ. 3:1-5)

  2. එස්තර් 4:1-17 කියවන්න.

    සැබෑ නමස්කාරයේ පැත්ත ගෙන ක්‍රියා කිරීමට එස්තර්ට අවස්ථාවක් ලැබුණා වගේ යෙහෝවා දෙවිට තිබෙන අපේ භක්තිය හා පක්ෂපාතකම පෙන්වීමට අපටත් අවස්ථාවක් ලැබී තිබෙන්නේ කොහොමද? (එස්ත. 4:13, 14; මතෙ. 5:14-16; 24:14)

  3. එස්තර් 7:1-6 කියවන්න.

    එස්තර් වගේ මේ කාලයේ සිටින දෙවිගේ සේවකයන්ගෙන් බොහෝදෙනෙක් හිංසා පීඩාවලට මුහුණ දීමේ අවදානම හමුවෙහි ක්‍රියා කර තිබෙන්නේ කොහොමද? (එස්ත. 7:4; මතෙ. 10:16-22; 1 පේතෘ. 2:12)

83වන කතන්දරය

යෙරුසලමේ තාප්ප

  1. යෙරුසලම වටේට තාප්ප නැතුව සිටි කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ට කොහොම හිතෙන්න ඇද්ද?

  2. නෙහෙමියා කියන්නේ කවුද?

  3. නෙහෙමියා රජ මාලිගාවේ කරන වැඩය මොකක්ද? ඒක හරිම වැදගත් වැඩක් වෙන්නේ ඇයි?

  4. නෙහෙමියා දුකට පත් වෙන්නේ මොකක් ගැන අහලාද? එයා මොනවාද කරන්නේ?

  5. අර්තක්ෂස්තා නෙහෙමියාට කරුණාව පෙන්වන්නේ කොහොමද?

  6. තාප්පය හදන එක ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ට නතර කරන්න බැරි වෙන විදිහට නෙහෙමියා වැඩ කරන මිනිසුන්ට කියන්නේ මොනවා කරන්න කියලාද?

අමතර ප්‍රශ්න:

  1. නෙහෙමියා 1:4-6 සහ 2:1-20 කියවන්න.

    නෙහෙමියා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම පැතුවේ කොහොමද? (නෙහෙ. 2:4, 5; රෝම 12:12; 1 පේතෘ. 4:7)

  2. නෙහෙමියා 3:3-5 කියවන්න.

    තෙකෝවරු සහ ඔවුන්ගේ “උත්තමයෝ” ක්‍රියා කළේ එකිනෙකට වෙනස් ආකාරයටයි. එයින් වැඩිමහල්ලන්ට හා සභා සේවකයන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද? (නෙහෙ. 3:5, 27; 2 තෙස. 3:7-10; 1 පේතෘ. 5:5)

  3. නෙහෙමියා 4:1-23 කියවන්න.

    1. දරුණු පීඩා මැද ගොඩනැඟීම දිගටම කරගෙන යෑම සඳහා ඊශ්‍රායෙල්වරුන් තුළ පෙලඹීමක් ඇති කළේ කුමක්ද? (නෙහෙ. 4:6, 8, 9; ගීතා. 50:15; යෙසා. 65:13, 14)

    2. එදා ඊශ්‍රායෙල්වරුන් ක්‍රියා කළ ආකාරය අද අපට දිරිගැන්වීමක් වන්නේ කොහොමද?

  4. නෙහෙමියා 6:15 කියවන්න.

    යෙරුසලමේ තාප්ප මාස දෙකක් ඇතුළත ගොඩනඟා අවසන් කළා. මෙමගින් ඇදහිල්ල සතු බලය පෙනෙන්නේ කොහොමද? (ගීතා. 56:3, 4; මතෙ. 17:20; 19:26)

84වන කතන්දරය

දේවදූතයෙක් මරියාව හමු වෙන්න එයි

  1. මේ පින්තූරේ ඉන්නේ කවුද?

  2. ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට කියන්නේ මොනවාද?

  3. මරියා පුරුෂයෙකු සමඟ ජීවත් වී නැති වුණත් එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට පැහැදිලි කරලා දෙන්නේ කොහොමද?

  4. මරියා එයාගේ ඥාතියෙක් වන එලිසබෙත්ව හමු වෙන්න ගියාට පස්සේ මොකද වෙන්නේ?

  5. මරියාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා යෝසෙප්ට දැනගන්න ලැබුණාම එයා හිතන්නේ මොකක්ද? ඒ වුණත් යෝසෙප් එයාගේ තීරණය වෙනස් කරගන්නේ ඇයි?

අමතර ප්‍රශ්න:

  1. ලූක් 1:26-56 කියවන්න.

    1. ස්වර්ගයේ සිටි දෙවිගේ පුත්‍රයාගේ ජීවිතය මරියාගේ ගර්භාශයේ වැඩෙද්දී ආදම්ගෙන් උරුම වන පාපය එම කලලයට බලපෑවේ නැති බව ලූක් 1:35හි සඳහන් වදන්වලින් පෙනී යන්නේ කෙසේද? (හග්. 2:11-13; යොහ. 6:69; හෙබ්‍රෙ. 7:26; 10:5)

    2. යේසුස් මේ පොළොවේ ඉපදෙන්නත් කලින්ම ගෞරවයට පාත්‍ර වූයේ කෙසේද? (ලූක් 1:41-43)

    3. මේ කාලයේදී විශේෂ සේවා වරප්‍රසාද ලැබෙන අයට මරියාගේ ආදර්ශයෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? (ලූක් 1:38, 46-49; 17:10; හිතෝ. 11:2)

  2. මතෙව් 1:18-25 කියවන්න.

    එම්මානුවෙල් යන නමින් මිනිසුන් යේසුස්ව ඇමතුවේ නැති වුණත් එම්මානුවෙල් යන නමේ අර්ථය යේසුස් ඉටු කළ කාර්යයට ගැළපුණේ කොහොමද? (මතෙ. 1:22, 23; යොහ. 14:8-10; හෙබ්‍රෙ. 1:1-3)

85වන කතන්දරය

යේසුස් මඩුවක ඉපදෙයි

  1. මේ පින්තූරේ ඉන්න පොඩි දරුවා කවුද? මරියා මේ පොඩි දරුවා තියන්න යන්නේ කොහේද?

  2. සතුන් රෑට ඉන්න මඩුවක යේසුස් ඉපදුණේ ඇයි?

  3. මේ පින්තූරේ පෙනෙන විදිහට මඩුවට ඇතුල් වෙන මිනිස්සු කවුද? දේවදූතයෙක් එයාලාට කියලා තිබුණේ මොනවාද?

  4. යේසුස් විශේෂ කෙනෙක් වෙන්නේ ඇයි?

  5. යේසුස්ට දෙවිගේ පුතා කියලා කියන්නේ ඇයි?

අමතර ප්‍රශ්න:

  1. ලූක් 2:1-20 කියවන්න.

    1. යේසුස්ගේ උපත ගැන කියූ අනාවැකියේ ඉටුවීමට සීසර් ඔගස්ටස් සම්බන්ධ වූයේ කෙසේද? (ලූක් 2:1-4; මීකා 5:2)

    2. “දේවප්‍රසාදය ලත් මිනිසුන්” ලෙස හඳුන්වනු ලබන අයගෙන් කෙනෙකු වීමට යමෙකුට හැක්කේ කෙසේද? (ලූක් 2:14; මතෙ. 16:24; යොහ. 17:3; ක්‍රියා 3:19; හෙබ්‍රෙ. 11:6)

    3. ගැලවුම්කරුවෙකුගේ උපත ගැන ප්‍රීතිවීමට යටහත් පහත් එඬේරුන්ට හොඳ හේතු තිබුණා. මේ කාලයේ සිටින දෙවිගේ සේවකයන්ට ප්‍රීතිවීම සඳහා එදා සිටි එඬේරුන්ට තිබුණාට වඩා තිබෙන මහත් හේතු මොනවාද? (ලූක් 2:10, 11; එෆී. 3:8, 9; එළි. 11:15; 14:6)

86 වන කතන්දරය

තාරකාවක් මිනිසුන්ට මඟ පෙන්වයි

  1. මේ පින්තූරේ ඉන්න මිනිස්සු කවුද? එක මිනිසෙක් බැබළෙන තාරකාවක් පෙන්වන්නේ ඇයි?

  2. හෙරොද් රජ කලබල වෙන්නේ ඇයි? එයා මොනවාද කරන්නේ?

  3. මේ බැබළෙන තාරකාව මිනිසුන්ට ඉදිරියෙන් ගිහින් නතර වෙන්නේ කොහේද? මේ මිනිස්සු ආපසු එන ගමනේදී වෙනත් පාරකින් ඒගොල්ලන්ගේ රටට යන්නේ ඇයි?

  4. හෙරොද් දෙන අණ මොකක්ද? ඇයි ඔහු එහෙම අණක් දෙන්නේ?

  5. යෙහෝවා යෝසෙප්ට කියන්නේ මොනවා කරන්න කියලාද?

  6. අලුත් තාරකාවක් බැබළෙන්න සැලැස්සුවේ කවුද? ඇයි ඔහු එහෙම කළේ?

අමතර ප්‍රශ්නය:

  1. මතෙව් 2:1-23 කියවන්න.

    ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බැහැදකින්න පැමිණි කාලයේදී යේසුස්ගේ වයස කීයද? ඒ කාලයේ ඔහු ජීවත් වෙමින් සිටියේ කොහේද? (මතෙ. 2:1, 11, 16)

87වන කතන්දරය

තරුණ යේසුස් දේවමාලිගාවේ

  1. මේ පින්තූරේ ඉන්නේ යේසුස්. එයාගේ වයස කීයද? එයා දැන් ඉන්නේ කොහේද?

  2. යෝසෙප් අවුරුද්දකට වතාවක් එයාගේ පවුලත් එක්ක කොහේද යන්නේ?

  3. ආපහු ගෙදර යන යෝසෙප් හා මරියා නැවතත් යෙරුසලමට එන්නේ ඇයි?

  4. යෝසෙප්ට සහ මරියාට යේසුස්ව හම්බ වෙන්නේ කොහේදීද? එහෙ ඉන්න මිනිස්සු පුදුම වෙන්නේ ඇයි?

  5. යේසුස් එයාගේ අම්මාට මොනවාද කියන්නේ?

  6. දෙවි ගැන ඉගෙනගනිද්දී අපිටත් යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. ලූක් 2:41-52 කියවන්න.

    1. මෝසෙස්ට දෙන ලද නීතියට අනුව ඒ කාලයේදී වාර්ෂිකව පැවැත්වූ ආගමික උත්සවවලට යා යුතු වුණේ පුරුෂයන් පමණයි. ඒ වුණත් යෝසෙප් සහ මරියා සිය දරුවන් සමඟ ඒ උත්සවවලට යෑමෙන් මේ කාලයේ සිටින දෙමාපියන්ට තැබූ කදිම ආදර්ශය කුමක්ද? (ලූක් 2:41; ද්වි. 16:16; 31:12, 13; හිතෝ. 22:6)

    2. දෙමාපියන්ට කීකරු වීම සම්බන්ධයෙන් යේසුස් දරුවන්ට තැබූ ආදර්ශය කුමක්ද? (ලූක් 2:51; ද්වි. 5:16; හිතෝ. 23:22; කොලො. 3:20)

  2. මතෙව් 13:53-56 කියවන්න.

    යේසුස්ගේ මාංසික සහෝදරයන් හතරදෙනෙකුගේ නම් බයිබලයේ සඳහන් වෙනවා. ඒ අය කවුද? පසු කාලයක ඔවුන්ගෙන් දෙදෙනෙක් ක්‍රිස්තියානි සභාවේ වැඩකටයුතුවලට හවුල් වුණේ කුමන ආකාරවලින්ද? (මතෙ. 13:55; ක්‍රියා 12:17; 15:6, 13; 21:18; ගලා. 1:19; යාකො. 1:1; යූද් 1)

88වන කතන්දරය

යොහන් යේසුස්ව බව්තීස්ම කරයි

  1. මේ පින්තූරේ ඉන්න මිනිසුන් දෙදෙනා කවුද?

  2. කෙනෙකුව බව්තීස්ම කරන්නේ කොහොමද?

  3. සාමාන්‍යයෙන් යොහන් බව්තීස්ම කළේ මොන වගේ අයවද?

  4. තමන්ව බව්තීස්ම කරන්න කියා යේසුස් යොහන්ට පවසන්නේ විශේෂ හේතුවක් නිසයි. ඒ හේතුව මොකක්ද?

  5. යේසුස් බව්තීස්ම වුණ එක ගැන දෙවි සන්තෝෂ වෙන බව පෙන්වන්නේ කොහොමද?

  6. යේසුස් දවස් 40ක් පාළු තැනක ඉන්නකොට මොකක්ද වෙන්නේ?

  7. යේසුස්ගේ මුල් ගෝලයන් කිහිපදෙනා කවුද? ඔහු කරන මුල්ම ප්‍රාතිහාර්යය මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. මතෙව් 3:13-17 කියවන්න.

    බව්තීස්ම වීම සම්බන්ධයෙන් යේසුස් ඔහුගේ ගෝලයන්ට තැබූ ආදර්ශය කුමක්ද? (ගීතා. 40:7, 8; මතෙ. 28:19, 20; ලූක් 3:21, 22)

  2. මතෙව් 4:1-11 කියවන්න.

    යේසුස් දක්ෂ ලෙස ශුද්ධ ලියවිලි පහදා දුන් ආකාරය නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීමට අපට දිරිගැන්වීමක් වන්නේ කොහොමද? (මතෙ. 4:5-7; 2 පේතෘ. 3:17, 18; 1 යොහ. 4:1)

  3. යොහන් 1:29-51 කියවන්න.

    යොහන් බව්තීස්ත ඔහුගේ ගෝලයන්ව යොමු කළේ කා වෙතටද? අපිට ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන් කොහොමද? (යොහ. 1:29, 35, 36; 3:30; මතෙ. 23:10)

  4. යොහන් 2:1-12 කියවන්න.

    යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ගෙන් කිසිම යහපත් දෙයක් නොවළක්වන බව යේසුස් කළ මුල්ම ප්‍රාතිහාර්යයෙන් පැහැදිලි වන්නේ කොහොමද? (යොහ. 2:9, 10; ගීතා. 84:11; යාකො. 1:17)

89වන කතන්දරය

යේසුස් දේවමාලිගාව පිරිසිදු කරයි

  1. දේවමාලිගාවේ සතුන් විකුණන්නේ ඇයි?

  2. යේසුස්ට තරහ යන්නේ ඇයි?

  3. මේ පින්තූරේ පෙනෙන විදිහට යේසුස් මොනවාද කරන්නේ? පරෙවියන් විකුණන අයට ඔහු අණ කරන්නේ කුමක් කරන්න කියාද?

  4. යේසුස් කරන දේවල් දකිද්දී ඔහුගේ අනුගාමිකයන්ට මතක් වෙන්නේ මොකක්ද?

  5. යේසුස් ආපසු ගලීලයට එන්නේ කුමන දිස්ත්‍රික්කය හරහාද?

අමතර ප්‍රශ්නය:

  1. යොහන් 2:13-25 කියවන්න.

    දේවමාලිගාව තුළ මුදල් ගනු දෙනු කිරීම ගැන යේසුස්ට කේන්ති යෑම සලකා බලන කල රාජ්‍ය ශාලාව තුළ ව්‍යාපාරික කටයුතු කිරීම ගැන අපට තිබිය යුතු නිසි ආකල්පය කුමක්ද? (යොහ. 2:15, 16; 1 කොරි. 10:24, 31-33)

90වන කතන්දරය

ළිඳ ළඟ සිටි ස්ත්‍රිය එක්ක

  1. යේසුස් සමාරියේ ළිදක් ළඟ නතර වෙලා ඉන්නේ ඇයි? ළිඳ ළඟ ඉන්න ස්ත්‍රියකට ඔහු කියන්නේ මොනවාද?

  2. ඒ ස්ත්‍රිය පුදුම වෙන්නේ ඇයි? යේසුස් ඇයට කියන්නේ මොනවාද? ඇයි යේසුස් ඇයට එහෙම කියන්නේ?

  3. ඒ ස්ත්‍රිය හිතාගෙන ඉන්නේ යේසුස් මොන වතුර ගැන කතා කරනවා කියලාද? ඒත් ඔහු ඇත්තටම කතා කරන්නේ මොන වතුර ගැනද?

  4. යේසුස් තමන් ගැන දන්න දේවල් අහලා ඇය පුදුම වෙන්නේ ඇයි? යේසුස් ඒ ගැන දැනගෙන හිටියේ කොහොමද?

  5. ළිඳ ළඟ සිටි ස්ත්‍රිය ගැන තිබෙන මේ වාර්තාවෙන් අපිට ඉගෙනගත හැකි පාඩම් මොනවාද?

අමතර ප්‍රශ්න:

  1. යොහන් 4:5-43 කියවන්න.

    1. යේසුස්ගේ ආදර්ශයට අනුව අපි කිසිම භේදයකින් තොරව සියලුම මිනිසුන් සම්බන්ධයෙන් තබාගත යුතු ආකල්පය කුමක්ද? (යොහ. 4:9; 1 කොරි. 9:22; 1 තිමෝ. 2:3, 4; තීත. 2:11)

    2. කෙනෙක් යේසුස්ගේ ගෝලයෙකු බවට පත් වෙද්දී ඔහු ලබන ආශීර්වාද මොනවාද? (යොහ. 4:14; යෙසා. 58:11; 2 කොරි. 4:16)

    3. තමන් දැනගත් දේවල් මහත් උනන්දුවෙන් අන් අයට පැවසූ සමරිතානු ස්ත්‍රිය මෙන් අපටත් අප ඉගෙනගත් දේවල් ගැන අගය පළ කළ හැක්කේ කෙසේද? (යොහ. 4:7, 28; මතෙ. 6:33; ලූක් 10:40-42)

91වන කතන්දරය

යේසුස් කන්දක් උඩ උගන්වයි

  1. මේ පින්තූරේ පෙනෙන විදිහට යේසුස් සෙනඟට උගන්වන්නේ කොහේ සිටද? ඔහු ළඟින්ම ඉඳගෙන ඉන්නේ කවුද?

  2. යේසුස්ගේ මුල්ම ගෝලයන් 12දෙනාගේ නම් මොනවාද?

  3. යේසුස් දේශනා කරන රාජ්‍යය මොකක්ද?

  4. යේසුස් සෙනඟට යාච්ඤා කරන්න කියා පවසන්නේ කුමක් ගැනද?

  5. මිනිස්සු එකිනෙකාට සලකන්න ඕන විදිහ ගැන යේසුස් කියන්නේ මොනවාද?

අමතර ප්‍රශ්න:

  1. මතෙව් 5:1-12 කියවන්න.

    දෙවිගේ කැමැත්ත කිරීමට අප තුළ ආශාවක් තිබෙන බව පෙන්විය හැක්කේ කුමන ආකාරවලින්ද? (මතෙ. 5:3; රෝම 10:13-15; 1 තිමෝ. 4:13, 15, 16)

  2. මතෙව් 5:21-26 කියවන්න.

    සෙසු ඇදහිලිවන්තයන් සමඟ තිබෙන අපේ සම්බන්ධතාව යෙහෝවා දෙවි සමඟ තිබෙන අපේ සම්බන්ධතාවට බලපාන බව මතෙව් 5:23, 24හි සඳහන් වදන්වලින් අවධාරණය කරන්නේ කෙසේද? (මතෙ. 6:14, 15; ගීතා. 133:1; කොලො. 3:13; 1 යොහ. 4:20)

  3. මතෙව් 6:1-8 කියවන්න.

    තමන් ධර්මිෂ්ඨයි කියා මවාපෑමෙන් ක්‍රිස්තියානීන් වැළකී සිටිය යුතුයි. එවැනි ධර්මිෂ්ඨකමක් මවාපෑමෙන් වැළකී සිටිය හැකි ඇතැම් ආකාර මොනවාද? (ලූක් 18:11, 12; 1 කොරි. 4:6, 7; 2 කොරි. 9:7)

  4. මතෙව් 6:25-34 කියවන්න.

    අපේ අවශ්‍යතාවන් සපයාගැනීමේදී අපි යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතුව සිටීමේ වැදගත්කම ගැන යේසුස් ඉගැන්වූයේ කෙසේද? (නික්. 16:4; ගීතා. 37:25; ෆිලි. 4:6)

  5. මතෙව් 7:1-11 කියවන්න.

    මතෙව් 7:5හි සඳහන් උදාහරණයෙන් යේසුස් අපට උගන්වන්නේ කුමක්ද? (හිතෝ. 26:12; රෝම 2:1; 14:10; යාකො. 4:11, 12)

92වන කතන්දරය

යේසුස් මළවුන්ව නැඟිටුවයි

  1. මේ පින්තූරේ ඉන්න ගෑනු ළමයාගේ තාත්තා කවුද? ඒ ගෑනු ළමයාගේ තාත්තායි අම්මායි හුඟාක් දුකින් හිටියේ ඇයි?

  2. යායිරස් යේසුස්ව දුටු විට මොනවාද කරන්නේ?

  3. යේසුස් යායිරස්ගේ ගෙදරට යන අතරමඟදී මොනවාද වෙන්නේ? පණිවිඩකරුවෙක් ඇවිත් යායිරස්ට මොනවාද කියන්නේ?

  4. යායිරස්ගේ ගෙදර ඉන්න මිනිස්සු යේසුස්ට හිනා වෙන්නේ ඇයි?

  5. දරුවා නිදාගෙන ඉන්න කාමරය ඇතුළට දරුවාගේ තාත්තාටයි අම්මාටයි යේසුස්ගේ ගෝලයන් තුන්දෙනෙකුටයි එන්න කිව්වාට පස්සේ යේසුස් මොනවාද කරන්නේ?

  6. මීට කලින් යේසුස් තවත් කාවද මළවුන්ගෙන් නැවත නැඟිට්ටෙව්වේ? මිය ගොස් සිටින අයව නැවත නැඟිටුවන්න යේසුස්ට තියෙන බලයෙන් පෙනී යන්නේ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. ලූක් 8:40-56 කියවන්න.

    ලේ ගැලීමක් නිසා රෝගීව සිටි ස්ත්‍රියකට යේසුස් දයාව පෙන්නුවේ කෙසේද? එමෙන්ම ඒ අවස්ථාවේදී ඔහු සාධාරණකම පෙන්නුවේ කෙසේද? ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට මෙයින් ඉගෙනගත හැක්කේ කුමක්ද? (ලූක් 8:43, 44, 47, 48; ලෙවී. 15:25-27; මතෙ. 9:12, 13; කොලො. 3:12-14)

  2. ලූක් 7:11-17 කියවන්න.

    වියෝ දුකෙන් පෙළෙන අයට යේසුස් නායින් නුවර වැන්දඹුව ගැන දැක්වූ සැලකිල්ලෙන් මහත් සැනසිල්ලක් ලබන්න පුළුවන් කොහොමද? (ලූක් 7:13; 2 කොරි. 1:3, 4; හෙබ්‍රෙ. 4:15)

  3. යොහන් 11:17-44 කියවන්න.

    පවුලේ කෙනෙක් හෝ මිතුරෙක් මිය ගිය විට ශෝකය පළ කිරීම සාමාන්‍ය දෙයක් බව යේසුස්ගේ අද්දැකීමෙන් පැහැදිලි වුණේ කෙසේද? (යොහ. 11:33-36, 38; 2 සාමු. 18:33; 19:1-4)

93වන කතන්දරය

යේසුස් බොහෝදෙනෙකුට කන්ට දෙයි

  1. යොහන් බව්තීස්තට වෙලා තියෙන්නේ මොනවාද? මේ ගැන දැනගන්න ලැබුණාම යේසුස් මොනවාද කරන්නේ?

  2. යේසුස් ඔහු පස්සෙන් ආපු මිනිසුන්ට කෑම සපයන්නේ කොහොමද? කෑම කොච්චර ඉතුරු වෙනවාද?

  3. එදා රෑ ගෝලයන් බෝට්ටුවේ යනකොට හොඳටම භය වෙන්නේ ඇයි? පේතෘස්ට මොකද වෙන්නේ?

  4. තවත් අවස්ථාවකදී යේසුස් දහස් ගණනකට කෑම සපයන්නේ කොහොමද?

  5. දෙවි පත් කර තියෙන රජ හැටියට යේසුස් මුළු පොළොවම පාලනය කරන කාලය ඉතාමත් ප්‍රීතිමත් කාලයක් වන්නේ ඇයි?

අමතර ප්‍රශ්න:

  1. මතෙව් 14:1-32 කියවන්න.

    1. මතෙව් 14:23-32හි සඳහන් වාර්තාවේ දැක්වෙන තොරතුරුවලට අනුව පේතෘස් මොන වගේ කෙනෙක්ද කියා අපට කියන්න පුළුවන්ද?

    2. පේතෘස් සැමවිටම ඉක්මන් වී කටයුතු කිරීමේ ස්වභාවය නැති කරගෙන මේරූ පුද්ගලයෙක් වූ බවට ශුද්ධ ලියවිල්ලේ ඔහු ගැන සඳහන් දේවලින් පෙනී යන්නේ කෙසේද? (මතෙ. 14:27-30; යොහ. 18:10; 21:7; ක්‍රියා 2:14, 37-40; 1 පේතෘ. 5:6, 10)

  2. මතෙව් 15:29-38 කියවන්න.

    සිය පියා සපයන දේවල් තමන් අගය කරන බව යේසුස් පෙන්නුවේ කෙසේද? (මතෙ. 15:37; යොහ. 6:12; කොලො. 3:15)

  3. යොහන් 6:1-21 කියවන්න.

    ආණ්ඩුව සම්බන්ධයෙන් යේසුස් දැරූ ආකල්පය අද සිටින ක්‍රිස්තියානීන්ට පෙන්විය හැක්කේ කෙසේද? (යොහ. 6:15; මතෙ. 22:21; රෝම 12:2; 13:1-4)

94වන කතන්දරය

ඔහු පොඩි ළමයින්ට ආදරෙයි

  1. දුර ගමනක් ගිහින් ආපසු එන අතරේදී යේසුස්ගේ ගෝලයන් වාද කළේ මොකක් ගැනද?

  2. යේසුස් පොඩි පිරිමි ළමයෙකුව ළඟට ගෙනත් උගන්වන පාඩම මොකක්ද?

  3. යේසුස්ගේ ගෝලයන් පොඩි දරුවන් වගේ විය යුත්තේ කොයි ආකාරවලින්ද?

  4. යේසුස් දරුවන්ට ආදරේ බව මාස කිහිපයකට පස්සේ පෙන්වන්නේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. මතෙව් 18:1-4 කියවන්න.

    යේසුස් ඉගැන්වීමේදී උපමා යොදාගත්තේ ඇයි? (මතෙ. 13:34, 36; මාක් 4:33, 34)

  2. මතෙව් 19:13-15 කියවන්න.

    දෙවිගේ රාජ්‍ය පාලනයේ ආශීර්වාද භුක්ති විඳින්න නම් කුඩා දරුවන් මෙන් අප තුළ තිබිය යුත්තේ කුමන ගුණාංගද? (ගීතා. 25:9; 138:6; 1 කොරි. 14:20)

  3. මාක් 9:33-37 කියවන්න.

    මුල් තැන ගැනීමට තිබෙන ආශාව ගැන යේසුස් ඔහුගේ ගෝලයන්ට ඉගැන්වූයේ කුමක්ද? (මාක් 9:35; මතෙ. 20:25, 26; ගලා. 6:3; ෆිලි. 2:5-8)

  4. මාක් 10:13-16 කියවන්න.

    අන් අයට යේසුස් වෙතට ළඟාවීම කොතරම් පහසු වුණාද? ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට ඔහුගේ ආදර්ශයෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? (මාක් 6:30-34; ෆිලි. 2:1-4; 1 තිමෝ. 4:12)

95වන කතන්දරය

යේසුස් උගන්වන විදිය

  1. මිනිසෙක් යේසුස්ගෙන් අහන ප්‍රශ්නය මොකක්ද? ඒ මිනිසා ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ ඇයි?

  2. සමහර අවස්ථාවලදී යේසුස් මිනිසුන්ට ඉගැන්වූයේ කොහොමද? අපි දැනටමත් යුදෙව් ජාතිකයන් සහ සමාරීය ජාතිකයන් ගැන ඉගෙනගෙන තියෙන්නේ මොනවාද?

  3. යේසුස් කියන කතන්දරයේ යෙරිකෝවට යන යුදෙව් ජාතිකයාට මොකක්ද වෙන්නේ?

  4. යුදෙව් පූජකයෙක් සහ ලෙවීයෙක් ඒ පාරේ යද්දී මොකද කරන්නේ?

  5. මේ පින්තූරේ පේනවා වගේ ගුටි කාපු යුදෙව්වාට උදව් කරන්නේ කවුද?

  6. මේ කතන්දරය කියලා ඉවර වුණාට පස්සේ ‘මගේ අසල්වැසියා කවුද’ කියලා ඇසූ මිනිසාගෙන් යේසුස් අහන ප්‍රශ්නය මොකක්ද? ඒ මිනිසා දෙන උත්තරය මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. ලූක් 10:25-37 කියවන්න.

    1. මෝසෙස්ගේ නීතිය ගැන මනා දැනුමක් ඇති මිනිසෙක් ඇසූ ප්‍රශ්නයකදී, කෙළින්ම උත්තරයක් දෙනවා වෙනුවට ඒ මිනිසාට ඒ ගැන සිතන්න යේසුස් උපකාර කළේ කෙසේද? (ලූක් 10:26; මතෙ. 16:13-16)

    2. යේසුස් ඔහුට සවන් දුන් ඇතැම් අය තුළ තිබූ වැරදි අදහස් ඉවත් කිරීමට උපමා යොදාගත්තේ කෙසේද? (ලූක් 10:36, 37; 18:9-14; තීත. 1:9)

96වන කතන්දරය

යේසුස් ලෙඩුන්ව සුව කරයි

  1. යේසුස් රට පුරා ගමන් කරද්දී කරන්නේ මොනවාද?

  2. යේසුස් බව්තීස්ම වෙලා අවුරුදු තුනකට පස්සේ ඔහුගේ ගෝලයන්ට කියන්නේ මොනවාද?

  3. මේ පින්තූරේ ඉන්න අය කවුද? මේ ස්ත්‍රියට යේසුස් උදව් කරන්නේ කොහොමද?

  4. යේසුස් ඒ ස්ත්‍රියව සුව කරපු එක ගැන ආගමික නායකයන් විරුද්ධව කතා කරන විට ඔහු ඔවුන්ට පැවසුවේ කුමක්ද?

  5. යේසුස් එයාගේ ගෝලයන් එක්ක යෙරිකෝවට ළඟා වෙද්දී අන්ධ මිනිසුන් දෙදෙනෙක් යේසුස්ගෙන් ඉල්ලන්නේ මොනවාද?

  6. යේසුස් ප්‍රාතිහාර්යයන් කරන්නේ ඇයි?

අමතර ප්‍රශ්න:

  1. මතෙව් 15:30, 31 කියවන්න.

    යෙහෝවාගේ බලය යේසුස් තුළ ක්‍රියාත්මක වූයේ කෙසේද? නව ලොවේදී දෙවිගේ පොරොන්දු ඉටු වන බව තේරුම්ගැනීමට එය උපකාරවත් වන්නේ කෙසේද? (ගීතා. 37:29; යෙසා. 33:24)

  2. ලූක් 13:10-17 කියවන්න.

    යේසුස් ඔහුගේ දහස් අවුරුදු පාලනයේදී මිනිසුන්ට ලබා දෙන සහනය ගැන ඔහු සබත් දවසේදී කළ සුවිශේෂි ප්‍රාතිහාර්යයන් මගින් පැහැදිලි වන්නේ කුමක්ද? (ලූක් 13:10-13; ගීතා. 46:9; මතෙ. 12:8; කොලො. 2:16, 17; එළි. 21:1-4)

  3. මතෙව් 20:29-34 කියවන්න.

    යේසුස් අධික වැඩ නිසා මිනිසුන්ට උපකාර කිරීමෙන් වැළකී නොසිටි බව මේ වාර්තාවෙන් පැහැදිලි වන්නේ කෙසේද? අපට මෙයින් ඉගෙනගත හැක්කේ කුමක්ද? (ද්වි. 15:7; යාකො. 2:15, 16; 1 යොහ. 3:17)

97වන කතන්දරය

යේසුස් රජෙකු මෙන් එයි

  1. යේසුස් යෙරුසලම අසල ගමකට ආවාට පස්සේ ඔහුගේ ගෝලයන් දෙදෙනෙකුට කියන්නේ මොනවාද?

  2. මේ පින්තූරේ පෙනෙන විදිහට යේසුස් යෙරුසලමට ළං වෙද්දී මොකද වෙන්නේ?

  3. යේසුස් අන්ධ අයව හා කොර අයව සුව කරනවා දකින පොඩි ළමයින් මොනවාද කරන්නේ?

  4. යේසුස් එක්ක තරහෙන් ඉන්න පූජකයන්ට ඔහු කියන්නේ මොනවාද?

  5. යේසුස්ට ප්‍රශංසා කළ ළමයින් වගේ අපිටත් කරන්න පුළුවන් මොනවාද?

  6. යේසුස්ගේ ගෝලයන් දැනගන්න කැමති වුණේ මොකක් ගැනද?

අමතර ප්‍රශ්න:

  1. මතෙව් 21:1-17 කියවන්න.

    1. යේසුස් රජෙකු සේ යෙරුසලමට ඇතුල් වීමත් රෝම යුගයේදී යුධ ජයග්‍රහණය කළ සෙන්පතීන් නගරයට ඇතුල් වීමත් අතර තිබූ වෙනස කුමක්ද? (මතෙ. 21:4, 5; සෙක. 9:9; ෆිලි. 2:5-8; කොලො. 2:15)

    2. යේසුස් යෙරුසලමට ඇතුල් වෙද්දී ගීතාවලිය 118හි සඳහන් වදන් උපුටා දක්වමින් යේසුස්ට ප්‍රශංසා කළ ඊශ්‍රායෙල් දරුවන්ගෙන් අද සිටින දරුවන්ට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? (මතෙ. 21:9, 15; ගීතා. 118:25, 26; 2 තිමෝ. 3:15; 2 පේතෘ. 3:18)

  2. යොහන් 12:12-16 කියවන්න.

    ජනයා යේසුස්ට ප්‍රශංසා කිරීමට තාල ගස්වල අතු යොදාගැනීමෙන් සංකේතවත් වන්නේ කුමක්ද? (යොහ. 12:13; ෆිලි. 2:10; එළි. 7:9, 10)

98වන කතන්දරය

ඔලීව කන්ද උඩ

  1. මේ පින්තූරේ යේසුස් කවුද? ඒ වගේම ඔහු සමඟ සිටින අනිත් අය කවුද?

  2. යේසුස් දේවමාලිගාවේ ඉන්නකොට පූජකයන් උත්සාහ කළේ මොනවා කරන්නද? යේසුස් ඒ පූජකයන්ට කිව්වේ මොනවාද?

  3. ගෝලයන් යේසුස්ගෙන් අහන්නේ මොනවාද?

  4. යේසුස් ස්වර්ගයේ රජ කෙනෙක් හැටියට පාලනය කරන කාලේදී පොළොවේ සිදු වන දේවල් සමහරක් ගැන යේසුස් ඔහුගේ ගෝලයන්ට පවසන්නේ ඇයි?

  5. මේ ලෝකයේ තියෙන නරක දේවල් ඔක්කොම අහක් කරන්න කලින් මොන වගේ දේවල් සිදු වෙනවා කියලාද යේසුස් පවසන්නේ?

අමතර ප්‍රශ්න:

  1. මතෙව් 23:1-39 කියවන්න.

    1. ශුද්ධ ලියවිල්ලට අනුව යම් නිලතල දැරීම වරදක් නැති වුණත් ක්‍රිස්තියානි සභාව තුළ ගරු නම්බු ලබන නිලතල දැරීම වැරදි බව මතෙව් 23:8-11හි සඳහන් යේසුස් පැවසූ වචනවලින් පෙනී යන්නේ කෙසේද? (ක්‍රියා 26:25; රෝම 13:7; 1 පේතෘ. 2:13, 14)

    2. පරිසිවරුන් සැබෑ ක්‍රිස්තියානීන් බවට පත්වීමෙන් මිනිසුන්ව වැළැක්වූයේ කෙසේද? මේ කාලයේදීත් ආගමික නායකයන් ඒ හා සමාන ක්‍රම යොදාගෙන තිබෙන්නේ කෙසේද? (මතෙ. 23:13; ලූක් 11:52; යොහ. 9:22; 12:42; 1 තෙස. 2:16)

  2. මතෙව් 24:1-14 කියවන්න.

    1. විඳදරාගැනීමේ තිබෙන වැදගත්කම මතෙව් 24:13හි අවධාරණය කර තිබෙන්නේ කෙසේද?

    2. මතෙව් 24:13හි සඳහන් “අවසානය” යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? (මතෙ. 16:27; රෝම 14:10-12; 2 කොරි. 5:10)

  3. මාක් 13:3-10 කියවන්න.

    ශුභාරංචිය දේශනා කිරීමේ තිබෙන හදිසිතාව පෙන්වා දෙන්නේ මාක් 13:10හි සඳහන් කුමන වචනයද? යේසුස්ගේ මෙම වදන් අපට බලපෑ යුත්තේ කෙසේද? (රෝම 13:11, 12; 1 කොරි. 7:29-31; 2 තිමෝ. 4:2)

99වන කතන්දරය

උඩු මහලේ කාමරයක

  1. මේ පින්තූරේ පෙනෙන හැටියට යේසුස් ඔහුගේ ගෝලයන් 12දෙනා එක්ක උඩුමහලක තියෙන ලොකු කාමරයක ඉන්නේ ඇයි?

  2. එතැනින් පිට වෙලා යන කෙනා කවුද? එයා මොනවාද කරන්න යන්නේ?

  3. පාස්කු භෝජනය ඉවර වුණාට පස්සේ යේසුස් කරන්නේ මොනවාද?

  4. පාස්කුව පවත්වද්දී ඊශ්‍රායෙල්වරුන්ට මතක් වුණේ කුමක්ද? යේසුස් ගෝලයන් සමඟ ගත් විශේෂ භෝජනයෙන් ඔහුගේ අනුගාමිකයන්ට මතක් කරලා දෙන්නේ මොකක්ද?

  5. ස්වාමීන්ගේ අන්තිම රාත්‍රි භෝජනයෙන් පසු යේසුස් ඔහුගේ ගෝලයන්ට පවසන්නේ කුමක්ද? ඉන්පසු ඔවුන් කරන්නේ කුමක්ද?

අමතර ප්‍රශ්න:

  1. මතෙව් 26:14-30 කියවන්න.

    1. යූදස් යේසුස්ව පාවා දීම හිතා මතාම කළ දෙයක් බව මතෙව් 26:15හි සඳහන් වදන්වලින් පෙනී යන්නේ කෙසේද?

    2. යේසුස් වැගිරූ රුධිරයෙන් ඉටු වන අරමුණු දෙක කුමක්ද? (මතෙ. 26:27, 28; යෙරෙ. 31:31-33; එෆී. 1:7; හෙබ්‍රෙ. 9:19, 20)

  2. ලූක් 22:1-39 කියවන්න.

    සාතන් යූදස් තුළට ඇතුල් වූවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ලූක් 22:3; යොහ. 13:2; ක්‍රියා 1:24, 25)

  3. යොහන් 13:1-20 කියවන්න.

    1. යොහන් 13:2හි සඳහන් දෙය සලකා බැලීමේදී යූදස් කළ දේ සම්බන්ධයෙන් ඔහුට දොස් පැවරිය හැකිද? දෙවිගේ සේවකයන්ට මෙයින් ඉගෙනගත හැකි පාඩම කුමක්ද? (උත්. 4:7; 2 කොරි. 2:11; ගලා. 6:1; යාකො. 1:13, 14)

    2. යේසුස් තම ක්‍රියාවෙන් ඉගැන්වූ ප්‍රබල පාඩම කුමක්ද? (යොහ. 13:15; මතෙ. 23:11; 1 පේතෘ. 2:21)

  4. යොහන් 17:1-26 කියවන්න.

    යේසුස් ඔහුගේ අනුගාමිකයන් “එකඟත්වයෙන්” සිටින පිණිස යාච්ඤා කළේ ඇයි? (යොහ. 17:11, 21-23; රෝම 13:8; 14:19; කොලො. 3:14)

100වන කතන්දරය

යේසුස් උයනේදී

  1. උඩු මහලේ කාමරයෙන් පිට වුණාට පස්සේ යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ යන්නේ කොහේටද? යේසුස් ගෝලයන්ට කියන්නේ කුමක් කරන්න කියලාද?

  2. යේසුස් ගෝලයන් සිටි තැනට එනකොට ඔහු දකින්නේ මොකක්ද? යේසුස්ට මෙය කී වතාවක් දකින්න ලැබෙනවාද?

  3. ගෙත්සෙමන උයනට එන්නේ කවුද? මේ පින්තූරේ පෙනෙන විදිහට යූදස් ඉස්කාරියොත් කරන්නේ මොනවාද?

  4. යූදස් යේසුස්ව ඉඹගන්නේ ඇයි? පේතෘස් කරන්නේ මොනවාද?

  5. යේසුස් පේතෘස්ට කියන්නේ මොනවාද? යේසුස් එයාව බේරාගන්න දේවදූතයන්ව එවන්න කියලා දෙවිගෙන් ඉල්ලන්නේ නැත්තේ ඇයි?

අමතර ප්‍රශ්න:

  1. මතෙව් 26:36-56 කියවන්න.

    1. යේසුස් ඔහුගේ ගෝලයන්ට උපදෙස් දුන් ආකාරය මේ කාලයේ සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට කදිම ආදර්ශයක් වන්නේ කෙසේද? (මතෙ. 20:25-28; 26:40, 41; ගලා. 5:17; එෆී. 4:29, 31, 32)

    2. අවි ආයුධ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් යේසුස් දැරූ ආකල්පය කුමක්ද? (මතෙ. 26:52; ලූක් 6:27, 28; යොහ. 18:36)

  2. ලූක් 22:39-53 කියවන්න.

    දේවදූතයෙක් පැමිණ ගෙත්සෙමන උයනේ සිටි යේසුස්ව ශක්තිමත් කළා. යේසුස්ගේ ඇදහිල්ල දුර්වල වෙමින් තිබූ බව එයින් අදහස් කරනවාද? පැහැදිලි කරන්න. (ලූක් 22:41-43; යෙසා. 49:8; මතෙ. 4:10, 11; හෙබ්‍රෙ. 5:7)

  3. යොහන් 18:1-12 කියවන්න.

    යේසුස් සිය ගෝලයන්ව ඔහුගේ විරුද්ධවාදීන්ගෙන් ආරක්ෂා කළේ කෙසේද? මේ ආදර්ශයෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද? (යොහ. 10:11, 12; 18:1, 6-9; හෙබ්‍රෙ. 13:6; යාකො. 2:25)

101වන කතන්දරය

යේසුස්ව මරණයට පත් කිරීම

  1. යේසුස්ගේ මරණයට වග කිව යුතු ප්‍රධාන තැනැත්තා කවුද?

  2. ආගමික නායකයන් ඇවිත් යේසුස්ව අරගෙන යනකොට ගෝලයන් කරන්නේ මොනවාද?

  3. උත්තම පූජකයා වන කයාෆස්ගේ ගෙදරදී සිදු වන්නේ මොකක්ද?

  4. පේතෘස් පිටතට ගොස් දුකෙන් අඬන්නේ ඇයි?

  5. යේසුස්ව ආපසු පිලාත් ළඟට ගෙනාපු වේලාවේදී නායක පූජකයන් කෑගහලා කියන්නේ මොනවාද?

  6. සිකුරාදා දහවල් කාලයේදී යේසුස්ට කරන්නේ මොනවාද? යේසුස් ඔහුගේ එක් පැත්තකින් කණුවක ඇණගසා සිටි අපරාධකාරයෙකුට දෙන පොරොන්දුව මොකක්ද?

  7. යේසුස් පැවසූ පාරාදීසය ඉදිරියේදී තිබෙනු ඇත්තේ කොහේද?

අමතර ප්‍රශ්න:

  1. මතෙව් 26:57-75 කියවන්න.

    සැන්හෙඩ්‍රිනය කියා හැඳින්වූ යුදෙව් මහාධිකරණයේ සාමාජිකයන්ගේ සිත් දුෂ්ටව තිබූ බව පෙනී යන්නේ කුමකින්ද? (මතෙ. 26:59, 67, 68)

  2. මතෙව් 27:1-50 කියවන්න.

    යූදස් තුළ ඇති වූ ශෝකය අවංක සිතකින් හටගත් එකක් නොවේ කියා පැවසිය හැක්කේ ඇයි? (මතෙ. 27:3, 4; මාක් 3:29; 14:21; 2 කොරි. 7:10, 11)

  3. ලූක් 22:54-71 කියවන්න.

    යේසුස්ව පාවා දී අත්අඩංගුවට ගනු ලැබූ රාත්‍රියේදී පේතෘස් ඔහුව හඳුනන්නේ නැතැයි කියා පැවසුවා. මින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? (ලූක් 22:60-62, මතෙ. 26:31-35; 1 කොරි. 10:12)

  4. ලූක් 23:1-49 කියවන්න.

    තමන්ට සිදු වූ අයුක්තිය හමුවේ යේසුස් ක්‍රියා කළේ කෙසේද? අපට මෙයින් ඉගෙනගත හැකි පාඩම කුමක්ද? (ලූක් 23:33, 34; රෝම 12:17-19; 1 පේතෘ. 2:23)

  5. යොහන් 18:12-40 කියවන්න.

    පේතෘස් මිනිසුන්ට තිබූ බිය නිසා තාවකාලිකව පසුබෑමකට ලක් වුණත් පසුව ක්‍රිස්තියානි සභාව තුළ විශාල සේවයක් කළ ගෝලයෙක් වුණා. පේතෘස්ගේ මේ අද්දැකීමෙන් පෙනී යන්නේ කුමක්ද? (යොහ. 18:25-27; 1 කොරි. 4:2; 1 පේතෘ. 3:14, 15; 5:8, 9)

  6. යොහන් 19:1-30 කියවන්න.

    1. කෑම බීම හා ඉඳුම් හිටුම් ගැන යේසුස්ට තිබූ සමබර ආකල්පය කුමක්ද? (යොහ. 2:1, 2, 9, 10; 19:23, 24; මතෙ. 6:31, 32; 8:20)

    2. තමන් යෙහෝවා දෙවිගේ පාලන අයිතිය පිළිගෙන ඊට පූර්ණ ලෙස පක්ෂපාත වූ බව යේසුස් අවසන් වරට පැවසූ වදන්වලින් පෙනී යන්නේ කෙසේද? (යොහ. 16:33; 19:30; 2 පේතෘ. 3:14; 1 යොහ. 5:4)

102වන කතන්දරය

මෙන්න යේසුස් ජීවත් වෙනවා!

  1. මේ පින්තූරේ ඉන්න ස්ත්‍රිය කවුද? මිනිස්සු දෙන්නා කවුද? ඒ අය ඉන්නේ කොහේද?

  2. යේසුස්ගේ සොහොන් ගෙය මුර කරන්න භටයන්ව යවන්න කියලා පිලාත් පූජකයන්ට කියන්නේ ඇයි?

  3. යේසුස් මැරිලා තුන්වෙනි දවසේ උදෙන්ම දේවදූතයෙක් ඇවිත් කරන්නේ මොනවාද? ඒත් පූජකයන් කරන්නේ මොනවාද?

  4. යේසුස්ගේ සොහොන් ගෙයට ගිය ස්ත්‍රීන් පුදුම වෙන්නේ ඇයි?

  5. පේතෘස් සහ යොහන් යේසුස්ගේ සොහොන් ගෙය ළඟට දුවන්නේ ඇයි? මේ දෙන්නාට දකින්න ලැබෙන්නේ මොකක්ද?

  6. යේසුස්ගේ ශරීරයට මොනවාද වෙලා තිබුණේ? දෙවි තමන්ව නැවත නැඟිටුවා තිබෙන බව ගෝලයන්ට දැකගන්න පුළුවන් වෙන විදිහට යේසුස් කරන්නේ මොනවාද?

අමතර ප්‍රශ්න:

  1. මතෙව් 27:62-66 සහ 28:1-15 කියවන්න.

    යේසුස්ව නැවත නැඟිටුවනු ලැබූ කාලයේදී නායක පූජකයන්, පරිසිවරුන් හා වැඩිමහල්ලන් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයට විරුද්ධව පව් කළේ කෙසේද? (මතෙ. 12:24, 31, 32; 28:11-15)

  2. ලූක් 24:1-12 කියවන්න.

    යෙහෝවා දෙවි විශ්වාස කළ හැකි සාක්ෂි සපයන අය හැටියට ස්ත්‍රීන්ව සලකන බව යේසුස්ගේ නැවත නැඟිටීම පිළිබඳ වාර්තාවෙන් පෙනී යන්නේ කෙසේද? (ලූක් 24:4, 9, 10; මතෙ. 28:1-7)

  3. යොහන් 20:1-12 කියවන්න.

    යම් බයිබල් අනාවැකිවල ඉටුවීම ගැන පූර්ණ අවබෝධයක් අපට නැත්නම් ඉවසිලිවන්තව සිටීමේ තිබෙන අවශ්‍යතාව තේරුම්ගැනීමට යොහන් 20:8, 9හි සඳහන් වදන් අපට උපකාරවත් වන්නේ කෙසේද? (හිතෝ. 4:18; මතෙ. 17:22, 23; ලූක් 24:5-8; යොහ. 16:12)

103වන කතන්දරය

වහලා තිබුණු කාමරයක් ඇතුලට

  1. වත්ත බලාගන්න කෙනා කියා සිතූ මිනිසාට මරියා කියන්නේ මොනවාද? ඒ මිනිසා ඇත්තටම යේසුස් කියා මරියා දැනගන්නේ කොහොමද?

  2. එම්මාවුස් කියන ගමට ඇවිදගෙන යනකොට ගෝලයන් දෙදෙනෙකුට කාවද හමු වන්නේ?

  3. තමන් යේසුස්ව දැක්කා කියලා ගෝලයන් දෙන්නෙක් අනිත් ගෝලයන්ට කිය කිය ඉන්නකොට හරිම පුදුම දෙයක් වෙනවා. ඒ මොකක්ද?

  4. යේසුස් ඔහුගේ ගෝලයන්ට කී වතාවක් පෙනුණාද?

  5. ‘අපි ස්වාමීන්ව දැක්කා’ කියලා අනිත් ගෝලයන්ට කියද්දී තෝමස් කියන්නේ මොනවාද? ඊට දවස් අටකට පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. යොහන් 20:11-29 කියවන්න.

    පව්වලට සමාව දීමේ බලතල මිනිසුන්ට ලැබී තිබෙන බව යොහන් 20:23හි යේසුස් පැවසූ වචනවලින් අදහස් කරනවාද? මේ ගැන පැහැදිලි කරන්න. (ගීතා. 49:2, 7; යෙසා. 55:7; 1 තිමෝ. 2:5, 6; 1 යොහ. 2:1, 2)

  2. ලූක් 24:13-43 කියවන්න.

    බයිබලයේ සඳහන් සත්‍යයන් අපේ සිත්වල හොඳින් තැන්පත් කරගැනීම සඳහා සිත සකස් කරගැනීමට අපට හැක්කේ කෙසේද? (ලූක් 24:32, 33; එස්රා 7:10; මතෙ. 5:3; ක්‍රියා 16:14; හෙබ්‍රෙ. 5:11-14)

104වන කතන්දරය

යේසුස් ආයෙත් ස්වර්ගයට යයි

  1. එක් අවස්ථාවකදී ගෝලයන් කීදෙනෙක් යේසුස්ව දැක්කාද? යේසුස් ගෝලයන් එක්ක කතා කරන්නේ මොකක් ගැනද?

  2. දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? යේසුස් රජ කෙනෙක් හැටියට අවුරුදු දාහකට මේ පොළොව පාලනය කරද්දී මොන වගේ තියෙයිද?

  3. යේසුස් දවස් කීයක් තිස්සේ ඔහුගේ ගෝලයන්ට පෙනෙමින් සිටියාද? ඒත් දැන් ඔහුට කාලය ඇවිත් තියෙන්නේ මොනවා කරන්නද?

  4. යේසුස් ගෝලයන්ගෙන් වෙන් වෙලා යන්න කලින් ඔවුන්ට කරන්න කියන්නේ මොනවාද?

  5. මේ පින්තූරේ පෙනෙන විදිහට සිද්ධ වෙන්නේ මොකක්ද? යේසුස් නොපෙනී යන්නේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. 1 කොරින්ති 15:3-8 කියවන්න.

    යේසුස්ගේ නැවත නැඟිටීම ගැන දැඩි විශ්වාසයකින් යුතුව කතා කිරීමට පාවුල්ට හැකි වූයේ මන්ද? මේ කාලයේ සිටින ක්‍රිස්තියානීන්ටද ස්ථිර විශ්වාසයකින් යුතුව කතා කළ හැක්කේ කුමන දේවල් ගැනද? (1 කොරි. 15:4, 7, 8; යෙසා. 2:2, 3; මතෙ. 24:14; 2 තිමෝ. 3:1-5)

  2. ක්‍රියා 1:1-11 කියවන්න.

    ක්‍රියා 1:8හි පුරෝකථනය කළ ලෙස දේශනා කිරීමේ කටයුතු කොතෙක් දුරට ව්‍යාප්ත වුණාද? (ක්‍රියා 6:7; 9:31; 11:19-21; කොලො. 1:23)

105වන කතන්දරය

යෙරුසලමේ නැවතී සිටීම

  1. මේ පින්තූරේ පෙනෙන විදිහට යෙරුසලමේ නැවතිලා ඉන්න යේසුස්ගේ ගෝලයන්ට සිද්ධ වෙන්නේ මොනවාද?

  2. වෙනත් ප්‍රදේශවලින් යෙරුසලමට ඇවිත් හිටිය අය පුදුම වෙන්නේ ඇයි?

  3. පේතෘස් සෙනඟට පැහැදිලි කර දෙන්නේ මොකක්ද?

  4. පේතෘස් කියපු දේවලට සවන් දුන්නාට පස්සේ සෙනඟට දැනෙන්නේ මොකක්ද? පේතෘස් සෙනඟට කරන්න කියන්නේ මොනවාද?

  5. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී කීදෙනෙක් බව්තීස්ම වෙනවාද?

අමතර ප්‍රශ්න:

  1. ක්‍රියා 2:1-47 කියවන්න.

    1. යේසුස්ගේ මරණයට මුළු යුදෙව් ජාතියම වග කිව යුතු බව ක්‍රියා 2:23, 36හි සඳහන් පේතෘස්ගේ වදන්වලින් පැහැදිලි වූයේ කෙසේද? (1 තෙස. 2:14, 15)

    2. ශුද්ධ ලියවිලි යොදාගනිමින් කාරණා තර්කානුකූලව පහදා දීම සම්බන්ධයෙන් පේතෘස් කදිම ආදර්ශයක් සැපයුවේ කෙසේද? (ක්‍රියා 2:16, 17, 29, 31, 36, 39; කොලො. 4:6)

    3. යේසුස් පේතෘස්ට දුන් “ස්වර්ග රාජ්‍යයේ යතුරු” අතරින් පළමු යතුර පේතෘස් භාවිත කළේ කෙසේද? (ක්‍රියා 2:14, 22-24, 37, 38; මතෙ. 16:19)

106වන කතන්දරය

හිරගෙයින් නිදහස් කිරීම

  1. දවසක් දවල් වරුවේ පේතෘස් හා යොහන් දේවමාලිගාවට ඇතුල් වෙද්දී මොනවාද වෙන්නේ?

  2. කොර වෙලා ඉන්න මිනිසාට පේතෘස් කියන්නේ මොනවාද? පේතෘස් ඒ මිනිසාට ලබා දෙන සල්ලිවලටත් වඩා වටිනා දෙය මොකක්ද?

  3. ආගමික නායකයන් තරහෙන් ඉන්නේ ඇයි? එයාලා පේතෘස්ට හා යොහන්ට කරන්නේ මොනවාද?

  4. පේතෘස් ආගමික නායකයන්ට කියන්නේ මොනවාද? ඒ නායකයෝ ගෝලයන්ට දෙන අවවාදය මොකක්ද?

  5. ආගමික නායකයෝ ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ ඇයි? ගෝලයන්ව දෙවෙනි වතාවටත් හිරේ දැම්මාට පස්සේ මොනවාද වෙන්නේ?

  6. ගෝලයන්ව අල්ලාගෙන මන්ත්‍රණ සභාවට ගෙනවාට පස්සේ එයාලා උත්තර දෙන්නේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. ක්‍රියා 3:1-10 කියවන්න.

    මේ කාලයේ අපිට ප්‍රාතිහාර්යයන් කරන්න බලය ලැබී නැතත්, ජනයාට පැවසීමට අපට පවරා තිබෙන රාජ්‍යයේ පණිවිඩයේ වටිනාකම තේරුම්ගැනීමට ක්‍රියා 3:6හි සඳහන් පේතෘස් පැවසූ වදන් අපට උපකාරවත් වන්නේ කෙසේද? (යොහ. 17:3; 2 කොරි. 5:18-20; ෆිලි. 3:8)

  2. ක්‍රියා 4:1-31 කියවන්න.

    දේවසේවයේ හවුල් වෙද්දී විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විට මුල් සියවසේ සිටි අපේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ ආදර්ශය අපට අනුගමනය කළ හැක්කේ කෙසේද? (ක්‍රියා 4:29, 31; එෆී. 6:18-20; 1 තෙස. 2:2)

  3. ක්‍රියා 5:17-42 කියවන්න.

    අතීතයේදී මෙන්ම වර්තමානයේදීද සාක්ෂිකරුවන් නොවන සමහර අය දේශනා සේවයේ යෙදෙන අයට සාධාරණය ඉටු කර දී තිබෙන්නේ කෙසේද? (ක්‍රියා 5:34-39)

107වන කතන්දරය

ස්තේපන්ට ගල් ගැසීම

  1. ස්තේපන් කියන්නේ කවුද? දෙවි ඔහුට උපකාර කර තිබුණේ මොනවා කරන්නද?

  2. ස්තේපන් කියන දෙයක් නිසා ආගමික නායකයන්ට හොඳටම තරහ යනවා. ඔහු කිව්වේ මොනවාද?

  3. මිනිස්සු ස්තේපන්ව නගරයෙන් එළියට ඇදගෙන ආවට පස්සේ මොනවාද කරන්නේ?

  4. මේ පින්තූරේ පෙනෙන විදිහට ඒ මිනිසුන්ගේ සළු ළඟ හිටගෙන ඉන්නේ කවුද?

  5. ස්තේපන් මැරෙන්න කලින් යෙහෝවාට යාච්ඤා කරලා කියන්නේ මොනවාද?

  6. කවුරුහරි අපිට නරක දෙයක් කළොත් ස්තේපන් වගේ අපිත් කළ යුත්තේ මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. ක්‍රියා 6:8-15 කියවන්න.

    යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන දේශනා සේවය නතර කිරීමට වෑයම් කරන ආගමික නායකයන් මොන වගේ කූට ක්‍රම යොදාගන්නවාද? (ක්‍රියා 6:9, 11, 13)

  2. ක්‍රියා 7:1-60 කියවන්න.

    1. මන්ත්‍රණ සභාව හෙවත් සැන්හෙඩ්‍රිනය ඉදිරියේ බලපෑමෙන් යුක්තව ශුභාරංචියට පක්ෂව කතා කිරීමට ස්තේපන්ට උපකාරවත් වුණේ කුමක්ද? ඔහුගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ක්‍රියා 7:51-53; රෝම 15:4; 2 තිමෝ. 3:14-17; 1 පේතෘ. 3:15)

    2. අපේ සේවයට විරුද්ධ වන අය සම්බන්ධයෙන් අප තබාගත යුතු ආකල්පය කුමක්ද? (ක්‍රියා 7:58-60; මතෙ. 5:44; ලූක් 23:33, 34)

108වන කතන්දරය

දමස්කයට යන ගමන්

  1. ස්තේපන්ගේ මරණයෙන් පස්සේ සාවුල් කරන්නේ මොනවාද?

  2. සාවුල් දමස්කයට යන අතරමඟදී සිදු වන පුදුම දේ මොකක්ද?

  3. යේසුස් සාවුල්ට කියන්නේ මොකක් කරන්න කියලාද?

  4. යේසුස් අනනියස්ට කියන්නේ මොනවාද? සාවුල්ට නැවතත් පෙනීම ලැබෙන්නේ කොහොමද?

  5. ඊටපස්සේ සාවුල්ව හඳුන්වනු ලැබුවේ මොන නමින්ද? දෙවි ඔහුගේ සේවය සඳහා ඔහුව යොදාගත්තේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. ක්‍රියා 8:1-4 කියවන්න.

    අලුතින් පිහිටුවන ලද ක්‍රිස්තියානි සභාවට එරෙහිව දියත් කළ දරුණු පීඩා තවත් බොහෝදෙනෙක් ක්‍රිස්තියානීන් බවට පත්වීමට හේතු වූයේ කෙසේද? වර්තමානයේද ඒ හා සමාන දේවල් සිදු වී තිබෙනවා. ඊට උදාහරණ දෙන්න. (ක්‍රියා 8:4; යෙසා. 54:17)

  2. ක්‍රියා 9:1-20 කියවන්න.

    ක්‍රියා 9:15හි සඳහන් පරිදි යේසුස් සාවුල්ට දුන් පැවරුමට අනුව ඔහු දේශනා කළ යුතු වුණේ කාටද? (ක්‍රියා 9:15; 13:5; 26:1; 27:24; රෝම 11:13)

  3. ක්‍රියා 22:6-16 කියවන්න.

    අපිට අනනියස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද? එසේ කිරීම වැදගත් වන්නේ ඇයි? (ක්‍රියා 22:12; 1 තිමෝ. 3:7; 1 පේතෘ. 1:14-16; 2:12)

  4. ක්‍රියා 26:8-20 කියවන්න.

    සාවුල් ක්‍රිස්තියානියෙකු වීම, නොඇදහිලිවන්ත කලත්‍රයෙකු සිටින අයට දිරිගැන්වීමක් වන්නේ කෙසේද? (ක්‍රියා 26:11; 1 තිමෝ. 1:14-16; 2 තිමෝ. 4:2; 1 පේතෘ. 3:1-3)

109වන කතන්දරය

පේතෘස් කොර්නේලියස්ව බලන්න යයි

  1. මේ පින්තූරේ දණ ගසාගෙන ඉන්නේ කවුද?

  2. දේවදූතයෙක් කොර්නේලියස්ට කියන්නේ මොනවාද?

  3. පේතෘස් යොප්පාවේ සීමොන්ගේ ගෙදර උඩ තට්ටුවේ ඉන්නකොට දෙවි ඔහුට දකින්න සලස්වන්නේ මොකක්ද?

  4. තමන්ට වඳින්න එපා කියා පේතෘස් කොර්නේලියස්ට කියන්නේ ඇයි?

  5. පේතෘස් එක්ක ආව යුදෙව් ජාතික ගෝලයන් පුදුම වෙන්නේ ඇයි?

  6. පේතෘස් කොර්නේලියස්ව හමු වෙන්න යෑමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වැදගත් පාඩම මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. ක්‍රියා 10:1-48 කියවන්න.

    ක්‍රියා 10:42හි සඳහන් පේතෘස්ගේ වදන්වලින් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ගැන පෙන්වා දෙන කාරණය කුමක්ද? (මතෙ. 28:19; මාක් 13:10; ක්‍රියා 1:8)

  2. ක්‍රියා 11:1-18 කියවන්න.

    යුදෙව්වන් නොවන ජාතීන් ගැන යෙහෝවා දුන් මඟ පෙන්වීම පැහැදිලිව තේරුම්ගත් විට පේතෘස් විදහාපෙන්වූ ආකල්පය කුමක්ද? අපිට ඔහුගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද? (ක්‍රියා 11:17, 18; 2 කොරි. 10:5; එෆී. 5:17)

110වන කතන්දරය

තිමෝති පාවුල්ගේ අලුත් උදව්කාරයා

  1. මේ පින්තූරේ ඉන්න තරුණයා කවුද? එයා ජීවත් වෙන්නේ කොහේද? එයාගේ අම්මාගෙයි ආච්චිගෙයි නම් මොනවාද?

  2. දුර පළාත්වල ඉන්න මිනිසුන්ට දේශනා කරන්න යන්න සීලස් හා තමන් එක්ක එන්න කැමතිද කියලා පාවුල් අහනකොට තිමෝති මොනවාද කියන්නේ?

  3. යේසුස්ගේ ගෝලයන්ව ක්‍රිස්තියානීන් කියලා මුල්ම වතාවට හඳුන්වන්නේ කොහේදීද?

  4. පාවුල්, සීලස් හා තිමෝති ලුස්ත්‍රාවෙන් (ලිස්ත්‍රාවෙන්) පිටත් වී ගියේ මොන නගරවලටද?

  5. තිමෝති පාවුල්ට උදව් කරන්නේ කොහොමද? අද ඉන්න යෞවනයන් හොඳින් කල්පනා කරලා බලන්න අවශ්‍ය ප්‍රශ්නය මොකක්ද?

අමතර ප්‍රශ්න:

  1. ක්‍රියා 9:19-30 කියවන්න.

    විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වූ අවස්ථාවලදී පාවුල් ඥානවන්තව ක්‍රියා කළේ කෙසේද? (ක්‍රියා 9:22-25, 29, 30; මතෙ. 10:16)

  2. ක්‍රියා 11:19-26 කියවන්න.

    දේශනා කිරීමේ කාර්යයට යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම ලැබෙන බව ක්‍රියා 11:19-21, 26 යන වගන්තිවල සඳහන් වාර්තාවෙන් පෙනී යන්නේ කෙසේද?

  3. ක්‍රියා 13:13-16, 42-52 කියවන්න.

    ගෝලයන් විරුද්ධවාදිකම් හමුවෙහි අධෛර්යයට පත් නොවූ බව ක්‍රියා 13:51, 52හි සඳහන් වදන්වලින් පෙනී යන්නේ කෙසේද? (මතෙ. 10:14; ක්‍රියා 18:6; 1 පේතෘ. 4:14)

  4. ක්‍රියා 14:1-6, 19-28 කියවන්න.

    “ඔවුන් . . . යෙහෝවාට ඔවුන්ව භාර කළෝය” යන ප්‍රකාශය, නවකයන්ට උපකාර කිරීමේදී අප තුළ ඇති විය හැකි අනවශ්‍ය බිය සැක නැති කරගැනීමට උපකාරවත් වන්නේ කෙසේද? (ක්‍රියා 14:21-23; 20:32; යොහ. 6:44)

  5. ක්‍රියා 16:1-5 කියවන්න.

    ‘ශුභාරංචිය වෙනුවෙන් සියල්ල කිරීමේ’ වැදගත්කම, තිමෝති චර්මච්ඡේදනය කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වීමෙන් පෙනී යන්නේ කෙසේද? (ක්‍රියා 16:3; 1 කොරි. 9:23; 1 තෙස. 2:8)

  6. ක්‍රියා 18:1-11, 18-22 කියවන්න.

    ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට යේසුස් පෞද්ගලිකව මඟ පෙන්වීම සපයන බව ක්‍රියා 18:9, 10හි සඳහන් වදන්වලින් පෙනී යන්නේ කෙසේද? මෙය අද දින අපට ලබා දෙන නිසැකකම කුමක්ද? (මතෙ. 28:20)

111වන කතන්දරය

නිදා වැටුණ තරුණයෙක්

  1. මේ පින්තූරේ පෙනෙන විදිහට බිම වැටිලා ඉන්න තරුණයා කවුද? එයාට මොකද වුණේ?

  2. මේ තරුණයා මැරිලා කියලා දැක්කාම පාවුල් කරන්නේ මොනවාද?

  3. පාවුල්, තිමෝති සහ ඔවුන් එක්ක ගමන් කරන අනිත් අය යන්න සූදානම් වෙන්නේ කොහේටද? මිලේතසේ නැව නතර කළාට පස්සේ පාවුල් මොනවාද කරන්නේ?

  4. අගබස් කියන අනාගතවක්තෘවරයා පාවුල්ට කරන අනතුරු ඇඟවීම කුමක්ද? ඒ අනාගතවක්තෘවරයා කිව්ව විදිහටම මොනවාද වෙන්නේ?

අමතර ප්‍රශ්න:

  1. ක්‍රියා 20:7-38 කියවන්න.

    1. ක්‍රියා 20:26, 27හි පාවුල් පැවසූ පරිදි අපට “සියල්ලන්ගේ ලෙයින් පවිත්‍ර” වීමට හැක්කේ කෙසේද? (එස. 33:8; ක්‍රියා 18:6, 7)

    2. වැඩිමහල්ලන් උගන්වන විට ඔවුන් “විශ්වසනීය වචනයට තදින් ඇලී සිටිය” යුත්තේ ඇයි? (ක්‍රියා 20:17, 29, 30; තීත. 1:7-9; 2 තිමෝ. 1:13)

  2. ක්‍රියා 26:24-32 කියවන්න.

    යේසුස් පාවුල්ට පැවරූ දේශනා කිරීමේ කාර්යය ඉටු කිරීමේදී රෝම පුරවැසිභාවය ඔහු යොදාගත්තේ කෙසේද? (ක්‍රියා 9:15; 16:37, 38; 25:11, 12; 26:32; ලූක් 21:12, 13)

112වන කතන්දරය

නැව බිඳී ගිහින් දූපතකට ගොඩවීම

  1. පාවුල් ඉන්න නැව ක්‍රීතය (ක්‍රීටය) කියන දූපත පහු කරගෙන යනකොට මොනවාද වෙන්නේ?

  2. නැවේ ඉන්න අයට පාවුල් කියන්නේ මොනවාද?

  3. නැව කෑලිවලට කැඩිලා යන්නේ ඇයි?

  4. නැවේ ඉන්න අයව භාරව ඉන්න හමුදා නිලධාරියා ඒ අයට කියන්නේ මොනවාද? මිනිස්සු කීදෙනෙක් හානියක් නැතුව ගොඩට ආවාද?

  5. ඒ අය ගොඩට ආ දූපත මොකක්ද? කුණාටුව නැවතුණාට පස්සේ පාවුල් කොහේටද යන්නේ?

අමතර ප්‍රශ්න:

  1. ක්‍රියා 27:1-44 කියවන්න.

    පාවුල් රෝමයට ගිය ගමන ගැන සඳහන් වාර්තාව කියවන විට බයිබලයේ සඳහන් කාරණාවල තිබෙන නිරවද්‍යතාව ගැන අපේ නිසැකකම තවත් වැඩි වන්නේ කෙසේද? (ක්‍රියා 27:16-19, 27-32; ලූක් 1:3; 2 තිමෝ. 3:16, 17)

  2. ක්‍රියා 28:1-14 කියවන්න.

    බොරු දෙවිවරුන්ව ඇදහූ මෙලීතයේ (මෝල්ටාවේ) වැසියන් පාවුල්ටත් මුහුදුබත් වූ නැවෙන් ගොඩට ආපු අයටත් “අසාමාන්‍ය වූ මානව දයාවක්” පෙන්නුවා නම් ක්‍රිස්තියානීන් පෙලඹිය යුත්තේ කුමක් කරන්නද? විශේෂයෙන්ම මෙය කළ යුත්තේ කුමන අවස්ථාවලදීද? (ක්‍රියා 28:1, 2; හෙබ්‍රෙ. 13:1, 2; 1 පේතෘ. 4:9)

113වන කතන්දරය

පාවුල් දැන් රෝමයේ

  1. පාවුල් රෝමයේ හිරකාරයෙක් හැටියට ඉන්න කාලේදී දේශනා කරන්නේ මොන වගේ අයටද?

  2. මේ පින්තූරේ පෙනෙන විදිහට මේස පුටුවක වාඩි වෙලා ඉන්නේ කවුද? පාවුල් වෙනුවෙන් එයා මොනවාද කරන්නේ?

  3. එපෆ්‍රොදිතස්ව කියන්නේ කවුද? එයා ආපහු ෆිලිප්පියට යද්දී අරං යන්නේ මොනවාද?

  4. පාවුල් එයාගේ හොඳ යාළුවෙක් වන ෆිලෙමොන්ට ලියුමක් ලියන්නේ ඇයි?

  5. නිදහස් වුණාට පස්සේ පාවුල් මොනවාද කරන්නේ? පස්සේ එයාට මොනවාද වෙන්නේ?

  6. බයිබලයේ අන්තිම පොත ලියන්න යෙහෝවා දෙවි තෝරාගන්නේ කාවද? එළිදරව් පොතේ සඳහන් වෙන්නේ මොනවාද?

අමතර ප්‍රශ්න:

  1. ක්‍රියා 28:16-31 සහ ෆිලිප්පි 1:13 කියවන්න.

    පාවුල් රෝමයේ සිරගෙදර සිටියදී කාලය පාවිච්චි කළේ කෙසේද? පාවුල්ට තිබූ නොසැලෙන ඇදහිල්ල ක්‍රිස්තියානි සභාවේ අයට බලපෑවේ කෙසේද? (ක්‍රියා 28:23, 30; ෆිලි. 1:14)

  2. ෆිලිප්පි 2:19-30 කියවන්න.

    පාවුල් තිමෝතිව හා එපෆ්‍රොදිතස්ව අගය කරමින් පැවසුවේ මොනවාද? අපට පාවුල්ගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද? (ෆිලි. 2:20, 22, 25, 29, 30; 1 කොරි. 16:18; 1 තෙස. 5:12, 13)

  3. ෆිලෙමොන් 1-25 කියවන්න.

    1. සුදුසු දෙය කරන්න කියා පාවුල් ෆිලෙමොන්ගෙන් ඉල්ලා සිටියේ කුමක් පදනම් කරගෙනද? මෙය අද සිටින වැඩිමහල්ලන්ට මඟ පෙන්වීමක් වන්නේ කෙසේද? (ෆිලෙ. 9; 2 කොරි. 8:8; ගලා. 5:13)

    2. පාවුල් සභාවේ අනිත් අයගේ කැමැත්තට හා අදහස්වලට ගරු කළ බව ෆිලෙමොන් 13, 14හි සඳහන් ඔහුගේ වචනවලින් පැහැදිලි වන්නේ කෙසේද? (1 කොරි. 8:7, 13; 10:31-33)

  4. 2 තිමෝති 4:7-9 කියවන්න.

    අපි අවසානය දක්වාම ඇදහිලිවන්තව සිටිනවා නම් යෙහෝවා ඒ සඳහා අපිට ආශීර්වාද කරන බවට පාවුල් වගේ අපිටත් දැඩි නිසැකකමක් ඇති කරගත හැක්කේ කෙසේද? (මතෙ. 24:13; හෙබ්‍රෙ. 6:10)

114වන කතන්දරය

හැම නරක දෙයකම අවසානය

  1. ස්වර්ගයේ අශ්වයන් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ ඇයි?

  2. දෙවි පොළොව් ඉන්න නරක මිනිස්සුන් එක්ක කරන යුද්ධයට කියන නම මොකක්ද? මේ යුද්ධය කරන්නේ ඇයි?

  3. මේ පින්තූරේ පෙනෙන විදිහට ඒ යුද්ධයේ මුල් තැන ගන්නේ කවුද? ඔහු ඔටුන්නක් පැළඳගෙන ඉන්නේ ඇයි? ඔහු ළඟ කඩුවක් තියෙන්නේ ඇයි?

  4. දහවන, 15වන හා 33වන කතන්දර ආයෙ බලද්දී දෙවි ඉදිරියේදීත් නරක මිනිස්සුන්ව විනාශ කර දැමීම ගැන අපි පුදුම වෙන්න ඕන නැත්තේ ඇයි?

  5. දෙවිට නමස්කාර කරනවා කියලා කිව්වත් නරක අයව දෙවි විනාශ කර දමනවා කියා 36වන හා 76වන කතන්දරවලින් පෙනී යන්නේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. එළිදරව් 19:11-16 කියවන්න.

    1. සුදු අශ්වයා පිට යන තැනැත්තා යේසුස් ක්‍රිස්තුස් බව ශුද්ධ ලියවිලිවල සඳහන් කරුණුවලින් පැහැදිලි වන්නේ කෙසේද? (එළි. 1:5; 3:14; 19:11; යෙසා. 11:4)

    2. යේසුස් අනිවාර්යයෙන්ම සම්පූර්ණ ජයග්‍රහණයක් ලබන බව ඔහුගේ පිටත වස්ත්‍රයේ ලේ ඉසී තිබීමෙන් තහවුරු වන්නේ කෙසේද? (එළි. 14:18-20; 19:13)

    3. සුදු අශ්වයා පිට නැඟී යන යේසුස් පිටුපසින් ගමන් කරන හමුදාවට අයත් වන්නේ කවුරුන්ද? (එළි. 12:7; 19:14; මතෙ. 25:31, 32)

115වන කතන්දරය

පොළොව මත අලුත් පාරාදීසයක්

  1. බයිබලයේ විස්තර කර තිබෙන විදිහට පාරාදීස පොළොවේ අපි භුක්ති විඳින්නේ මොන වගේ ජීවිතයක්ද?

  2. පාරාදීසයේ ජීවත් වන අයට බයිබලයේ දී තිබෙන පොරොන්දුව මොකක්ද?

  3. මේ පුදුම වෙනස යේසුස් ඇති කරන්නේ කවදාද?

  4. දෙවිගේ රාජ්‍යයේ රජු හැටියට තමන් කරන්න යන දේවල් මොනවාද කියලා පෙන්වන්න යේසුස් පොළොවේ සිටි කාලයේදී කළේ මොනවාද?

  5. යේසුස් ඔහුගේ හවුල් පාලකයන් එක්ක ස්වර්ගයේ සිට පොළොව පාලනය කරද්දී තම යටත් වැසියන් ගැන සැලකිල්ල දක්වන්නේ කොහොමද?

අමතර ප්‍රශ්න:

  1. එළිදරව් 5:9, 10 කියවන්න.

    දහස් අවුරුදු පාලනයේදී පොළොව පාලනය කරන අය දයානුකම්පාවෙන් පිරි රජවරුන් මෙන්ම පූජකයන් වන බවට අපිට නිසැක විය හැක්කේ ඇයි? (එෆී. 4:20-24; 1 පේතෘ. 1:7; 3:8; 5:6-10)

  2. එළිදරව් 14:1-3 කියවන්න.

    පියාණන්ගේ නාමයද බැටළු පැටවාගේ නාමයද 1,44,000දෙනාගේ නළල් මත ලියා තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (1 කොරි. 3:23; 2 තිමෝ. 2:19; එළි. 3:12)

116වන කතන්දරය

අපිට සදාකල් ජීවත් වෙන්න පුළුවන් වන විදිහ

  1. සදාකල් ජීවත් වෙන්න නම් අපි කවුරු ගැන දැනගන්න ඕනේද?

  2. මේ පින්තූරේ ඉන්න පොඩි ගෑනු ළමයයි එයාගේ යාළුවනුයි වගේ අපිටත් යෙහෝවා ගැනයි යේසුස් ගැනයි ඉගෙනගන්න පුළුවන් කොහොමද?

  3. මේ පින්තූරේ තියෙන අනිත් පොත මොකක්ද? අපි ඒක නිතරම කියවන්න ඕනේ ඇයි?

  4. සදාකාල ජීවනය ලබන්න නම් යෙහෝවා ගැනයි යේසුස් ගැනයි ඉගෙනගන්නවාට අමතරව අපි තව මොනවාද කරන්න ඕනේ?

  5. අපි 69වන කතන්දරයෙන් ඉගෙනගත්ත පාඩම මොකක්ද?

  6. අපි 55වන කතන්දරයෙන් ඉගෙනගත් විදිහට කුඩා සාමුවෙල් අපිට හොඳ ආදර්ශයක් වෙන්නේ කොහොමද?

  7. අපිට යේසුස් වගේ වෙන්න පුළුවන් කොහොමද? අපි එහෙම කරනවා නම් අපිට ලැබෙන්නේ මොනවාද?

අමතර ප්‍රශ්න:

  1. යොහන් 17:3 කියවන්න.

    යෙහෝවා දෙවි ගැනත් යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගන්නවා කියන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් කරුණු මතක තබාගැනීම විතරක් නොවන බව දේවවචනය පෙන්වා දෙන්නේ කෙසේද? (මතෙ. 7:21; යාකො. 2:18-20; 1 යොහ. 2:17)

  2. ගීතාවලිය 145:1-21 කියවන්න.

    1. යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සඳහා අපිට බොහෝ හේතු තිබෙනවා. ඉන් සමහරක් මොනවාද? (ගීතා. 145:8-11; එළි. 4:11)

    2. “යෙහෝවා සියල්ලන් කෙරෙහි යහපත්” වන්නේ කෙසේද? මෙය වඩ වඩා ඔහුට ළංවීමට අපට හේතුවක් විය යුත්තේ ඇයි? (ගීතා. 145:9; මතෙ. 5:43-45)

    3. අපි යෙහෝවාට මුළු සිතින්ම ප්‍රේම කරනවා නම් අපි පෙලඹෙන්නේ කුමක් කිරීමටද? (ගීතා. 119:171, 172, 175; 145:11, 12, 21)